ඈ අඬන්නී,
මඟ බලන්නී,
ඔහු එනතුරා....
දෑස් නොනිඳා,
දුක් විඳිද්දී,
ඈ,
තවමත් බලා හිඳින්නී...
තනිකමට පුරුදුවී,
කඳුළු බිඳු මිතුරුවී,
ඈ ලඟ,
තනි රකීවී,
ඈ,
මඟ බලන්නී,
ඔහු එනතුරා...
ඔහු,
රට රකිද්දී,
රුපුබල බිඳිද්දී,
මියැදුනේ,
විරුවකු ලෙස,
දෙසේ...
එහෙත්,
ඈ,
නොදන්නී,
තවමත් මඟ බලන්නී,
සෙනෙහසිනි,
නොබිඳුනු පතිවතිනි...
මවුබිමට සෙනෙහසින් දිවිපිදූ ඒ විරුවන්ගේ ආදරණීය බිරින්දෑවරු , මේ පිං බිමේ දිරිය කාන්තාවන්ය.
අපේ රටේ සුවහසක් ජනයාගේ සාම පාරමිතාව උදෙසා,තම සතුට පූජාකළ ඒ දිරිය මවුවරුන්ට අපගේ උත්තමාචාරය!!