පසුගිය රජය කාලේ ඉතාලි රජය විසින් ලාංකිකයින් වෙනුවෙන් වීසා 594 ක් නිකුත් කර තිඛෙන අතර මෙම වීසා ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය වෙත ලබා දී තිබේ. මෙසේ ලබා දුන් වීසා විනිවිද භාවයකින් යුතුව බෙදා හැරිය යුතුවේ. එහෙත් ඩිලාන් අලිබබා සහ හොරු හතලිහ මෙම වීසා වලින් 400 ක් කළු කඩයට විකුණා ඇති බව වාර්තා වේ. මෙම වීසා සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලේඛණගත කිරීමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කළ යුතු වේ. එහෙත් එවැන්නක් සිදු නොවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පවසයි.
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව මෙම වීසා රුපියල් මිලියන 500 කට ඩිලාන් පෙරේරා නැමති නිලකාස හොර ඇමතිවරයාගේ ගෝලයින් විසින් ඔහුගේ මගපෙන්වීම මත විකුණා ඇත. මෙම ගනුදෙනුවට හිටපු ඉතාලි තානාපති නාවලගේ බැනට් කුරේ සහ තානාපති කාර්යාලයේ පෝසිත රත්නායක සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය දැනුවත් කර තිබුණත් ඒ බව ඇමතිවරයාගෙන් වසන් කර තිබේ. එසේම මෙම වීසා ගැන විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරිය සමගද ඉතාලි තානාපති කාර්යාලය සාකච්ඡා පවත්වා තිබේ. එහෙත් ඇමතිවරයාට මෙම කිසිවක් ගැන දැනුම් දීමට ඔවුහු කටයුතු කර නැත.
මෙම තත්ත්වය යටතේ ඉතාලි රජය තවදුරටත් ලක් රජයට වීසා නිකුත් නොකිරීමට කටයුතු කරන බව දන්වා තිබේ. මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා සංවිධාන රාශියක් ජනාධිපතිවරයාට තම අප්‍රසාදය පළ කර තිබේ. එහෙත් ජනාධිපතිවරයාගේ සුවච කීකරු සේවකයෙක් වන හිටපු ඇමති ඩිලාන් පෙරේරා වරයාට විරුද්ධව කටයුතු කිරීම වෙනුවට ඔහු ජාතික වස්තුවක් සේ සලකා ජාතික ලැයිස්තුවට දමාගෙන ඇත. රටට හෙන ගැහුවත් තම හොරු සමග පක්ෂයක් රකින්න යන ජනාධිපති වරයෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු විය නොහැක.