ඉන්දියන් ටීම් එක

hiruclassic

Active member
  • Dec 25, 2008
    107
    25
    28
    ඉන්දියන් ටීම් එක

    මේක ටිකක් පරන කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්. ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල. මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

    එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල. කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

    "මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා.

    කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා....

    "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....

    මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට...

    "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..

    "නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා.

    "නෑ... නෑ.. මම
    කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව.

    "ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව..

    ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

    " නOගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල..

    එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි...

    "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"