ඉකොනොමැට්ටා 3 හලාල් නීතිය
ෂරියා දණ්ඩ නීතිය: නොදැන මැකුවොත් හිරේ
පසුගිය සතියේ පළ කළ ලිපියකට මධ්‍යස්ථ මතධාරියා දැක්වූ ප්‍රතිචාරයක ඉරාන දණ්ඩ නීතිය ගැන සඳහනක් විය. ලංකාවේ දණ්ඩ නීතිය හදාරා තිබුණත් ඉරාන දණ්ඩ නීතිය ගැන මට කිසිදු දැනුමක් නොවූ නිසා මේ ප්‍රතිචාරය කියවූ පසු ඒ පිළිබඳව සොයා බලන්නට උනන්දුවක් ඇති විය. මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) වෙබ් අඩවියෙන් ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ ඉංග්‍රීසි පිටපතක් සොයා ගත හැකි විය.
රටක දණ්ඩ නීති සංග්‍රහය කියන්නේ ඒ රටේ නීතිය අනුව අපරාධ අර්ථ දක්වා ඒවාට ලබා දියයුතු දඬුවම් විස්තර කර ඇති ලියවිල්ලකි. කම්බියක් දිගේ විදුලිය ගමන් කරනු ඇසට නොපෙනුණත්, විදුලිය ගැන කවදාවත් අසා නැති වුවත්, විදුලිය සහිත කම්බියක් ස්පර්ශ කරන කෙනෙකුට විදුලි සැර වැදේ. මේ අයුරින්ම රටක නීතිය අනුව යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් වරදක් වීමටත්, එවැන්නෙකුට දඬුවම් ලැබීමටත් නීතිය නොදැන සිටීම බාධාවක් නොවේ. රටක නීතිය යනු සියල්ලන්ම විසින් දැන සිටිය යුතු එකක් බවට සාමාන්‍යයෙන් පූර්ව නිගමනයක් ඇත. බැද්දේගම සිළිඳුගේ සිට මුතුර්හි රිසානා නෆීක් දක්වා මුහුණ දුන් ඛේදවාචකය වූයේ තමන් ජීවත් වූ සමාජය යටත්ව ඇති නීති පද්ධතිය ගැන නිසි අවබෝධයක් නොතිබීමයි.
ලංකාවේ දණ්ඩ නීති ආඥාපණත මුලින්ම හඳුන්වා දුන්නේ පස්වෙනි ජෝජ් රජු විසින් ලංකාව පාලනය කළ 1883 දීය. ඉන්පසුව සමාජයේ වෙනස්කම් වලට ගැලපෙන පරිදි සුද්දා මේ ආඥාපණත තිස් වරක් වරින් වර සංශෝධනය කළේය. මෙසේ වසර දෙකකට පමණ වරක් සුද්දා මේ අස්සයා මාරු කළත් නිදහසින් පසු දශක දෙකක්ම අප කළේ මේ අස්සයා මාරු නොකර පැදීමයි. නිදහසින් පසුව 1968 දී මුල් වරටත්, 1980දී දෙවන වරටත් අපේ දණ්ඩ නීතිය වෙනස් විය. ඉන්පසුව අනූව දශකයේ පටන් වසර තුන හතරකට වරක් අපි අපේ දණ්ඩ නීතිය සංශෝධනය කළෙමු. (මේ වන විට නැවත වරක් අපේ දණ්ඩ නීතිය සංශෝධනය කිරීමට කටයුතු කෙරෙමින් පවතින අතර අද දුටු පුවත් දෙකකට අනුව ද්‍රවිඩ සන්ධානය මෙන්ම බොදුබල සේනාවද මේ අළුත් සංශෝධනයට අකමැත්ත ප්‍රකාශ කර ඇත.)
මට මුලින්ම පරිශීලනය කිරීමට ලැබුණේ 1968 සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්‍රහයයි. මෙය මගේ පියාගේ පුස්තකාලයේ තිබුණු බැව් හරියටම නිවැරදි නොවන්නේ එය වැඩිපුරම තිබුණේ ඔහුගේ ලියන මේසය මත බැවිනි. මෙහි විවිධ වගන්ති ඔහු නිතර කියවූවත් ඇත්තටම ඒ පොත බලාගෙන නොවේ. මතකයෙනි. ඔහු බොහෝ විට පොත අතට ගෙන එහි පිටු නොපෙරලාම "දැන් මේ පොතේ xx වගන්තිය අනුව ..." යනුවෙන් කියවාගෙන යයි. මෙය ඔහුගේ වෘත්තීය නොවූවද අපේ පවුලේ සිටි නීති හා අධිකරණ ක්ෂේත්රයෙන් ඉදිරියට ගිය සියල්ලන්ටම වඩා නීතිය පිලිබඳ ඔහුගේ දැනුම ඉහළ බවනම් ඉඳුරාම කිව හැකිය.
පසුව මේ 1968 සංශෝධනය වෙනුවට 1980 සංශෝධනය ඔහුගේ මේසයට ආවේය. පියාගේ කතාබස් වලින් හැලෙන කෑලි අහුලගන්නවාට අමතරව මේ පොත් මමත් වරින් වර කියවූයෙමි. පසුකාලයකදී, නීති විද්‍යාලයේ අපරාධ නීතිය විෂයට කිසිදු දේශනයකට සහභාගී නොවී, පෙර දින සහ උදය වරුවේ පමණක් සූදානම් වී ඉහළ ලකුණු ගණනක් ගැනීමට උදවු වුණේ මේ දැනුමයි. 'යුනියන් නෝට්ස්' වලින් නීති විද්‍යාල විභාග ගොඩ දා ගැනීම අපහසු නොවුණත් ඒවා ප්‍රමාණවත් වුණේ යාන්තම් පාස් වීමට පමණි.
ඉරාන දණ්ඩ නීතිය අපේ දණ්ඩ නීතියට සාපේක්ෂව සරල එකක් බව මගේ අදහසයි. මෙය හඳුන්වා දී ඇත්තේ 1991 වසරේදීය. මේ ගැන මගේ සම්පූර්ණ දැනුම අන්තර්ජාලයෙන් හොයාගත් ඉහත කියූ සංක්ෂිප්ත ලියවිල්ලට සීමා වුණත් එහි ඇතැම් කරුණු සටහන් කර තැබීම වැදගත්යැයි සිතේ. යම් රටකට තාවකාලිකව හෝ ඇතුළු වන කෙනෙකු අදාල රටේ නීති ගැන දැන සිටියත්, නොදැන සිටියත් ඒවාට මුළුමනින්ම යටත්ය. ඒ නිසා කළ යුත්තේ මෙවැනි නීති ගැන හැකිතාක් දැනුවත් වීමයි. නීති කෙතරම් ම්ලේච්ඡ ලෙස පෙනුණත්, ඒවා ගැන නොදැන ඇණගත්තාට පසු මේ නීති විවේචනය කිරීම තේරුමක් නැති දෙයකි.
ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ 82 වගන්තිය අනුව පහත අවස්ථාවන් වලදී වයස සහ විවාහක/අවිවාහක භාවය කවරක් වුවද ලිංගික හැසිරීමක් සඳහා දඬුවම මරණයයි. මෙහි ලිංගික හැසිරීම යනු (63 වගන්තිය අනුව) ගැහැණියක සහ පිරිමියෙකු අතර සාමාන්‍ය හෝ ගුද සංසර්ගයයි.
- ඉස්ලාම් ආගමෙන් තහනම් කර ඇති ලේ ඥාතීන් අතර ලිංගික හැසිරීමකදී දෙදෙනාටම
- තමන්ගේ සුළු මවු සමඟ ලිංගික හැසිරීමකදී පිරිමියාට
- මුස්ලිම් නොවන පිරිමියෙකු සහ මුස්ලිම් කාන්තාවක් අතර ලිංගික හැසිරීමකදී මුස්ලිම් නොවන පිරිමියාට
- ස්ත්‍රී දූෂණයකදී දූෂකයාට
පහත සඳහන් අවස්ථා වලදී දඬුවම ගල් ගසා මැරීමයි (83 වගන්තිය).
- තමන් විසින් වරක් හෝ සංසර්ගය කර ඇති, තමන්ට අවශ්‍ය වූ විට සංසර්ගය සඳහා ඉඩ දීමට සූදානම්ව සිටින බිරිඳක් සිටින විවාහක පුරුෂයෙකු වෙනත් කිසියම් කාන්තාවක සමඟ ලිංගිකව හැසිරුණු විට
- තමන් විසින් සැමියා සමඟ වරක් හෝ සංසර්ගයේ යෙදී ඇති, නැවතත් එසේ කිරීමට බාධාවක් නැති විවාහක කාන්තාවක් වෙනත් වැඩිහිටි පිරිමියෙකු සමඟ ලිංගිකව හැසිරුණු විට (විවාහක කාන්තාවක ලාබාල තරුණයෙකු සමඟ ලිංගිකව හැසිරුණු විට මරණ දඬුවම නොලැබේ. එවිට දඬුවම කසපහරයි.)
මෙසේ කාමයේ වරදවා හැසිරෙන වයස්ගත කාන්තාවකට හෝ පිරිමියෙකුට ගල් ගසා මරා දැමීමට පෙර කසපහරද දිය යුතුය (84 වගන්තිය).
අවිවාහක කාන්තාවක් සහ පිරිමියෙකු අතර ලිංගික හැසිරීමට දඬුවම කසපහර සියයකි (88 වගන්තිය). එහෙත්, මේ වරද සිවුවන වරට කර අසුවුවහොත් දඬුවම මරණයයි (90 වගන්තිය).
ගල් ගසා මරා දැමීම ක්‍රියාත්මක කළ යුත්තේ පිරිමියෙකුනම් ඉණ මට්ටමටත්, ගැහැණියකනම් තන මට්ටමෙන් ඉහළටත් පොළොවේ වැලලීමෙන් පසුවය (102 වගන්තිය).
එමෙන්ම, 104 වගන්තිය අනුව, එක් ගල් පහරකින් හෝ දෙකකින් මරණයට පත් වන තරමට ගලක් විශාල නොවිය යුතු අතර ගලක් කියා හැඳින්විය නොහැකි තරම් කුඩා නොවිය යුතුය.
දඬුවමට ලක්වන්නා ගැලවී පලාගියහොත් කටයුතු කළ යුතු ආකාරය 103 වගන්තියේ විස්තර වේ. දඬුවම ලබාදෙන්නේ වරද පිළිගැනීම මත පදනම්වනම් (වරද තහවුරු කළ හැකි පහසුම ක්‍රමය සිවුවරක් වරද පිළිගැනීමට ඉඩහැරීමයි.) මෙසේ ගැලවී ගිය කෙනෙකු නැවත රැගෙන විත් දඬුවම ක්‍රියාත්මක කළ නොහැක. එහෙත්, බාහිර සාක්ෂි වලින් එය තහවුරු වී ඇත්නම් එසේ කළ යුතුය.
වැඩිහිටි පිරිමි දෙදෙනෙකු අතර සමලිංගික හැසිරීමට දඬුවම දෙදෙනාටම මරණයයි. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු ආකාරය විනිශ්චය කාරයාට තීරණය කළ හැකිය (110 වගන්තිය). වැඩිහිටි පිරිමියෙකු සහ ලාබාල අයෙකු අතර සමලිංගික හැසිරීමකදී වැඩිහිටි පිරිමියාට මරණයත්, බාලයාට කසපහර 74 කුත් හිමි වේ (112 වගන්තිය).
ගැහැණු සමලිංගික සේවනයට දඬුවම දෙදෙනාටම කසපහර 100 බැගිනි (129 වගන්තිය). සිවුවන වරට අසුවුවහොත් දඬුවම මරණයයි (131 වගන්තිය).
මත්පැන් පානය සඳහා දඬුවම කසපහර 80 කි (174 වගන්තිය).
මේවා කුරාණයේ හෝ වෙනත් ආගමික ලියවිලි වල (සුන්නා) ඇති දෑ මත පදනම්ව ඇති නීති බැවින් ෂරියා නීතිය ක්‍රියාත්මක වන අනෙක් රටවලද මේ නීති මෙයට ආසන්නව සමාන බව මගේ අදහසයි.
ඒ නිසා ඔය රටවලට යනවානම් කොරන දෙයක් පරිස්සමිනි. හදිස්සියේවත් පරණ කරුමයකට කොහේවත් තිබුණු වරදකට හෝ අසු වුනොත් වරද පිළිගැනීමනම් කෙසේවත් නොකළ යුතු දෙයකි. වරද පිළිගත්තා කියන්නේ අනිවාර්යයෙන්ම එහා ලෝකයට 'වන් වේ එයා ටිකට්' එකකි.
(Photo credit: boingboing.net)
Source: Economatta.blogspot.com