Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩම් අයිතිය නිරවුල් කරන – උරුමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යටත් විජිත යුගයෙන් පසුව අද දක්වාම විසඳාගත නොහැකි රටේ බලවත්ම ගැටලුව ‘ඉඩම් අයිතිය’ නිරවුල් කිරීමයි. පරම්පරා ගණනක් තමන් ජීවත්වන, වගා කරන, බලපත්‍ර සහිත ඉඩම විවෘත වෙළඳපොළ තුළ ඉල්ලුම හා සැපයුම් බලවේග අනුව චලනය වීමට ඇති අවස්ථාව අහිමි කිරීම සමාජ, ආර්ථික හා දේශපාලනික ගැටලු රැසකට හේතු වී තිබුණි. උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක සින්නක්කර අයිතිය ලබාදීම මඟින් ඉඩම් අයිතිය පිළිබඳ සෑම ගැටලු තුනෙන් එකකට විසඳුම් ලැබෙනු ඇත්තේය.

රටේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගත හැකි ඉඩම්වල පූර්ණ අයිතිය හිමිවීම විශාල ආර්ථික ප්රසාරණයකට අවශ්‍ය මාවත සකස් කරන්නේය.

නිදහසින් පසුව මෙරට මුහුණදෙන දැවැන්තම අභියෝගය ඉඩම් අයිතිය ජනතාවට ලබාදීම බව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් අවස්ථාව වන විටත් දේශපාලනඥයින්ට ද, නිලධාරීන්ට ද අවබෝධ වී තිබුණි. ජනරජ ආණ්ඩුවේ පළමු පනත ලෙස ‘ඉඩම් ප්‍රතිසංස්කරණ පනත’ සම්මත කොට ගෙන ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්නට උත්සහ දරන්නේ ඒ නිසාය. අවාසනාවකට එතැන් සිට 2023 දක්වාම ජනතාවට තමන් ජීවත්වන ඉඩමේ පූර්ණ අයිතිය ලබාදෙන වැඩසටහනක් ඇති කිරීමට රාජ්‍ය අසමත් විය.

2002 දී ද, 2015 යහපාලන රජය යටතේ දී ජනතාවට පූර්ණ ඉඩම් අයිතිය ලබාදීමේ සැලසුම් දෙකක් සකස් වූ නමුත් එය සාර්ථක වූවේ නැත. 2017 දී එවකට ඉඩම් අමාත්‍යවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා මේ සඳහා දැරූ උත්සාහය ව්‍යවර්ථ වූයේ කෙටුම්පත් කළ පනතේ තිබූ දුර්වලතාවක් නිසාය. අද ‘උරුමය’ නමින් ක්‍රියාත්මක වන්නේ එදා ක්‍රියාත්මක කළ නොහැකි වූ රජයේ ඉඩම්, මහවැලි ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වලට වෙළෙඳපොළ සාධක මත වටිනාකම් තීරණය කළ හැකි වැඩසටහනයි.

ජනපදකරණයේ ගැටලුව

පදවි, සිරිපුර සිට අම්පාර දක්වා, මඩකළපුව දිස්ත්‍රික්කය, වව්නියාව දිස්ත්‍රික්කය සහ මන්නාරම දිස්ත්‍රික්කය වැනි ජනපදවලට ඉඩම් බෙදාදීමේ දී පැවැති කටුක තත්ත්වය මත එම ඉඩමක් පවුලෙන් පිට නොයන යන්ත්‍රණයක් අවශ්‍ය විය. ගොවි පන්තියේ ඥාතීත්වය මත බැහැර කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට පමණක් අවසර දෙන ක්‍රමවේදයක් ඒ නිසා නිර්මාණය විය. ජනපදවල සිටි පළමු පරම්පරාව දෙවැනි පරම්පරාවට ද, දෙවැනි පරම්පරාව තුන්වැනි පරම්පරාවට ද ඉඩම් බෙදා දීම නිසා ඉඩම් කට්ටි ප්‍රමාණය අඩු විය. ඉඩම් කාර්ය සංග්‍රහයේ, ඉඩම් සංවර්ධන ආඥා පනතට අනුකූලව පවතින III වැනි උපලේඛනයට අනුව ගොවියාගේ පුතා තවදුරටත් ගොවියකු ලෙසම තබා ගන්නා, පවුලේ වැඩිමහලු පිරිමි දරුවාට ඉඩම ලැබෙන ක්‍රමය (එදා යුගයට කදිමට ගැළපුණි) ඒ අනුව සැකසුණි.

කාලයත් සමඟ, එම ප්‍රදේශවල පසුකාලීනව යටිතල පහසුකම් දියුණු විය. යටිතල පහසුකම් වර්ධනය වීමත් සමඟ ගොවි පන්තියේ බහුතර පිරිසක් අධ්‍යාපනයෙන් ඉහළට ගොස් වෙනත් රැකියා සොයා ගනු ලැබීය. මෙම අණපනත්වල පැවැති ඒකීය ස්වභාවය සහ ගොවි පන්තියේ පුද්ගලයන්ගේ උරුමය යන කාරණය නිසා මෙම ඉඩම්වලට වෙළඳපොළ වටිනාකමක් හිමිව තිබුණේ නැත. වැඩිමහල් පිරිමි දරුවාට පමණක් ඉඩම් හිමිකම ලැබීම නිසා අනෙකුත් දරුවන් අසරණ විය. හිමිකම තිබූ අය නොව, වෙනත් ඥාතීහු විසින් ඉඩම් පරිහරණය කළහ. ඉඩම් නඩු ගොඩගැසුණි. පවුල් අතර ඉඩම් ආරවුල් වැඩිවිය.

සර්වබලධාරී දිසාපති හාමුදුරුවෝ

ආණ්ඩුවේ ඉඩම් බලය ප්‍රාදේශීය ලේකම් වෙත පැවැතුණි. බලපත්‍රලාභී ඉඩම්වල කුමන හෝ සංවර්ධනයක් සිදු කිරීමට ඉඩම් පිළිබඳ සර්වබලධාරී දෙවියන් සේ ජනතාව සැලකූ ප්‍රාදේශීය ලේකම් ගේ කැමැත්ත අවශ්‍ය විය. රාජ්‍ය නිලධාරීන් මේ ‘සර්ව බලධාරීත්වය’ නඩත්තු කිරීමට කටයුතු කළ අතර, දේශපාලනඥයින් එය වෙනස් කරමින් නීති සකස් කිරීමට දැනුමක්, ශක්තියක් හෝ අවශ්‍යතාවක් නොවීය.

පසුකාලීනව රජයේ ඉඩම් බැහැර කිරීමේ දී ඇති බලය ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය ලේකම්වරු” ග්‍රාම නිලධාරි, ජනපද නිලධාරි, ඉඩම් නිලධාරි හා රජයේ වෙනත් ආයතනවල නිලධාරීන් මඟින් (වනජීවී, වන සංරක්ෂණ, වාර්මාර්ග) වෙතින් වාර්තා කැඳවනු ලබයි. මෙය ඉඩම් බැහැර කිරීමට අදාළව නිලධාරීවාදයක් ඇති කළේය. ජනපදකරණය වූ ප්‍රදේශවල ඉඩමක් බැහැර කිරීමට අල්ලස් මුදල් ඉල්ලීම/ ලබාදීම, රජයේ නිලධාරීන්ට අතයට මුදලක් දීම සිරිතක් වී ඇත. මෙම ව්‍යවහාරය ඉඩම් ආරවුල් දිගු කලක් ආරවුල් ලෙසම පැවතීමට හේතු වී ඇත.

පුරාණ රජ සමයේ මෙරට බොහෝ ඉඩම් ‘රජු සතු’ විය. ශ්‍රී ලංකාවේ සිවිල් නිලධාරියෙකු වූ ඩච්. ඩබ්ලිව්. කොඩ්රිංටන්ගේ ‘පැරණි ලංකාවේ ඉඩම් භුක්ති විඳීමේ ක්‍රමය සහ ආදායම් මාර්ග’ කෘතියට අනුව ප්රභූන්ට ද, විහාර හා දේවාල සඳහා ද ඉඩම් රජු විසින් ලබාදී ඇත. එවැනි වගා කටයුතු කළෝ සාමාන්‍ය ගොවීහුය. ඔවුන්ට ඉඩමේ අයිතියක් නොවීය. ‘අඳ ගොවීන්’ ද බදුල්ල, මොනරාගල ‘ඔතු ගොවීහු’ ද ඉඩමේ වගා කළෝය. ඉඩම් අයිතිය තිබුණේ විහාරයකට, දේවාලයකට හෝ ප්රභූවරයකුටය. යටත් විජිත සමයේ ඔප්පුවක්, ලේඛනයක් නොමැති සෑම ඉඩමක්ම රජයට පවරා ගනු ලැබ ව්‍යාපාරික කෘෂිකර්මය වෙනුවෙන් ලබා දෙන ලදි. රටේ ඉඩම් අයිතියක් නොමැති පිරිසක් එමඟින් බිහි විය. මිනිසුන් ජීවත්වන ඉඩම් රජය සතු වූ බැවින් එහි කළමනාකරණ බලය දිසාපති හා පසුව ප්‍රාදේශීය ලේකම්වරයා සතු විය. අදටත් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම දිනපතා දස දහස් ගණනක් මිනිසුන් පෝලිමේ සිටින්නේ මේ ඉඩම් අයිතිය නිරවුල් කර ගැනීම සඳහාය. උරුමය වැඩසටහන මේ ඉඩම් ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා දියත්වන්නකි.

1935 දී ඉංග්‍රීසීන් විසින් සකස් කළ නීතිය වසර 76ක් තිස්සේ වෙනස් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ද, දේශපාලනඥයින්ට ද, නොහැකි විය. ‘උරුමය‘ වැඩසටහන සකස් වූවේ අවම වශයෙන් නිදහස ලබා වසර 50 ක් සාකච්ඡාවකට, මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වූ බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීම උදෙසාය.

ඉඩම් නඩු

සින්නකර අයිතියක් නැතිවීමේ විකෘතියක් භාවිතා කර එකම පවුලේ සහෝදර සහෝදරියන්, බාප්පලා මාමලා බරපතළ ගැටුම් ඇති කර ගෙන නිලධාරීන්ට පගාව දී මේ ඉඩම් තම සන්තකයට ගැනීමට කූට උපක්‍රම යොදති. ශ්‍රී ලංකාවේ ගොවි පන්තියට හිමි වී තිබූ ඉඩම්වල පැවැතියේ එකම අවුල් ජාලයකි. ඒ අවුල් ජාලය ඇතැම් විට රජය ගෙන එන විවිධ අණපනත් හා නිලධාරීන් එළැඹි තීරණ නිසා තවත් වර්ධනය විය. සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් පසු උරුමය නම් කළ ඉඩම් සම්බන්ධයෙන් උසාවි ගිය විට ඒ පසු උරුමය නම් කළ පුද්ගලයාට ඒ ඉඩමේ අයිතියක් නොමැති බව පැහැදිලිව ඇත. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්තිය හා අයිතිය අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් පවතින අතර විසඳිය නොහැකි ඉඩම් ආරවුල් ලක්ෂ 6 ක් පමණ ඇති බව ද පෙනේ.

ඉඩම් කොමසාරිස් කාර්යාලය

රාජ්‍ය පරිපලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ කුඩා කොටසක ආරම්භ කරන ලද ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව (ඉඩම් අංශය) ඉඩම් ආරවුල් විසඳීමේ ක්‍රියාවලියට යොමුව දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය වශයෙන් විහිදී ගිය විශාල කාර්යාල ව්‍යුහයක් බවට පත්ව ඇත. සහකාර, නියෝජ්‍ය හා පළාත් ඉඩම් කොමසාරිස්වරුන් ලෙසින් හා මේ ඉඩම්වල අයිතිය පළාත් ඉඩම්, මධ්‍යම රජයේ ඉඩම් හා වෙනත් ආයතනවලට ලබා දී බැහැර කරන ලද ඉඩම් ආදී වශයෙන් ඉඩම්වල අයිතිය විශාල වශයෙන් බරපතළ ගැටලුවකට පැමිණ ඇත.

බලපත්‍රයක් පමණක් ඇති ඉඩම සංවර්ධනය කරන පුද්ගලයෙකුට ඒ සංවර්ධනයට පූර්ණ මනසින් යුක්තව යෙදීමට නොසිතේ. මන්ද ඒ ඉඩම සංවර්ධනය කළහොත් තමාට හිමිවේ ද, අහිමිවේ ද ඔහුගේ දරුවන්ට හිමිවේ ද, අහිමිවේ ද යන අවිනිශ්චිතතාවයි. ගොවිපන්තියේ සෑම පුද්ගලයෙකුටම ජනපදකරණයෙන් හිමි වූ ඉඩම් සම්බන්ධයෙන් මෙම තත්ත්වය පොදුය. ගොවි ජනපදයකට අත්‍යවශ්‍ය වී මෝලක් ස්ථාපනය කිරීම වැනි කරුණකට පවා ඉඩමේ අයිතිය බලපානු ලබයි. ගොඩනැගිලි, යන්ත්රසූත්ර ස්ථාපනයක් මෙම ඉඩම්වල සිදු නොවන්නේ ඒ නිසාය.

ජනතාවට ඉඩම් පැවරීමේ දී සමහර වගන්ති/කොන්දේසි වර්තමානයේ හාස්‍යයට ලක් විය යුතු අවස්ථා ද පවතියි. උදාහරණයක් ලෙස ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දුන් බලපත්‍ර ඉඩමක “ප්‍රාදේශීය ලේකම්වරයා සතුටුවන ආකාරයට මෙම ඉඩම සංවර්ධනය කළ යුතු වේ.” යන්න සඳහන් කර ඇත. උරුමය ඔප්පු මගින් ගැටලු අවසන් කර ‘වෙළෙඳපොළ සාධක මත’ තීරණ ගැනීමට ඉඩම් හිමියාට අවස්ථාව ලැබේ.

ඉඩමකට සින්නක්කර අයිතිය ලබා දුන්විට, එම ඉඩම අයිතිකරු විසින් විකුණා දමනු ඇත යන්න උරුමය ඔප්පු ලබාදීමට විරුද්ධ අයගේ අදහසකි. තමාට හිමි ඉඩම, ඔහුට අවශ්‍ය නොවේ නම්, නැන්නම් තමාගේ වෙනත් අවශ්‍යතාවකට යොදා ගැනීමට අවශ්‍ය නම් හෝ තමාට මුදල් හදිසියක් ඇත්නම් එවැනි ඉඩමක කොටසක් විකුණා දැමීමට ඒ ඉඩම සංවර්ධනය කර පවත්වාගෙන යන පුද්ගලයාට අවහිර කරන්නේ කෙසේද? අනෙක් අතට, ගොවි ජනපද වැසියන්ගේ දරුවන් සදාකාලිකවම ගොවිතැන් කළ යුතු වන්නේ නැත. ඔවුන්ට තම හැකියාව, ලැදියාව අනුව සුදුසු ජීවන වෘත්තියක් තෝරා ගැනීමේ අයිතිය ඇත. එපමණක් ද නොව, මෙම ඉඩම් සඳහා ණය ලබා ගැනීම, කැමැති ව්‍යාපාරයක නිරතවීම වැනි අවස්ථා ද ඔප්පුව ලබාගත් පසු හිමිවේ.

ඉඩම් හිමි පියා හෝ මව මියයාමෙන් පසු වගා කටයුතු කිරීමට කිසිවකු නොමැතිවීම නිසා වල්වැදී ගිය ඉඩම් රට පුරා තිබේ. වෙනත් අය මෙම ඉඩම් අල්ලා ගැනීම නිසා ඉඩම් ආරවුල් ඇති වේ. හිමිකරුවාට හා පසු උරුමකරුට ඉඩම් විකුණා තමන් කැමැති වෙනත් ආයෝජනයක යෙදවීමේ අවස්ථාව ලබාදීමේ වගකීම රජය විසින් ඉටු කර ඇත.

මේ සියල්ලටම වඩා ඔප්පු මඟින් නිදහස් කරනු ලබන ඉඩම් නීතිඥවරයකු මාර්ගයෙන් අන්සතු කිරීම තුළින් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, චක්‍රලේඛ හා අණපනත් මඟින් ඇති කර ඇති විවිධාකාර විකෘති හා ඉතා සංකීර්ණ තත්ත්වයන් අවසන් වේ.

කච්චේරියේ ඉඩම් මිටිය

පරණ කච්චේරිවල වැඩිම ඉඩක් වෙන්කොට තිබුණේ ඉඩම්වලට අදාළ පරවේණි පංගු ලැයිස්තු, ලේකම් මිටි, සන්නස් ගබඩා කිරීමටය. යාන් හෑල්ලකින් කියවෙන්නේ, ඉඩම් ලෙජර එසවීම කොතරම් වෙහෙසකර වූවේ ද යත්, මේවා ඔසවන පුද්ගලයින්ට ‘බිත්තර දීමනාව’ ක් ලබා දීමට යෝජනා වූ බවය. කච්චේරියේ බලවත්ම ලිපිකරුවා ‘ඉඩම් හා වතුර භාර ලිපිකරුවා” විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිම ඉඩක් වෙන්වන්නේ ඉඩම් ලෙජර ගබඩා කිරීමටය. ඉඩම් අංශය පිරී ඇත්තේ මේ එසවීමට පවා අපහසු පොත්වලිනි. ‘උරුමය’ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ බර සැහැල්ලු කරන්නේය.

‘උරුමය’ වැඩසටහන ඉඩම් පැවරීම, පරිහරණය සම්බන්ධයෙන් ඉතිහාසයේ ප්‍රගතිශිලීම පියවරක් වන්නේය. 1972 ඉඩම් පනත මඟින් හෙක්ටර් කොබ්බෑකඩුව – සිරිමා බණ්ඩාරනායක රජය ගත් විප්ලවීය ක්‍රියාමාර්ගයට පසුව රජය ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන විප්ලවීය අවස්ථාව මෙයයි.

උරුමය වැඩසටහන යටතේ 2000 සිට 2015 වන තුරු නිකුත් කළ ඉසුරු භූමි, රත්න භූමි හා රන්බිම දීමනා පත්‍ර හිමි අති බහුතරයක් පිරිසකට ඉතා කෙටි කලක් තුළ ඔප්පු ලැබෙමින් ඇත.

මෑත භාගයේ වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ ‘ස්වර්ණභුමි සහ ජය භූමි’ වැඩසටහන් යටතේය. ඒවායින් ඉඩම් කට්ටි සැලසුම් (ප්ලෑන්) ඇඳ ඇති ඉඩම් සඳහා ඔප්පු නිකුත් කෙරේ.

කෙසේ නමුත් ප්‍රායෝගිකව 1978 සිට 1994 දක්වා නිකුත් කළ ස්වර්ණභූමි දීමනාපත්‍ර හිමිකරුවන් බහුතරයක් මේ වනවිට මිය ගොසිනි. ඔවුන්ගේ දෙවැනි පරම්පරාවට විධිමත් ක්‍රමවේදය යටතේ ඔප්පුවක් ලබා ගැනීමේ අවස්ථාව උරුමය දෙවැනි අදියර මඟින් සකස් වෙමින් ඇත.

2015 සිට ගෙවුණු වසර 9 තුළ ලබා දුන් බලපත්‍ර බහුතරයක විධිමත් සිතියම් ඇති බැවින් ද, හිමිකරුවන් ජීවතුන් අතර සිටින බැවින් ද, උරුමය මගින් ලොකුම වාසිය හිමිවන්නේ ඔවුන්ට ය.

ගෙවුණු වසර 47ක කාලය තුළ ජනාධිපතිවරුන් 8 දෙනෙකු විසින් බලපත්‍ර මඟින් පවරා දී ඇති ඉඩම් සඳහා ඔප්පු ලබාදීම සුළුපටු අභියෝගයක් නොවේ. රාජ්‍ය නිලධාරීන්ගේ හිඟය, දත්ත පද්ධති පවත්වාගෙන යාම, පරිගණක ඇතුළු සම්පත් හිඟය, මිනින්දෝරුවන්ගේ හිඟය වැනි අභියෝග රැසක් මැද ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ඉඩම් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටි. දශක පහකට වඩා දිග්ගැසුණු ගැටලුවක් විසඳීම සඳහා ඔවුන් දරන කැපවීම අතිමහත් ය. දිවයින පුරා ජංගම සේවා පවත්වමින් පළාත් ඉඩම් කොමසාරිස්වරුන්, පළාත් සභා, දිසාපතිවරුන් මෙම කටයුත්තට අත ගසා සිටී.

රජයේ බලපත්‍රලාභී ඉඩම් සඳහා විධිමත් ඔප්පුවක් ලබාදීම කවදා හෝ සිදු කළ යුතුව තිබූ රාජ්‍ය වගකීමකි. එම වගකීම ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයට හැකියාව ලැබී ඇත. 2016 දී ආරම්භ කර පසුව අතහැර දමනු ලැබ තිබූ මේ වගකීම ඉඩම් ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් වන අති දැවැන්ත පියවරක් වන්නේය. වසර 50ක කාලයක් තුළ නිකුත් කර ඇති බලපත්‍ර සියල්ලටම ඔප්පු නිකුත් කර අවසන් කරන තුරු මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට යනු ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්

[MEDIA=facebook]10229213990507864[/MEDIA]

[QUOTE="monson, post: 29845099, member: 30005"] [SIZE=5]යටත් විජිත යුගයෙන් පසුව අද දක්වාම විසඳාගත නොහැකි රටේ බලවත්ම ගැටලුව ‘ඉඩම් අයිතිය’ නිරවුල් කිරීමයි. පරම්පරා ගණනක් තමන් ජීවත්වන, වගා කරන, බලපත්‍ර සහිත ඉඩම විවෘත වෙළඳපොළ තුළ ඉල්ලුම හා සැපයුම් බලවේග අනුව චලනය වීමට ඇති අවස්ථාව අහිමි කිරීම සමාජ, ආර්ථික හා දේශපාලනික ගැටලු රැසකට හේතු වී තිබුණි. උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක සින්නක්කර අයිතිය ලබාදීම මඟින් ඉඩම් අයිතිය පිළිබඳ සෑම ගැටලු තුනෙන් එකකට විසඳුම් ලැබෙනු ඇත්තේය. රටේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගත හැකි ඉඩම්වල පූර්ණ අයිතිය හිමිවීම විශාල ආර්ථික ප්රසාරණයකට අවශ්‍ය මාවත සකස් කරන්නේය. නිදහසින් පසුව මෙරට මුහුණදෙන දැවැන්තම අභියෝගය ඉඩම් අයිතිය ජනතාවට ලබාදීම බව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් අවස්ථාව වන විටත් දේශපාලනඥයින්ට ද, නිලධාරීන්ට ද අවබෝධ වී තිබුණි. ජනරජ ආණ්ඩුවේ පළමු පනත ලෙස ‘ඉඩම් ප්‍රතිසංස්කරණ පනත’ සම්මත කොට ගෙන ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්නට උත්සහ දරන්නේ ඒ නිසාය. අවාසනාවකට එතැන් සිට 2023 දක්වාම ජනතාවට තමන් ජීවත්වන ඉඩමේ පූර්ණ අයිතිය ලබාදෙන වැඩසටහනක් ඇති කිරීමට රාජ්‍ය අසමත් විය. 2002 දී ද, 2015 යහපාලන රජය යටතේ දී ජනතාවට පූර්ණ ඉඩම් අයිතිය ලබාදීමේ සැලසුම් දෙකක් සකස් වූ නමුත් එය සාර්ථක වූවේ නැත. 2017 දී එවකට ඉඩම් අමාත්‍යවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා මේ සඳහා දැරූ උත්සාහය ව්‍යවර්ථ වූයේ කෙටුම්පත් කළ පනතේ තිබූ දුර්වලතාවක් නිසාය. අද ‘උරුමය’ නමින් ක්‍රියාත්මක වන්නේ එදා ක්‍රියාත්මක කළ නොහැකි වූ රජයේ ඉඩම්, මහවැලි ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වලට වෙළෙඳපොළ සාධක මත වටිනාකම් තීරණය කළ හැකි වැඩසටහනයි. ජනපදකරණයේ ගැටලුව පදවි, සිරිපුර සිට අම්පාර දක්වා, මඩකළපුව දිස්ත්‍රික්කය, වව්නියාව දිස්ත්‍රික්කය සහ මන්නාරම දිස්ත්‍රික්කය වැනි ජනපදවලට ඉඩම් බෙදාදීමේ දී පැවැති කටුක තත්ත්වය මත එම ඉඩමක් පවුලෙන් පිට නොයන යන්ත්‍රණයක් අවශ්‍ය විය. ගොවි පන්තියේ ඥාතීත්වය මත බැහැර කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට පමණක් අවසර දෙන ක්‍රමවේදයක් ඒ නිසා නිර්මාණය විය. ජනපදවල සිටි පළමු පරම්පරාව දෙවැනි පරම්පරාවට ද, දෙවැනි පරම්පරාව තුන්වැනි පරම්පරාවට ද ඉඩම් බෙදා දීම නිසා ඉඩම් කට්ටි ප්‍රමාණය අඩු විය. ඉඩම් කාර්ය සංග්‍රහයේ, ඉඩම් සංවර්ධන ආඥා පනතට අනුකූලව පවතින III වැනි උපලේඛනයට අනුව ගොවියාගේ පුතා තවදුරටත් ගොවියකු ලෙසම තබා ගන්නා, පවුලේ වැඩිමහලු පිරිමි දරුවාට ඉඩම ලැබෙන ක්‍රමය (එදා යුගයට කදිමට ගැළපුණි) ඒ අනුව සැකසුණි. කාලයත් සමඟ, එම ප්‍රදේශවල පසුකාලීනව යටිතල පහසුකම් දියුණු විය. යටිතල පහසුකම් වර්ධනය වීමත් සමඟ ගොවි පන්තියේ බහුතර පිරිසක් අධ්‍යාපනයෙන් ඉහළට ගොස් වෙනත් රැකියා සොයා ගනු ලැබීය. මෙම අණපනත්වල පැවැති ඒකීය ස්වභාවය සහ ගොවි පන්තියේ පුද්ගලයන්ගේ උරුමය යන කාරණය නිසා මෙම ඉඩම්වලට වෙළඳපොළ වටිනාකමක් හිමිව තිබුණේ නැත. වැඩිමහල් පිරිමි දරුවාට පමණක් ඉඩම් හිමිකම ලැබීම නිසා අනෙකුත් දරුවන් අසරණ විය. හිමිකම තිබූ අය නොව, වෙනත් ඥාතීහු විසින් ඉඩම් පරිහරණය කළහ. ඉඩම් නඩු ගොඩගැසුණි. පවුල් අතර ඉඩම් ආරවුල් වැඩිවිය. සර්වබලධාරී දිසාපති හාමුදුරුවෝ ආණ්ඩුවේ ඉඩම් බලය ප්‍රාදේශීය ලේකම් වෙත පැවැතුණි. බලපත්‍රලාභී ඉඩම්වල කුමන හෝ සංවර්ධනයක් සිදු කිරීමට ඉඩම් පිළිබඳ සර්වබලධාරී දෙවියන් සේ ජනතාව සැලකූ ප්‍රාදේශීය ලේකම් ගේ කැමැත්ත අවශ්‍ය විය. රාජ්‍ය නිලධාරීන් මේ ‘සර්ව බලධාරීත්වය’ නඩත්තු කිරීමට කටයුතු කළ අතර, දේශපාලනඥයින් එය වෙනස් කරමින් නීති සකස් කිරීමට දැනුමක්, ශක්තියක් හෝ අවශ්‍යතාවක් නොවීය. පසුකාලීනව රජයේ ඉඩම් බැහැර කිරීමේ දී ඇති බලය ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය ලේකම්වරු” ග්‍රාම නිලධාරි, ජනපද නිලධාරි, ඉඩම් නිලධාරි හා රජයේ වෙනත් ආයතනවල නිලධාරීන් මඟින් (වනජීවී, වන සංරක්ෂණ, වාර්මාර්ග) වෙතින් වාර්තා කැඳවනු ලබයි. මෙය ඉඩම් බැහැර කිරීමට අදාළව නිලධාරීවාදයක් ඇති කළේය. ජනපදකරණය වූ ප්‍රදේශවල ඉඩමක් බැහැර කිරීමට අල්ලස් මුදල් ඉල්ලීම/ ලබාදීම, රජයේ නිලධාරීන්ට අතයට මුදලක් දීම සිරිතක් වී ඇත. මෙම ව්‍යවහාරය ඉඩම් ආරවුල් දිගු කලක් ආරවුල් ලෙසම පැවතීමට හේතු වී ඇත. පුරාණ රජ සමයේ මෙරට බොහෝ ඉඩම් ‘රජු සතු’ විය. ශ්‍රී ලංකාවේ සිවිල් නිලධාරියෙකු වූ ඩච්. ඩබ්ලිව්. කොඩ්රිංටන්ගේ ‘පැරණි ලංකාවේ ඉඩම් භුක්ති විඳීමේ ක්‍රමය සහ ආදායම් මාර්ග’ කෘතියට අනුව ප්රභූන්ට ද, විහාර හා දේවාල සඳහා ද ඉඩම් රජු විසින් ලබාදී ඇත. එවැනි වගා කටයුතු කළෝ සාමාන්‍ය ගොවීහුය. ඔවුන්ට ඉඩමේ අයිතියක් නොවීය. ‘අඳ ගොවීන්’ ද බදුල්ල, මොනරාගල ‘ඔතු ගොවීහු’ ද ඉඩමේ වගා කළෝය. ඉඩම් අයිතිය තිබුණේ විහාරයකට, දේවාලයකට හෝ ප්රභූවරයකුටය. යටත් විජිත සමයේ ඔප්පුවක්, ලේඛනයක් නොමැති සෑම ඉඩමක්ම රජයට පවරා ගනු ලැබ ව්‍යාපාරික කෘෂිකර්මය වෙනුවෙන් ලබා දෙන ලදි. රටේ ඉඩම් අයිතියක් නොමැති පිරිසක් එමඟින් බිහි විය. මිනිසුන් ජීවත්වන ඉඩම් රජය සතු වූ බැවින් එහි කළමනාකරණ බලය දිසාපති හා පසුව ප්‍රාදේශීය ලේකම්වරයා සතු විය. අදටත් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම දිනපතා දස දහස් ගණනක් මිනිසුන් පෝලිමේ සිටින්නේ මේ ඉඩම් අයිතිය නිරවුල් කර ගැනීම සඳහාය. උරුමය වැඩසටහන මේ ඉඩම් ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා දියත්වන්නකි. 1935 දී ඉංග්‍රීසීන් විසින් සකස් කළ නීතිය වසර 76ක් තිස්සේ වෙනස් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ද, දේශපාලනඥයින්ට ද, නොහැකි විය. ‘උරුමය‘ වැඩසටහන සකස් වූවේ අවම වශයෙන් නිදහස ලබා වසර 50 ක් සාකච්ඡාවකට, මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වූ බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීම උදෙසාය. ඉඩම් නඩු සින්නකර අයිතියක් නැතිවීමේ විකෘතියක් භාවිතා කර එකම පවුලේ සහෝදර සහෝදරියන්, බාප්පලා මාමලා බරපතළ ගැටුම් ඇති කර ගෙන නිලධාරීන්ට පගාව දී මේ ඉඩම් තම සන්තකයට ගැනීමට කූට උපක්‍රම යොදති. ශ්‍රී ලංකාවේ ගොවි පන්තියට හිමි වී තිබූ ඉඩම්වල පැවැතියේ එකම අවුල් ජාලයකි. ඒ අවුල් ජාලය ඇතැම් විට රජය ගෙන එන විවිධ අණපනත් හා නිලධාරීන් එළැඹි තීරණ නිසා තවත් වර්ධනය විය. සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් පසු උරුමය නම් කළ ඉඩම් සම්බන්ධයෙන් උසාවි ගිය විට ඒ පසු උරුමය නම් කළ පුද්ගලයාට ඒ ඉඩමේ අයිතියක් නොමැති බව පැහැදිලිව ඇත. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්තිය හා අයිතිය අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් පවතින අතර විසඳිය නොහැකි ඉඩම් ආරවුල් ලක්ෂ 6 ක් පමණ ඇති බව ද පෙනේ. ඉඩම් කොමසාරිස් කාර්යාලය රාජ්‍ය පරිපලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ කුඩා කොටසක ආරම්භ කරන ලද ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව (ඉඩම් අංශය) ඉඩම් ආරවුල් විසඳීමේ ක්‍රියාවලියට යොමුව දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය වශයෙන් විහිදී ගිය විශාල කාර්යාල ව්‍යුහයක් බවට පත්ව ඇත. සහකාර, නියෝජ්‍ය හා පළාත් ඉඩම් කොමසාරිස්වරුන් ලෙසින් හා මේ ඉඩම්වල අයිතිය පළාත් ඉඩම්, මධ්‍යම රජයේ ඉඩම් හා වෙනත් ආයතනවලට ලබා දී බැහැර කරන ලද ඉඩම් ආදී වශයෙන් ඉඩම්වල අයිතිය විශාල වශයෙන් බරපතළ ගැටලුවකට පැමිණ ඇත. බලපත්‍රයක් පමණක් ඇති ඉඩම සංවර්ධනය කරන පුද්ගලයෙකුට ඒ සංවර්ධනයට පූර්ණ මනසින් යුක්තව යෙදීමට නොසිතේ. මන්ද ඒ ඉඩම සංවර්ධනය කළහොත් තමාට හිමිවේ ද, අහිමිවේ ද ඔහුගේ දරුවන්ට හිමිවේ ද, අහිමිවේ ද යන අවිනිශ්චිතතාවයි. ගොවිපන්තියේ සෑම පුද්ගලයෙකුටම ජනපදකරණයෙන් හිමි වූ ඉඩම් සම්බන්ධයෙන් මෙම තත්ත්වය පොදුය. ගොවි ජනපදයකට අත්‍යවශ්‍ය වී මෝලක් ස්ථාපනය කිරීම වැනි කරුණකට පවා ඉඩමේ අයිතිය බලපානු ලබයි. ගොඩනැගිලි, යන්ත්රසූත්ර ස්ථාපනයක් මෙම ඉඩම්වල සිදු නොවන්නේ ඒ නිසාය. ජනතාවට ඉඩම් පැවරීමේ දී සමහර වගන්ති/කොන්දේසි වර්තමානයේ හාස්‍යයට ලක් විය යුතු අවස්ථා ද පවතියි. උදාහරණයක් ලෙස ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දුන් බලපත්‍ර ඉඩමක “ප්‍රාදේශීය ලේකම්වරයා සතුටුවන ආකාරයට මෙම ඉඩම සංවර්ධනය කළ යුතු වේ.” යන්න සඳහන් කර ඇත. උරුමය ඔප්පු මගින් ගැටලු අවසන් කර ‘වෙළෙඳපොළ සාධක මත’ තීරණ ගැනීමට ඉඩම් හිමියාට අවස්ථාව ලැබේ. ඉඩමකට සින්නක්කර අයිතිය ලබා දුන්විට, එම ඉඩම අයිතිකරු විසින් විකුණා දමනු ඇත යන්න උරුමය ඔප්පු ලබාදීමට විරුද්ධ අයගේ අදහසකි. තමාට හිමි ඉඩම, ඔහුට අවශ්‍ය නොවේ නම්, නැන්නම් තමාගේ වෙනත් අවශ්‍යතාවකට යොදා ගැනීමට අවශ්‍ය නම් හෝ තමාට මුදල් හදිසියක් ඇත්නම් එවැනි ඉඩමක කොටසක් විකුණා දැමීමට ඒ ඉඩම සංවර්ධනය කර පවත්වාගෙන යන පුද්ගලයාට අවහිර කරන්නේ කෙසේද? අනෙක් අතට, ගොවි ජනපද වැසියන්ගේ දරුවන් සදාකාලිකවම ගොවිතැන් කළ යුතු වන්නේ නැත. ඔවුන්ට තම හැකියාව, ලැදියාව අනුව සුදුසු ජීවන වෘත්තියක් තෝරා ගැනීමේ අයිතිය ඇත. එපමණක් ද නොව, මෙම ඉඩම් සඳහා ණය ලබා ගැනීම, කැමැති ව්‍යාපාරයක නිරතවීම වැනි අවස්ථා ද ඔප්පුව ලබාගත් පසු හිමිවේ. ඉඩම් හිමි පියා හෝ මව මියයාමෙන් පසු වගා කටයුතු කිරීමට කිසිවකු නොමැතිවීම නිසා වල්වැදී ගිය ඉඩම් රට පුරා තිබේ. වෙනත් අය මෙම ඉඩම් අල්ලා ගැනීම නිසා ඉඩම් ආරවුල් ඇති වේ. හිමිකරුවාට හා පසු උරුමකරුට ඉඩම් විකුණා තමන් කැමැති වෙනත් ආයෝජනයක යෙදවීමේ අවස්ථාව ලබාදීමේ වගකීම රජය විසින් ඉටු කර ඇත. මේ සියල්ලටම වඩා ඔප්පු මඟින් නිදහස් කරනු ලබන ඉඩම් නීතිඥවරයකු මාර්ගයෙන් අන්සතු කිරීම තුළින් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, චක්‍රලේඛ හා අණපනත් මඟින් ඇති කර ඇති විවිධාකාර විකෘති හා ඉතා සංකීර්ණ තත්ත්වයන් අවසන් වේ. කච්චේරියේ ඉඩම් මිටිය පරණ කච්චේරිවල වැඩිම ඉඩක් වෙන්කොට තිබුණේ ඉඩම්වලට අදාළ පරවේණි පංගු ලැයිස්තු, ලේකම් මිටි, සන්නස් ගබඩා කිරීමටය. යාන් හෑල්ලකින් කියවෙන්නේ, ඉඩම් ලෙජර එසවීම කොතරම් වෙහෙසකර වූවේ ද යත්, මේවා ඔසවන පුද්ගලයින්ට ‘බිත්තර දීමනාව’ ක් ලබා දීමට යෝජනා වූ බවය. කච්චේරියේ බලවත්ම ලිපිකරුවා ‘ඉඩම් හා වතුර භාර ලිපිකරුවා” විය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිම ඉඩක් වෙන්වන්නේ ඉඩම් ලෙජර ගබඩා කිරීමටය. ඉඩම් අංශය පිරී ඇත්තේ මේ එසවීමට පවා අපහසු පොත්වලිනි. ‘උරුමය’ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ බර සැහැල්ලු කරන්නේය. ‘උරුමය’ වැඩසටහන ඉඩම් පැවරීම, පරිහරණය සම්බන්ධයෙන් ඉතිහාසයේ ප්‍රගතිශිලීම පියවරක් වන්නේය. 1972 ඉඩම් පනත මඟින් හෙක්ටර් කොබ්බෑකඩුව – සිරිමා බණ්ඩාරනායක රජය ගත් විප්ලවීය ක්‍රියාමාර්ගයට පසුව රජය ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන විප්ලවීය අවස්ථාව මෙයයි. උරුමය වැඩසටහන යටතේ 2000 සිට 2015 වන තුරු නිකුත් කළ ඉසුරු භූමි, රත්න භූමි හා රන්බිම දීමනා පත්‍ර හිමි අති බහුතරයක් පිරිසකට ඉතා කෙටි කලක් තුළ ඔප්පු ලැබෙමින් ඇත. මෑත භාගයේ වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ ‘ස්වර්ණභුමි සහ ජය භූමි’ වැඩසටහන් යටතේය. ඒවායින් ඉඩම් කට්ටි සැලසුම් (ප්ලෑන්) ඇඳ ඇති ඉඩම් සඳහා ඔප්පු නිකුත් කෙරේ. කෙසේ නමුත් ප්‍රායෝගිකව 1978 සිට 1994 දක්වා නිකුත් කළ ස්වර්ණභූමි දීමනාපත්‍ර හිමිකරුවන් බහුතරයක් මේ වනවිට මිය ගොසිනි. ඔවුන්ගේ දෙවැනි පරම්පරාවට විධිමත් ක්‍රමවේදය යටතේ ඔප්පුවක් ලබා ගැනීමේ අවස්ථාව උරුමය දෙවැනි අදියර මඟින් සකස් වෙමින් ඇත. 2015 සිට ගෙවුණු වසර 9 තුළ ලබා දුන් බලපත්‍ර බහුතරයක විධිමත් සිතියම් ඇති බැවින් ද, හිමිකරුවන් ජීවතුන් අතර සිටින බැවින් ද, උරුමය මගින් ලොකුම වාසිය හිමිවන්නේ ඔවුන්ට ය. ගෙවුණු වසර 47ක කාලය තුළ ජනාධිපතිවරුන් 8 දෙනෙකු විසින් බලපත්‍ර මඟින් පවරා දී ඇති ඉඩම් සඳහා ඔප්පු ලබාදීම සුළුපටු අභියෝගයක් නොවේ. රාජ්‍ය නිලධාරීන්ගේ හිඟය, දත්ත පද්ධති පවත්වාගෙන යාම, පරිගණක ඇතුළු සම්පත් හිඟය, මිනින්දෝරුවන්ගේ හිඟය වැනි අභියෝග රැසක් මැද ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ඉඩම් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටි. දශක පහකට වඩා දිග්ගැසුණු ගැටලුවක් විසඳීම සඳහා ඔවුන් දරන කැපවීම අතිමහත් ය. දිවයින පුරා ජංගම සේවා පවත්වමින් පළාත් ඉඩම් කොමසාරිස්වරුන්, පළාත් සභා, දිසාපතිවරුන් මෙම කටයුත්තට අත ගසා සිටී. රජයේ බලපත්‍රලාභී ඉඩම් සඳහා විධිමත් ඔප්පුවක් ලබාදීම කවදා හෝ සිදු කළ යුතුව තිබූ රාජ්‍ය වගකීමකි. එම වගකීම ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයට හැකියාව ලැබී ඇත. 2016 දී ආරම්භ කර පසුව අතහැර දමනු ලැබ තිබූ මේ වගකීම ඉඩම් ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් වන අති දැවැන්ත පියවරක් වන්නේය. වසර 50ක කාලයක් තුළ නිකුත් කර ඇති බලපත්‍ර සියල්ලටම ඔප්පු නිකුත් කර අවසන් කරන තුරු මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට යනු ඇත. රජිත් කීර්ති තෙන්නකෝන් [MEDIA=facebook]10229213990507864[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom