වෙබ් අඩවිය අළුතින් යාවත්කාලීන කරන ලදී
මෙවර එක් කරන ලද විශේෂාංගය තමයි ඉංගිලිසි වචන වැඩි දුරටත් අර්ථ දැක්වෙන බාහිර ශබ්ද කෝෂයක් සමග සම්බන්ධතාවයක් ඇති කිරීම. මේ අනුව දැන් වචන වලට වම් පසින් දැක්වෙන කුඩා අයිකන මත කෙටීමෙන් ඔබට ඉංගිලිසි වචන වැඩි දුරටත් අර්ථ දැක්වෙන Google ශබ්ද කෝෂය වෙත යොමු විය හැකියි. මෙම ශබ්ද කෝෂය භාවිතා කිරීමෙන් ඉංගිලිසි වචන ශබ්ද කරන ආකාරය (Pronunciation) ද ශ්රවණය කිරීමට පුළුවන. ඒ සඳහා Google ශබ්ද කෝෂයෙහි වචනවලට දකුණු පසින් පෙන්වන කුඩා ස්පීකර් අයිකන මත කෙටිය යුතුය.