ඇස් දෙකෙන් කියවෙන රහස්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇස් දෙකෙන් කියවෙන රහස්

    balala hodi nam bump 1k wath dala yanto.....


    කෙනෙකු දෙස බැලූ පමණින්ම අපේ නෙත ගැටෙන අංග ලක්‍ෂණයක්‌ වන දෙනෙත් දේහ ලක්‍ෂණ විද්‍යාවේදී ප‍්‍රමුඛ තැනක්‌ ගනී. ඇස්‌වල වර්ණය හා පිහිටීම අනුව ඔවුන්ගේ ගතිගුණ හා චරිත ලක්‍ෂණ පැවසීමට අපේ පැරැුණි සෘෂිවරු සමත් වූ බව පැරැුණි පොත්පත්වල සඳහන් වෙයි.


    පියකරු පෙනුමකින් යුත් නිල් පැහැයෙන් බබලන කාන්තිමත් නෙත් යුවළක්‌ හිමි කාන්තාව සැබෑම වාසනාවන්තියකි. විවාහ දිවියේදී බොහෝ සැප සම්පත් විඳින ඇය සැමියාගේ ආදරය හා කරුණාව ද නොමඳව ලබන්නීය. දිගු කාලයක්‌ දිවි ගෙවීමේ වාසනාව ද ඇයට හිමිය.

    ඇස්‌ යුවළේ කෙළවර රත් පැහැයෙන් යුක්‌තව කළු ඉංගිරියාව තද කළු පැහැයෙන් යුතු ඇස්‌ පිහාටු සමානව දෙපසේම පිහිටා ඇති කාන්තාවෝ ද වාසනාවන්තියෝ ය. කාගේත් ප‍්‍රශංසාවට ලක්‌වන ඇය තම පණ හා පතිදම් රකින්නියකි.

    මුවැත්තියකගේ මෙන් නෙත් යුවළක්‌ ඇත්තී දගකාරය. කෙළිලොල් බවක්‌ පෙන්වන්නීය. නමුත් විශ්වාසයක්‌ තැබිය හැකි නොවේ. අන් අය අතරදී තමන් පිළිබඳ වර්ණනා කිරීමට පෙළඹේ. මුදල් උපයා ගැනීමට වඩා වියදම් කිරීමට දක්‍ෂය.

    යම් කාන්තාවකගේ ඇස්‌ ගිලී ගිය ස්‌වභාවයක්‌ පෙන්නුම් කෙරේ නම් රත් පැහැයට හුරු වේ නම් ඇගේ දුෂ්ට ගතිගුණ හෙළිවෙයි. තමන් ගැනම පමණක්‌ සිතන ඔවුන් අන්‍යයන්ට උදව් උපකාර කිරීමට අකැමැතිය. තම සැමියාගේ දෙමාපියන්ට හා වැඩිහිටියන් ද සැලකීමට අකමැති ඇය හැම විටම කෝපාවිෂ්ඨ වී සිටින බවක්‌ පෙන්වයි.

    කළු ඉංගිරියාවත් සමග සුදු පැහැයෙන් ඇස්‌ පිහිටන්නේ වහා වෙනස්‌වන අදහස්‌ ඇති නුවණින් අඩු ස්‌ත‍්‍රීන්ටය. ඉදිරියට නෙරන ලද ඇස්‌ ඇත්තී වැන්දඹු වෙයි. තද නිල් වර්ණයෙන් යුත් ඇස්‌ ඇති අය කඩිසර ලෙස වැඩෙහි යෙදෙන තමන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්නෝ ය.
    දුඹුරු වර්ණයෙන් යුත් ඇස්‌ ඇත්තේ නම් ඔවුන් ලාමක අදහස්‌ වලින් යුක්‌ත වන අතර සිත් ඇද ගන්නා ගුප්ත දේවල් ගැන උනන්දුවක්‌ දක්‌වන්නෝ වෙති.

    කාම අපරාධවලට මුල්වන අයගේ ඇස්‌ කහ වර්ණයෙන් යුක්‌තය. එමෙන්ම ඔවුහු රාගාධික බවක්‌ ද පෙන්වයි. අඳුරු වූ නිල් පාට කළු ඉංගිරියාව ඇති ඇස්‌ ඇතිවීමෙන් සහ ඇසිපිය රෝම නැති වීමෙන් ධන විනාශය ප‍්‍රකාශ කෙරේ.

    කෙලින් බලා සිටීමට තරම් අපහසු තියුණු ඇස්‌ ඇති කාන්තාවට නිර්භීත මෙන්ම එඩිතර චරිතයක්‌ සතු වෙයි. තම පරම්පරාව හා සැමියා කෙරෙහි ද අප‍්‍රමාණ වූ ගෞරවයකින් හා බැඳීමකින් ජීවත් වෙයි. කිසිදා වරදෙහි නොබැඳේ. දික්‌ වූ නිල් පැහැයෙන් යුක්‌ත දෙනෙත් ඇති ස්‌ත‍්‍රිය දුෂ්චරිත ක‍්‍රියාවන්හි යෙදෙන අතර නපුරු ගතිගුණවලින් ද යුක්‌තය. සාමාන්‍යයෙන් පිටතට නෙරා ගිය ඇස්‌ ඇති කාන්තාව වටපිටාවේ අවබෝධය මෙන්ම යම් යම් දේවල් පිළිබඳ අවබෝධයක්‌ ඇති කර ගැනීමට උනන්දුවක්‌ දක්‌වයි.

    පහළට එල්ලෙන්නාක්‌ මෙන් ඇස්‌ ඇති අය ද අපට දැකිය හැක. ඔවුන් අන් අයගේ ඕපා¥ප කියාපාමින් තමන් නිවැරැුදි බව පවසන රහස්‌ ප‍්‍රතිපත්ති ඇති අය වෙති.

    දකුණු ඇස අන්ධ වූ ස්‌ත‍්‍රිය බොහෝ දරුවන් ලබන්නීය. වම් ඇස අන්ධ වූ ස්‌ත‍්‍රිය තම පුරුෂයා අතහැර පර පුරුෂයන් කරා යැමට පෙළඹේ. මීවන් ඇස්‌ ඇත්තේ නම් ඇය සදාකල්හිම ධනයෙන් ආඪ්‍යව වෙසෙන්නීය. ඇය තම දරු මුණුබුරන්ගෙන් මෙන්ම තම පුරුෂයාගෙන් ද පැසසුම් ලබමින් දිගු කාලයක්‌ ජීවත් වන්නීය.

    නීල වර්ණ ඇස්‌ ඇති අය ශක්‌තිමත් පෞරුෂත්වයක්‌ ඇති අයවන අතර ඔවුහු හුදකලා ජීවිතයට වැඩි කැමැත්තක්‌ දක්‌වති.

    ලා නිල්පාට ඇස්‌ ඇති අයට ඇත්තේ නිතර වෙනස්‌ වන අදහස්‌ ඇති චරිතයකි. වටකුරු ඇස්‌ ඇත්තේ නම් ඇය ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගන්නා අතර, තමන්ගේ කටයුතු කපටිකමින් කර ගැනීමට දක්‍ෂ අය වෙති. රක්‌තවර්ණ ඇස ඇති කතුන් කාමාධිකය. යම් අයෙකුට මහනෙල් පෙති ආකාර වූ කෙළවර වපර ගතියට හුරු නෙත් සගලක්‌ ඇත්තේ නම් සියලූ ඓශ්චර්යයෙන් පිරි අයෙක්‌ වෙයි. වපර වූ ඇස්‌ ඇත්තේ නම් වංක ගතියෙන් යුක්‌තය. කහ පාටට හුරු ඇස්‌ පිහිටන්නේ පාපිෂ්ට අදහස්‌ ඇති අයටය. ඇසිපිය රෝම නැතිවීමෙන් ධන විනාශය ද පෙන්නුම් කරයි. නිදිබර දැස්‌ හිමි අය බොහෝ විට කාමුකය.

    ඇස්‌වලට සමීපව පිහිටන උපන් ලප මගින් ද කෙනෙකුගේ ජීවිත තොරතුරු හෙළිකරයි. දකුණු ඇස්‌ බැමෙහි උඩ උපන් ලපයක්‌ පිහිටි කාන්තාවන් ද ඉතා වාසනාවන්තය. ඔවුන්ගේ සිතුම්පැතුම් බොහෝ දුරට ඉටුවන අතර, සැප සම්පත් විඳීමේ භාග්‍යය ද ලබන්නෝ වෙති. වම් ඇහි බැමි උඩ උපන් ලප පිහිටියේ නම් තම මධ්‍යම වයසේදී නොයෙකුත් කරදරවලට පැටලෙන අතර, රෝග පීඩාදියට ද ලක්‌වෙනු ඇත. දකුණු ඇස්‌ පිහාටුව උඩ ලප පිහිටීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුනට මිල මුදල් ලැබීම අතින් යහපත් බවයි. නමුත් ඔවුන් අන් අයගේ රැුවටිලි බස්‌වලට අසුවන අතර සමාජයෙන් නින්දා, අපකීර්තියට ද පත්වෙනු ඇත. වම් ඇස්‌ කෙළවර උපන්ලපය විවාහ ජීවිතයේ කරදරකාරී බව ප‍්‍රකට කරයි. ඉතා තුනී වූද, නිල් පැහැයෙන් යුතු වූද, දේදුනු ආකාර වූ ද, දෙනෙත් ඇති ස්‌ත‍්‍රිය ද රාගාධික වෙයි. කුඩා නෙත් ඇති අය කපටි බවින් යුතු වන අතර, උකුස්‌සන් හා කුකුලන්ගේ ඇස්‌ වලට සමාන ඇස්‌ ද සමහරුන්ට පිහිටයි. ඔවුන් කෲර ගති ලක්‍ෂණවලින් යුතු අන් අයගේ දේ උදුරා ගැනීමට තැත් කරන්නෝ වෙති. තරමක්‌ විශාල ඇස්‌ ඇති අය උගත්කමින් මෙන්ම කඩිසර කමින්ද යුතු වෙයි. පෙම් සබඳතා අඩු ඔවුන් නොයෙකුත් ශිල්ප හැදැරීමට දක්‍ෂයෝ වෙති.


    net 1n ussapu 1k....
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA

    පියකරු පෙනුමකින් යුත් නිල් පැහැයෙන් බබලන කාන්තිමත් නෙත් යුවළක්‌ හිමි කාන්තාව සැබෑම වාසනාවන්තියකි.
    [/QUOTE

    දැන් ඉතින් හොයපන්කො නිල් පාට ඇස් තියෙන කෙල්ලෝ:(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    11.gif
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඇස්‌ යුවළේ කෙළවර රත් පැහැයෙන් යුක්‌තව කළු ඉංගිරියාව තද කළු පැහැයෙන් යුතු ඇස්‌ පිහාටු සමානව දෙපසේම පිහිටා ඇති කාන්තාවෝ ද වාසනාවන්තියෝ ය. කාගේත් ප‍්‍රශංසාවට ලක්‌වන ඇය තම පණ හා පතිදම් රකින්නියකි.

    මේකෙන් කියැවෙන චරිත ලක්ෂණ කෙසේ වෙතත් මේ විදියේ ඇස් තියන කාන්තාවෝ ඇත්තටම ලස්සනයි.