ඇෆ්ගනිස්ථානයටත් පැරදුනු අපේ ක්‍රිකට්

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඇෆ්ගනිස්ථානයටත් පැරදුනු අපේ ක්‍රිකට්


    ඇතුළේ කචල්... සූදු කෙළි.. ඇෆ්ගනිස්ථානයටත් පැරදුනු අපේ ක්‍රිකට්; මිලියන ගණන් පඩි ගන්නා සමහර ක‍්‍රීඩකයන් සෙල්ලම් කරන්නේ රටගැන හැඟීමකින් තොරව!


    ගයාන් සමරසිංහ



    කොළඹ වික්ටෝරියා උද්‍යානයේ නොමෑඞ්ස් ක‍්‍රීඩා පිටියේ දී එම්.සී.සී. (MCC) කණ්ඩායමට එරෙහිව ‘‘සිලෝන්’’ (1972 වසරට පෙර ශ‍්‍රී ලංකාව හැඳින්වුණේ සිලෝන් යන නාමයෙනි) කණ්ඩායම ප‍්‍රථම වරට කි‍්‍රකට් තරගයක් පැවැත්වූහ. ඒ 1926-1927 වසරවලදීය. එම තරගයේදී ‘‘සිලෝන්’’ කණ්ඩායම පරදා එම්.සී.සී. කණ්ඩායම ඉනිමක ජයක් වාර්තා කළේය. එය මෙරට කි‍්‍රකට් ඉතිහාසයේ ප‍්‍රථම ජාත්‍යන්තර තරගය ලෙස හඳුන්වයි. ‘‘සිලෝන්’’ කණ්ඩායම සිය ප‍්‍රථම ජයග‍්‍රහණය වාර්තා කරන්නේ 1932-1933 වසරවලදීය. ඒ පැටියල කණ්ඩායමට එරෙහිවය. වර්ෂ 1970 දී ‘‘සිලෝන්’’ කණ්ඩායම ‘‘ශ‍්‍රී ලංකා’’ ලෙස සිය නම වෙනස් කර ගත්තේය.

    v5එලෙස නම වෙනස් කරගත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම පළමුවරට ජාත්‍යන්තර තරගයකට සහභාගි වන්නේ වර්ෂ 1975 දීය. ඉන් වසර හයකට පසු එනම් 1981 වර්ෂයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ටෙස්ට් වරම් හිමි විය. ඒ අනුව ටෙස්ට් වරම් ලැබූ 8 වැනි රට බවට ශ‍්‍රී ලංකාව පත්විය. ඒ වනවිට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම සිටියේ අන්තිම දුර්වල තත්ත්වයේය.

    වර්ෂ 1990 පමණ වන විට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් ක‍්‍රීඩා කරන රටක් බවට පත්විය. ඒ වනවිට සැලකිය යුතු පේ‍්‍රක්‍ෂක ප‍්‍රමාණයක්ද සිටියහ.

    ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පේ‍්‍රක්‍ෂකයන් අතරට හුඟක් ළංවූයේ 1996 ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමත් සමගයි. එම ජයග‍්‍රහණයත් සමග ලොව සිටින ප‍්‍රබලම කි‍්‍රකට් කණ්ඩායම බවට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම පත්විය. එලෙසම එක්දින තරග රටාව වෙනස් කරමින් නව ජීවයක් දීමට කළු - සනත් සමත් වූහ. ඔවුහු ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණ පළමු පන්දු වාර කිහිපය තුළ වේගයෙන් ලකුණු රැස් කරමින් ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයන් අන්ත අසරණ කළ අතර පේ‍්‍රක්‍ෂකයන් අමන්දානන්දයට පත්කළහ. කළු - සනත් එලෙස ක‍්‍රීඩා කරනු දැක ගැනීම සඳහා එකල පිටිසර ගම් දනව්වල ජීවත් වූ ආච්චිලා - සීයලා පවා රූපවාහිනිය වටා එක් රොක්වූහ. කොටින්ම කියතහොත් කි‍්‍රකට් නොබලපු අය පවා කි‍්‍රකට් තරග නැරැඹීමට පෙළඹුණහ.

    එක්දින තරග රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කළ ශ‍්‍රී ලංකා කි‍්‍රිකට් කණ්ඩායම 96 ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමෙන් පසු පසුබෑම් සහ සාර්ථකත්වයන්ට මුහුණ දෙමින් ලෝකයේ කි‍්‍රිකට් ක‍්‍රීඩා කරන ප‍්‍රධාන රටක් ලෙස තම ස්ථාවරත්වය රැක ගත්තේය. 2007 ලෝක කුසලාන තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ඉතා හොඳින් ක‍්‍රීඩාකර අවසාන මහ තරගය දක්වා ළඟා වූවේය. එහෙත් අවසන් මහ තරගයේ දී වර්ෂාවෙන් බාධා පැමිණුනු අතර එහි වාසිය ඔස්ටේ‍්‍රලියාව සතු කර ගත්තාය. එහි ප‍්‍රතිඵලය වූයේ අපි අනුශූරයන් වීමයි. ඉන් පසු පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකකද අනු ශූරයන් බවට පත්වූයේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමයි.

    යළි 2014 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට හැකි වුණේ ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමටයි. එයට පෙර පැවති තරගාවලියේ ද අනුශූරතාව හිමිවුණේ අපටයි. එමෙන්ම තවමත් බිඳ හෙළිය නොහැකි ගණන් ලෝක වාර්තා රැසකට ද උරුමකම් කියන්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමයි. ලෝකයේ සිටින හොඳම පිතිකරුවන්, පන්දු රකින්නන්, පන්දු යවන්නන් සහ කඩුලූ රකින්නන් අතර පෙරමුණේ සිටියේද අපේ කී‍්‍රඩකයන්ය. කලක් ජාත්‍යන්තරය ඉදිරියේ අපේ කි‍්‍රකට් වැජඹුණේ එලෙසින්ය.

    වර්ෂ 2016 වන විට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කිහිපදෙනෙක්ම මෙරට කි‍්‍රකට් කණ්ඩායමෙන් සමුගත්තේය. ඒ සමුගැනීමත් සමග මෙරට කි‍්‍රකට් විනාශ වීමට පටන් ගත්තේය. එහි හොඳම උදාහරණය වනුයේ ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට පරාද වී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වීමයි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ ලැබූ අවමන් සහගත පරාජයක් ලෙස එය හැඳින්විය හැකිය.

    පසුගිය වසර දෙක තුළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දැක්වූ අදක්‍ෂතාවන් නිසා කි‍්‍රකට් පේ‍්‍රක්‍ෂකයෝ සිටියේ ද ඉමහත් කණස්සල්ලෙනි. එය වඩාත් තීව‍්‍ර වූයේ ආසියානු කුසලාන

    තරගාවලියේදී මූලික වටයේම ඉවතට විසිවීමත් සමඟයි. මෙවර එම පැරැදීමත් සමග විවිධ සමාජ වෙබ් අඩවි හරහා මෙරට කි‍්‍රකට් කණ්ඩායම දැඩි ලෙස විවේචනයට සහ හාස්‍යයට ලක්කර තිබිණි. මෙරට කි‍්‍රකට් ලෝලීන් පෙර කිසි දිනක එලෙස කි‍්‍රකට් කණ්ඩායම හාස්‍යයට ලක්කර නොතිබිණි. එයිනුත් වැඩිපුරම විවේචනය සහ හාස්‍යයට ලක් කර තිබුණේ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස්වයි. පහතින් දක්වනුයේ එලෙස පළවූ පෝස්ට් (Post) කිහිපයකි.

    ‘‘බැට් එකෙන් නැතිව කකුලෙන් ගහන්න ඕනනම් බොට ෆුට් බෝල් තෝරගන්න තිබ්බ මෙන්ඩිස්’’

    ‘‘මුකුත් වුණේ නෑ වගේ ඉන්දියාවට සපෝට් කරමු බං. කමෝන් ඉන්දියා. මෙවරත් අසල්වැසි අපි ඔබ සමඟයි.’’

    ‘‘අපේ ටීම් එකේ දුර්වලතා තුනයි තියන්නේ. එකක් බැටින්, අනික බෝලින්, අනික ෆීල්ඩිං ඔය තුන හදාගත්තා නම් සුපිරි ටීම් එක.’’

    ‘‘බන්දුල වර්ණපුරලා ආරම්භ කරපු, අර්ජුන රණතුංගලා ඔසවා තබපු, සනත් ජයසූරියලා බබළවපු, සංගා, මහේල ඉදිරියට පවත්වාගෙන ගියපු ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් නූතන පරපුර විසින් මෙසේ වළපල්ලට ඇද දමන ලදී.’’

    ‘‘රනිල් වික‍්‍රමසිංහ දේශපාලනයෙන් අයින් වුණ දවසක මමත් කි‍්‍රකට් වලින් සමුගන්නවා’’ මීට මැතිව්ස්’’

    ‘‘ඔය පේන ලංකාවේ ඉස්සර මුළු ලෝකෙම බය කි‍්‍රකට් ටීම් එකක් තිබ්බා පුතේ. දැන්නම් හිවල්ලූත් උන්ට ගහනවා.’’

    ‘‘ඒසියා කප් එක මෙහෙම පරදිනවා. එතකොට අපි ගැන තියන අවධානය අඩු වෙනවා. ඊට පස්සේ හොරෙන්ම ප‍්‍රැක්ටිස් කරල 2019 වර්ල්ඞ් කප් එක උස්සනවා. ඕක තමයි අපේ උන්ගේ ප්ලෑන. කොහෙද උඹලට මේවා තේරෙන්නේ නැහැනේ.’’

    ‘‘එනවා පේනවා මෙන්ඩිස් ගහනවා පේනවා’’

    ‘‘කුසල් මෙන්ඩිස්ගේ දිනෙන් දින දියුණුව ඉරිදා පළමුවැනි බෝලෙන්ම බින්දුවට ගියපු මෙන්ඩිස් ඊයේ දවසේ වැරැදි හදාගෙන අද බෝල දෙකක් බැට් කරලයි බින්දුවට ගියේ. අන්න එහෙමයි අපේ කි‍්‍රකට් අනාගතය.’’

    ‘‘කුසල් මෙන්ඩිස් එන්නේ තරංගව ග‍්‍රවුන්ඞ් එකට ගෙනත් දාල යන්න. දාපු ගමං ඌ යනවා. අන්න එහෙමයි අපේ ක‍්‍රීඩකයෝ සහයෝගයෙන් වැඩ කරන්නේ...’’

    ‘‘උපත 1996, විපත 2018’’

    ක‍්‍රිකට් ලෝලීන් තරග පරාජයන් ඉවසා ගැනීමට නොහැකිව එලෙස විවේචනාත්මක සහ හාස්‍යජනක ගොසිප් දමා තිබියදී ශ‍්‍රී ලංකා පිල නියෝජනය කළ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක්ද විවිධ සමාජ ජාල හරහා තම අදහස් මෙලෙස සටහන් කර තිබිණි.

    හිටපු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන

    ‘‘සමාජ මාධ්‍ය දෙස බැලීමේදී පේ‍්‍රක්‍ෂකයන් විසින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම දැඩිසේ විවේචනය කිරීමත්, හාස්‍යයට ලක් කිරීමත් දකින්න පුළුවන්. ඔව් ඔවුන් ඉතාම දුර්වල ලෙස තමයි ක‍්‍රීඩා කළේ. නමුත් ඔවුන්ට පෞද්ගලිකව හානි කරන්න එපා. මේ ක‍්‍රීඩාවක්. මීට විසඳුමක් සෙවීමයි ඉදිරියට කළ යුත්තේ’’

    එහෙත් මහේලගේ එම ප‍්‍රකාශය පේ‍්‍රක්‍ෂකයන් දිගින් දිගටම විවේචනය කළේය.

    සමහරු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් විනාශ කිරීමට මහේල ද දායක වූ බව පවසා චෝදනා පවා එල්ල කළහ. තවත් සමහරු මෙම පරාජයේ බරපතළ බව මහේලට පෙන්වා දුන්නේ දැඩි කෝපයකින් යුතුවයි. එම විවේචනය හමුවේ මහේල යළි පණිවිඩයක් තම Twitter ගිණුම හරහා නිකුත් කර තිබිණි. එය මෙලෙසිනි.

    ‘‘ මට තේරුම් ගන්න පුළුවන් ඔබේ බලාපොරොත්තු සුන්වීම. මමත් ඔබ වැනිම බලාපොරොත්තු සුණු විසුණු වූ පේ‍්‍රක්‍ෂකයෙක්. අපි කළ යුත්තේ කණ්ඩායම තවත් දිරිමත් කර මහන්සියෙන් වැඩ කිරීමට උනන්දු කිරීමයි’’

    ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසුවේය.

    v6‘‘අපිටත් ගැටලූවක් ඇයි මෙච්චර පසුබෑමකට ගියේ කියන එක. කවදාවත් හිතුවෙ නෑ පසුබෑමට යයි කියලා. නැත්නම් මෙච්චර වේලාසනින් ක‍්‍රීඩාවෙන් අයින් වෙන්නේ නෑ. මටත් ප‍්‍රශ්නයක් ක‍්‍රීඩාවෙන් සමුගත්තේ නැත්නම්. 2019 ලෝක කුසලානය වෙනකම් ක‍්‍රීඩා කරන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. මම හිතන්නේ මේ ක‍්‍රීඩකයන්ට ප‍්‍රශ්නයක් තියෙනව නම් කවුරු හරි මැදිහත් විය යුතුයි. අපේ රාජ්‍ය නායකයන් හරි මැදිහත් වෙලා ඉක්මනින්ම නිවැරැදි කරගන්න වෙනවා. මොකද අපට තව මාස ගාණයි තියෙන්නෙ ලෝක කුසලානයට. පෞද්ගලිකව හිටපු නායකයෙක් හැටියට දැන් තියෙන තත්ත්වය ගැන ගොඩක් කනගාටුයි.

    ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන අතුල සමරසේකර ලැබූ පරාජය පිළිබඳව සිය ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබිණි.

    ‘‘හතුරුසිංහ තියා හතුරුසිංහගෙ හත්මුතු පරම්පරාවම ආවත් ඔය බයින් ඇන්ඞ් සෙලින් කාරයෝ ටික ඉන්නකං අපි මැච් දිනන්නේ නං නෑ. ඔය මැච් විකුණන එවුන් ටික ඇතුළට යවන්න ඕනේ. ආයත් ගේමට බහින්න බැරිවෙන්නම. ෆස්ට් ඔෆ් ඕල්’’

    එලෙසම ඇතැම් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ කි‍්‍රයා කලාපද අතුල සමරසේකර දැඩි ලෙස විවේචනය කර තිබිණි. ඔහු ඇතැම් ක‍්‍රීඩකයන් තම ස්ථානය රැක ගැනීමට ක‍්‍රීඩා කරන බවත් ඔහු සඳහන් කර තිබිණි.

    ‘‘හැබැයි ඌ ගාන ගහන්නේ වෙන මක්කටවත් නෙවි. උගේ ප්ලේස් එක තියා ගන්නයි. බයින් ඇන්ඞ් සෙලින් කරන ලෙජන්ඞ්ස්ල දෙන්න ඇතුළට. උන් තමයි ලොකුම විෂබීජ. උන්ට පොඩි එකෙක් දකින්න බෑ. උන් ඉන්නෙ නං නිකං අපි මැච් විකුණනවා වගේ. දෙවැනියට හාල්මැස්සෝ ටික. හාල්මැස්සෝ ගැන දුක තමයි. ඒත් උන් දැන් අහුවෙලා අහවර නිසා උන්ට නෝ චොයිස්. කියන විදිහට වැඩ නොකළොත් පවුලම අනතුරේ’’

    ඔවුහු එලෙස පවසද්දී ක‍්‍රීඩා ඇමැතිවරයා මෙලෙස ප‍්‍රකාශ කළේය.

    ‘‘ක‍්‍රීඩාවේදී ජය පැරදුම භාරගත යුතු වුවත් ශ‍්‍රී ලංකාව වැනි කණ්ඩායමක් බංග්ලාදේශයට, ඇෆ්ගනිස්ථානයට පරදින විට එතැන ප‍්‍රශ්නයක් තියෙනවා. මම ක‍්‍රීඩා ඇමැති විදිහට ඒ පිළිබඳ පුහුණුකරුගෙන්, තේරීම් භාර කමිටුවෙන් සහ ක‍්‍රීඩකයන්ගෙන් කරුණු විමසීමට ඔවුන් කැඳවීමක් කරල තිබෙනවා’’

    කොයි කවුරුත් එලෙස විවිධ හේතු පවසති. එහෙත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම දැන් දක්ෂතා අතින් බිංදුවටම වැටී අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති. 2017 වර්ෂයේ සිට මේ වනතෙක් සහභාගි වූ එක්දින ජාත්‍යන්තර තරග 41 කදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කර ඇත්තේ තරග 10 ක් පමණි. එය ඉතා ඛේදාන්ත තත්ත්වයකි.

    බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරග දෙකකදී පන්දුවට පහරදීමේදී සහ පන්දු රැකීමේදී අපි සිටියේ ඉතාමත් දුර්වල මට්ටමකයි. ඉතා පහසු උඩපන්දු කිහිපයක්ම ක‍්‍රීඩකයන්ගේ අතින් ගිලිහුණි. පන්දුවට පහර දීමේදී ලකුණු 15 සීමාව පසු කිරීමට නොහැකි විය. එවැනි කණ්ඩායමකටවත් ලකුණු 150 සීමාව පසු කිරීමට නොහැකි නම් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ අනාගතය ගැන අපට සිතාගත හැකිය.

    ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් කණ්ඩායම ඩුබායි බලා පිටත් වුණේ තරගාවලිය පටන් ගැනීමට සති දෙකකටත් පෙරයි. ඒ එම රටේ දේශගුණයට සහ තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගණවල තණතීරු පිළිබඳ අධ්‍යයනයක් ලබා ගැනීම සඳහාය. ඔවුහු එලෙස ගොස් එම ක‍්‍රීඩාංගණවල පුහුණු කිරීමේ කටයුතු සිදුකර හොඳ අධ්‍යයනයක් ලබා ගත්හ. එහෙත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ඩුබායි බලා පිටත් වුණේ තරගාවලිය පටන් ගැනීමට දින තුනකට පමණ පෙරයි. එම නිසා ඔවුනට නිසි පුහුණුවීමක් ලබා ගැනීමටද නොහැකි විය. එය තරග පරාජයට බලපෑ තවත් එක් කරුණකි.

    අපට පෙනෙන පරිදි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තුළ ලොකු අර්බුදයක් පවතී. එම අර්බුදය ඇති කළේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකි. බොහෝ අය එලෙස පවසති. එලෙසම ශ‍්‍රී ලංකා කි‍්‍රකට් මෙලෙස පරිහානියට ලක්වීම පිළිබඳව ක‍්‍රීඩකයන්ද වගකිව යුතු වේ. මිලියන ගණන් පඩි ලබාගන්නා සමහර ක‍්‍රීඩකයන් සෙල්ලම් කරන්නේ රට ගැන කිසිදු හැඟීමකින් තොරවයි. මුදල්වලට ලොල්වූ ඔවුන් කිසිදු හිරිකිතයකින් තොරව ඕනෑම දෙයක් සිදු කරයි. එලෙසම සමහර කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ගේ විනයද පිරිහී තිබේ. එම ක‍්‍රීඩකයින් තරගයක් අවසන් වූ පසු යන්නේ රාත‍්‍රි සමාජ ශාලාවලට සහ සුරූපී තරුණියන් පසුපසයි. එලෙස ගොස් තරග තහනම්වලට පවා ලක්වූ ක‍්‍රීඩකයෝ සිටිති. එමනිසා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ විනය පිරිහීමද තරග පරාජය වීමට තවත් එක් හේතුවකි.

    ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රකට් වෘත්තීයමය මට්ටමින් ක‍්‍රීඩා කෙරේ. එය ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනපි‍්‍රයම ක‍්‍රීඩාව ද වේ. ජනගහනයෙන් වැඩි කොටසක් කි‍්‍රකට් තරග රසිකත්වයෙන් යුතුව නරඹති. එමනිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් මෙලෙස වළපල්ලට යන්න නොදී ආරක්ෂා කර ගත යුතුය. එහි වගකීම ඇත්තේ වගකිව යුතු නිලධාරීන් අතරේය. එහෙත් එම වගකිව යුතු සමහර නිලධාරීන්ගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ මන්ද යත් ඔවුන් කි‍්‍රකට් නමැති ක‍්‍රීඩාව තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීම සඳහා භාවිත කරන හෙයිනි. එම නිසා මේ සඳහා වගකිවයුතු ඉහළ පුටුවල මැදිහත් වීමක් අනිවාර්යයෙන් අවශ්‍ය වේ. එසේ නොවුණහොත් නුදුරු අනාගතයේදීම ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නැත්තටම නැති වේ.
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    නැවත දිනුමක් සහ තරගාවලි ජයක් කවදා ලැබෙයිද මන්ද :(
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    07:30 AM EDT

    3rd Match, Super Four, Asia Cup at Dubai, Sep 23 2018

    India
    Pakistan


    07:30 AM EDT

    4th Match, Super Four, Asia Cup at Abu Dhabi, Sep 23 2018

    Afghanistan
    Bangladesh
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආසියානු කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානය උඩට ආ එක ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සතුටු විය යුතු යයි ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

    ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම සම්බන්ධයෙන් කණ්ගාටුවක් තිබුණද ඇෆ්ගනිස්ථානය අපේ සහෝදර ආසියානු රටක් නිසා ඔවුන් උඩට ඒම ගැන අප කෙනෙහිලිකම් නොකළ යුතු බවද ඔහු කියා සිටියේය.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Cricket is a shitty time wasting game
    It's better it dies and gives room to something more active & entertaining
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අපේ උන්ට බෑ.උන් ජාත්‍යන්තර ප්‍රමිතියට නෑ.ෆස්ට් ක්ලාස් ක්‍රිකට්ර්ස්ලා.ජාත්‍යන්තර දක්ෂත දක්වන්න තරම් කුසලතා නෑ.ඒක තමයි තිත්ත ඇත්ත.අරවින්ද අර්ජුන,අතුල සනා,මහේල,සංගා,දිල්ෂාන් වගේ බැටාලා සහ වාස් මුරලි,මාලිංග වගේ බෝලස්ලා දැන් නෑ.ඉන්ටනැෂනල් බෝල කෙනෙක් ඇත්තෙම නෑ.ලෙග් ස්පිනර් විතරයි ඉන්නේ.