ඇෆ්ගනිස්ථානයේ තවත් බෞද්ධ විහාර සංකීර්ණය&

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ඇෆ්ගනිස්ථානයේ තවත් බෞද්ධ විහාර සංකීර්ණය&

    Mes%2BAynak-%2BGossip9-%2B%2B%25281%2529.jpg

    Mes+Aynak-+Gossip9-++(10).jpg

    Mes+Aynak-+Gossip9-++(28).jpg


    ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිතය.

    ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට සැතපුම් 20ක් පමණ දකුණු දෙසින් පිහිටි මෙම පෙදෙසේ මේ වනවිට සිදුකර ඇති කැනීම් අනුව පැරණි බිතුසිතුවම් සහිත ගොඩනැඟිලි, අඩි 10ක් පමණ උස බුද්ධ ප්‍රතිමා, රන් ආලේපිත බුදුපිළිමයක ශීර්ෂයක් අදිය සහිත විහාර සංකීර්ණයක් හමුවී තිබෙනවා.

    අක්කර 9,800ක භූමි ප්‍රදේශයක් පුරා මෙම විහාර සංකීර්ණයේ නටඹුන් පවතින අතර තවමත් එහි කැනීම් සිදුකිරීම අවසන් කර නොමැති වුවද මේ වනවිට බුද්ධ ප්‍රතිමා 150ක් පමණ හමුවී තිබෙනවා. භූමිය විශාල බැවින් කැනීම් කටයුතු ඉවර කිරීම සඳහා වසර 10ක් වත් අවශ්‍ය බවයි පුරා විද්යාඥයින් ප්‍රකාශ කර තිබෙන්නේ.

    මෙම භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට 1960 වසරේ සිට හඳුනාගන තිබුනද 2008 වසරේ චීන සමාගමටත් සමඟ ගිවිසුම් අත්සන් කරන තෙක් එහි කැනීම් ආරම්භ කර තිබුනේ නැහැ.

    මෙම භූමියෙන් හමුවූ 5 වන ශතවර්ශයට අයත් ලී වලින් තැනූ බුද්ධ ප්‍රතිමාවක්, 3 වන ශතවර්ෂයට අයත් බෝධිසත්ව ප්‍රතිමාවක් ඇතුළු රන් රිදී කාසි මේ වනවිට තබා තිබෙන්නේ කාබුල් කෞතුකාගාරයේය

    කෙසේ වුවද චීන රජයට අයත් China Metallurgical Group (MCC) සමාගම මෙම පතලේ කැනීම් කටයුතු කිරීම සඳහා 2008 වසරේ ගිවිසුම් අත්සන් තබා ඇති අතර එම ගිවිසුමේ වටිනාකම ඩොලර් බිලියන 3කි. වසර 30ක කාලයක් බලපැවැත්වෙන එම ගිවිසුම හරහා ඩොලර් බිලියන 100ක් වටිනා තඹ ගොඩ ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

    2010 වසරේ ඔවුන් විසින් මෙම ප්‍රදේශයේ සිදුකළ කැනීම් වලින් තහවුරු කරගන ඇත්තේ ලෝකයේ තිබෙන දෙවන විශාලතම තඹ නිධිය ඇත්තේ මෙම භූමියේ බවයි.

    පසුගිය සැප්තැම්බර් 23වනදා චීනයේ නියෝජිතයන් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කළ සංචාරකින් අනතුරුව දෙරටේ ආර්ථික වාසි සඳහා ගිවිසුම් රැසක් අත්සන් කර තිබූ අතර ඩොලර් බිලියන 3ක් වටිනා මෙම හෑරීමට යන පතල 2013 වසරේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ගැනද සාකච්ජා කර තිබුණා.

    ඒ අනුව 2013 වසරේ මුල් කාලයේ මෙම පතල් කටයුතු ඇරඹීමට නියමිත බැවින් වසර 1,600ක් පමණ පැරණි ගලෙන් නෙලන ලද බුද්ධ ප්‍රතිමා සහිත මෙම විහාර සංකීර්ණය සදාකාලිකව මිහිපිටින් විනාශ වීයාමට නියමිත අතර සීමිත පිරිසකගෙන් යුත් පුරාවිද්‍යාඥයින් පිරිසක් වෙහෙසෙන්නේ කුමන හෝ දෙයක් මෙම භූමියෙන් සොයාගන එය රැකගැනීමටය.

    විනාශයට පෙර මෙම විහාර සංකීර්ණය පිළිබඳවත්, කැනීම් කටයුතු පිළිබඳවත් වාර්තාමය චිත්‍රපටයක් සෑදීමට 2011 වසරේ එහි ගිය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන Brent E. Huffman මහතා මූලිකත්වය ගෙන මෙම භූමිය රැකගැනීම සඳහා අත්සන් 50,000කින් යුත් අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර ඇති නමුත් තවමත් එයට අත්සන් එකතුවී තිබෙන්නේ 2,633 ක් පමණි.

    මෙම පෙත්සම යොමුකිරීමට නියමිතව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයාටය.


    Mes%2BAynak-%2BGossip9-%2B%2B%252830%2529.jpg


    Mes+Aynak-+Gossip9-++(18).jpg

    Mes+Aynak-+Gossip9-++(21).jpg


    http://edition.cnn.com/2012/09/22/opinion/afghanistan-buddha-site-mine/index.html?hpt=hp_t3

    https://www.facebook.com/buddhasofaynak

    පෙත්සමට අත්සන් කිරීමට
    http://www.change.org/petitions/pre...-site-of-mes-aynak-the-environmental-damage-3

    මචන්ලා මෙක නවත්වන්න ඔබලගේ සහයොගය ඔනේ...
    :no::no::no:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බංග්ලාදේශේ බෞද්ධ අයට හිරිහැර කරන එක සාධාරණය කරන එවුන් මේක පැත්ත පලාතේවත් නැති එක ගැන නම් පුදුමයි :(
     
    • Like
    Reactions: ColdBreath

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    බංග්ලාදේශේ බෞද්ධ අයට හිරිහැර කරන එක සාධාරණය කරන එවුන් මේක පැත්ත පලාතේවත් නැති එක ගැන නම් පුදුමයි :(

    උන් නම් කුහක කාලකන්නි මචෝ. බෞද්ධ උන් ටික කෝ?
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේවටත් සාමය ගැන ලොරි ටෝක් දෙන තොප්පි කාරයෝ හා හූ නෑ නේද?
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මේකට අත්සන් කරපු උබලාට ගොඩක් ස්තුතියි..
    මේකට අත්සන් කරලා උබලා ගොඩක් ලොකු පිනක් කරගත්තා මචන්ලා....
    :):):)
     

    Similar threads