ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඉගුරු [ජින්ජර්] කුකීස් (Ginger Cookies) - Your Choice Way
    වැස්ස වෙලාවට ඉගුරු බිස්කට් එකක් කාලා ප්ලේන්ටියක් බෝන්න තියෙයිනම් මරු නේද..ඔන්න ඉතින් මං ටක් ටික් ටුක් ගාලා හැදුවා කුකීස්..දර ලිපේ තමයි හැදුවේ.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    • පාන් පිටි 50g
    • බේකින් පවුඩර් තේ හැදි කාලක්
    • බටර් මේස හැදි 3කුයි
    • ඉගුරු ඉස්ම මේස හැදි 2යි
    • සීනි මේස හැදි 4යි
    • ලුණු චූට්ටක්

    සාදන ආකාරය:
    1. පාන් පිටි 50gකට බේකින් පවුඩර් තේ හැදි කාලක් දාලා 3පාරක් හලා ගත්තා.
    2. ඒකටම බටර් මේස හැදි 3කුයි,ඉගුරු ඉස්ම මේස හැදි 2කුයි දාගත්තා.(වතුර නොදා ඉගුරු වල ඉස්ම ගන්න)
    3. ඒකටම කුඩු කරගත්තු සීනි මේස හැදි 4ක් දාලා හොදට කලවම් කරගත්තා.
    4. ලුණු චූට්ටකුත් දැම්මා.
    5. හොදට ගුලියක් වගේ හදාගත්තා.
    6. පොඩිවට බෝල 8ක් හදාගත්තා.
    7. රවුමට තුනී කරගෙන ගෑරුප්පුවෙන් උඩ පොඩ්ඩක් හැඩ වැඩ කලා😂😂.ලස්සනත් තියෙන්නෙ එපැයි.
    8. ඊට පස්සෙ ලොකු තාච්චය ලිපේන් තියලා වලං තියෙන යකඩ දරඩුව තිබ්බා.
    9. බිස්කට් ටික බටර් හෝ පොල්තෙල් ගා ගත්තු තැටියක අහුරලා දරඩුව උඩින් තිබ්බා.
    10. කොරහෙන් තාච්චය වහලා හොදට ගින්දර දැම්මා.
    11. විනාඩි 20ක් වගේ ගියාම යට බේක් උනා.
    12. අනිත් පැත්ත හරවලා විනාඩි 5ක් වගේ තිබ්බා.
    13. ඊට පස්සෙ ලිපෙන් බාලා නිවෙන්න තිබ්බා.
    එහෙම තමයි මං මේ කුකීස් හදාගත්තේ.8යි හදාගන්න පුලුවන් උනේ.පියවරෙන් පියවර පොටෝ ගහන්න නම් බැරි උනා අද.හරිම රසවත් මේ කුකීස්.ඔයාලත් හදලා බලන්නකෝ 😋😋

    මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න

    original Article Click Here