ඉදිරිපත් කරවීම හා වීම……
ඉස්සෙල්ලම කියන්න ඕන මම ම තමයි The Last Row එකෙත්
"ඉදිරිපත් කරවීම හා වීම…… " විදියටම මේ කතාව ලියුවේ කියලා..
අනේ මන්ද මට කොහෙ ගියත් මගේ මොන කරුමෙකටද මන්ද යන තැනක ඉදිරිපත් වෙලා වැඩ කරන්න වෙන්නෙ මටමයි.හැබැයි ඒකෙන් එහෙමකට කියල නරකක් වෙලා නම් නැහැ.
මේ කියන්න යන්නෙත් ඒ වගේ එක අවස්ථාවක් ගැන…
කියුවට තරහ වෙන්න එපා මම මේ කස්ටියව සේප් එකේ එන්ටර් කරන්න යන්නෙ පාසල් කාලෙ කතාවකටම තමයි අහලම එපා වෙලාද මන්දා…
අහ් එහෙම අවුලක් නැද්ද එහෙනම් කියන්නම්..අර බෝල කතාවෙදි මම කියුවනේ මගේ ඉගෙනීම සිදු වුනේ පිරිමි පාසලක කියලා.එහෙම කියුවට අවාරෙට වැටෙන පොල් වගේ 4000කට 1ට අනුපාතයකට වගේ කෙලි පොඩ්ඩියක් පාසල තුළින් දැක ගැනීමේ විරල අවස්ථාවක් අපිට තිබුනා.මොකද අපේ පාසලෙත් ගුරුවරු කීපදෙනෙක්ට පරිවාස නිවාස දීල තිබුනා.ඒ එක නිවසක තමයි අර දැරවි සිටියේ.පිරිමි පාසල් වල ඉන්න ගැහැනු ගුරුතුමීල ගැන කියන්න ඕන නැහැ නේ.දුම්මල වරම අතේ තියා ගත්ත ගමන් ම තමයි.ඕකෙනුත් ටොප් රේටින්ස් වලම හිටිය ගුරුතුමීගේ පොඩි දූ තමයි අර දැරවි.ඉතින් කෙල්ල දිහා හැරිලවත් බලන්නෙ එහෙමත් එකෙක් තමයි.
(කියුවට ඔක්කොම වගේ හොරෙන් බලනවා)
ඔන්න දැන් කතාවට එනවා.මේ සිද්දිය වෙනකොට අපි අටේ කැලෑසියේ.ඉතින් වෙසක් මාසේ පොහොය ට කිට්‍ටු වෙනකොට අර කූඩු තරඟ ඒව මෙවා තියෙනවනේ.අපේ පාසලෙත් එහෙමයි.හැම වසරකින්ම හොදම කූඩුව ගානෙද කොහෙද තේරුවා.ඉතින් හැමදාම වෙසක් වලට කරන ඔය වැඩෙන් පන්ති දෙක තුනක හිත් නොහොඳ වෙලා හරි නැත්තම් එකම පන්තියෙ උන් හිත් නොහොඳ කරන් තමයි වැඩේ කෙලවරක් දකින්නේ.ඒ කාලෙට ළං වෙද්දි රහසෙන් තමයි වැඩ යන්නේ.ඔන්න ඉතින් අපේ පන්තියෙ සෙට් එකත් පිල් වලට බෙදිල වැඩ එහෙම හොර රහසෙ සම්පාදනය කලා.ලීඩර් විදියට හිටියෙ “වැල මයිනා” කියල ඩයල් එකක්.පොර තමයි මොනර වගේ පිල් විහිදන් ඩාන්ස් දදා අනික් කාන්ඩ වලට කටයුතු පැවැරුවේ.කොහොමත් එක අවුරුද්දක මූලිකත්ත්වය ගත්ත එකෙක් වැරදිලා වත් ආයේ ඔය වැඩේට අත ගැහුවෙ නැහැ.
ඔන්න දැන් මේ මයිනාත් වැඩේ දෙල් නෙවෙන විදියට(කියුවට හැමදාම දෙල් වෙනවා) සව් කොල පාටවල් තෝරල,ගෙන ආයුතු කන්ඩායම් වලට ඒවා පැවරුවා,තව උන්ට පාප්ප,කම්බි(උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන යටතේ හදාගෙන එන විදියත් කියනවා නැත්තම් මුන් රොටි බෝල අරන් එන්නේ) ඉතුරු මොනවද… ඔව්.ඔව්.. උණ බම්බු නේ, ඒව තමයි අපේ කාණ්ඩෙට වැටුනේ.ඔය ඔක්කොටම අමතරව තව සෙට් එකක් දාලා තිබුනා කැලෑසියෙ දොර ගාව සිකියුරිටි වැඩේට.වෙන පන්තිවලින් එන උන්ව බලා ගන්න හා ආගන්තුක සත්කාර කන්න.
ඔන්න ඉතින් අර දවස ආවා ඔන්න ඉතින් කස්ටියම ප්ලෑනෙ විදියට වැඩ කරල තියෙනවා.මයිනටත් හරි සතුටුයි.තම තමන්ට බාර දීලා තිබුණ ගැජට් කෑලි ටිකත් මේස උඩ තියාගෙන මේසෙට තට්‍ටු දදා ඉන්නවා.ඒත් කොහෙ හරි පරහක් තිබුනා.මොකද මේසෙට තට්‍ටු දදා ඉන්නවා ඇරෙන්න එකෙක් වත් වැඩක් පටන් ගන්න පාටියක් තිබුනෙ නැහැ.කොහෙද අවුල.වැල මයිනා කෙලවරක ඉඳන් චෙක් කොලන් ඇවිත් අන්තිමට නතර වුනේ උණ බටේ ගෙනාපු එකා ගාව ඒ කියන්නෙ අපි ගාව.“ඇයි බං වැඩ පටන් ගනින් කෝ.ඔය තට්‍ටු දැමිල්ල නවත්තල..“
(ඒ කාලේ පන්තියෙ එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනික් උන් ඔක්කොම දොඩම් ගෙඩි දෙකට වඩා පොඩ්ඩනෙ උස කියල කියන්න ඕන නැහැ නේ…)
මුගේ මේ කියමන අහපු ශෙලියට උණ බටේ ගෙදර ඉඳන් උස්සගෙන ආපු එකාට මල පැන්න.“දැන් උඹ ඉස්සෙල්ලම කියපන් කාටද කියුවෙ කියලා පොල් පිහියක් (මන්න පිහිය කියලත් කියනවා)ගේන්න කියලා.ආන්න ඌ එනකම් තමයි අපි මේ බලන් ඉන්නේ..”ඔතනින් එහා උන දේවල් මම කියන්න යන්නෙ නැහැ.අන්තිමට ඉතින් පිහිය සම්බන්ධ වගකීම ඒ කියන්නෙ පිහිය සොයා ගැනීම පැවරුනේ උණ බට සෙට් එකට.කොහෙන් හොයන්නද පිහි,

වෙන පන්තියක උන් ගෙන් දැන් පිහියක් මලාට හම්බෙන්නෙත් නැහැ.තරඟයක් නේ..හොයා ගන්න දිහාවකුත් නැහැ කියල හිත හිත ඉන්න කොට එකෙක්ට මතක් උනා අර පරිවාස ගෙවල් ගැන.
(මට මතක නැහැ ඒකත් මටමද මතක් උනේ කියලා).
“ගෙවල් තියෙනවනම් මිනිස්සු ඉන්නවා.
මිනිස්සු ඉන්නව නම් පොල් කනවා.
පොල් කන්න පොල් බිඳින්න ඕන
(ගලේ ගහල පොල් බිඳින්න පුළුවන් කියන ඒවනම් දැන් කියන් එන්න එපා )
පොල් බිදිනව නම් පොල් පිහියක් තියෙනවා..
කොහොමද ටිකිරි මොලේ…”
ඔන්න දැන් අපි සෙට් එක යනවා පිහිය ඉල්ලන්න.කලින්ම තීරණය කරගෙන ගියේ ආයේ පිහියක් නැතුව පන්තිය පැත්තෙ එන්නෙ නැහැ කියල.එහෙම ගියාට දැන් බයයි.ඔය ගෙවල් දෙකේම ඉන්නේ.ඉස්කෝලෙ ඉන්න සැරම ගුරුතුමීල දෙන්න.ඔය ගෙවල් වල තියෙන ගස් වල මල්,මල් වලින් හැදෙන ගෙඩි (පේර වගේ ඒවා)මොනම හේතුවකටවත් අඩු උනේ නැහැ..මම ඕක කියුවෙ ගුරුතුමීලගෙ තරම කියන්න.ඉතින් අපි 10,20 එහෙම ගැනල දෙන්නගෙන් සැර අඩුම ගුරුතුමී ගේ ගෙදරට ඉස්සෙල්ලම ගියා.හය දෙනෙක් ගියා.ගුටි කෑවත් එකටනෙ කියලා..බෙල් එක 1 පාරක් ගැහුවා…ප්‍රතිචාරයක් නැහැ.2 පාරක්..3පාරක්…4….5 පාරක්……ප්‍රතිචාරයක්ම නැහැ.ඒ ගෙදර එකෙක් වත් නැහැ ඒ වෙලාවේ.
දැන් ඉතුරු වෙලා තියෙන්නෙ එක ගෙයයි.අප්පා ටොප් රේටින්ස් ගුරුතුමීගේ ගෙදර පණබයේ ගැහි ගැහී ඒ ගෙදරත් ගියා ඉතින් වෙන මොනව කරන්නද,
මට ලාවට වගේ මතකයි කස්ටිය දොර ගාවට ගිහින් බෙල් එක ගහනවද නැද්ද කියල කොච්චර දඟලලද බෙල් එකෙ ගැහුවෙ කියලා.බෙල් එක ගහද්දි දොර ගාවම හිටියෙ මම.මොකා නමුත් බෙල් එක ගහපු එකා ඒක නොහොබිනා විදියටම ගැහුවා..ටක…ටකස්… දොරේ අගුල කැරකුනා.දොර ඇරුනා.මම බිම බලාගෙනම
“මිස් අ..පි..ට…පොල්/මන්න පිහියක් දෙන්න පුලුවන්ද? ” කියල අහනකොට මෙන්න “අපි කියුවට මෙතන ඉන්නෙ එක්කෙනයි නේ කියපි..”
මට පිටිපස්සෙ හිටපු උන් ටික වාෂ්ප වෙලා…වොයිස් එක එච්චර ළාමක ඇයි කියල බලන්න මම ඔළුව උස්සල බැලුව/ඇත්තටම බැලුනා.ඒ ලස්සන සුදු රවුම් මූණ,ලස්සන දත් ටික,හිනාව,මල් මල් ගවුම…දෙවියනේ මේ අර ගෑණු ළමයා.

මට ඉතින් ඉහේ මෙවුවා එකක් පිපුන වගේ.“ගේ ඇතුලෙන් ඉඳගෙන ඉන්න මම පිහියක් ගෙනත් දෙන්නම් කියුවා“ මම ඇතුලට නම් ගියා පුටු වල ඉද ගන්නවත් සිහි කල්පනාවක් තිබුනෙ නැහැ.ටික වෙලාවකින් මොට්ටම මොට්ට පිහියක් අරන් ඒ ළමයා ආවා.“අනේ අපේ ගෙදර පොල් බිඳින්න ගන්නෙ මේක තමයි,ඔය වැඩේට මේ පිහිය හරියයිද කියල” අහන්.“කමක් නැහැ මුවත් තියාගෙන හරි ගන්නම් වගේ කතාවක් මට කියවිල තිබුනා.”කොහොම හරි ස්තූති කරල පිහියත් ඉක්මණින්ම ගෙනල්ල දෙන පොරොන්දුව උඩ මම ආවේ.කූඩුව හදනවටත් වඩා වැඩි වෙලාවක් ගියේ අර පිහිය මුවත් තියන්න.
ඔක්කොම උන් වාෂ්ප වෙල තිබුනත් එකෙක් පදුරකට මුවා වෙලා ඉඳල තියෙනව මම ගුටි කෑවොත් උස්ස ගෙනවත් යන්න කියලා ඒ වෙන එකෙක් වත් නෙමෙයි මගෙ හොඳම යාළුවා. කොහොම හරි පන්තියට යනකොට පන්තියම දන්නවා කේස් එක.ඒකෙන් උනේ ආයෙ මට පිහිය රිටන් කරන්න අවස්ථාවක් නොලැබීමයි.ඒක ගිහින් දෙන්න තමයි ඊට පස්සෙ පොරේ තිබුනේ.කොහොම හරි පන්තියම ගියා ස්තූති කරල පිහිය බාර දෙන්න.ඒත් බාර ගන්න ආවේ අර දැරවි නෙමෙයි එයාගෙ සීයා …..දුක තමා…..
මට මතකයි පිහිය දීපු එකා එදා ගේ ඇතුලටත් ඔළුව දාලා බැලුව හැටි …පව්…
මට අද වෙනකන් බැරි උනා එදා අර ගෙදර නොහොබිනා විදියට බෙල් එක ගහපු එකාව හොයා ගන්න……