ඉඩම් අයිතිය නිරවුල් කරන – උරුමය

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    යටත් විජිත යුගයෙන් පසුව අද දක්වාම විසඳාගත නොහැකි රටේ බලවත්ම ගැටලුව ‘ඉඩම් අයිතිය’ නිරවුල් කිරීමයි. පරම්පරා ගණනක් තමන් ජීවත්වන, වගා කරන, බලපත්‍ර සහිත ඉඩම විවෘත වෙළඳපොළ තුළ ඉල්ලුම හා සැපයුම් බලවේග අනුව චලනය වීමට ඇති අවස්ථාව අහිමි කිරීම සමාජ, ආර්ථික හා දේශපාලනික ගැටලු රැසකට හේතු වී තිබුණි. උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක සින්නක්කර අයිතිය ලබාදීම මඟින් ඉඩම් අයිතිය පිළිබඳ සෑම ගැටලු තුනෙන් එකකට විසඳුම් ලැබෙනු ඇත්තේය.
    රටේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගත හැකි ඉඩම්වල පූර්ණ අයිතිය හිමිවීම විශාල ආර්ථික ප්‍රසාරණයකට අවශ්‍ය මාවත සකස් කරන්නේය.
    නිදහසින් පසුව මෙරට මුහුණදෙන දැවැන්තම අභියෝගය ඉඩම් අයිතිය ජනතාවට ලබාදීම බව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් අවස්ථාව වන විටත් දේශපාලනඥයින්ට ද, නිලධාරීන්ට ද අවබෝධ වී තිබුණි. ජනරජ ආණ්ඩුවේ පළමු පනත ලෙස ‘ඉඩම් ප්‍රතිසංස්කරණ පනත’ සම්මත කොට ගෙන ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්නට උත්සහ දරන්නේ ඒ නිසාය. අවාසනාවකට එතැන් සිට 2023 දක්වාම ජනතාවට තමන් ජීවත්වන ඉඩමේ පූර්ණ අයිතිය ලබාදෙන වැඩසටහනක් ඇති කිරීමට රාජ්‍ය අසමත් විය.
    2002 දී ද, 2015 යහපාලන රජය යටතේ දී ජනතාවට පූර්ණ ඉඩම් අයිතිය ලබාදීමේ සැලසුම් දෙකක් සකස් වූ නමුත් එය සාර්ථක වූවේ නැත. 2017 දී එවකට ඉඩම් අමාත්‍යවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා මේ සඳහා දැරූ උත්සාහය ව්‍යවර්ථ වූයේ කෙටුම්පත් කළ පනතේ තිබූ දුර්වලතාවක් නිසාය. අද ‘උරුමය’ නමින් ක්‍රියාත්මක වන්නේ එදා ක්‍රියාත්මක කළ නොහැකි වූ රජයේ ඉඩම්, මහවැලි ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වලට වෙළෙඳපොළ සාධක මත වටිනාකම් තීරණය කළ හැකි වැඩසටහනයි.

    ජනපදකරණයේ ගැටලුව

    පදවි, සිරිපුර සිට අම්පාර දක්වා, මඩකළපුව දිස්ත්‍රික්කය, වව්නියාව දිස්ත්‍රික්කය සහ මන්නාරම දිස්ත්‍රික්කය වැනි ජනපදවලට ඉඩම් බෙදාදීමේ දී පැවැති කටුක තත්ත්වය මත එම ඉඩමක් පවුලෙන් පිට නොයන යන්ත්‍රණයක් අවශ්‍ය විය. ගොවි පන්තියේ ඥාතීත්වය මත බැහැර කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට පමණක් අවසර දෙන ක්‍රමවේදයක් ඒ නිසා නිර්මාණය විය. ජනපදවල සිටි පළමු පරම්පරාව දෙවැනි පරම්පරාවට ද, දෙවැනි පරම්පරාව තුන්වැනි පරම්පරාවට ද ඉඩම් බෙදා දීම නිසා ඉඩම් කට්ටි ප්‍රමාණය අඩු විය. ඉඩම් කාර්ය සංග්‍රහයේ, ඉඩම් සංවර්ධන ආඥා පනතට අනුකූලව පවතින III වැනි උපලේඛනයට අනුව ගොවියාගේ පුතා තවදුරටත් ගොවියකු ලෙසම තබා ගන්නා, පවුලේ වැඩිමහලු පිරිමි දරුවාට ඉඩම ලැබෙන ක්‍රමය (එදා යුගයට කදිමට ගැළපුණි) ඒ අනුව සැකසුණි.
    කාලයත් සමඟ, එම ප්‍රදේශවල පසුකාලීනව යටිතල පහසුකම් දියුණු විය. යටිතල පහසුකම් වර්ධනය වීමත් සමඟ ගොවි පන්තියේ බහුතර පිරිසක් අධ්‍යාපනයෙන් ඉහළට ගොස් වෙනත් රැකියා සොයා ගනු ලැබීය. මෙම අණපනත්වල පැවැති ඒකීය ස්වභාවය සහ ගොවි පන්තියේ පුද්ගලයන්ගේ උරුමය යන කාරණය නිසා මෙම ඉඩම්වලට වෙළඳපොළ වටිනාකමක් හිමිව තිබුණේ නැත. වැඩිමහල් පිරිමි දරුවාට පමණක් ඉඩම් හිමිකම ලැබීම නිසා අනෙකුත් දරුවන් අසරණ විය. හිමිකම තිබූ අය නොව, වෙනත් ඥාතීහු විසින් ඉඩම් පරිහරණය කළහ. ඉඩම් නඩු ගොඩගැසුණි. පවුල් අතර ඉඩම් ආරවුල් වැඩිවිය.

    සර්වබලධාරී දිසාපති හාමුදුරුවෝ

    ආණ්ඩුවේ ඉඩම් බලය ප්‍රාදේශීය ලේකම් වෙත පැවැතුණි. බලපත්‍රලාභී ඉඩම්වල කුමන හෝ සංවර්ධනයක් සිදු කිරීමට ඉඩම් පිළිබඳ සර්වබලධාරී දෙවියන් සේ ජනතාව සැලකූ ප්‍රාදේශීය ලේකම් ගේ කැමැත්ත අවශ්‍ය විය. රාජ්‍ය නිලධාරීන් මේ ‘සර්ව බලධාරීත්වය’ නඩත්තු කිරීමට කටයුතු කළ අතර, දේශපාලනඥයින් එය වෙනස් කරමින් නීති සකස් කිරීමට දැනුමක්, ශක්තියක් හෝ අවශ්‍යතාවක් නොවීය.
    පසුකාලීනව රජයේ ඉඩම් බැහැර කිරීමේ දී ඇති බලය ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය ලේකම්වරු” ග්‍රාම නිලධාරි, ජනපද නිලධාරි, ඉඩම් නිලධාරි හා රජයේ වෙනත් ආයතනවල නිලධාරීන් මඟින් (වනජීවී, වන සංරක්ෂණ, වාර්මාර්ග) වෙතින් වාර්තා කැඳවනු ලබයි. මෙය ඉඩම් බැහැර කිරීමට අදාළව නිලධාරීවාදයක් ඇති කළේය. ජනපදකරණය වූ ප්‍රදේශවල ඉඩමක් බැහැර කිරීමට අල්ලස් මුදල් ඉල්ලීම/ ලබාදීම, රජයේ නිලධාරීන්ට අතයට මුදලක් දීම සිරිතක් වී ඇත. මෙම ව්‍යවහාරය ඉඩම් ආරවුල් දිගු කලක් ආරවුල් ලෙසම පැවතීමට හේතු වී ඇත.
    පුරාණ රජ සමයේ මෙරට බොහෝ ඉඩම් ‘රජු සතු’ විය. ශ්‍රී ලංකාවේ සිවිල් නිලධාරියෙකු වූ ඩච්. ඩබ්ලිව්. කොඩ්‍රිංටන්ගේ ‘පැරණි ලංකාවේ ඉඩම් භුක්ති විඳීමේ ක්‍රමය සහ ආදායම් මාර්ග’ කෘතියට අනුව ප්‍රභූන්ට ද, විහාර හා දේවාල සඳහා ද ඉඩම් රජු විසින් ලබාදී ඇත. එවැනි වගා කටයුතු කළෝ සාමාන්‍ය ගොවීහුය. ඔවුන්ට ඉඩමේ අයිතියක් නොවීය. ‘අඳ ගොවීන්’ ද බදුල්ල, මොනරාගල ‘ඔතු ගොවීහු’ ද ඉඩමේ වගා කළෝය. ඉඩම් අයිතිය තිබුණේ විහාරයකට, දේවාලයකට හෝ ප්‍රභූවරයකුටය. යටත් විජිත සමයේ ඔප්පුවක්, ලේඛනයක් නොමැති සෑම ඉඩමක්ම රජයට පවරා ගනු ලැබ ව්‍යාපාරික කෘෂිකර්මය වෙනුවෙන් ලබා දෙන ලදි. රටේ ඉඩම් අයිතියක් නොමැති පිරිසක් එමඟින් බිහි විය. මිනිසුන් ජීවත්වන ඉඩම් රජය සතු වූ බැවින් එහි කළමනාකරණ බලය දිසාපති හා පසුව ප්‍රාදේශීය ලේකම්වරයා සතු විය. අදටත් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම දිනපතා දස දහස් ගණනක් මිනිසුන් පෝලිමේ සිටින්නේ මේ ඉඩම් අයිතිය නිරවුල් කර ගැනීම සඳහාය. උරුමය වැඩසටහන මේ ඉඩම් ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා දියත්වන්නකි.
    1935 දී ඉංග්‍රීසීන් විසින් සකස් කළ නීතිය වසර 76ක් තිස්සේ වෙනස් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ද, දේශපාලනඥයින්ට ද, නොහැකි විය. ‘උරුමය‘ වැඩසටහන සකස් වූවේ අවම වශයෙන් නිදහස ලබා වසර 50 ක් සාකච්ඡාවකට, මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වූ බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීම උදෙසාය.

    ඉඩම් නඩු

    සින්නකර අයිතියක් නැතිවීමේ විකෘතියක් භාවිතා කර එකම පවුලේ සහෝදර සහෝදරියන්, බාප්පලා මාමලා බරපතළ ගැටුම් ඇති කර ගෙන නිලධාරීන්ට පගාව දී මේ ඉඩම් තම සන්තකයට ගැනීමට කූට උපක්‍රම යොදති. ශ්‍රී ලංකාවේ ගොවි පන්තියට හිමි වී තිබූ ඉඩම්වල පැවැතියේ එකම අවුල් ජාලයකි. ඒ අවුල් ජාලය ඇතැම් විට රජය ගෙන එන විවිධ අණපනත් හා නිලධාරීන් එළැඹි තීරණ නිසා තවත් වර්ධනය විය. සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් පසු උරුමය නම් කළ ඉඩම් සම්බන්ධයෙන් උසාවි ගිය විට ඒ පසු උරුමය නම් කළ පුද්ගලයාට ඒ ඉඩමේ අයිතියක් නොමැති බව පැහැදිලිව ඇත. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්තිය හා අයිතිය අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් පවතින අතර විසඳිය නොහැකි ඉඩම් ආරවුල් ලක්ෂ 6 ක් පමණ ඇති බව ද පෙනේ.

    ඉඩම් කොමසාරිස් කාර්යාලය

    රාජ්‍ය පරිපලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ කුඩා කොටසක ආරම්භ කරන ලද ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව (ඉඩම් අංශය) ඉඩම් ආරවුල් විසඳීමේ ක්‍රියාවලියට යොමුව දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය වශයෙන් විහිදී ගිය විශාල කාර්යාල ව්‍යුහයක් බවට පත්ව ඇත. සහකාර, නියෝජ්‍ය හා පළාත් ඉඩම් කොමසාරිස්වරුන් ලෙසින් හා මේ ඉඩම්වල අයිතිය පළාත් ඉඩම්, මධ්‍යම රජයේ ඉඩම් හා වෙනත් ආයතනවලට ලබා දී බැහැර කරන ලද ඉඩම් ආදී වශයෙන් ඉඩම්වල අයිතිය විශාල වශයෙන් බරපතළ ගැටලුවකට පැමිණ ඇත.
    බලපත්‍රයක් පමණක් ඇති ඉඩම සංවර්ධනය කරන පුද්ගලයෙකුට ඒ සංවර්ධනයට පූර්ණ මනසින් යුක්තව යෙදීමට නොසිතේ. මන්ද ඒ ඉඩම සංවර්ධනය කළහොත් තමාට හිමිවේ ද, අහිමිවේ ද ඔහුගේ දරුවන්ට හිමිවේ ද, අහිමිවේ ද යන අවිනිශ්චිතතාවයි. ගොවිපන්තියේ සෑම පුද්ගලයෙකුටම ජනපදකරණයෙන් හිමි වූ ඉඩම් සම්බන්ධයෙන් මෙම තත්ත්වය පොදුය. ගොවි ජනපදයකට අත්‍යවශ්‍ය වී මෝලක් ස්ථාපනය කිරීම වැනි කරුණකට පවා ඉඩමේ අයිතිය බලපානු ලබයි. ගොඩනැගිලි, යන්ත්‍රසූත්‍ර ස්ථාපනයක් මෙම ඉඩම්වල සිදු නොවන්නේ ඒ නිසාය.
    ජනතාවට ඉඩම් පැවරීමේ දී සමහර වගන්ති/කොන්දේසි වර්තමානයේ හාස්‍යයට ලක් විය යුතු අවස්ථා ද පවතියි. උදාහරණයක් ලෙස ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දුන් බලපත්‍ර ඉඩමක “ප්‍රාදේශීය ලේකම්වරයා සතුටුවන ආකාරයට මෙම ඉඩම සංවර්ධනය කළ යුතු වේ.” යන්න සඳහන් කර ඇත. උරුමය ඔප්පු මගින් ගැටලු අවසන් කර ‘වෙළෙඳපොළ සාධක මත’ තීරණ ගැනීමට ඉඩම් හිමියාට අවස්ථාව ලැබේ.
    ඉඩමකට සින්නක්කර අයිතිය ලබා දුන්විට, එම ඉඩම අයිතිකරු විසින් විකුණා දමනු ඇත යන්න උරුමය ඔප්පු ලබාදීමට විරුද්ධ අයගේ අදහසකි. තමාට හිමි ඉඩම, ඔහුට අවශ්‍ය නොවේ නම්, නැන්නම් තමාගේ වෙනත් අවශ්‍යතාවකට යොදා ගැනීමට අවශ්‍ය නම් හෝ තමාට මුදල් හදිසියක් ඇත්නම් එවැනි ඉඩමක කොටසක් විකුණා දැමීමට ඒ ඉඩම සංවර්ධනය කර පවත්වාගෙන යන පුද්ගලයාට අවහිර කරන්නේ කෙසේද? අනෙක් අතට, ගොවි ජනපද වැසියන්ගේ දරුවන් සදාකාලිකවම ගොවිතැන් කළ යුතු වන්නේ නැත. ඔවුන්ට තම හැකියාව, ලැදියාව අනුව සුදුසු ජීවන වෘත්තියක් තෝරා ගැනීමේ අයිතිය ඇත. එපමණක් ද නොව, මෙම ඉඩම් සඳහා ණය ලබා ගැනීම, කැමැති ව්‍යාපාරයක නිරතවීම වැනි අවස්ථා ද ඔප්පුව ලබාගත් පසු හිමිවේ.
    ඉඩම් හිමි පියා හෝ මව මියයාමෙන් පසු වගා කටයුතු කිරීමට කිසිවකු නොමැතිවීම නිසා වල්වැදී ගිය ඉඩම් රට පුරා තිබේ. වෙනත් අය මෙම ඉඩම් අල්ලා ගැනීම නිසා ඉඩම් ආරවුල් ඇති වේ. හිමිකරුවාට හා පසු උරුමකරුට ඉඩම් විකුණා තමන් කැමැති වෙනත් ආයෝජනයක යෙදවීමේ අවස්ථාව ලබාදීමේ වගකීම රජය විසින් ඉටු කර ඇත.
    මේ සියල්ලටම වඩා ඔප්පු මඟින් නිදහස් කරනු ලබන ඉඩම් නීතිඥවරයකු මාර්ගයෙන් අන්සතු කිරීම තුළින් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, චක්‍රලේඛ හා අණපනත් මඟින් ඇති කර ඇති විවිධාකාර විකෘති හා ඉතා සංකීර්ණ තත්ත්වයන් අවසන් වේ.
    කච්චේරියේ ඉඩම් මිටිය

    පරණ කච්චේරිවල වැඩිම ඉඩක් වෙන්කොට තිබුණේ ඉඩම්වලට අදාළ පරවේණි පංගු ලැයිස්තු, ලේකම් මිටි, සන්නස් ගබඩා කිරීමටය. යාන් හෑල්ලකින් කියවෙන්නේ, ඉඩම් ලෙජර එසවීම කොතරම් වෙහෙසකර වූවේ ද යත්, මේවා ඔසවන පුද්ගලයින්ට ‘බිත්තර දීමනාව’ ක් ලබා දීමට යෝජනා වූ බවය. කච්චේරියේ බලවත්ම ලිපිකරුවා ‘ඉඩම් හා වතුර භාර ලිපිකරුවා” විය.
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිම ඉඩක් වෙන්වන්නේ ඉඩම් ලෙජර ගබඩා කිරීමටය. ඉඩම් අංශය පිරී ඇත්තේ මේ එසවීමට පවා අපහසු පොත්වලිනි. ‘උරුමය’ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ බර සැහැල්ලු කරන්නේය.
    ‘උරුමය’ වැඩසටහන ඉඩම් පැවරීම, පරිහරණය සම්බන්ධයෙන් ඉතිහාසයේ ප්‍රගතිශිලීම පියවරක් වන්නේය. 1972 ඉඩම් පනත මඟින් හෙක්ටර් කොබ්බෑකඩුව – සිරිමා බණ්ඩාරනායක රජය ගත් විප්ලවීය ක්‍රියාමාර්ගයට පසුව රජය ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන විප්ලවීය අවස්ථාව මෙයයි.
    උරුමය වැඩසටහන යටතේ 2000 සිට 2015 වන තුරු නිකුත් කළ ඉසුරු භූමි, රත්න භූමි හා රන්බිම දීමනා පත්‍ර හිමි අති බහුතරයක් පිරිසකට ඉතා කෙටි කලක් තුළ ඔප්පු ලැබෙමින් ඇත.
    මෑත භාගයේ වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ ‘ස්වර්ණභුමි සහ ජය භූමි’ වැඩසටහන් යටතේය. ඒවායින් ඉඩම් කට්ටි සැලසුම් (ප්ලෑන්) ඇඳ ඇති ඉඩම් සඳහා ඔප්පු නිකුත් කෙරේ.
    කෙසේ නමුත් ප්‍රායෝගිකව 1978 සිට 1994 දක්වා නිකුත් කළ ස්වර්ණභූමි දීමනාපත්‍ර හිමිකරුවන් බහුතරයක් මේ වනවිට මිය ගොසිනි. ඔවුන්ගේ දෙවැනි පරම්පරාවට විධිමත් ක්‍රමවේදය යටතේ ඔප්පුවක් ලබා ගැනීමේ අවස්ථාව උරුමය දෙවැනි අදියර මඟින් සකස් වෙමින් ඇත.
    2015 සිට ගෙවුණු වසර 9 තුළ ලබා දුන් බලපත්‍ර බහුතරයක විධිමත් සිතියම් ඇති බැවින් ද, හිමිකරුවන් ජීවතුන් අතර සිටින බැවින් ද, උරුමය මගින් ලොකුම වාසිය හිමිවන්නේ ඔවුන්ට ය.
    ගෙවුණු වසර 47ක කාලය තුළ ජනාධිපතිවරුන් 8 දෙනෙකු විසින් බලපත්‍ර මඟින් පවරා දී ඇති ඉඩම් සඳහා ඔප්පු ලබාදීම සුළුපටු අභියෝගයක් නොවේ. රාජ්‍ය නිලධාරීන්ගේ හිඟය, දත්ත පද්ධති පවත්වාගෙන යාම, පරිගණක ඇතුළු සම්පත් හිඟය, මිනින්දෝරුවන්ගේ හිඟය වැනි අභියෝග රැසක් මැද ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ඉඩම් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටි. දශක පහකට වඩා දිග්ගැසුණු ගැටලුවක් විසඳීම සඳහා ඔවුන් දරන කැපවීම අතිමහත් ය. දිවයින පුරා ජංගම සේවා පවත්වමින් පළාත් ඉඩම් කොමසාරිස්වරුන්, පළාත් සභා, දිසාපතිවරුන් මෙම කටයුත්තට අත ගසා සිටී.
    රජයේ බලපත්‍රලාභී ඉඩම් සඳහා විධිමත් ඔප්පුවක් ලබාදීම කවදා හෝ සිදු කළ යුතුව තිබූ රාජ්‍ය වගකීමකි. එම වගකීම ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයට හැකියාව ලැබී ඇත. 2016 දී ආරම්භ කර පසුව අතහැර දමනු ලැබ තිබූ මේ වගකීම ඉඩම් ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් වන අති දැවැන්ත පියවරක් වන්නේය. වසර 50ක කාලයක් තුළ නිකුත් කර ඇති බලපත්‍ර සියල්ලටම ඔප්පු නිකුත් කර අවසන් කරන තුරු මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට යනු ඇත.

    රජිත් කීර්ති තෙන්නකෝන්

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    uNx2zhb.png

    ඡන්ද ගුංඩු... හික්.. හික්.. හික්..
    ලොක්කා දැන් උතුරෙමයි..
    හැබැයි තොප්පිගල කියන්නෙ කැලෑවක්
     
    • Like
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යටත් විජිත යුගයෙන් පසුව අද දක්වාම විසඳාගත නොහැකි රටේ බලවත්ම ගැටලුව ‘ඉඩම් අයිතිය’ නිරවුල් කිරීමයි. පරම්පරා ගණනක් තමන් ජීවත්වන, වගා කරන, බලපත්‍ර සහිත ඉඩම විවෘත වෙළඳපොළ තුළ ඉල්ලුම හා සැපයුම් බලවේග අනුව චලනය වීමට ඇති අවස්ථාව අහිමි කිරීම සමාජ, ආර්ථික හා දේශපාලනික ගැටලු රැසකට හේතු වී තිබුණි. උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක සින්නක්කර අයිතිය ලබාදීම මඟින් ඉඩම් අයිතිය පිළිබඳ සෑම ගැටලු තුනෙන් එකකට විසඳුම් ලැබෙනු ඇත්තේය.
    යාපනේ විතරද ඉඩම් නිරවුල් කරන්නේ? චන්ද බලාගෙන කරන මගුලක් නේද? නැත්තං කොහේ හරි ඉඩම් ටිකකට ෂොට් එක දෙන්න හදනවද දන්නෑ…

    බලපත්‍ර තියන එවුන් ගිහින් අහපල්ලා නිරවුල් කරල දෙනවද කියලා :lol:

    රටපුරා පෝස්ටරුත් ගහලා :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113

    මෝඩ ජෙප්පෝ කටයි පු*යි වහගෙන ඉන්නේ මේකටනම් :lol:


    ලංකාවේ විශාලම පුද්ගලීකරණය දැන් ක්‍රියාත්මකයි​

    - 25 05 2024 - 22:33 - 415 views - ..

    රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
    ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා ” උරුමය “වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි.
    යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.
    “උරුමය” වැඩසටහන යටතේ උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතය.
    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ නැවතුන උතුරු පළාත් නිවාස ව්‍යාපෘතිය ලබන වසරේ සිට යළි ආරම්භ කරන බවයි. මෙම සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන එහි එක් පියවරක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙරට ක්‍රියාත්මක විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන බවද සඳහන් කළේය.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,
    රටේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන දිවයිනේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. සියලු ජනතාවට තමන් ජීවත්වන භූමියේ සින්නකර ඉඩම් අයිතිය ලබාදිය යුතුයි.
    අද මෙම ඔප්පු ලබාදීම සිදුවුණා වගේම ඉදිරියටත් මෙම කටයුත්ත සිදු කෙරෙනවා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම නිසා එම කටයුතු තරමක් ප්‍රමාද වී තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලයට 100ක් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා 150 දෙනෙක් අලුතින් බඳවා ගැනීමට මම අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඉතා කාර්යක්ෂම අයුරින් ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබෙනවා.
    ඉඩම් ගැටළුව උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට දැඩිව බලපා තිබෙනවා. රජයේ ඉඩම්වල පදිංචි කළ පිරිසට අමතරව යුද්ධය නිසා ඉඩම් අහිමි වූ විශාල පිරිසක් සිටිනවා. එහිදී ප්‍රශ්න දෙකක් විසඳිය යුතුව තිබෙනවා. මේ පිළිබඳ උතුර සහ නැනෙහිර නියෝජනය කරන මන්ත්‍රීවරු වරින් වර මා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
    ඒ අනුව ආරක්ෂක හමුදාව සමග සාකච්ඡා කර ආරක්ෂිත ප්‍රදේශවල තිබෙන ඉඩම් නිදහස් කළ හැකි අවස්ථාවලදී ඒ සියලු ඉඩම් ජනතාවට නැවත ලබා දී තිබෙනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පමණක් තබාගෙන අනෙක් ඉඩම් නැවත ලබා දෙන ලෙස ආරක්ෂක අංශ වෙත අප දැනුම් දී තිබෙනවා.
    ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ඉඩම් පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා. මේ ප්‍රශ්නය උතුරු නැගෙනහිරට පමණක් සීමා වී නැහැ. දකුණු පළාතෙත් මෙම ගැටලුව තිබෙනවා. ඒ නිසා 1985 සිතියම අනුව වනාන්තර ලෙස තිබෙන ප්‍රදේශ වනාන්තර ලෙස පත්වාගෙන යාමටත්, ඉතිරි ඉඩම් වනාන්තර නොවන ප්‍රදේශ ලෙස සැලකීමටත් අප ප්‍රතිපත්තිමය තීන්දුවත් ගෙන තිබෙනවා. අප දැන් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතර ඇතැම් ඉඩම් භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා.
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ද විශාල ඉඩම් ප්‍රමාණයක් පවතිනවා. පුරාවිද්‍යා කටයුතුවලට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හැර අනෙක් ඉඩම් නැවත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සියලු ඉඩම් නිදහස් කිරීමට අප කටයුතු කරනවා.
    ඒ වගේම යාපනයේ අධි ආරක්ෂිත කලාපය බොහෝ දුරට අඩු කර තිබෙනවා. විශේෂ සමීක්ෂණයක් සිදු කර තවදුරටත් නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ වගේම අධි ආරක්ෂිත කලාපයේ ආගමික සිද්ධස්ථානවලට අයත් ඉඩම්වලින් කොටසක් මේ වන විටත් නිදහස් කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දීමට මම බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම පසුගි වසර දෙක තුළ පැවති ආර්ථික අර්බුදය නිසා මෙම පළාතේ ජනතාව අවශ්‍ය නිවාස ඉදිකරදීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට එය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම සින්නකර ඔප්පු ලබාදීම එම වැඩසටහනේ කොටස් බව කිවයුතුයි. මෙම සින්නක්කර ඔප්පු ලබාදීම මෙරට සිදුවන විශාලම පුද්ගලීකරණ වැඩසටහන ලෙස හැඳින්විය හැකියි.
    ජපානය සහ කොරියාව හැර වෙන කිසිදු රටක් ඒ අයුරින් ඉඩම් අයිතිය ජනතාවට ලබා දී නැහැ. ජපානය සහ කොරියාවත් ජනතාවට නොමිළේ ඉඩම් අයිතිය ලබා දී නැහැ. අඩු මිලකට මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම පමණයි. නමුත් අපේ රටේ නොමිලේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා.
    පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සහ මඩකලපුවේ සිට මීගමුව දක්වා අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකාවේ ජනතාව කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවද සම්ප්‍රදායිකවම ඉඩම් අයිතිය අගය කරනවා. එම අයිතිය අද ඔබට ලැබෙනවා. එම ඉඩම ආරක්ෂා කරගෙන තමන්ගේ දරුවන්ට ලබාදීම ඔබගේ වගකීම බව සිහිපත් කිරීමට කැමතියි.

    - https://www.ada.lk/breaking_news/ලංකාවේ-විශාලම-පුද්ගලීකරණය-දැන්-ක්‍රියාත්මකයි/11-409820
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දිගුකාලීනව මේ තීරණය එච්චරම - හොඳම තීරණයක් වෙන්නෙ නෑ...

    ලංකාවෙ ඉඩම් මිලදී ගැනීමට විදේශිකයන්ට අවසර දුන්න ගමන් මේ ඉඩම් වල අයිතිය විදේශිකයන්ට යනව....

    (මම නොදන්න දේ ... ලංකාවෙ ඉඩම් සින්නක්කර ගන්න විදේශිකයන්ට අවසර දුන්න ද කියල)

    පවතින වෙළඳපල වටිනාකමට වඩා ටිකක් වැඩිපුර දුන්න ගමන් ඔක්කොම ඉඩම් විකුණනව ....

    (80 දශකය මුල තලවතුගොඩ ඉඩම් විකිණිලා ගිය හැටි -විදේශිකයන්ට නෙමෙයි ලංකාවෙ අයමයි ගත්තෙ ..... ඒ කාලෙ පර්චස් 20 විකුණල ත්‍රිවීල් එකක් ගත්ත අයත් හිටිය ඒ අයගෙ දරුවො දැන් කුලියට ඉන්නෙ කිරිවත්තුඩුව පැත්තෙ)
     
    • Like
    Reactions: Chimpanzee Putha

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක නම් මොනවා උනත් හොඳ වැඩක්. ඡන්ද ගුණ්ඩුවක් නෙවෙයි නම්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක නම් මොනවා උනත් හොඳ වැඩක්. ඡන්ද ගුණ්ඩුවක් නෙවෙයි නම්
    මුලින්ම බලපත්‍ර දීල චන්දෙ ගත්ත
    ඊට පස්සෙ බලපත්‍ර තියෙන අයට ස්වර්නබුමි ඔප්පු දීල චන්ද ගත්ත
    දැන් ස්වර්නබූමි තියෙන අයට සින්නක්කර ඔප්පු දීල චන්ද ගන්නවා

    90S Laughing GIF

    මේ රටේ මහන්සිවෙලා යමක් කරනවාට වඩා හොඳයි චන්දයක් දාල ඒ දේම කරගන්න එක
     
    • Like
    Reactions: tha123

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මුලින්ම බලපත්‍ර දීල චන්දෙ ගත්ත
    ඊට පස්සෙ බලපත්‍ර තියෙන අයට ස්වර්නබුමි ඔප්පු දීල චන්ද ගත්ත
    දැන් ස්වර්නබූමි තියෙන අයට සින්නක්කර ඔප්පු දීල චන්ද ගන්නවා

    90S Laughing GIF

    මේ රටේ මහන්සිවෙලා යමක් කරනවාට වඩා හොඳයි චන්දයක් දාල ඒ දේම කරගන්න එක

    Ithin avulda?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මිනිස්සුන්ට තියන එකම ප්‍රශ්නෙ.. හුහ්ඃ... හූ...
    සත පහක් වියදම් නොකර ඡන්දෙ ටාගට් කරලා දෙන දොල පිදේනි.. ලැජ්ජයි අප්පා
    47ක් දේශපාලනේ කරලත් උක දිදී නහිනවා..

    දැන් ඔප්පු ටික බෙදාගෙන බෙදාගෙන යනවා...ෑ අගෝස්තු වෙද්දි ඔප්පු හිමියන්ට බදු ගහගෙන ගහගෙන යනවා...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    uNx2zhb.png

    ඡන්ද ගුංඩු... හික්.. හික්.. හික්..
    ලොක්කා දැන් උතුරෙමයි..
    හැබැයි තොප්පිගල කියන්නෙ කැලෑවක්
    ow pora dannawa Mahindage bayyo tika dakuna goda dala dena bawa.

    Uthure ewunwa pohottuwata gassa ganna thamai dagalanne.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඔය ඉඩම් ටික දීලා සල්ලි ගනින් එක්කෝ. රජයට අයිති කැලෑ ටික දෙනවා බූරූවා. ඕකාගේ එකෙක් ඇති සල්ලි දීලා ඉඩම් ටික ගන්න බලාගෙන අනිත් පැත්තට. මිනිස්සුන්ට ආදරේටනම් වැඩක් කරයි ඕකා.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔය ඉඩම් ටික දීලා සල්ලි ගනින් එක්කෝ. රජයට අයිති කැලෑ ටික දෙනවා බූරූවා. ඕකාගේ එකෙක් ඇති සල්ලි දීලා ඉඩම් ටික ගන්න බලාගෙන අනිත් පැත්තට. මිනිස්සුන්ට ආදරේටනම් වැඩක් කරයි ඕකා.
    ඔව් බන් අනිවා..
    ඕක පෙරකදෝරු ගැටයක්
     

    Similar threads