ඉන්දික තොටවත්තත් හිර වේ

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Good question. Oya Lottery eka aduna ekageth Hathara Kendare palui. But Rahu 11 sitiya, Meeta amatharava Thirikosthana vala Grahain sitiya. Man easy money , MANS TA LOTTERY WITHARAK NEVE , VENA PROPERTIES ENNE WATHURA GALANAVA VAGE. BUT MANS GE HATAHARA KENDARE PALU NISADHA KOHEDHA,VATA PITAVE KAPATI MINISSUNTA AHU VENAVA, KETIYEN KIYANAVANAM, GAHINIYEKUGE REDDHAK DAKKOTH ,MUTA MAL PANI VAGE, EMA GANU MUGEN SALLI GARALA MUTAMA BANINAVA, MEVA VENNE HATHARA KENDARE PALU NISA VENNA ATHI.

    Mageth 4 kendare paaluilu...:baffled:
     
    • Like
    Reactions: Sunil dinawamu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Mageth 4 kendare paaluilu...:baffled:

    හතර කේන්දරේ පාළු අයගේ පැවිදි ජීවිතය ගොඩක් සාර්ථකයි කියලා එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා. ඇත්තද බොරුද දන්නේ නෑ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    හතර කේන්දරේ පාළු අයගේ පැවිදි ජීවිතය ගොඩක් සාර්ථකයි කියලා එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා. ඇත්තද බොරුද දන්නේ නෑ.

    එතකොට මචන් ඔය මාර්ග පල ගත්තු ගොඩක් අයගේ හතර කේන්දර පාළුද ? බුදුහාමුදුරුවෝ පැවිද්ද ලබන්න සුසුදු පුද්ගලයකුගේ ලක්ෂණ දේශනා කරලා තියනවා. එකේ ඕක නැත්තේ මොකද ? ඒ කියන්නේ ඔය මතේ දරන එවුන් දෙව්දත්තරගෙන් බණ අහපු එවුන්ද ? එක එකා කිව්ව පලියට විශ්වාස කරන්නේ නැතුව පොඩ්ඩක් තාර්කිකව හිතල බලපන්කො.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    එතකොට මචන් ඔය මාර්ග පල ගත්තු ගොඩක් අයගේ හතර කේන්දර පාළුද ? බුදුහාමුදුරුවෝ පැවිද්ද ලබන්න සුසුදු පුද්ගලයකුගේ ලක්ෂණ දේශනා කරලා තියනවා. එකේ ඕක නැත්තේ මොකද ? ඒ කියන්නේ ඔය මතේ දරන එවුන් දෙව්දත්තරගෙන් බණ අහපු එවුන්ද ?

    කේන්දරෙන් මම දන්නේ මගේ ලග්නේ විතරයි බන්. මට ඕවා ගැන විශ්වාසයක් නෑ. ඕවා හරිද වැරදිද කියලා හොයන කාලයත් අපරාදයක්.

    ඕක අසත්‍යක් වෙන්නත් පුලුවන්, සත්‍යක් වෙන්නත් පුළුවන්, අර්ධ සත්‍යක් වෙන්නත් පුලුවන්. අරූ අහලා තිබ්බ ප්‍රශ්නෙට මගේ කනට ඇහිලා තියෙන දේ කිව්වේ. එච්චරයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් අන්තිමට හත්මුතු පරම්පරාවේම ඕනේ කියයි :D

    උඹ අහල තියෙනවද ප්‍රස්ථා පිරුලක් "නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටේකුයි තව ටිකකුයි ඕනේ කියල" :baffled: ටීවී එකට ඇවිල්ල ටෙලිෆෝන් ඒකෙන් වෙලාව කිවම ඇස් දෙකට දැක්ක වගේ පලාපල කියන උන්දැලට අභියෝගයක් දුන්නම පවුලේම කේන්දර ඕනෙලු. :baffled:

    ඕක නිසා තමා සැහෙන්න ඕකට තියන පිළිගනිම අඩු වෙලා තියෙන්නේ.
    මම අහලා තියන කතාවක් කියන්නම්.

    ඉස්සර ලංකාවේ ගොඩක් වෙලවට ඒ කියන්නේ මිට අවුරුදු 60-70 කට කලින් බහුතරයක් ළමයි ඉපදුනේ ගෙවල් වල. ළමයා ඉපදුන ගමන් කරන්නේ කිරි ගහක් තුවාල කරනවා. උදේට කේන්දර බලන මනුස්සය ගෙදරන එනවා. ඒ වස්සිලා තිය කිරි ප්‍රමාණය දිහා බලලා තමා වෙලාව ගණන් බැලුවේ. ඒ වගේම ඔරලෝසු නොතිබ්බ ඒ කාලේ පරිසරයේ වෙනස්කම් වලින්, ඒ කියන්නේ ඉර අවුවෙන් තමා වෙලාව තීරණය කලේ බහුතරයක්. ඒ වගේම, කෘෂිකර්මන්තෙට සැහෙන්න උදවු කර ගත්තා ජෝතිෂ්‍යයේ මුලධර්ම. දැනටත් පාවිච්චි කරනවා කලින් පරම්පරාවේ අය.(පුර පක්ෂය, අව පක්ෂය, අලුත් අවුරුද්ද,)
    ඕක ගොඩක් වල පල්ලට ගිහින් තියෙන්නේ ඔය වගේ superstar ලගේ වැඩ නිසාම තමා. එච්චර ඕනේ නැහැ. ඔය කියන සිද්දි ටික දැනට ලියවිලා තියන ජෝතිෂ්‍ය පොත් ටික ටික කාලයක් අරගීන කියවල බැලුව නම් එච්චර අමාරු නැහැ.

    එත් ඔරලෝසුවක්වත් තිබ්බේ නැති දවස් වල කිරි ගහට අන්න වගේ අනාවැකි කියන්න පුළුවන් ශාත්රයක් දැන් සැහෙන්න වැළලිලා ගිහින් තියෙන්නේ. :(
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    කේන්දරෙන් මම දන්නේ මගේ ලග්නේ විතරයි බන්. මට ඕවා ගැන විශ්වාසයක් නෑ. ඕවා හරිද වැරදිද කියලා හොයන කාලයත් අපරාදයක්.

    ඕක අසත්‍යක් වෙන්නත් පුලුවන්, සත්‍යක් වෙන්නත් පුළුවන්, අර්ධ සත්‍යක් වෙන්නත් පුලුවන්. අරූ අහලා තිබ්බ ප්‍රශ්නෙට මගේ කනට ඇහිලා තියෙන දේ කිව්වේ. එච්චරයි.

    කේන්දරේ මෙහෙමයි මචන් මට කිව්ව බැදල මාස හය යන්න ඉස්සරවෙලා ඩිවෝස් කියල
    හැබැයි දැනට අවුරුදු 5යි කිසි හෙනයක් නෑ ළමයෙකුත් ඉන්නව
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Newton patan gatthe Astrology valini[Boru Aba gediyen neve.]

    32f63511263aba7a67f0b0c5d22a7eb8.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කේන්දරේ මෙහෙමයි මචන් මට කිව්ව බැදල මාස හය යන්න ඉස්සරවෙලා ඩිවෝස් කියල
    හැබැයි දැනට අවුරුදු 5යි කිසි හෙනයක් නෑ ළමයෙකුත් ඉන්නව

    ඒක තමයි බන්. උබ බයෙන් බැඳලා ඕක ගැන හිත හිත හිටියා නම් පැය 6න් ඩිවෝස් වෙන්න තිබ්බා. අපේ හිත තමයි.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔය කේන්දර ගැන මම අත්දැකපු සීන් එකක් කියන්නම්. මම ගිහිපු මගුල් ගෙදරක මනමාලය එන්න තිබ්බේ හෝටලේට ගොඩක් දුර ගමක ඉදන්. ඉතින් කොහොම හරි මනමාලයාගේ කට්ටියට වෙලාවට එන්න බැරි උනා. දැන් ඉතින් අර පෝරුවට නග්ගන එකා කෑගහනවා දැන් වැඩක් නෑ, දැන් අසුභම වෙලාව ලබල .. අරකයි මේකයි කියල. පහුවෙලා ආපු මනමාලය අරුට බැනල එලවල දැම්මා. තව කියවන්න ආපු එවුන්ට කිව්වා මැරෙනවා නම් මැරෙන්නේ මමයි , ගෑනියි නේ, එක අපි බලා ගන්නම් උබල කාල බිල සතුටු වෙලා යමල්ල කියල. සාමාන්‍ය විදියට චාරිත්‍ර ටික කරලා දැම්මා වෙලාවල් කිසිම එකක් බැලුවේ නෑ. ඒත් එදා මගුලට ආපු ගොඩක් එවුන් මගුල් කෑවට හිටියේ දෙගිඩියාවෙන්. නමුත් දැන් උන් අවුරුදු 4ක් ගිහිල්ල මොකුත් අවුලක් නැතුව ගෙවල් දොරවල් යාන වාහන අරන් දරු දෙන්නෙක් එක්ක සතුටින් ඉන්නවා. ඒ ජෝඩුව නැකත් ගැන කිව්වම තාමත් හිනා වෙනවා බන්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒක තමයි බන්. උබ බයෙන් බැඳලා ඕක ගැන හිත හිත හිටියා නම් පැය 6න් ඩිවෝස් වෙන්න තිබ්බා. අපේ හිත තමයි.

    Niyama Astrology boru neve, Ath Boru Astrologers la innava. True Mathematician kiyanava 1+1=2 kiyala. Boru Mathematician kiyanava 1+1=11 kiyala.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ළමයා ඉපදුන ගමන් කරන්නේ කිරි ගහක් තුවාල කරනවා. උදේට කේන්දර බලන මනුස්සය ගෙදරන එනවා. ඒ වස්සිලා තිය කිරි ප්‍රමාණය දිහා බලලා තමා වෙලාව ගණන් බැලුවේ. ඒ වගේම ඔරලෝසු නොතිබ්බ ඒ කාලේ පරිසරයේ වෙනස්කම් වලින්, ඒ කියන්නේ ඉර අවුවෙන් තමා වෙලාව තීරණය කලේ බහුතරයක්. ඒ වගේම, කෘෂිකර්මන්තෙට සැහෙන්න උදවු කර ගත්තා ජෝතිෂ්‍යයේ මුලධර්ම. දැනටත් පාවිච්චි කරනවා කලින් පරම්පරාවේ අය.(පුර පක්ෂය, අව පක්ෂය, අලුත් අවුරුද්ද,)

    කිරි ගහක් කිව්වම, කොස් ගහේ ඉදන් දෙල්, අඹ, රබර්, ..... ආදී විශාල පරාසයක ගස් තියනවා නේ. ඒ සේරම ගස් වල කිරි එන්නේ එකම වේගයෙන්ද ? එහෙම නැත්නම් ඔය හැම ගහේම කිරි එන වේගය ගැන අදහසක් පුරාන ජෝතිෂ්‍යකරුට තිබ්බද ? එසේ තිබ්බ නම් ඔහු ජෝතිෂ්‍යකරුවෙක් කියා කියනවට වඩා හොදයි උද්භිද විද්‍යාඥයෙක් කියල කිව්වා නම්. :lol::lol:
    බර් වත්තක එක ළඟ තියන එකම දවසේ හිටවපු රබර් ගස් දෙකකවත් එකම වේගයෙන් රබර් කිරි එන්නේ නෑ. එහෙම නම් ඉතින් කිරි එන හැටි බලල, වෙලාව කිව්වා කියන කතාව අමුලික බොරුවක්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Niyama Astrology boru neve, Ath Boru Astrologers la innava. True Mathematician kiyanava 1+1=2 kiyala. Boru Mathematician kiyanava 1+1=11 kiyala.

    අපේ රටේ හැම දේම මාෆියාවක්නේ බන්. ඕක ඇත්තක් උනත් මිනිස්සු කොහොමද ඇත්ත කියන කෙනාව තෝර ගන්නේ? හැමෝම කියන්නේ මම තමයි ඇත්ත කියන්නේ කියලා. එහෙම නත්තම් ඇත්ත කියන්නේ අපියි කියලා උන් උන් කල්ලි වලට බෙදෙනවා. ඕක නෙවෙයිද අපේ රටේ වෙලා තියෙන්නේ? කේන්දර පස්සේ දුවලා අමාරුවේ වැටෙනවට වඩා ඕවා පස්සේ දුවන්නේ නැතුව එන විදිහට ජීවත් වෙන්න බැරිද? ඕකේ ඇත්තද බොරුද හොයනවට වඩා. ඕවා නැතුව ජීවිතය ගෙනියන්න පුළුවන් නිසානේ බුදු හාමුදුරුවොත් ඕවා ගැන දේශනා කරේ නැත්තේ. එහෙනම් කියනවනේ අහවල් නැකතෙන් භාවනා කරන්න කියලා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    NEWTON VIVADHA KALA ASTROLOGY VALATA PAKKSHAVA.

    ඔයාට වැඩියෙන් විශ්වාස බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේද? නිව්ටන් කියපුදේද ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අපේ රටේ හැම දේම මාෆියාවක්නේ බන්. ඕක ඇත්තක් උනත් මිනිස්සු කොහොමද ඇත්ත කියන කෙනාව තෝර ගන්නේ? හැමෝම කියන්නේ මම තමයි ඇත්ත කියන්නේ කියලා. එහෙම නත්තම් ඇත්ත කියන්නේ අපියි කියලා උන් උන් කල්ලි වලට බෙදෙනවා. ඕක නෙවෙයිද අපේ රටේ වෙලා තියෙන්නේ? කේන්දර පස්සේ දුවලා අමාරුවේ වැටෙනවට වඩා ඕවා පස්සේ දුවන්නේ නැතුව එන විදිහට ජීවත් වෙන්න බැරිද? ඕකේ ඇත්තද බොරුද හොයනවට වඩා. ඕවා නැතුව ජීවිතය ගෙනියන්න පුළුවන් නිසානේ බුදු හාමුදුරුවොත් ඕවා ගැන දේශනා කරේ නැත්තේ. එහෙනම් කියනවනේ අහවල් නැකතෙන් භාවනා කරන්න කියලා.
    Muduninma pili gannava Obage kathava. Astrology valin kiyanne pera karana ladha KARMAYA. Eya Api astrology pili gatthath , nathath apita KARMAYA labenava. Ekai Budun Vahanse dakke, Astrology valata time eka spend kirima, nispala kriyavak kiyala[KONDACCHA BAMUNA KIWWATH NATHATH , SIDUHATH KUMARAYA BUDU VENAVA]
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක නිසා තමා සැහෙන්න ඕකට තියන පිළිගනිම අඩු වෙලා තියෙන්නේ.
    මම අහලා තියන කතාවක් කියන්නම්.

    ඉස්සර ලංකාවේ ගොඩක් වෙලවට ඒ කියන්නේ මිට අවුරුදු 60-70 කට කලින් බහුතරයක් ළමයි ඉපදුනේ ගෙවල් වල. ළමයා ඉපදුන ගමන් කරන්නේ කිරි ගහක් තුවාල කරනවා. උදේට කේන්දර බලන මනුස්සය ගෙදරන එනවා. ඒ වස්සිලා තිය කිරි ප්‍රමාණය දිහා බලලා තමා වෙලාව ගණන් බැලුවේ. ඒ වගේම ඔරලෝසු නොතිබ්බ ඒ කාලේ පරිසරයේ වෙනස්කම් වලින්, ඒ කියන්නේ ඉර අවුවෙන් තමා වෙලාව තීරණය කලේ බහුතරයක්. ඒ වගේම, කෘෂිකර්මන්තෙට සැහෙන්න උදවු කර ගත්තා ජෝතිෂ්‍යයේ මුලධර්ම. දැනටත් පාවිච්චි කරනවා කලින් පරම්පරාවේ අය.(පුර පක්ෂය, අව පක්ෂය, අලුත් අවුරුද්ද,)
    ඕක ගොඩක් වල පල්ලට ගිහින් තියෙන්නේ ඔය වගේ superstar ලගේ වැඩ නිසාම තමා. එච්චර ඕනේ නැහැ. ඔය කියන සිද්දි ටික දැනට ලියවිලා තියන ජෝතිෂ්‍ය පොත් ටික ටික කාලයක් අරගීන කියවල බැලුව නම් එච්චර අමාරු නැහැ.

    එත් ඔරලෝසුවක්වත් තිබ්බේ නැති දවස් වල කිරි ගහට අන්න වගේ අනාවැකි කියන්න පුළුවන් ශාත්රයක් දැන් සැහෙන්න වැළලිලා ගිහින් තියෙන්නේ. :(

    කිරි ගහට ඇන්න වගේ අනාවැකි කිව්වා කියලනං මම හිතන්නෙ නෑ. ඔය ඇවිල්ල අර අතීත කාමයේ කොටසක් විදිහටම එන ඉස්සර මෙහෙමයි අරෙහෙමයි අනේ දැන් එහෙම නෑනේ කියල අතීතේ අතිශයෝක්තියෙන් වර්නනා කිරිල්ල නෙ. සාර්ථක පදනමක් තියෙන සාස්තරයක් එහෙම වැළලිලා යන්නේ නෑ තව තව දියුණු වෙනව මිසක්. අසාර්ථක සාස්තර තමා වලපල්ලට ගිහින් මිනිස්සු අතරින්ම ප්‍රතික්ෂේප වෙන්නෙ.

    ඔරලෝසු නැති කාලේ අනාවැකි කිවේ කොහොමද කියන එක හොඳම උදාහරණයක් ජ්‍යොතිෂ්‍යය කියන්නේ තැනේ හැටියට ඇනේ ගහන කපටි සාස්තරයක් කියන්න. :yes: