ඉන්ටපොල් ලොක්කා අතුරුදහන්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඉන්ටපොල් ලොක්කා අතුරුදහන්

ඉන්ටපොල් එකේ ලොක්කා අතුරුදහන්.
අතුරුදන්ව සිටින ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියා සෙවීමට විමර්ශනයක්

_103729793__103726735_d0869814-5bda-49b1-abb5-3a0525c66b01-1.jpg



ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි අතුරුදන් වීම පිළිබඳව ප්‍රංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.


පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිය පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දී ඇති බව ය.


ඔහු ප්‍රංශය තුළදී අතුරුදන් වී නොමැති බවට AFP පුවත් සේවයට ප්‍රංශ විමර්ශකයින්ට සමීප මුලාශ්‍රයකින් තොරතුරු ලැබී තිබේ.

ඔහු ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා ලෙස තේරී පත් වූයේ, 2016 නොවැම්බර් මසදීය.


මෙං හොංවෙයිගේ බිරිඳ සිය ස්වාමි පුරුෂයා අතුරුදන් වී ඇති බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.


ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා බවට පත්වීමට පෙර ඔහු චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරීය.


https://www.bbc.com/sinhala/world-45756069
 

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ජාත්‍යන්තර පොලිස් ලොක්කත් අතුරුදහන් කියන්නේ ඉතින් ? :D:D:D:D:D
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකටත් අනිවාර්යයෙන් මාකදුරේ මදුෂ් සම්බන්ධ ඈති :lol::lol::lol:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    නාමල් කුමාර මේ ගැන සුවර් එකටම දන්නවා ඇති...​