fb eke tibbe
https://www.facebook.com/PattaVideos/posts/801599549861556
AMAZON LANKA ගෙන යන E-MONEY ප්‍රෝඩාව....
Amazon Lanka ගැන ගොඩක් අය අහලා ඇති ටීවී රේඩියෝ නිව්ස්පේපර් ඇඩ් දානවා අන්තර්ජාලය හරහා මාසෙකට ලක්ෂයක් හොයන්න දවසින් කියලා දෙනවා කියලා.මේක තනිකරම සක්විති කරපු වැඩේ හා සමාන වංචාවක්.ඉන්ටනෙට් කම්පියුටර් ගැන මෙලෝ හසරක් නොදන්න,ආදායම් මාර්ගයක් නැති අසරණ මිනිස්සුන්ගේ සල්ලි ගරාගන්න වැඩක්.මේ වංචාව ගැන මම සැහෙන කාලෙක ඉඳන් විස්තර හොයන්නේ මේකනේ රැවටෙන මිනිස්සුන්ව බේරගන්න පුළුවන් දෙයක් කරන්න.දැනට මම හොයාගත්ත විසතර ටික දාලා ඉක්මන් පෝස්ට් එකක් දාන්න හිතුවා.මේ දවස්වල ඊ මනි ගැන ලොකු පිබිදීමක් තියන වෙලාවේ Amazon Lanka හොරුන්ගේ වංචාවට අහුවෙන අයව බේරගන්න එකයි මේකේ ප්‍රධාන අරමුණ.මුලින්ම මේ අයගේ ඇඩ් එකක් බලන්න
මේ ඇඩ් එක දැක්ක ගමන් මේ ගැන නොදන්න කෙනෙක්ට රු 5500ක් වියදම් කරාට මොකද මාසෙට රු80,000 ක් ලක්ෂයක් හොයන්න පුලුවන්නේ කියලා හිතෙයි.හරි මම එකින් එක කියන්නම් Amazon Lanka වංචාව ගැන.
මුල්ම දේ ඔය එක්දින වැඩමුලුවට යන කෙනෙක්ට රු 100ක් වත් හොයන්න වෙන්නේ නෑ.
වෙබ් ඩිසයින්ග් ගැන මහලොකුවට කතාකරන මෙයාලගේ සයිට් එකට ගිහින් බලන්න මොන්ටිසෝරි මට්ටමේ වෙබ් සයිට් එකක් දැක ගන්න පුලුවන් වෙයි.
ඇත්තටම මේ අය කරන්නේ මොකද්ද?
Amazon Lanka හොරුන්ගේ ටාගට් එක තමයි ඉන්ටනෙට්,ඊමනි ගැන අවබෝධයක් නැති වැඩි පිරිසක් මේකට ගෙන්නගෙන වැඩියෙන් සල්ලි ගරන එක.කොටින්ම මේකට යන්නේ ඊමේල් එකක් යවාගන්න බැරි,හරියට ගූගල් පාවිච්චි කරන්නවත් දැනුමක් නැති අය.එහෙම අයට මේ ටොෆිය කවන්නේ මෙහෙමයි.
1.බක්ස් සයිට් ගොඩක රෙජිස්ටර් කරවලා ඒවායෙන් මෙච්චර ඇඩ් ගානක් ක්ලික් කරලා දවසට එකකින් මෙච්චරයි එතකොට මේ සයිට් සේරගෙන්ම මාසෙට මෙච්චරයි කියලා ගනන් හදලා පෙන්නන එක.(ඇඩ් ක්ලික් කියන්නේ ඊමනි වල මොන්ටිසෝරි වැඩක්.ඕකෙන් දවසකට රු 10ක් වත් හොයන්න බෑ කියලා දන්න අය දන්නවා.ඇඩ් ක්ලික් කරන වැඩෙන් ගානක් හොයන්න පුළුවන් එකම විදිහ රෙෆරල්ලගෙන්.Amazon Lanka හොරුන්ගේ extra ආදායම් මාර්ගය තමා තමන්ගේ ඇඩ් ක්ලික් රෙෆරල් ලින්ක් වලින් එන අයව රෙජිස්ටර් කරවලා ඒකෙන් ගානක් හොයන එක.)
2. ඊළඟට කරන්නේ fiverr,freelancer,odesk වගේ සයිට් වල රෙජිස්ටර් කරවන එක.මේ සේරගෙම තියා fiverr විතරක් ගත්තොත් නවකයෙක්ට ඕක ගැන විස්තර කියලා දීලා ගිග් එකක් හදන්නේ කොහොමද?/ඕඩර් ගන්න ට්‍රික්ස් මොනවද?/ඕඩර් එකක් කම්ප්ලීට් කරන්නේ කොහාමද? ඔය වගේ දේවල් සේරම දැනගන්න ඕනේ Fiverr වලින් හොයන්න නම්.ඔය සේරම දේවල් දවසින් කියලා දෙනවා කියන්නේ තනිකරම විහිළුවක්.Amazon Lanka හොරු කරන්නේ ඔය සේරම සයිට් ගැන විනාඩි ගානක විස්තරයක් කියලා එකවුන්ට් එකක් හදලා දෙන එක.
3.ඊළඟට එන අයට මිල කල කරන්න බැරි තරම් වටින කියලා පෙන්වන සත පහක් නොවටින දේවල් ගොඩක් දෙන එක.
payoneer card එක(නොමිලේ ඇප්ලයි කර ගෙදරට ගෙන්වා ගත හැක)
software collection (මේ තියෙන්නේ ඒ දෙන CD එකේ folder එක)
photo credit goes to
http://www.elakiri.com/dilshan87
Bank Information කියන folder එක
photo credit goes to
http://www.elakiri.com/dilshan87
මේ සේරම ගූගල් හරහා හොයා ගන්න පුළුවන්
Satellite TV folder එක
photo credit goes to
http://www.elakiri.com/dilshan87
Google search කරානම් මේ වගේ ඒවා ඕනෙ තරම් හොයාගන්න පුළුවන්
Software collection එක
photo credit goes to
http://www.elakiri.com/dilshan87
මුල් ලිපියේ දක්වලා තියෙන විදිහට ඔය හයිලයිට් කරලා තියෙන folder එකේ free download software download කියන folder එක මේ තියෙන්නේ
photo credit goes to
http://www.elakiri.com/dilshan87
uTorrent ගැන දැනගන්න රු5500ක් වියදම් කරන්න ඕනෙද?
ඔය තියෙන සේරම Google එකේ සර්ච් කරලා බලන්න.සේරම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
4.ඔන්ලයින් බැංකු ගිණුම් (payoneer,paypal සේරම නොමිලේ රෙජිස්ටර් වෙන්න තියන ඒවා)
දැන් තේරෙන්න ඇතිනේ Amazon Lanka සල්ලි ගරාගන්න කරගෙන යන වංචාව.මේ වගේ දේවල් ගැන බලධාරීන් පියවරක් නොගන්න එක ගැන ඇත්තටම දුකයි.රස්සාවක් නැතුව ගෙවල්වලට වෙලා ඉන්න මිනිස්සුන්ව මුලා කරලා දවසට ලක්ෂ ගානෙන් සල්ලි ගරන එක ලොකු අපරාධයක්.Amazon Lanka ලංකා ගැන ලොකුවට ඇඩ් දාන රේඩියෝ චැනල් වල නෝනලා මහත්තයලා ඊමනි කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ ෂුවර් එකටම.දැන් මේ ඇඩ් ටීවී එකෙත් දානවා.මේ ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එක මේක බලන ඔයාලගේ වගකීම.තමන්ට බ්ලොග් එකක් තියනවනම් මේ පෝස්ට් එක එහෙන් පිටින්ම කොපි කරගෙන දැම්මත් කමක් නෑ.හැකියාවක් තියනවනම් මුල් ලිපිය E-Dollar බ්ලොග් එකේ කියලා අවසාවෙට ලින්ක් එකක් දාන්න.බැරි නම් ඒත් කමක් නෑ.facebook වල පුලුවන් තරම් ෂෙයාර් කරන්න.නොදන්න කමට අමාරුවේ වැටෙන අයව බේරගන්න.
මේ තියෙන්නේ මම pictures අරන් තියන
elakiri.com තිබුන හොඳ ලිපියක්
http://www.elakiri.com/forum/showthread.php?t=1591096
මේ තියෙන්නේ **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** තියෙන තවත් ලිපියක්
Amazon Lanka බොරු ප්රචාරණයේ රෙදි ගැලවීම
අවසානෙට පොඩි දෙයක් කියන්නම්.ඇත්තටම ඊමනි වලින් මාසෙට ලක්ෂයකට වඩා හොයන්න පුළුවන්.ඒක විහිළුවක් නෙවේ.හැබැයි මේ වගේ වංචා වල්වලට අහුවෙලා නෙවේ.මගේ බ්ලොග් එකේ Fiverr ගැන සම්පූර්නයෙන් ලිපි දැනටමත් තියනවා.
මෙතනින් ගිහින් බලන්න
අනිත් දේවල් ගැනත් වෙලාව ඇති විදිහට ඉස්සරහට ලියනවා.
ඊමනි ඇතුලු ඕනෙම තාක්ෂණික ගැටළුවකට පිලිතුරක් හොයාගන්න පුලුවන් වටින තැනක් තමයි ගීක් කියන්නේ.
මෙතනින් ගිහින් බලන්න
මුලින්ම මේ දේවල් ගැන හරියට දැනගන්න.ඊටපස්සේ උනන්දුවෙන් කැපවීමෙන් කලොත් මාසෙට ප්‍රමාණවත් ආදායමකට අනිවා යන්න පුලුවන්.ඒ ගාන තීරණය වෙන්නේ තමන්ගේ හැකියාව,උනන්දුව,කැපවීම මත.
උපුටා ගත්තේ
http://edollarsinhala.blogspot.com/…/amazon-lanka-e-money.h…
https://www.youtube.com/watch?v=xwFRlNaWQV4