ඇ‌ලෝයී වීල් සහ ස්ටීල්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇ‌ලෝයී වීල් සහ ස්ටීල්



    ඇ‌ලෝයී වීල් සහ ස්ටීල් වීල්

    මෝටර් රථයේ බාහිර පෙනුම/අලංකාරය වැඩි කරගැනීමට බොහෝ මෝටර් රථ සඳහා ඇ‌ලෝයීවීල් භවිතා කරන අතර ඊට වඩා මෝටර් රථයක රෝද එහි ආරක්ෂාව අතින් අතිශය වැදගත් කාර්‍ය්‍යය කොටසක් ඉටුකරනවා.මෝටර් රථයක රෝද මගින් මාර්ගය සහ මෝටර් රථය අතර වඩා හොඳ සම්බන්ධතාවය පවත්වාගැනීමට උපකාර කරනවා වගේම මේ සම්බන්ධතාවය අඩු වීම මෝටර් රථයේ ප්‍රශස්ත ආරක්ෂාව අඩුවීමට ද බලපානවා.

    ඒ නිසා මෝටර් රථයක් සඳහා අලුත් රෝද තෝරා ගැනීමේ දී විකල්ප තෝරා ගැනීම් වල ප්‍රයෝජන හෝ වාසි/අවාසි මොනවාද යන්න දැනගැනීම වැදගත් වෙනවා.

    ඇ‌ලෝයී වීල් හා ස්ටීල් වීල් අතර ඇති වෙනස මොකක්ද?

    වඩාත් සම්ප්‍රදායික මෝටර් රථ රෝද ස්ටීල් වර්ගයේ ඒ‌වා.ස්ටීල් වීල් කල් පවතින නමුත් මෝටර් රථ තරඟ සඳහා ස්ටීල් වීල් ප්‍රමාණවත් නොවුණ නිසා ඒ‌ සඳහා ඇ‌ලෝයී වීල් භාවිතා කිරීම ආ‌රම්භ වෙලා තියෙවා.ඒ‌ නිසා ස්ටීල් වීල් වලට වඩා ඇ‌ලෝයී වීල් ක්‍රම කිහපයකින් වෙනස් වෙනවා.

    • ඇ‌ලෝයී වීල් ඇ‌ලුමිනියම් ඇ‌ලෝයී/මැග්නීසියම් ඇ‌ලෝයී හෝ මේ දෙවර්ගයෙන්ම නෂ්පාදනය කිරීම.

    • ඇ‌ලෝයී වීල් ස්ටීල් වීල් ටලට වඩා සාපේක්ෂව සැහැල්ලු සහ බරින් අඩුවීම.

    • ඇ‌ලෝයී වීල් වැඩි තාප සන්නයනයතාවයකින් යුක්ත වීම.

    • ස්ටීල් වීල් වලට වඩා ඇ‌ලෝයී වීල් වඩා වැඩි සිසිල්වීමේ හැකියාව ඇ‌ති නිසා මෝටර් රථයේ හැසිරවීම් වැඩි දියුණු වීම.

    ඇ‌ලෝයී වීල් මගින් ද ස්ටීල් වීල් හා සමානව ශක්තිය ලබාදීමට හැකි අතර සැහැල්ලු බර නිසා හැම විටම වඩා හොඳ කාර්‍ය්‍යය සාධනයක් ලබාගැනීමේ හැකියාව තියෙනවා.

    ඇ‌ත්ත වශයෙන්ම මේ ඇ‌ලෝයී වීල් තාක්ෂණය මෝටර් රථ තරඟ සඳහා හැම අංශයකින්ම බර සැහැල්ලු කිරීම් භාවිතා කිරීමට සහ ට්‍රැක් වල දී මෝටර් රථය වඩා හොඳින් හැසිරවීම් ඇ‌ති කිරීමට කල නිර්මාණයක් නිසා සාමාන්‍ය මාර්ග ධාවනය සඳහා ඇ‌ලෝයී වීල් වලින් සැලකිය යුතු තරම් විශාල වෙනසක් ඇති කරන්නේ නැහැ.නමුත් හොඳ ඇ‌ලෝයී වීල් වලින් මෝටර් රථයේ බාහිර පෙනුම/අලංකාරය වැඩි කරන අතර මෝටර් රථ ස්පෝර්ට් සඳහා වැඩියෙන් ඇ‌ලුම් කරන බොහෝ අය සඳහා වැදගත් වෙනවා.ඒ‌ වගේම ඇ‌ලෝයී වීල් වල සැහැල්ලු බව සහ බර අඩු ප්‍රතිලාභයට වඩා කාර්‍ය්‍යය සාධනය අරමුණු කරගත් මෝටර් රථ වල විශේෂයෙන් ට්‍රැක් වර්ක් සඳහා බලපාන අතර මෝටර් රථ තරඟ ට්‍රැක් වල දී සැහැල්ලූ ඇ‌ලෝයී වීල් මගින් මෝටර් රථයේ unspring mass අඩු කිරීමට හැකි වීම සහ මෝටර් රථ හැසිරවීම් කාර්‍ය්‍යය සාධනය වැඩි දියුණු කිරීමට උදව් වෙනවා.

    ඒ‌ කොහොම වුණත් අවසාන වශයෙන් තමන් කැමති රෝද වර්ගය තෝරාගැනීම තම තමන්ගේ කැමත්ත හා රථ වාහන අභිලාෂයන් මත රඳා පවතිනවා.ඒ‌ වගේම ඇ‌ලෝයී වීල් වඩා මිල අධික නිසා ඒ‌ සඳහා අවධානය යොමු කිරීමට බොහෝ සලකා බැලීම් තියෙන නමුත් අවසාන වශයෙන් ඔබට වඩාත් හොඳ ධාවන අත්දැකීම් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රධාන තර්ක තිබිය හැකිය.

    ඇ‌ලෝයී වීල් වල වාසි සහ අවාසි

    වාසි

    • ස්ටීල් වීල් වලට වඩා ආ‌කර්ෂණීය පෙනුමක් තිබීම.

    • ස්ටීල් වීල් වලට වඩා හොඳ සිසිල් වීමක් ඇ‌ති කිරීමට ඇ‌ති නිසා වඩා හොඳින තාපය ඉවත්කිරීමේ හැකියාව.

    • වාඩා හොඳ හැසිරවීම් කාර්‍ය්‍යය සාධනයක් ලබාගත හැකිවීම

    • ස්ටීල් වීල් වලට සාසේක්ෂව ඉන්ධන පිරිමැස්මක් ලබාදීම

    • හොඳ ඝර්ෂණයක් ඇ‌ති කිරීමට හැකි නිසා වඩා හොඳ බ්‍රේකිං හැකියාවක් ලබාදීම.

    • මලකඩ කෑම සහ දිරැම් ඇති වීම අවම වීම.

    • ස්ටීල් වීල් වලට වඩා හොඳින් තාපය ඉවත් කිරීමේ හැකියාව නිසා ටයර් වල ආ‌යු කාලය වැඩි වැඩි වීම.

    • ටියුබ්ලස් ටයර් සඳහා වඩාත් සුදුසු වීම.

    අවාසි

    • ස්ටීල් වීල් තරම් ශක්තිමත් නොවීම.

    • නිෂ්පාදනය,මිලදී ගැනීම් සහ අලුත්වැඩියාවන් මිල අධික වීම.

    • ස්ටීල් වීල් වලට වඩා පහසුවෙන් ගිණි ගැනීම් වලට ලක්වීමේ අවධානමක් තිබීම.

    • පෙනුම සහ ආ‌කර්ෂණය නිසා සොරකම් කිරීම් වලට වැඩි නැඹුරැතාවයක් තිබීම.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    15/04/2017
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    • හොඳ ඝර්ෂණයක් ඇ‌ති කිරීමට හැකි නිසා වඩා හොඳ බ්‍රේකිං හැකියාවක් ලබාදීම.
    15/04/2017

    Friction එක වැඩිවෙන්නෙ කොහොමද?