ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ කියලා ප්‍රශ්න කරද්දි මරු ප්‍රති ප්‍රශ්න කිහිපයක් ආවා. එකක් තමයි ලන්ඩන්, එඩෙක්සෙල් සිස්ටම්වල එහෙම නෑනේ කියලා. ඒ වගේ අධ්‍යාපන සිස්ටම් එකක් එක්ක රටක රජයක් විසින් ආයෝජනය කරලා පුරවැසියෙකු බිහිකිරීමේ අරමුණක් ඇතුව තියෙන අධ්‍යාපන ක්‍රමයක් සසඳන්න යන එකම විකාරයක්.

    ඒ කතාව පැත්තකින් තිබ්බොත් බ්‍රිතාන්‍ය මේ වෙලාවේ විශාල අනන්‍යතා අර්බුධයක් හදාගෙන තියෙන්නෙත්, සංස්කෘතීන් මුහුවෙන පරිසයක් වෙනුවට හුදෙකලාව අනෙක් වටිනාකම් ගැන තැකීමක් නොමැති ජන කණ්ඩායම් ඇතිවීමත් ඒ සමඟ අර්බුධ නිර්මාණයට මඟ පෑදෙන්නත් එක් හේතුවක් වෙලා තියෙන්නෙ ඔය ඉතිහාසය නැති කතාව. මේ ලොප් වීම ගැන බ්‍රිතාන්‍ය තුල පවතින දැඩි ⁣විවේචන ගැන හාංකවිසියක් නොදැන ⁣ඊට සමාන කරන්න යෑම විහිළුවක්. ඒත් එක්කම ඔය ක්‍රමයට ඉගෙනගත්ත එක්තරා නිළියකගෙන් ලංකාවට නිදහස ලැබුනේ කුමන වර්ෂයේද කියලා යම් වැඩසටහනක ප්‍රශ්න කරද්දි 1969 ලෙස උත්තර ලැබුන එකට ඔය ඉතිහාස ඇරියස් තියෙන බොහෝ දෙනා දෙස් දෙවොල් තිබ්බා මතකයි.

    ඇමරිකාව, ප්‍රංශය, චීනය, රුසියාව, ද.කොරියාව වගේ රටවල අවුරුදු 16 -18 වෙනකම්ම ඉතිහාසය අනිවාර්ය විෂයක් කරන හැටි අමතක කරලා විවේචනයට ලක්වෙන එඩෙක්සෙල් උදාහරණයම ගන්න එකත් මරු.

    ලංකාවේ ඉතිහාසය ඉගැන්වීමේ ක්‍රමය ගැන විශාල ගැටලු තියෙන බව ඇත්ත. ඉවත්කල යුතු කරුණු ගනනාවක් වගේම එක්කල යුතු කරුණු ගනනාවක් එක්ක නැවත මුල සිට සකස්කල යුතු විෂය නිර්දේශයක් බවත් ඇත්ත. නැවත සමාලෝචනයකට ලක්වී සකස්විය යුතු නිර්දේශයක් සහිත විෂයක් නැවත සකස් කරනවා වෙනුවට ඉවත් කරීම පිළිතුරක් නෙවෙයි.

    මේ සිද්ධිවලට අමතරව ලංකාවේ ඉතිහාසය ගැන තියෙන තරමක් වැරදි නිර්වචන, විකෘති බිහිවෙලා නොමඟ යවන සුළු තත්වයන් සහ ව්‍යාජ ඉතිහාසඥයන් බිහිවෙලා තියෙන අවධියක විෂය සංශෝධනය නොවී ඉවත් කිරීම ඊටත් වඩා අර්බුධ නිර්මාණය කරන තත්වයක්. ඉතහාසය ගැන නිවැරදි අවබෝධයක් නොමැති පොදු ජනයා නොමඟ යැවීම අතිශයින්ම පහසු වැඩක්. ඒ අර්ථයෙන් ගත්තම දේශපාලනිකව දුප්පත් වීමටත් සෘජුව බලපාන්නෙ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් නොමැති වීම.

    රටක රාජ්‍ය විසින් මෙහෙයන අධ්‍යාපනය ක්‍රමයේ එක් මුලීක අරමුණක් තමයි පුරවැසියෙක් බිහි කිරීම. හොඳට මතක තියාගන්න එතනදි අරමුණ හුදෙක් වැසියෙකු බිහි කිරීම නෙමෙයි 'පුර වැසියෙකු' බිහිකිරීම. පුරයට අයිති වැසියෙක් නිර්මාණය කිරීමේ මුලීක පියවර තමයි තමන් බෙදා හදාගන්න පොදු ඉතිහාසය (shared history) තුලින් නිර්මාණය වෙන පුරයේ අනන්‍යතාව පිළිබඳව හැඟීම. මේ අනන්‍යතාව බිහිවෙන්න වැසියා තුල ඉතිහාසය පිළිබඳව දැන හෝ නොදැන තැන්පත් වෙන දැනුම බලපානවා. ඒක දැනුවත්ව සිදුකරන්න රාජ්‍යන් යුහුසුළු වෙන්නෙ ඒ නිසයි. රැකියාවක්, අනාගත භාවිතාවක් සහිත තාක්ෂණික විෂයන් පමණක් උගන්වා රැකියා වෙළඳපල පමණක් ඉලක්ක කරගෙන අධ්‍යාපන ක්‍රම සකස් කරන්න රටක් රාජ්‍යක් යනු පෞද්ගලික ආයතනයක් නෙවෙයි. තාක්ෂණික විෂයන්වල පැවැත්ම ඉතිහාස විෂයේ පැවැත්මෙන් වියුක්තයි. මේ දෙකම පවතින්න පුළුවන් තත්වයක ඉතිහාසය ඉවත්කර තාක්ෂණික විෂයන් පැවතිය යුතුයි කියන තර්කය අර්ථ විරහිතයි. මේ තර්කයේම දිගුවක් විදිහට මම දැක්කා ඉතිහාසය පිළිබඳව විශේෂවේදි උපාධිය කරපු සමහරු අදහස් දක්වලා තිබුනා උපාධිය කරාට වැඩක් නෑ රස්සා නෑ කියලා. එතන තියෙන්නෙ රැකියාවක් කරන්න හිතන් ඉතිහාස විශේෂවේදි උපාධිය හදාරපු අයගේ ගැටලුවක් මිසක් ඉතිහාස විෂය ඉගැන්වීමේ ගැටලුවක් නෙවෙයි.

    ඉතිහාසය ගැන කතා කරද්දි ඉතිහාසය ගැන ඇරියස් වගේම වෙනත් විෂයන් ගැන කතා කරද්දි ඒ ඒ විෂයන්වලට අකමැති ඇරියස්කාරයොත් ඉස්මතු වීම සාමාන්‍යයයි. ඒ රැලිවල උස්පහත් වීම් පවතින දේශපාලන වාතාවරණය අනුව අඩු වැඩි වෙනවා. මේ වෙලාවේ මේක ගැන කතා කරාම බලයේ ඉන්න පක්ෂයට වහල්කම් කරන මිනිස්සු මේක කියවගන්නෙත් පසුගාමී චින්තනයක් විදිහට. මීට සති කිහිපයකට කලින් ව්‍යක්ථ ලෙස සිංහල භාවිතා කිරීම ගැන දැඩි විවේචනයට ලක්වුනා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඒ වෙලාවේ රැල්ල ආවේ විපක්ෂයෙන්. මොන පක්ෂයට කඩේ ගියත් භෂාව, ඉතිහාසය වගේ විෂයන් පවතින දේශපාලන වාතාවරණය අනුව හෑල්ලු කිරීම ආයේ තමන් වෙතටම පරාවළල්ලක් බවට පත්වෙන්න තියෙන සම්භාවිතාව වැඩී. ⁣මොකද ඒවා රටක රාජ්‍යක පැවැත්මට සෘජුව බලපාන කරුණු නිසා. ඒ නිසා නිකන් අදහසක් සිල්ලරට ඉදිරිපත් කරන්න පුළුවන් වුන පලියට අදහස් ඉදිරිපත් කිරීමේදි ප්‍රවේසම් වෙන්න. ඒ නිසා කතාවට අප්පටසිරි වෙන ටෙක් සැවි ජෙනරෙශන්ස් නිර්මාණය කරන්න කතා දෙද්දි තියෙන හකුර නැති වෙන්න තියෙන ඉඩකඩ ⁣වැඩී. ඒවා ගොඩක් වෙලාවට මහා රැඩිකල් තීන්දු තීරණ වගේ පෙනුනට අමු ගොන් වැඩ.

    From FB ( Don Supz)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අවුරුදු 10 ක් වැඩ කරා

    තාම එකෙක් ඇහුවේ නෑ පරාක්‍රම බාහුගේ අම්මා කව්ද කියලා
    තාම එකෙක් ඇහුවේ බුද්දගේ පුංචි අම්මට කියපු සුත්තරේ මොකද්ද කියලා

    හැබැයි
    ලංකවේ 90% ක් උන් money manage කරන හැටි, invest කරන හැටි, responsible විදියට social media use කරන හැටි දන්නේ නැ.

    වෙන රට වල syllabus වල social media වල fake news අදුරගන්න හැටි පවා තියෙනවා.

    ඒ උනාට මොකද අපේ උන්ට මහා වන්සේ කට පාඩම් නේ

    මේකෙ කැරි හැල්ලක් ලියලා තියෙනවා .. එක නම් කියෙව්වේ නෑ... ඉතිහාසය අමතර විෂයක් කරපු එක වැරදියි.
    news එක නම් කියෙව්වේ නැ.
    අයින් කරලා නැනේ. ඔච්චර්ර ඕන කමක් තියෙන උන් ඉන්නවා නම් තෝරාගෙන කරන්න තියෙන්නේ.
    ------ Post added on Jul 17, 2025 at 5:55 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728

    ඉතිහාසය
    නීතිය
    මූල්‍ය දැනුම
    ලජබට ජෙන්ඩර් ස්ටඩීස්

    හතරම එකතුකරලා සමාජ අධ්‍යන විශයක් හැදුවා නම් හරි 😎
     
    • Like
    Reactions: Fiona Dabare

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    කුහක ජෙප්පො ඉතිං රටට කරොත් කරන්නේ ඔය වගේ වැඩක් තමා..ඒ කාලේ ඉඳන් ඔහොමනේ..දැන් ඵනවා ඒවා විතරක් වෙනස් කරන්න..

    • Like
    Reactions: Asmodeus and saja

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    මේකෙ කැරි හැල්ලක් ලියලා තියෙනවා .. එක නම් කියෙව්වේ නෑ... ඉතිහාසය අමතර විෂයක් කරපු එක වැරදියි.

    මෙය අන්ත ලිබරල් මතවාදයක් ක්‍රියාත්මක කරන්න ගන්න පියවරක්.
    රටේ ඉන්න සියලු පුරවැසියන්ගෙන් කාටවත් මෙහි අවුරුදු දහස් ගනක් හිටපු නිසා රටට වැඩි බැදියාවක් හා සමබදතාවක් ඇතිවීම ඉවත්කරල රටේ ඉන්න ඔක්කොම නියුට්‍රල් කරල සලකන්නයි එහෙම ඉතිහාසෙ ඉග්නො කරන්නෙ.

    ක්‍රමයෙන් ඉතිහාසෙ හැලුවම ඓතිහාසික බව කියල දැන් වගේ වැඩි උරුමයක් කියන්න අමරුයි. රටේ ඉන්න සියලු ජන වර්ග ඉතිහාසයෙන් වියුක්තව සාමාන්ය අයිතියක් ලබනවා.සින්හල කියල ලොකු ඉතිහාසෙයක් තියෙනවා අරව මේව සීන් අදාල නෑ .ඓතිහාසික පදනම් කියල වෙනත් ජනකොට්ටාසයක් අභිභවා රටේ වැඩි අයිතිවාසිකම් ඉල්ලන්න බෑ

    කොටින්ම, ඓතිහාසික පදනම් ඩිලීට් කරාම ඒ ජනවර්ගයත් ඒ රටට ආගන්තුක වෙනවා. When history is ignored or deleted that national or group of people becomes Alians. Then Sinhalese and even recently immigrated ones are same and equal.
    ------ Post added on Jul 17, 2025 at 6:16 AM
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93

    අනේ මන්දා බං... ඉතිහාසය දැනන් ඉන්න එක හොඳයි. අවුරුදු 2500ක ඉතිහාසයක් අපිට තියෙනවා කියලා උදම් අනන එක මෝඩ වැඩක්.
     
    • Like
    Reactions: CohenLenstra

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    මෙය අන්ත ලිබරල් මතවාදයක් ක්‍රියාත්මක කරන්න ගන්න පියවරක්.
    රටේ ඉන්න සියලු පුරවැසියන්ගෙන් කාටවත් මෙහි අවුරුදු දහස් ගනක් හිටපු නිසා රටට වැඩි බැදියාවක් හා සමබදතාවක් ඇතිවීම ඉවත්කරල රටේ ඉන්න ඔක්කොම නියුට්‍රල් කරල සලකන්නයි එහෙම ඉතිහාසෙ ඉග්නො කරන්නෙ.

    ක්‍රමයෙන් ඉතිහාසෙ හැලුවම ඓතිහාසික බව කියල දැන් වගේ වැඩි උරුමයක් කියන්න අමරුයි. රටේ ඉන්න සියලු ජන වර්ග ඉතිහාසයෙන් වියුක්තව සාමාන්ය අයිතියක් ලබනවා.සින්හල කියල ලොකු ඉතිහාසෙයක් තියෙනවා අරව මේව සීන් අදාල නෑ .ඓතිහාසික පදනම් කියල වෙනත් ජනකොට්ටාසයක් අභිභවා රටේ වැඩි අයිතිවාසිකම් ඉල්ලන්න බෑ

    කොටින්ම, ඓතිහාසික පදනම් ඩිලීට් කරාම ඒ ජනවර්ගයත් ඒ රටට ආගන්තුක වෙනවා. When history is ignored or deleted that national or group of people becomes Alians. Then Sinhalese and even recently immigrated ones are same and equal.
    ------ Post added on Jul 17, 2025 at 6:16 AM

    ගාසා තම්බි දන්නෙත් නෑ ඇත්ත ඉතිහාසය.
    හැමෝටම නිජබිම් අයිතිය ඉල්ලන්න ලේසියි ඉතිහාසය විකෘති කරහම.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    ගාසා තම්බි දන්නෙත් නෑ ඇත්ත ඉතිහාසය.
    හැමෝටම නිජබිම් අයිතිය ඉල්ලන්න ලේසියි ඉතිහාසය විකෘති කරහම.

    Ow eka atta.

    History amathaka karahama Ratey wadi ayithiwasikamak katawath naha tamai. sinhala ekai 2020di aapu Rohingaya Saranagathayoyi samanai.

    Sinhalu th Saranagatha level watenawa.
    sinhalu = Rohingaya saranagathayo
    😂😂😂
     
    • Like
    Reactions: CohenLenstra

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    ඉතිහාස ය ගොඩක් සබ්ජෙට් වල පාඩම් විදියට එකතුවේවි.අපිත් ඉතිහාසය ඉගෙන ගත්තට ඒවා ඒ දවස්වාලම් ග්‍රීක් වගේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    Ow eka atta.

    History amathaka karahama Ratey wadi ayithiwasikamak katawath naha tamai. sinhala ekai 2020di aapu Rohingaya Saranagathayoyi samanai.

    Sinhalu th Saranagatha level watenawa.
    sinhalu = Rohingaya saranagathayo
    😂😂😂

    රාවණා කොහෙද යකෝ කල්ලතෝනි වෙන්නේ.
    පල්ලියෙන්ද තොට ඉතිහාසය ඉගැන්නුවේ 🤣
     
    • Haha
    Reactions: deanXX and Alexb

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මොකද්ද එහෙනන් කරලා තියෙන්නේ

    හරියට බලපන්කො මොකක්ද කරල තියෙන්නෙ කියලා.

    මම අහපු විදියට 10 වසරට අඩු පන්ති වලට ඉතිහාසය අනිවාර්යයි.

    එහෙම නැද්ද?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    කොහොමත් LGBTQ promotion කරන විදිහට ඉතිහාසයක් ඉතුරු කරන එකක් නෑ😁
    Gay, Les ලට Sri Lanka ඉතිහාසෙ අලුතෙන් ලියන්න වෙනවනෙ 2024 ඉදන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    හරියට බලපන්කො මොකක්ද කරල තියෙන්නෙ කියලා.

    මම අහපු විදියට 10 වසරට අඩු පන්ති වලට ඉතිහාසය අනිවාර්යයි.

    එහෙම නැද්ද?
    විභාගෙට විකල්ප කරලා තියෙන එක ගැන තමා මේ කතා කරන්නේ. සාමාන්‍යෙයන් විකල්ප විෂයන් කියන්නේ එහෙම ඒවට.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113

    රාවණා කොහෙද යකෝ කල්ලතෝනි වෙන්නේ.
    පල්ලියෙන්ද තොට ඉතිහාසය ඉගැන්නුවේ 🤣

    රාවන කොහොමත් කල්ලතෝනි නොවෙයි හැබයි ඉන්දියන් රාවන කලල්තෝනි බන්. ලංකාවට කිසි සම්බන්ධයක් නැති රාවනයෙක් අල්ලගෙන නටන නාඩගම සහ ඉතිහාසය ඉවත් කිරීම හින්දා තව අවුරුදු විස්සක් යනකොට කැමැත්තේ නම් ඉන්දියාව එක්ක එකතු වෙයි අපේ හැත්ත.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අපේ කාලෙත් එහෙමනේ බන් තිබ්බේ...
    සින්හල,ගණිතය,ආගම,විද්‍යාව.
    සමාජ ඇධ්‍යනය,චිත්‍ර/සන්ගීත, කොමස්, ඉන්ග්‍රිසි
    අතිරෙකව,
    දෙමල, ඉතිහාසය, ඉන්ග්‍රීසි ලිට්,සින්හල ලිට් +++ වගේ එවයින් 2ක් තොරගන්න. විභාග ලියන්න ඔනේ නෑ
    දැන් කොහොමද තියෙන්නේ

    ඔය මගුල් කරල වැඩ්ක නෑ බන්, 9 වසරෙන්වත් වුර්තියකට ලමයි පුරුදුකරන්න ඔනේ..
    හැමොම දොස්තර ඉන්ජො කරන එක නේමේ..
    දක්ශ වැඩ්ඩො ඔනේ, නැත්නම් 18 පැන්නම 3වීල් තමා
     
    • Like
    Reactions: chamira85