Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ කියලා ප්‍රශ්න කරද්දි මරු ප්‍රති ප්‍රශ්න කිහිපයක් ආවා. එකක් තමයි ලන්ඩන්, එඩෙක්සෙල් සිස්ටම්වල එහෙම නෑනේ කියලා. ඒ වගේ අධ්‍යාපන සිස්ටම් එකක් එක්ක රටක රජයක් විසින් ආයෝජනය කරලා පුරවැසියෙකු බිහිකිරීමේ අරමුණක් ඇතුව තියෙන අධ්‍යාපන ක්‍රමයක් සසඳන්න යන එකම විකාරයක්.

ඒ කතාව පැත්තකින් තිබ්බොත් බ්‍රිතාන්‍ය මේ වෙලාවේ විශාල අනන්‍යතා අර්බුධයක් හදාගෙන තියෙන්නෙත්, සංස්කෘතීන් මුහුවෙන පරිසයක් වෙනුවට හුදෙකලාව අනෙක් වටිනාකම් ගැන තැකීමක් නොමැති ජන කණ්ඩායම් ඇතිවීමත් ඒ සමඟ අර්බුධ නිර්මාණයට මඟ පෑදෙන්නත් එක් හේතුවක් වෙලා තියෙන්නෙ ඔය ඉතිහාසය නැති කතාව. මේ ලොප් වීම ගැන බ්‍රිතාන්‍ය තුල පවතින දැඩි විවේචන ගැන හාංකවිසියක් නොදැන ඊට සමාන කරන්න යෑම විහිළුවක්. ඒත් එක්කම ඔය ක්‍රමයට ඉගෙනගත්ත එක්තරා නිළියකගෙන් ලංකාවට නිදහස ලැබුනේ කුමන වර්ෂයේද කියලා යම් වැඩසටහනක ප්‍රශ්න කරද්දි 1969 ලෙස උත්තර ලැබුන එකට ඔය ඉතිහාස ඇරියස් තියෙන බොහෝ දෙනා දෙස් දෙවොල් තිබ්බා මතකයි.

ඇමරිකාව, ප්‍රංශය, චීනය, රුසියාව, ද.කොරියාව වගේ රටවල අවුරුදු 16 -18 වෙනකම්ම ඉතිහාසය අනිවාර්ය විෂයක් කරන හැටි අමතක කරලා විවේචනයට ලක්වෙන එඩෙක්සෙල් උදාහරණයම ගන්න එකත් මරු.

ලංකාවේ ඉතිහාසය ඉගැන්වීමේ ක්‍රමය ගැන විශාල ගැටලු තියෙන බව ඇත්ත. ඉවත්කල යුතු කරුණු ගනනාවක් වගේම එක්කල යුතු කරුණු ගනනාවක් එක්ක නැවත මුල සිට සකස්කල යුතු විෂය නිර්දේශයක් බවත් ඇත්ත. නැවත සමාලෝචනයකට ලක්වී සකස්විය යුතු නිර්දේශයක් සහිත විෂයක් නැවත සකස් කරනවා වෙනුවට ඉවත් කරීම පිළිතුරක් නෙවෙයි.

මේ සිද්ධිවලට අමතරව ලංකාවේ ඉතිහාසය ගැන තියෙන තරමක් වැරදි නිර්වචන, විකෘති බිහිවෙලා නොමඟ යවන සුළු තත්වයන් සහ ව්‍යාජ ඉතිහාසඥයන් බිහිවෙලා තියෙන අවධියක විෂය සංශෝධනය නොවී ඉවත් කිරීම ඊටත් වඩා අර්බුධ නිර්මාණය කරන තත්වයක්. ඉතහාසය ගැන නිවැරදි අවබෝධයක් නොමැති පොදු ජනයා නොමඟ යැවීම අතිශයින්ම පහසු වැඩක්. ඒ අර්ථයෙන් ගත්තම දේශපාලනිකව දුප්පත් වීමටත් සෘජුව බලපාන්නෙ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් නොමැති වීම.

රටක රාජ්‍ය විසින් මෙහෙයන අධ්‍යාපනය ක්රමයේ එක් මුලීක අරමුණක් තමයි පුරවැසියෙක් බිහි කිරීම. හොඳට මතක තියාගන්න එතනදි අරමුණ හුදෙක් වැසියෙකු බිහි කිරීම නෙමෙයි 'පුර වැසියෙකු' බිහිකිරීම. පුරයට අයිති වැසියෙක් නිර්මාණය කිරීමේ මුලීක පියවර තමයි තමන් බෙදා හදාගන්න පොදු ඉතිහාසය (shared history) තුලින් නිර්මාණය වෙන පුරයේ අනන්‍යතාව පිළිබඳව හැඟීම. මේ අනන්‍යතාව බිහිවෙන්න වැසියා තුල ඉතිහාසය පිළිබඳව දැන හෝ නොදැන තැන්පත් වෙන දැනුම බලපානවා. ඒක දැනුවත්ව සිදුකරන්න රාජ්‍යන් යුහුසුළු වෙන්නෙ ඒ නිසයි. රැකියාවක්, අනාගත භාවිතාවක් සහිත තාක්ෂණික විෂයන් පමණක් උගන්වා රැකියා වෙළඳපල පමණක් ඉලක්ක කරගෙන අධ්‍යාපන ක්‍රම සකස් කරන්න රටක් රාජ්‍යක් යනු පෞද්ගලික ආයතනයක් නෙවෙයි. තාක්ෂණික විෂයන්වල පැවැත්ම ඉතිහාස විෂයේ පැවැත්මෙන් වියුක්තයි. මේ දෙකම පවතින්න පුළුවන් තත්වයක ඉතිහාසය ඉවත්කර තාක්ෂණික විෂයන් පැවතිය යුතුයි කියන තර්කය අර්ථ විරහිතයි. මේ තර්කයේම දිගුවක් විදිහට මම දැක්කා ඉතිහාසය පිළිබඳව විශේෂවේදි උපාධිය කරපු සමහරු අදහස් දක්වලා තිබුනා උපාධිය කරාට වැඩක් නෑ රස්සා නෑ කියලා. එතන තියෙන්නෙ රැකියාවක් කරන්න හිතන් ඉතිහාස විශේෂවේදි උපාධිය හදාරපු අයගේ ගැටලුවක් මිසක් ඉතිහාස විෂය ඉගැන්වීමේ ගැටලුවක් නෙවෙයි.

ඉතිහාසය ගැන කතා කරද්දි ඉතිහාසය ගැන ඇරියස් වගේම වෙනත් විෂයන් ගැන කතා කරද්දි ඒ ඒ විෂයන්වලට අකමැති ඇරියස්කාරයොත් ඉස්මතු වීම සාමාන්‍යයයි. ඒ රැලිවල උස්පහත් වීම් පවතින දේශපාලන වාතාවරණය අනුව අඩු වැඩි වෙනවා. මේ වෙලාවේ මේක ගැන කතා කරාම බලයේ ඉන්න පක්ෂයට වහල්කම් කරන මිනිස්සු මේක කියවගන්නෙත් පසුගාමී චින්තනයක් විදිහට. මීට සති කිහිපයකට කලින් ව්‍යක්ථ ලෙස සිංහල භාවිතා කිරීම ගැන දැඩි විවේචනයට ලක්වුනා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඒ වෙලාවේ රැල්ල ආවේ විපක්ෂයෙන්. මොන පක්ෂයට කඩේ ගියත් භෂාව, ඉතිහාසය වගේ විෂයන් පවතින දේශපාලන වාතාවරණය අනුව හෑල්ලු කිරීම ආයේ තමන් වෙතටම පරාවළල්ලක් බවට පත්වෙන්න තියෙන සම්භාවිතාව වැඩී. මොකද ඒවා රටක රාජ්‍යක පැවැත්මට සෘජුව බලපාන කරුණු නිසා. ඒ නිසා නිකන් අදහසක් සිල්ලරට ඉදිරිපත් කරන්න පුළුවන් වුන පලියට අදහස් ඉදිරිපත් කිරීමේදි ප්‍රවේසම් වෙන්න. ඒ නිසා කතාවට අප්පටසිරි වෙන ටෙක් සැවි ජෙනරෙශන්ස් නිර්මාණය කරන්න කතා දෙද්දි තියෙන හකුර නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩී. ඒවා ගොඩක් වෙලාවට මහා රැඩිකල් තීන්දු තීරණ වගේ පෙනුනට අමු ගොන් වැඩ.

From FB ( Don Supz)

[QUOTE="හෙළයෙක්, post: 30848434, member: 503645"] ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ කියලා ප්‍රශ්න කරද්දි මරු ප්‍රති ප්‍රශ්න කිහිපයක් ආවා. එකක් තමයි ලන්ඩන්, එඩෙක්සෙල් සිස්ටම්වල එහෙම නෑනේ කියලා. ඒ වගේ අධ්‍යාපන සිස්ටම් එකක් එක්ක රටක රජයක් විසින් ආයෝජනය කරලා පුරවැසියෙකු බිහිකිරීමේ අරමුණක් ඇතුව තියෙන අධ්‍යාපන ක්‍රමයක් සසඳන්න යන එකම විකාරයක්. ඒ කතාව පැත්තකින් තිබ්බොත් බ්‍රිතාන්‍ය මේ වෙලාවේ විශාල අනන්‍යතා අර්බුධයක් හදාගෙන තියෙන්නෙත්, සංස්කෘතීන් මුහුවෙන පරිසයක් වෙනුවට හුදෙකලාව අනෙක් වටිනාකම් ගැන තැකීමක් නොමැති ජන කණ්ඩායම් ඇතිවීමත් ඒ සමඟ අර්බුධ නිර්මාණයට මඟ පෑදෙන්නත් එක් හේතුවක් වෙලා තියෙන්නෙ ඔය ඉතිහාසය නැති කතාව. මේ ලොප් වීම ගැන බ්‍රිතාන්‍ය තුල පවතින දැඩි විවේචන ගැන හාංකවිසියක් නොදැන ඊට සමාන කරන්න යෑම විහිළුවක්. ඒත් එක්කම ඔය ක්‍රමයට ඉගෙනගත්ත එක්තරා නිළියකගෙන් ලංකාවට නිදහස ලැබුනේ කුමන වර්ෂයේද කියලා යම් වැඩසටහනක ප්‍රශ්න කරද්දි 1969 ලෙස උත්තර ලැබුන එකට ඔය ඉතිහාස ඇරියස් තියෙන බොහෝ දෙනා දෙස් දෙවොල් තිබ්බා මතකයි. ඇමරිකාව, ප්‍රංශය, චීනය, රුසියාව, ද.කොරියාව වගේ රටවල අවුරුදු 16 -18 වෙනකම්ම ඉතිහාසය අනිවාර්ය විෂයක් කරන හැටි අමතක කරලා විවේචනයට ලක්වෙන එඩෙක්සෙල් උදාහරණයම ගන්න එකත් මරු. ලංකාවේ ඉතිහාසය ඉගැන්වීමේ ක්‍රමය ගැන විශාල ගැටලු තියෙන බව ඇත්ත. ඉවත්කල යුතු කරුණු ගනනාවක් වගේම එක්කල යුතු කරුණු ගනනාවක් එක්ක නැවත මුල සිට සකස්කල යුතු විෂය නිර්දේශයක් බවත් ඇත්ත. නැවත සමාලෝචනයකට ලක්වී සකස්විය යුතු නිර්දේශයක් සහිත විෂයක් නැවත සකස් කරනවා වෙනුවට ඉවත් කරීම පිළිතුරක් නෙවෙයි. මේ සිද්ධිවලට අමතරව ලංකාවේ ඉතිහාසය ගැන තියෙන තරමක් වැරදි නිර්වචන, විකෘති බිහිවෙලා නොමඟ යවන සුළු තත්වයන් සහ ව්‍යාජ ඉතිහාසඥයන් බිහිවෙලා තියෙන අවධියක විෂය සංශෝධනය නොවී ඉවත් කිරීම ඊටත් වඩා අර්බුධ නිර්මාණය කරන තත්වයක්. ඉතහාසය ගැන නිවැරදි අවබෝධයක් නොමැති පොදු ජනයා නොමඟ යැවීම අතිශයින්ම පහසු වැඩක්. ඒ අර්ථයෙන් ගත්තම දේශපාලනිකව දුප්පත් වීමටත් සෘජුව බලපාන්නෙ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් නොමැති වීම. රටක රාජ්‍ය විසින් මෙහෙයන අධ්‍යාපනය ක්රමයේ එක් මුලීක අරමුණක් තමයි පුරවැසියෙක් බිහි කිරීම. හොඳට මතක තියාගන්න එතනදි අරමුණ හුදෙක් වැසියෙකු බිහි කිරීම නෙමෙයි 'පුර වැසියෙකු' බිහිකිරීම. පුරයට අයිති වැසියෙක් නිර්මාණය කිරීමේ මුලීක පියවර තමයි තමන් බෙදා හදාගන්න පොදු ඉතිහාසය (shared history) තුලින් නිර්මාණය වෙන පුරයේ අනන්‍යතාව පිළිබඳව හැඟීම. මේ අනන්‍යතාව බිහිවෙන්න වැසියා තුල ඉතිහාසය පිළිබඳව දැන හෝ නොදැන තැන්පත් වෙන දැනුම බලපානවා. ඒක දැනුවත්ව සිදුකරන්න රාජ්‍යන් යුහුසුළු වෙන්නෙ ඒ නිසයි. රැකියාවක්, අනාගත භාවිතාවක් සහිත තාක්ෂණික විෂයන් පමණක් උගන්වා රැකියා වෙළඳපල පමණක් ඉලක්ක කරගෙන අධ්‍යාපන ක්‍රම සකස් කරන්න රටක් රාජ්‍යක් යනු පෞද්ගලික ආයතනයක් නෙවෙයි. තාක්ෂණික විෂයන්වල පැවැත්ම ඉතිහාස විෂයේ පැවැත්මෙන් වියුක්තයි. මේ දෙකම පවතින්න පුළුවන් තත්වයක ඉතිහාසය ඉවත්කර තාක්ෂණික විෂයන් පැවතිය යුතුයි කියන තර්කය අර්ථ විරහිතයි. මේ තර්කයේම දිගුවක් විදිහට මම දැක්කා ඉතිහාසය පිළිබඳව විශේෂවේදි උපාධිය කරපු සමහරු අදහස් දක්වලා තිබුනා උපාධිය කරාට වැඩක් නෑ රස්සා නෑ කියලා. එතන තියෙන්නෙ රැකියාවක් කරන්න හිතන් ඉතිහාස විශේෂවේදි උපාධිය හදාරපු අයගේ ගැටලුවක් මිසක් ඉතිහාස විෂය ඉගැන්වීමේ ගැටලුවක් නෙවෙයි. ඉතිහාසය ගැන කතා කරද්දි ඉතිහාසය ගැන ඇරියස් වගේම වෙනත් විෂයන් ගැන කතා කරද්දි ඒ ඒ විෂයන්වලට අකමැති ඇරියස්කාරයොත් ඉස්මතු වීම සාමාන්‍යයයි. ඒ රැලිවල උස්පහත් වීම් පවතින දේශපාලන වාතාවරණය අනුව අඩු වැඩි වෙනවා. මේ වෙලාවේ මේක ගැන කතා කරාම බලයේ ඉන්න පක්ෂයට වහල්කම් කරන මිනිස්සු මේක කියවගන්නෙත් පසුගාමී චින්තනයක් විදිහට. මීට සති කිහිපයකට කලින් ව්‍යක්ථ ලෙස සිංහල භාවිතා කිරීම ගැන දැඩි විවේචනයට ලක්වුනා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඒ වෙලාවේ රැල්ල ආවේ විපක්ෂයෙන්. මොන පක්ෂයට කඩේ ගියත් භෂාව, ඉතිහාසය වගේ විෂයන් පවතින දේශපාලන වාතාවරණය අනුව හෑල්ලු කිරීම ආයේ තමන් වෙතටම පරාවළල්ලක් බවට පත්වෙන්න තියෙන සම්භාවිතාව වැඩී. මොකද ඒවා රටක රාජ්‍යක පැවැත්මට සෘජුව බලපාන කරුණු නිසා. ඒ නිසා නිකන් අදහසක් සිල්ලරට ඉදිරිපත් කරන්න පුළුවන් වුන පලියට අදහස් ඉදිරිපත් කිරීමේදි ප්‍රවේසම් වෙන්න. ඒ නිසා කතාවට අප්පටසිරි වෙන ටෙක් සැවි ජෙනරෙශන්ස් නිර්මාණය කරන්න කතා දෙද්දි තියෙන හකුර නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩී. ඒවා ගොඩක් වෙලාවට මහා රැඩිකල් තීන්දු තීරණ වගේ පෙනුනට අමු ගොන් වැඩ. From FB ( Don Supz) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom