ඉතාලි සිහින පෙන්වා ජනතාව ඇන්දූ නළුවා අජිත් සිසිර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ajith-sisira


    රට රැකියා ගැන බොහෝ දෙනා උනන්දු වෙද්දී එවැන්නන්ගෙන් මුදල් ගසා කන වංචනිකයින් සංඛ්‍යාවද මේ දිනවල වැඩි වී තිබේ. මේ කිසිවක්ම නොදැන තමන් සතු මුදල් එවැනි ඒජන්සිකරුවන්ට පුදා අවසානයේ සියලු බලාපොරොත්තු කඩකරගත් අහිසංකයෝ ද ඕනෑ තරම් සිටිති.

    එසේ ඉතාලි රැකියා පෙන්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ ප්‍රසිද්ධ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහාය නළුවකු ඇතුළු තිදෙනකු පසුගියදා පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගත්තේ ඔවුන්ගේ රංගනයේ තරම කොතරම්දැයි රටටම හෙළි කරමිනි.



    මෙම නළුවා ඇතුළු කණ්ඩායම සුපිරි හෝටල්වල සුව පහසු ජීවිත ගතකරමින් දෛනිකව කැසිනෝ ක්‍රීඩාවට රුපියල් කෝටි ගණනින් මුදල් වැයකර ඇත්තේ රට සිහින දුටු අහිංසකයින්ගේ මුදල් ගසාකමිනි. ඔහුට තම ජාවාරම් සගයන් හමුවන්නේ ද කැසිනෝ ක්‍රීඩාවට ගොස් සිටින අතරවාරයේදීය. මේ අතර ඔහු කලකට ඉහතදී කැසිනෝ ක්‍රීඩාවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ද දිනා ඇතැයි පැවසේ. මිනිසුන් මුලාකර ගන්නා මුදල් සහ කැසිනෝවලින් ජයගත් මුදල් ද මොහු තම සුවපහසු ජීවිතය වෙනුවෙන්ම වියදම් කර ඇතැයි සඳහන්ය.

    රන්කොත් පේඩිගේ අජිත් සිසිර නමැති මෙම නළුවාට විරුද්ධව දිවයිනේ බොහෝ පොලිස් ස්ථනාවලට පැමිණිලි ලැබී තිබුණද ඔහු නීතියේ ඇසට වැලිගසා තම ජාවාරම දිගින් දිගටම කරගෙන ගොස් ඇත්තේ ඉතා සූක්ෂම ලෙසිනි.

    මාධ්‍ය ආයතන කිහිපයක සේවය කළ බව හැඟවෙන හැඳුනුම්පත් කිහිපයක්ද මොහු සන්තකව තිබී ඇත. කතාබහ කිරීමෙන් මිනිසුන් ඇන්දවීමේ කලාවද ඔහු මනාව ප්‍රගුණ කර ඇති සේය.

    ‘‘මම අහවල් ටෙලි නාට්‍යයේ රඟපානවා. සල්ලි ගනුදෙනු ගැන බයක් සැකයක් තියාගන්න දෙයක් නැහැ’’ යනුවෙන් ඔහු ගනුදෙනුකරුවන්ට නිතර පවසා තිබේ.

    තමා සිටින තැනක් හෝ ස්ථිර ලිපිනයක් සෙස්සන්ට ලබා නොදුන්නද වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ විදෙස් රැකියා ඒජන්සියක ප්‍රධානියකු ලෙස හැඟවෙන පරිදි ඔහු ගනුදෙනුකරුවන් හා නිතර සම්බන්ධ වී ඇත්තේ වට්ස්ඇප් යෙදවුම් ඔස්සේය. ඔහුගේ ගිණුමේ වට්ස්ඇප් හඳුනාගැනීමේ ඡායාරූපයේ සඳහන්ව ඇත්තේ අධිකරණ විනිසුරුවරයකු ලෙස පෙනී සිටින රුවකි.

    එම ඡායාරූපය ඔහු රඟපෑ චරිතයකට අදාළ වූවද තමා සමාජයේ පිළිගත හැකි පුද්ගලයකු ලෙස මිනිසුන් මුලා කිරීම සඳහා එය යොදාගත් බවට විමර්ශන නිලධාරිහු සැක පහළ කරති.

    ඔහු කලක සිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ විස්ස දක්වා වූ මුදල් ප්‍රමාණයක් ලබාගෙන තිබේ. එම ගනුදෙනු බොහෝමයක් අන්තර්ජාලය ඔස්සේ සිදුකර තිබුණු අතර අවිස්සාවේල්ල, රුවන්වැල්ල, වැල්ලවාය ආදී ප්‍රදේශවල පුද්ගලයින් රැසක් ඒ වනවිටත් මෙම වංචාකරුට හසුව රට සිහින බොඳව මුදල්ද අහිමිකර ගෙන තිබිණි.

    මෙම වංචාකරු පිළිබඳව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික වීරසිංහට රහසිගත තොරතුරක් ලැබෙන්නේ මේ අතරය. ඉන් කියැවුණේ මෙම ටෙලි නළුවා වෙනත් මුදල් වංචාවක් සිදු කිරීමට පිටකොටුව, මල්වත්ත ප්‍රදේශයට පැමිණීමට නියමිත බවයි. ඒ අනුව පිටකොටුව, මල්වත්ත පාර ප්‍රදේශයට ආසන්න නියමිත ස්ථානයට පොලිස් සැරයන් ජයලාල්ගේ (428) ප්‍රධානත්වයෙන් බුද්ධි අංශ නිලධාරින් පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී පැමිණ තිබුණේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පෙර අත්දැකීම්ද උපයෝගී කර ගනිමිනි.

    ඉතාලියට යාමේ බලාපොරොත්තුවෙන් පුද්ගලයන් සිව් දෙනකු එම ස්ථානයට පැමිණ තිබුණේ සිය විදෙස් ගමන් බලපත්‍ර ඇතැතිවය. ඒ අතර කාන්තාවක් ද වූවාය. මෙම නළුවා ඇතුළු ඔහුගේ කණ්ඩායමට මෙම පිරිස ඒවා බාර දෙන අවස්ථාවේදීය මෙකී ටෙලි නළුවා ඇතුළුව තවත් පුද්ගලයන් දෙදෙනකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නේ ඔවුන් සිහිනයකින්වත් නොසිතූ අයුරිනි.

    එහිදී විමර්ශන නිලධාරින් රට රැකියා සඳහා යාමට පැමිණි සිව්දෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර පරික්ෂා කළ අතර ඒවායේ ගැටලුවක් නොතිබිණි. එනමුත් ඒ වන විටත් ඉතාලියේ රැකියා සඳහා ඔවුනට නිකුත් කර තිබූ වීසා බලපත්‍ර සහ ව්‍යාජ ගුවන් ටිකට්පත් කිහිපයක් සමග කණ්ඩායම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ප්‍රධාන පොලිස් පරික්ෂක මහේන්ද්‍ර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන අවසන්ය.



    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබූ විදේශීය ගමන් බලපත්‍ර රැසක්, ඉතාලි රාජ්‍යයෙන් නිකුත් කළ බවට හැඟවෙන ලෙස සැකසූ ව්‍යාජ වීසා, ව්‍යාජ ගුවන් ටිකට්පත්, ව්‍යාජ ලියැකියවිලි සහ එම ව්‍යාජ තොරතුරු ඇතුළත් ජංගම දුරකතන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකරකුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව තවත් සැකකරුවකු, කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට ලැගුම්ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ ලියැකියවිලි තොගයක් සමගිනි.

    මෙම වංචනික ක්‍රියාවේ ප්‍රධානියා වන ටෙලි නළුවා ඇතුළු කණ්ඩායම මොවුන්ගේ තොරතුරු හෙළි නොවන ආකාරයට සුඛෝපභෝගී හෝටල් කාමරවල සූක්ෂමව රැඳී සිට ඇත. මුදල් ගනුදෙනු සිදු කරද්දී මෙම ටෙලි නළුව තම කල්ලියේ වෙනත් සාමාජිකයන් ඒ සඳහා යොදවා ගෙන ඇත් බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    තමන් සුපිරි හෝටල්වල පමණක් නවාතැන් ගන්නේ තමන්ට එරෙහි පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට පත්වීමෙන් වැළැකීමේ අදහසින් බවද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත. එමෙන්ම මෙලෙස උපයාගත් මුදලින් තමා විදෙස් සංචාර සිදු කළ බවද ඔහු පිළිගෙන තිබේ. තවද ඔහු අත්අඩංගුවට ගත් දිනයට පෙර දිනයේදී ඩුබායි රාජ්‍යයේ සංචාරයක ගොස් ලංකාවට පැමිණ ඇති බවද අනාවරණය වෙයි. ඉතාලි සිහින දුටු අහිංසකයින්ගේ සිහින මංකොල්ල කා සුපිරි ජීවිත ගතකළ මෙම සැකකරුවන් අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා වලාන මධ්‍යම දූෂණ මර්දන බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයැවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, පොලිස් සැරයන් ජයලාල් (428), පොලිස් කොස්තාපල් උදය (84889), බාලසූරිය (77090), සංජීව (91287), ජයසේකර (93681) සියන්ත (94009), කුමාර (104678), කුරුකුලසූරිය (104547) සහ කාන්තා පොලිස් කොස්තාපල් දිල්හාරා (11352) හා ශාලිකා (12617) පොලිස් කොස්තාපල් රියැදුරන් වන උදාර (16627) සහ සිල්වා (105529) යන නිලධාරිහු එක්ව සිටියහ.

    දීපා වසන්ති එදිරිසිංහ
    08083753.jpg


    08083752.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මූ මොකක්ද සිරසේ ටෙලියක act කරානේ
     
    • Haha
    Reactions: SLK_sri

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    goat-boun_360x.jpg
    TSG_Fresh_Salmon-Fillet-768x768.jpg


    තැන්කු බං මේවා කන්නද බන් මේ රටේ උන් මෙච්චර හොරකන් කරන්නේ. 😄
    තණ්හාය ජායතී සොකො තණ්හාය ජායතී භයං

    තණ්හාය විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.