ඇස් ලෙඩෙන් බේරෙමු
මේ දිනවල පැතිරෙන ඇස් ලෙඩෙන් බේරෙමු
ලෝකය දකින්න. ඇස්වලින් එහි රසය දකින්න කවුරුත් කැමැතියි. මගේ ලෝකය මගේ ඇස් (My World My Eyes) කියන කියමන ලෝකයේ පොදු ධර්මතාවයක් වන්නේ ඒ ඇස් රැක ගන්න උත්සාහ නොකරන කෙනෙක්ද නැත. මේ දිනවල සීග්‍රයෙන් දිවයින පුරා පැතිර යන ඇස් ලෙඩ හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත යොමුවී තිබේ. සුළං සහිත කඩින් කඩ වැසි ඇති වන ඒ කාලගුණයෙන් පරිසරයේ ඇති උෂ්ණත්වය ඉවත් කරන කාලගුණයක් බැවින් වෛරස් උණ රෝග තත්ත්වයන් හා ඇස් රෝග බහුලව පවතී. ජුනි මස සිට ඔක්තෝබර් මස දක්වා නිරිත දිග මෝසම් කාලගුණය පවතින හෙයින් ඇස් රෝග බෝවීම සීග්‍රයෙන් සිදුවන බවට වෛද්‍යවරුන් පවසති.
ඇස් පටල ප්‍රදාහය (Conjunc tivitia) හෙවත් රෝස ඇස(Pink Eyes)ලෙස මේ දිනවල පැතිර යන ඇස් රෝගය හැඳින්වේ.
කබ හා කඳුළු ගැලීම ඇස් වටා ඉඳිමීම, ආලෝකය දෙස බැලීමේ අපහසුව, උදෑසන කාලයට ඇස් පිහාටු දෙක කබවලින් වැසීම මඳ වේදනාවක් සහිතව මඳ හිසේ වේදනාවන් මෙම රෝගයේ රෝග ලක්ෂණ වෙයි.
මෙම රෝග ලක්ෂණ දින තුන හතරක් හෝ සතියක කාලයක් පවතී. එසේ නොවුණ හොත් සති දෙක තුනක කාලයක් රෝග ලක්ෂණ පවතින බවට වෛද්‍යවරු පවසති. ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යම නොවන බවත් මෙම රෝගයට නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් තවම සොයා ගෙන නොමැත. එහෙත් ඇස් රෝගය වැලඳී දින ගණනක් පවතින්නේ නම් රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගත යුතුය. ඇස් රෝගයේ රෝග ලක්ෂණ සති ගණනක් පවතින්නේ නම් සංකූලතා මතුවීමේ අවදානමද පවතී. ඇසේ බාහිර පටලවලට සිදුවන හානිය අවම කර ගැනීමට ප්‍රතිකාර ලබා ගැනීමත් වෛද්‍යවරයකුගේ උපදෙස් නොමැතිව කිසිදු ඖෂධ දියරයක් ඇස් තුළට දැමීමෙන් වැළකිය යුතුය.
ඇසේ සංකූලතා මතු වුවහොත් ඒ සඳහා ඇති විශේෂ පරීක්ෂණ මගින් එහි තත්ත්වය හඳුනා ගත හැකි අතර ඒ අනුව ප්‍රතිකාර ලබා දීමටද වෛද්‍යවරුන් කටයුතු කරනු ඇත.
වෛරස් ආසාදනයකින් හෝ බැක්ටීරියා ආසාදනයකින් ඇස් රෝගය යම් කිසි පුද්ගලයකුට ඇතිවිය හැක. ආසාදනය එක් ඇසකින් ආරම්භ වන නමුත් එය අනෙක් ඇසටද පහසුවෙන් පැතිර යා හැක. වෛරසය සන්දිවලට කා වැදීම හේතුවෙන් රෝස පැහැයෙන් (Pinkness) පෙන්නුම් කරන අතර ක්ලිලරිරටිස් (Clliary iritis) ආසාදන තත්ත්වයද මතු විය හැක.
බොහෝ වෛරස් තත්ත්වයන් වාතයෙන් පැතිර ගියද ඇස් රෝගය පැතිර යන්නේ හෝ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ වන්නේ ස්පර්ශය මගිනි. ඒ හේතුවෙන් පැතිර යෑම වැළැක්වීමට රෝගියාගේ පරිස්සම වැදගත් වේ.
ඒ හේතුවෙන් ඇස් රෝගය වැලඳුන රෝගියකු මහජනතාව ගැවසෙන ජනාධික ස්ථානවල ගැවසීම අවම කළ යුතුය. ඇස් රෝගියකු බස් රථයක ගමන් ගන්නා විට ඇස් ස්පර්ශ කර බසයේ අසුන හෝ අසුන් බටය ස්පර්ශ කළහොත් ඉන් තවත් කෙනකුට බෝවිය හැක.
ඒ තවත් නිරෝගී පුද්ගලයකු දෑත් එම ස්ථානයේ ස්පර්ශ වී ඇස් හෝ මුහුණේ ස්පර්ශ වුවහොත් වෛරසය ඒ මගින් නිරෝගී පුද්ගලයාගේ දෑස්වලට ඇතුළු වේ.
එවැනි සිදුවීම්වලින් සීග්‍රයෙන් බෝවීම සිදුවන බැවින් රෝගියා භාවිත කරන තුවා, ලේන්සුව, කොට්ට ඇතුළු අනෙකුත් දෑ තවත් කෙනෙක් ස්පර්ශ නොකළ යුතුය. එමෙන්ම රෝගියාට විවේක සුවය වැදගත් වන අතර දෑස්වලට දුහුවිලි නොවදින සේ සිටිය යුතුය.
රෝගියා මෙන්ම නිරෝගී පුද්ගලයාද නිවසින් පිටට ගොස් නිවසට ආ පසු හොඳින් දෑස් සේදීම මගින් රෝගය බෝ වීම අවම කරගත හැකි අතර රෝගියාගේ රෝගී තත්ත්වය අඩුවීමේ ප්‍රවණතාවක්ද පවතී.
රෝගියාගේ නොසැලකිල්ල හේතුවෙන් මේ වනවිට දිනකට එක් රෝහලකට ඇස් රෝගීන් විශාල සංඛ්‍යාවක් පැමිණෙති.
කොළඹ අක්ෂි රෝහලට පමණක් දිනකට ප්‍රතිකාර සඳහා රෝගීන් සියයක් පමණ පැමිණෙන බවට පැවසේ.