ඉඩම් මංකොල්ලයට ආ හොර STF (Exclusive)

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉඩම් මංකොල්ලයට ආ හොර STF (Exclusive)


    ඉඩම් මංකොල්ලයට ආ හොර STF (Exclusive)​


    මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා එම ධූරය දරණ සමයේ දිවුලපිටිය, උල්ලපොල ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් මිණුම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යැයි පැවසෙන පිරිසක් සමග පසුගියදා එම ප්‍රදේශයට ගොස් තිබුණි.

    කෙසේවෙතත් ඊට ඉඩම් හිමියන්ගෙන් අවසර ලැබී නැත.

    අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසමින් අවස්ථා ගණනාවකදී පැමිණි පිරිසක් ඉඩමේ මුරකරු වෙත බලපෑම් කර තිබේ.

    පසුව අදාළ මුරකරුගේ නිවසට අවස්ථා ගණනාවකදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යවා පීඩාකර ඇති බව ඉඩම් හිමියන් චෝදනා කර ඇත.

    මේ අතර අදාළ නිලධාරීන් එම අවස්ථාවේදී යොදාගත් මෝටර් රථවල අංක තහඩු ද ව්‍යාජ ඒවා බව පොලීසිය පැවසුවේය.

    පසුගිය 20 වනදා පොලිස් විශේෂ කාර්ය බළකායේ යැයි පවසමින් පැමිණි පිරිසක් දිවුලපිටියේ පිහිටි මුරකරුගේ පුත්‍රයාගේ නිවස පරීක්ෂා කර, එහි ආරක්ෂක කැමරා දුටු පසු ප්‍රධාන පරිපථයෙන් විදුලිය විසන්ධි කර තිබේ.

    එහිදී ඔවුන් හා නිවැසියන් අතර වූ සංවාදයක හඬපටයක් ද පවතී.

    එවන් පසුබිමක නිවැසියන් පසුගිය 27 වැනිදා උදෑසන නිවසින් පිටවූ පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ බව පවසමින් පිරිසක් අදාළ නිවසට පැමිණ තිබේ.

    ඒ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකුද යතුරු පැදියකින් පැමිණෙන්නේ ගිනි අවියක්ද ඇතැතිවය.

    නිවසේ ගේට්ටුව වසා තිබීම හේතුවෙන් පැමිණි පිරිසෙන් අයෙක් ගේට්ටුවට නැග එය විවෘත කිරීමට කටුයුතු කර තිබේ.

    පසුව පිරිස නිවස තුළට පිවිස ඇත.

    ඒ අතරතුරදී ගිනිඅවිය ඇතැතිව සිටින පුද්ගලයා හා සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙකු යතුරුපැදියේ නැඟ පිටව ගොස් තිබුණි.

    පසුව නිවසේ රැඳීසිටින අයෙක් පැමිණ නිවස තුළ වූ ආරක්ෂක කැමරාවක් අනෙක් පසට හරවන අයුරුද සටහන්ව තිබුණි.

    අනතුරුව පිරිස පැමිණ මෙම නිවසෙහි පදිංචි පුද්ගලයාගේ සහෝදරයා රැගගෙන විත් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබුණි.

    පැය දෙකකට අධික කලායක් එහි රැඳීසිටින පිරිස පසුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

    මොවුන් පැමිණි යතුරුපැදිය VO- 6176 වන අතර වෑන් රථයේ සඳහන් වන අංකය GK- 8766 වෙයි.

    මේ යතුරුපැදිය ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට ලියාපදිංචි යතුරුපැදියක් වන අතර වෑන් රථයේ සඳහන් අංකය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලියාපදිංචි වී ඇති ත්‍රී රෝද රථයක අංකයක් බව වාර්තා වී ඇත.


    මෙම සිද්ධිය පිළිබඳව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සල්ලි තියෙනව නම් ඉන්න පුලුවන් රටක් කියන උන් අත උස්සන්න.
    සල්ලි නෙමෙයි පොලිටික්ස් කනෙක්ශන් තියේ නම් ඉන්න පුලුවන්.
    තමන්ගෙ මහන්සියෙන් දියුණු උන මිනිහෙක්ට නෙමෙයි , ඔය දම්මික පෙරේරා වගේ
    පක්ශවලට වියදම් කරන උන්ට හොදයි.
     
    • Like
    Reactions: tilvin-silva

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    dan yako gedarakata awith ohoma unta oni oni widihata minissunta part danna puluwan nam,un kiyana welawata unta gewal dorawal dilath apita eliyata bahinna wei ne.meka maha kalakkin anduwak ban.mun rate nithiya ballatama dala,minisunta rate neetiyak na kiyana eka kelinma oluwata yawanawa.dan minissuntath neethiyak rate na kiyana eka samanyakaranaya wela thiyenne.ekai awula.minissunta dan mewa samanya dewal wela,wena rataka mehema ekak wuna nam bala ganna thibba :(
     
    • Sad
    Reactions: tilvin-silva

    Similar threads