ඇසේ_පෙනීම_දුර්වල_වීම . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇසේ_පෙනීම_දුර්වල_වීම . . .

    ඇසේ පෙනීම දුර්වල වීම . . .

    2d8kns2.jpg

    අපි කවුරුත් බොහෝ සැළකිලිමත්ව රැක බලා ගන්නා ඉන්ද්‍රියක් තමයි ඇස… එය එසේ වුවත් වර්තමානයේ බොහෝ පිරිස් විශේෂයෙන් පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන් වැනි ළමා තරුණ පිරිස් පවා ඇස් පෙනීම දුර්වල වීම සහ ඇස් රෝග සම්බන්ධ ගැටළු රාශියකට මුහුණ දී තිබෙනවා.

    ඇස් පෙනීම දුර්වල වීම . . .

    ඇසේ පෙනීම දුර්වල වීම අක්‍ෂි ගෝලය තුළ ඇතිවන නොයෙක් රෝග හේතුවෙන්ද, දෘෂ්ටි ස්නායුව හා එහි ශාඛාවල රෝග නිසාද, හිසට පිටතින් ඇති වන පීඩා වැනි නොයෙකුත් හේතුන් නිසාද සිදු විය හැක. හැඬීම් වැලපීම් ආදියෙන් බොහෝ කොට කඳුළු වැගිරීම, අධික ලෙස දහඩිය දැමීම, ඉතා සියුම් දේ ආයාසයෙන් බොහෝ වේලා බලා සිටීම, බොහෝ වේලාවක් දුර බලා සිටීම, නිදිවැරීම, දුම්, දූවිලි, තද හිරු රැස් වැදීම, දුම් පානය, මත්පැන් පානය ඇස් පෙනීම දුර්වල වීමට බලපාන සාධක වන අතරම දියවැඩියා රෝගය, අධි රුධිර පීඩනය, පෝෂණ ඌනතාවය, ලේ නෑයන් සමඟ විවාහ වීමෙන් පාරම්පරිකව ඇති වන හේතූන් නිසාද, වයසට යාම නිසාද ඇස් පෙනීම දුර්වල වීමට බොහෝ ඉඩ ඇත.

    207sw9d.jpg

    ඇස් රෝග

    වර්ණ අන්ධතාවය, රාත‍්‍රී අන්ධතාවය, ඇසේ සුද මතුවීම, ඇසේ පිළිකා වැනි නොයෙකුත් ඇස් රෝග පිළිබඳව අපට ඕනෑ තරම් අසන්නට ලැබෙනවා. මෙවැනි විවිධ ඇස් රෝග හටගැනීමට විවිධ සාධක බලපානු ලබයි.

    වර්ණ අන්ධතාවය ඇති අයෙකුට කොළ සමඟ රතු වර්ණය, කහ සමඟ නිල් වැනි වර්ණ වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමේ අපහසුතාව ඇතිවේ. මෙය ලේ නෑයන් සමඟ විවාහය, සහජයෙන්ම ඇති වන රෝග, දෘෂ්ඨි විතානයේ හෝ දෘෂ්ඨි ස්නායුවේ රෝග, දියවැඩියාව, ඇසේ සුද මතුවීම වැනි හේතු නිසා හටගනී.

    තරමක් අඩු ආලෝක තත්ව යටතේ ඉතා අඩු පෙනීමක් සහිත වීම රාත‍්‍රී අන්ධතාවය රෝගයේ ලක්‍ෂණයයි. සහජ හේතු නිසාද පෝෂණ ඌනතාවය නිසාද දෘෂ්ටි ස්නායුවේ දුර්වලතා නිසාද රාත‍්‍රී අන්ධතාවය ඇතිවේ. ඇසේ සුද මතුවීමේදී අක්‍ෂි කාචයේ ආලෝකය විනිවිද යාමේ කි‍්‍රයාවේ අඩු වීමක් මෙහිදී සිදුවේ. (පාරදෘෂ්‍ය බව අඩුවේ). රෝගය කල් ගත වන විට ඇසෙහි කළු ඉංගිරියාවේ කොටසක සුදු පැහැති වර්ණ වෙනසක් ඇතිවේ. ඇසට සිදු වන තුවාල, තැලීම්, දියවැඩියාව, වයසට යාම යනා දී හේතු නිසා මෙම තත්වය ඇතිවේ.

    2qdxt37.jpg

    ඇසේ පිළිකා කලාතුරකින් ඇති විය හැකි රෝගී තත්වයකි. වැඩි වශයෙන් හට ගන්නේ ළමා කාලයේදීයි. සහජයෙන්, පාරම්පරික හේතුන් නිසා මෙම පිළිකා ඇතිවේ. මීට අමතරව ඇස තුවාල වීම නිසාද ඇති විය හැකිය.

    නීරෝගී දෙනෙතක් පවත්වා ගැනීමට අප අනුගමනය කලයුතු ආහාර පුරුදු . . .

    විශේෂයෙන් නීරෝගී දෙනෙතක් පවත්වා ගැනීමට ආහාරපාන මෙන්ම එදිනදා ජිවිතයේදී සිදුවන ක්‍රියාවන්ද බලපායි. දුම්, දූවිලිවලින් ඇස් ආරක්‍ෂා කර ගැනීම අවශ්‍යවේ. අපිරිසිදු අත්වලින් ඇස් අත ගෑම හා පිස දැමීම නුසුදුසුය. ගමනක් ගොස් ගෙදර පැමිණි විගස පිරිසිදු ජලයෙන් ඇස් සේදීම ඉතා හොඳ පුරුද්දකි.

    20f5mxx.jpg

    බෝවන රෝග පවතින කාලවලදී කුඩා කෘමි සතුන්ගෙන් ඇස් ආරක්‍ෂා කර ගැනීම හා රෝගීන් අතර නො සිටීමටද වග බලා ගත යුතුය. මෙම රෝග කඳුළු මඟින්ද බෝවන නිසා තුවා, ලේන්සු, ඇස් කණ්ණාඩි ආදිය භාවිතය හවුලේ නො කිරීමට වග බලා ගත යුතුය.

    ඇසෙහි පෙනීමෙහි වෙනසක්, වේදනාවක්, කඳුළු, කබ ගැලීමක්, පිටතින් බැලූවිට ඇසේ වර්ණයෙහි වෙනසක් වුවහොත් පමා නොවී වෛද්‍යවරයකු වෙත යා යුතුය.

    තවද ඇසට හුණු හෝ යම් රසායනික ද්‍රව්‍යයක් වැටුණහොත් පිරිසිදු නිවුණු ජලයෙන් සෝදා හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු වෙත ගෙන යා යුතුය.

    ඇසට සුවදායක විශේෂිත ආහාර වර්ග . . .

    කඩල, කව්පි, මුං ඇට වැනි ධාන්‍ය, ඉදුණු අඹ, කෙසෙල් වැනි පලතුරු, සියලූම පලා වර්ග (තම්පලා, කතුරුමුරුංගා, කූර තම්පලා, ගොටුකොළ, මුකුණුවැන්න), දඹල, බෝංචි, කැරට් ආදී එළවළු, කෝමාරිකා ව්‍යංජනය ඇසට හිතකර ආහාර වර්ග වේ.

    2ldakia.jpg

    314rz2h.jpg

    දෙනෙතෙහි සුවපත්භාවයට අහිතකර ආහාර වර්ග . . .

    අබ, අච්චාරු, ජාඩි, විනාකිරි, මැංගුස්, රඹුටන්, රටදෙල්, බිලිං අධිකව ආහාරට ගැනීම, හරක් මස්, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවො, බල මාළු වැනි උෂ්ණාධික මාංශ වර්ග බහුලව ආහාරට ගැනීම දෙනෙතෙහි සුවපත්භාවයට අහිතකර ආහාර පුරුදු වන අතර මත්ද්‍රව්‍ය භාවිතය, දුම් පානයද ඉතා අහිතකරය.

    263v85l.jpg

    1zl59h3.jpg

    උපුටාගැනීමකි . . .
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    මගේ අැස් පෙනිම අඩු උනේ ‍සී ආර් ටී මොනිටර් බැයක් නිසා ඒ කාලේ ඔෆිස් ඉද්දි