Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ඇහැළෙපොළ සෑදවූ රන් ඔටුන්නට මොකද වුණේ…?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

■ මොල්ලිගොඩගේ සබරගමු ආක්‍රමණය

1814 අප්‍රේල් මාසයේ එක්තරා දිනෙක, මොල්ලිගොඩ අදිකාරමගේ රහස් ඔත්තු සේවයෙන් රජතුමාට වාර්තා වූයේ, සබරගමුවේ රදලයන් සමග එක්ව, ඇහැළේපොළ නිලමේ මඩුවන්වෙල වලව්වේ දී ඔටුනු පැළඳීමට යන බවක් ය. මඩුවන්වල දිසාවගේ දියණිය සමග එක්නැළිගොඩ මොහොට්ටාල විවාහ වෙන බවත්, එදිනම ඇහැළේපොළට ඔටුනු පැළඳවීමේ උත්සවය ද පවත්වන බවත් ය. මෙම මංගල උත්සවයට ඇහැළේපොළ පාක්ෂික සබරගමුවේ සියලුම නිලමක්කාරයන් සහභාගි වන අතර, එයට ඉංග්‍රීසීන්ගේ ආරක්ෂාව යටතේ සිටින ඇහැළේපොළ අදිකාරම පැමිණෙන බව ද එම රහස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් විය.

සබරගමුවේ රාජ්‍ය විරෝධී කුමන්ත්රණකරුවන් අත්අඩංගුවට ගැනීමට සුදුසුම අවස්ථාව මේ බැවින් වහාම ගොස් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මොල්ලිගොඩ අදිකාරමට රජතුමා, නියෝග කළේය. මොල්ලිගොඩ විශාල ආරක්ෂක හමුදාවක් සමඟ රහසිගත මාර්ගයකින් සබරගමුවට ගොස්, පල්ලේවෙල (පල්ලේබැද්ද) තඹගමුව කඩවත හෙවත් තුංතොට දී මග රැක සිට මංගලෝත්සවයට යමින් සිටි කැරැල්ලට සහයෝගය දුන් සබරගමුවේ කැරළිකාර නිලමෙලා 47 දෙනකු ඇතුළු 60 දෙනකු සහ ඇහැළේපොළට පැළඳවීමට ගෙනගිය මැණික් ඔටුන්න සහ රන් අසිපත ද අත්අඩංගුවට ගත්තේ ය.

එහෙත් තවත් තැනකදී කියන්නේ ඒ වනවිට සාදා නිම කර තිබූ මැණික් එබ්බ වූ රන් ඔටුන්න සහ රන් කඩුව ආදළු ඔයේ ගැඹුරු තැනක් වන “කළු දිය වළට” දමා ඇහැළේපොළ අදිකාරම ඉංග්‍රීසීන්ගේ උදවු පතා කොළඹට පළා ගිය බවයි.

මොල්ලිගොඩට, ඇහැළේපොළ මහනිලමේ අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඒ ඇහැළේපොළ සහ ඔහුගේ සගයන් කිහිපදෙනකු ජීවිතාරක්ෂාව හා රැකවරණය පතා, අඟුලක නැඟී කළු ගඟ ඔස්සේ යාත්‍රා කර, රයිගම් කෝරළයේ ගලපාතින් ගොඩ බැස, එතැනින් ගල්කිස්සට ගොස් ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් හමුවී ඔහුගේ ආරක්ෂාව යටතේ සැඟවුණු නිසා ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර, ඇමිටියගොඩ නිලමේ, කිරිපෝරුවේ මොහොට්ටාල සහ ඔහුගේ සොහොයුරන් සය දෙනෙක් ඇතුළු තවත් විදානේවරු කිහිපදෙනකුම විය. අත්අඩංගුවට ගත් පිරිස මොල්ලිගොඩ අදිකාරම විසින් සෙංකඩගලට ගෙන ගොස් රාජතුමාට භාරදුන් අතර, ඔවුන් සැම දෙනාම බෝගම්බර පිටියට ගෙන ගොස් උල තබා මරා දැමූ බව “ඇහැළේපොළ හටනේ” සඳහන් වේ.

දුල ගැන නිදොස ඇහැළේපොල මෙහෙ සි

කුල ගුණ සහ දරුවන් වද කොට වැන සි

නිලමෙලා හතලිස් හත් දෙනෙක් දි සි

උල තබමින් මැඑැවේ සබරගමු වැ සි

■ මැණික් ඔටුන්නට සහ රන් කඩුවට මොකද වුනේ…?..

රත්නපුර නගරය නිරන්තරයෙන්ම ගංවතුරට යටවන භූමි ප්රදේශයකි. එම කාලයට නිල නිවසේ (වර්තමානයේ දිස්ත්‍රික් පුරාවිද්‍ය කාර්යාලය ස්ථාපනය කර ඇති ගොඩනැඟිල්ල) සිට පරිපාලන කටයුතු සඳහා කොටුවට හෝ ඇහැළේපොළ වලව්වට (වර්තමාන ජාතික කෞතුකාගාරය) ගොඩබිමෙන් ගමන් කිරීමට නොහැකි ය. එමෙන්ම තමන්ගේ ආරක්ෂාව සඳහා ඇහැළේපොළ මහාදිකාරම විසින් කන්ද උඩ මාළිගාවේ සිට රත්නපුර කොටුවට, පහළ කාර්ලයයට සහ කළු ගඟට යාමට උමං මාර්ග තුනක් (03) සකස් කර ඇත. පවතින ප්රවාදයන් අනුව, මහාදිකාරම තමන් සබරගමුවෙන් එක්රැස්කර ගන්නා, ධනය සඟවා තබා ගැනීම සඳහා ද මෙම උමං ප්‍රයෝජනයට ගෙන ඇති බව සමහර ලේඛනවල සඳහන් ය. උමං මාර්ග සකස් කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත්තේ කොළොන්නේ, මඩුවන්වෙල කෝරළේ වන අතර, ඒ සඳහා පුහුණු දක්ෂ කැනීම්කරුවන් සපයා ඇත්තේ ද ඔහු ය. මඩුවන්වෙල කෝරාළ, ඇහැළේපොළගේ සමීපතම විශ්වාසවන්තයින් අතරින් ඉදිරියෙන්ම සිටි අයෙකි.

ඇහැළේපොළ මහනිලමේ රත්නපුරයට පැමිණ, සබරගමුවාසී ප්‍රධානීන් සමඟ එක්ව උඩරට රාජ්‍ය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළ අතර, තමන් සිංහලයේ රජ වූ පසු, හිස පැළඳීමට වෙනත් රජ කෙනෙකුගෙන් කිළිටු නොවූ, මැණික් ඔටුන්නක් සහ රන් කඩුවක් සෑදූ බව ජනප්‍රවාද මෙන්ම ඓතිහාසික තොරතුරුවල ද සඳහන් වේ. මේ රාජ්‍ය කකුද භාණ්ඩයන් රජතුමාට තිළිණ කිරීමට ගොඩකවෙල වීරමන්ත්රී ආචාරියා විසින් නිර්මාණය කළ භාණ්ඩයන් යයි සැකයක් පවතී.

එමෙන්ම ජනතාව ගෙන් එකතු කළ බදු, රාජ්‍ය භාණ්ඩාගාරයට නොයවා, එක්රැස්කර තමන් භාරයේ රඳවා ගත් අතර, මුතු මැණික් වැනි වටිනා ද්‍රව්‍ය ද එක් රැස්කර සඟවා තැබූ බව කියැවේ. එසේ එකතු කළ වටිනා බඩු භාණ්ඩ බොහෝමයක් සඟවා තැබුවේ මෙම රහස් උමංවල බව සඳහන් ය.

මොල්ලිගොඩ අධිකාරම් මෙහි පැමිණෙන විට, ඇහැළේපොළ මහනිලමේ ආරක්ෂාව සඳහා පළා ගොස් සිටි නිසා, මොල්ලිගොඩ ප්‍රධාන, උඩරට හමුදාව ඇහැළේපොළගේ මන්දිරයේ සහ රහස් උමං මාර්ගවල සඟවා තිබූ වටිනා වස්තු කොල්ලකමින්, එහි රඳවා සිටි කාන්තාවන් දූෂණයකර මරා දමා ඔවුන් පැළඳ සිටි රන් ආභරණ ද පැහැරගත් බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.

ඇහැළේපොළ මහාදිකාරම මෙරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව, සබරගමුව පාලනය කළ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නිල නිවාසය වශයෙන් ද මෙම ගොඩනැඟිල්ල ප්‍රයෝජනයට ගෙන ඇත. ඉංග්‍රිසීන් විසින් ඇහැළේපොළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, එක්නැළිගොඩ මොහොට්ටාල සහ ඔහුගේ අන්තේවාසිකයන් පිරිසක් ද, මෙහි පැමිණ රහස් උමං මාර්ගවල සඟවා ඉතිරිව තිබූ වටිනා ධන සම්භාරයන් පැහැර ගෙන ගොස් ඇත. මේ සඳහා එවකට සබරගමුව භාරව කටයුතු කළ ඉංග්‍රීසීන්ගේ ද සහයෝගය ලැබුණ බවත්, කොල්ල කෑ වස්තුවෙන් කොටසක් ඉංග්‍රීසින්ට ද ලබාදුන් බව සඳහන් වන්නේ ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදවල ය.

එවකට ආණ්ඩුකාර ධුරය දැරූ සර් රොබට් බ්රවුන්රිග් මහතාද රත්නපුරයට පැමිණි දිනවල අන්තඃපුර මාළිගා ගොඩනැගිල්ලේ නතරව සිටි බවත්, ඇහැළේපොළ ගෙන් සහ වෙනත් අය ගෙන් ලැබී තිබුණු තොරතුරු අනුව ඔහු ද මෙහි තිබූ වස්තුව ගැන සොයා බැලූ බව වාර්තා වේ.

ඇහැළේපොළ මහාදිකාරම, රජතුමාට තිළිණ කිරීමට හෝ තමන් රජවීමට තැනූ ඔටුන්නට සහ කඩුවට මොකද වුණේ…?.. යනුවෙන් ඉතිහාස ගත ප්‍රශ්නයක් නිර්මාණය වී ඇත.

■ ම’විසින් ලියන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් (2019) නම් ග්රන්ථයට කරුණු එක්රැස්කළ අවදියේ, ආචාර්ය දැරණියගල ශූරින් ගෙන් මේ ගැන විමසූ මොහොතේ ඒ මහතා කීවේ, “…..මොල්ලිගොඩ රජතුමාට භාරදීපු මේ ඔටුන්නයි කඩුවයි රාජ භාණ්ඩාගාරෙ තියෙන්න ඇති. ඒත් පස්සේ ඉංග්රීසිකාරයෝ මේක එංගලන්තෙට ගෙනියන්න ඇති…. හැබැයි ඒ ගැන කොහෙවත් සටහන් වෙලා නෑ…..” ඒ එතුමාගේ අදහස යි.

■ එමෙන්ම තවත් තැනකදී කියන්නේ ඒ වනවිට සාදා නිම කර තිබූ මැණික් එබ්බ වූ රන් ඔටුන්න සහ රන් කඩුව ආදළු ඔයේ ගැඹුරු තැනක් වන, “කළු දිය වළට” දමා ඇහැළේපොළ අදිකාරම ඉංග්‍රීසීන්ගේ උදව් පතා කොළඹට පළා ගිය බවයි.

විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි, රත්නපුර එච්.එම්.ජයන්ත විජේරත්න

jayaviherathsigiriya@gmail.com

උපුටාගැනීම divaina.lk

------ Post added on [DATETIME="UT"]1733678623[/DATETIME]

[QUOTE="reuse, post: 30389771, member: 200727"] ■ මොල්ලිගොඩගේ සබරගමු ආක්‍රමණය 1814 අප්‍රේල් මාසයේ එක්තරා දිනෙක, මොල්ලිගොඩ අදිකාරමගේ රහස් ඔත්තු සේවයෙන් රජතුමාට වාර්තා වූයේ, සබරගමුවේ රදලයන් සමග එක්ව, ඇහැළේපොළ නිලමේ මඩුවන්වෙල වලව්වේ දී ඔටුනු පැළඳීමට යන බවක් ය. මඩුවන්වල දිසාවගේ දියණිය සමග එක්නැළිගොඩ මොහොට්ටාල විවාහ වෙන බවත්, එදිනම ඇහැළේපොළට ඔටුනු පැළඳවීමේ උත්සවය ද පවත්වන බවත් ය. මෙම මංගල උත්සවයට ඇහැළේපොළ පාක්ෂික සබරගමුවේ සියලුම නිලමක්කාරයන් සහභාගි වන අතර, එයට ඉංග්‍රීසීන්ගේ ආරක්ෂාව යටතේ සිටින ඇහැළේපොළ අදිකාරම පැමිණෙන බව ද එම රහස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් විය. සබරගමුවේ රාජ්‍ය විරෝධී කුමන්ත්රණකරුවන් අත්අඩංගුවට ගැනීමට සුදුසුම අවස්ථාව මේ බැවින් වහාම ගොස් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මොල්ලිගොඩ අදිකාරමට රජතුමා, නියෝග කළේය. මොල්ලිගොඩ විශාල ආරක්ෂක හමුදාවක් සමඟ රහසිගත මාර්ගයකින් සබරගමුවට ගොස්, පල්ලේවෙල (පල්ලේබැද්ද) තඹගමුව කඩවත හෙවත් තුංතොට දී මග රැක සිට මංගලෝත්සවයට යමින් සිටි කැරැල්ලට සහයෝගය දුන් සබරගමුවේ කැරළිකාර නිලමෙලා 47 දෙනකු ඇතුළු 60 දෙනකු සහ ඇහැළේපොළට පැළඳවීමට ගෙනගිය මැණික් ඔටුන්න සහ රන් අසිපත ද අත්අඩංගුවට ගත්තේ ය. එහෙත් තවත් තැනකදී කියන්නේ ඒ වනවිට සාදා නිම කර තිබූ මැණික් එබ්බ වූ රන් ඔටුන්න සහ රන් කඩුව ආදළු ඔයේ ගැඹුරු තැනක් වන “කළු දිය වළට” දමා ඇහැළේපොළ අදිකාරම ඉංග්‍රීසීන්ගේ උදවු පතා කොළඹට පළා ගිය බවයි. මොල්ලිගොඩට, ඇහැළේපොළ මහනිලමේ අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඒ ඇහැළේපොළ සහ ඔහුගේ සගයන් කිහිපදෙනකු ජීවිතාරක්ෂාව හා රැකවරණය පතා, අඟුලක නැඟී කළු ගඟ ඔස්සේ යාත්‍රා කර, රයිගම් කෝරළයේ ගලපාතින් ගොඩ බැස, එතැනින් ගල්කිස්සට ගොස් ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් හමුවී ඔහුගේ ආරක්ෂාව යටතේ සැඟවුණු නිසා ය. අත්අඩංගුවට ගත් පිරිස අතර, ඇමිටියගොඩ නිලමේ, කිරිපෝරුවේ මොහොට්ටාල සහ ඔහුගේ සොහොයුරන් සය දෙනෙක් ඇතුළු තවත් විදානේවරු කිහිපදෙනකුම විය. අත්අඩංගුවට ගත් පිරිස මොල්ලිගොඩ අදිකාරම විසින් සෙංකඩගලට ගෙන ගොස් රාජතුමාට භාරදුන් අතර, ඔවුන් සැම දෙනාම බෝගම්බර පිටියට ගෙන ගොස් උල තබා මරා දැමූ බව “ඇහැළේපොළ හටනේ” සඳහන් වේ. දුල ගැන නිදොස ඇහැළේපොල මෙහෙ සි කුල ගුණ සහ දරුවන් වද කොට වැන සි නිලමෙලා හතලිස් හත් දෙනෙක් දි සි උල තබමින් මැඑැවේ සබරගමු වැ සි [HR][/HR] ■ මැණික් ඔටුන්නට සහ රන් කඩුවට මොකද වුනේ…?.. රත්නපුර නගරය නිරන්තරයෙන්ම ගංවතුරට යටවන භූමි ප්රදේශයකි. එම කාලයට නිල නිවසේ (වර්තමානයේ දිස්ත්‍රික් පුරාවිද්‍ය කාර්යාලය ස්ථාපනය කර ඇති ගොඩනැඟිල්ල) සිට පරිපාලන කටයුතු සඳහා කොටුවට හෝ ඇහැළේපොළ වලව්වට (වර්තමාන ජාතික කෞතුකාගාරය) ගොඩබිමෙන් ගමන් කිරීමට නොහැකි ය. එමෙන්ම තමන්ගේ ආරක්ෂාව සඳහා ඇහැළේපොළ මහාදිකාරම විසින් කන්ද උඩ මාළිගාවේ සිට රත්නපුර කොටුවට, පහළ කාර්ලයයට සහ කළු ගඟට යාමට උමං මාර්ග තුනක් (03) සකස් කර ඇත. පවතින ප්රවාදයන් අනුව, මහාදිකාරම තමන් සබරගමුවෙන් එක්රැස්කර ගන්නා, ධනය සඟවා තබා ගැනීම සඳහා ද මෙම උමං ප්‍රයෝජනයට ගෙන ඇති බව සමහර ලේඛනවල සඳහන් ය. උමං මාර්ග සකස් කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත්තේ කොළොන්නේ, මඩුවන්වෙල කෝරළේ වන අතර, ඒ සඳහා පුහුණු දක්ෂ කැනීම්කරුවන් සපයා ඇත්තේ ද ඔහු ය. මඩුවන්වෙල කෝරාළ, ඇහැළේපොළගේ සමීපතම විශ්වාසවන්තයින් අතරින් ඉදිරියෙන්ම සිටි අයෙකි. ඇහැළේපොළ මහනිලමේ රත්නපුරයට පැමිණ, සබරගමුවාසී ප්‍රධානීන් සමඟ එක්ව උඩරට රාජ්‍ය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළ අතර, තමන් සිංහලයේ රජ වූ පසු, හිස පැළඳීමට වෙනත් රජ කෙනෙකුගෙන් කිළිටු නොවූ, මැණික් ඔටුන්නක් සහ රන් කඩුවක් සෑදූ බව ජනප්‍රවාද මෙන්ම ඓතිහාසික තොරතුරුවල ද සඳහන් වේ. මේ රාජ්‍ය කකුද භාණ්ඩයන් රජතුමාට තිළිණ කිරීමට ගොඩකවෙල වීරමන්ත්රී ආචාරියා විසින් නිර්මාණය කළ භාණ්ඩයන් යයි සැකයක් පවතී. එමෙන්ම ජනතාව ගෙන් එකතු කළ බදු, රාජ්‍ය භාණ්ඩාගාරයට නොයවා, එක්රැස්කර තමන් භාරයේ රඳවා ගත් අතර, මුතු මැණික් වැනි වටිනා ද්‍රව්‍ය ද එක් රැස්කර සඟවා තැබූ බව කියැවේ. එසේ එකතු කළ වටිනා බඩු භාණ්ඩ බොහෝමයක් සඟවා තැබුවේ මෙම රහස් උමංවල බව සඳහන් ය. මොල්ලිගොඩ අධිකාරම් මෙහි පැමිණෙන විට, ඇහැළේපොළ මහනිලමේ ආරක්ෂාව සඳහා පළා ගොස් සිටි නිසා, මොල්ලිගොඩ ප්‍රධාන, උඩරට හමුදාව ඇහැළේපොළගේ මන්දිරයේ සහ රහස් උමං මාර්ගවල සඟවා තිබූ වටිනා වස්තු කොල්ලකමින්, එහි රඳවා සිටි කාන්තාවන් දූෂණයකර මරා දමා ඔවුන් පැළඳ සිටි රන් ආභරණ ද පැහැරගත් බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. ඇහැළේපොළ මහාදිකාරම මෙරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව, සබරගමුව පාලනය කළ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නිල නිවාසය වශයෙන් ද මෙම ගොඩනැඟිල්ල ප්‍රයෝජනයට ගෙන ඇත. ඉංග්‍රිසීන් විසින් ඇහැළේපොළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, එක්නැළිගොඩ මොහොට්ටාල සහ ඔහුගේ අන්තේවාසිකයන් පිරිසක් ද, මෙහි පැමිණ රහස් උමං මාර්ගවල සඟවා ඉතිරිව තිබූ වටිනා ධන සම්භාරයන් පැහැර ගෙන ගොස් ඇත. මේ සඳහා එවකට සබරගමුව භාරව කටයුතු කළ ඉංග්‍රීසීන්ගේ ද සහයෝගය ලැබුණ බවත්, කොල්ල කෑ වස්තුවෙන් කොටසක් ඉංග්‍රීසින්ට ද ලබාදුන් බව සඳහන් වන්නේ ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදවල ය. එවකට ආණ්ඩුකාර ධුරය දැරූ සර් රොබට් බ්රවුන්රිග් මහතාද රත්නපුරයට පැමිණි දිනවල අන්තඃපුර මාළිගා ගොඩනැගිල්ලේ නතරව සිටි බවත්, ඇහැළේපොළ ගෙන් සහ වෙනත් අය ගෙන් ලැබී තිබුණු තොරතුරු අනුව ඔහු ද මෙහි තිබූ වස්තුව ගැන සොයා බැලූ බව වාර්තා වේ. ඇහැළේපොළ මහාදිකාරම, රජතුමාට තිළිණ කිරීමට හෝ තමන් රජවීමට තැනූ ඔටුන්නට සහ කඩුවට මොකද වුණේ…?.. යනුවෙන් ඉතිහාස ගත ප්‍රශ්නයක් නිර්මාණය වී ඇත. ■ ම’විසින් ලියන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් (2019) නම් ග්රන්ථයට කරුණු එක්රැස්කළ අවදියේ, ආචාර්ය දැරණියගල ශූරින් ගෙන් මේ ගැන විමසූ මොහොතේ ඒ මහතා කීවේ, “…..මොල්ලිගොඩ රජතුමාට භාරදීපු මේ ඔටුන්නයි කඩුවයි රාජ භාණ්ඩාගාරෙ තියෙන්න ඇති. ඒත් පස්සේ ඉංග්රීසිකාරයෝ මේක එංගලන්තෙට ගෙනියන්න ඇති…. හැබැයි ඒ ගැන කොහෙවත් සටහන් වෙලා නෑ…..” ඒ එතුමාගේ අදහස යි. ■ එමෙන්ම තවත් තැනකදී කියන්නේ ඒ වනවිට සාදා නිම කර තිබූ මැණික් එබ්බ වූ රන් ඔටුන්න සහ රන් කඩුව ආදළු ඔයේ ගැඹුරු තැනක් වන, “කළු දිය වළට” දමා ඇහැළේපොළ අදිකාරම ඉංග්‍රීසීන්ගේ උදව් පතා කොළඹට පළා ගිය බවයි. විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි, රත්නපුර එච්.එම්.ජයන්ත විජේරත්න [email]jayaviherathsigiriya@gmail.com[/email] උපුටාගැනීම divaina.lk ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1733678623[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom