පාසලේ ලාංඡනය භාවිත කරමින් සංවිධාන කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එලෙස භාවිත කෙරෙන උත්සවය වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද 2026/10 දරන චක්‍රලේඛයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා බලය පවරා තිබේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රධාන පාසල්වල පැවැත්වෙන මහා ක්‍රිකට් තරගවලදී දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවන බවට දෙමාපියන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ලවී ඇත.
ඒ අනුව පාසල් ලාංඡනය සහිතව පැවැත්වෙන ඕනෑම වැඩසටහනක් පාසල් උත්සවයක් ලෙස සැලකෙන බවත් මින් ඉදිරියට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
එමෙන්ම මෙම තීරණය දැඩි ලෙස අධීක්ෂණය කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්ය.
https://sinhala.adaderana.lk/news/250992
මොනවද බන් මේ අඩු කුලේ වැඩ.. තනිකර Communist Agenda නේ.. අඩු කුලේ උන්ගේ ඇරියස් වැඩ
