ඉන්දියන් සාගරයෙන් පොළොව විදියි

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,360
    568
    113
    උබල එන්නද ?
    ඉන්දියන් සාගරයෙන් පොළොව විදියි

    ප්‍රථම වතාවට ඉන්දියන් සාගරයේ පත්ල සිදුරුකර පෘථිවි කබොල්ලට පහළින් ඇති ස්ථර පරීක්ෂා කිරීමට විද්‍යාඥයින් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සතියේ ආරම්භ කරණ මෙම ගවේෂණයේදී පෘථිවි කබොල්ලට පහළින් ඇති ප්‍රාවරණය නම් කොටසේ පාෂාණ නියැදි පරීක්ෂා කිරීමට එංගලන්තයේ භූවිද්‍යාව පිළිබඳ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ජොයිඩස් රෙසලූෂන් නම් නැව මේ සඳහා යොදා ගනී.
    කණ්ඩායම් නායක ආචාර්ය ක්‍රිස් මැක්ලියොඩ් මහතා පවසන්නේ පෘථිවි කබොල්ල කිලෝමීටර5.5ක් යටට සිදුරු කිරීමට වසර කිහිපයක් ගතවනු ඇති බවයි. මීට පෙර කිහිප වතාවක් පෘතිවි කබොල්ල සිදුරු කිරීමට ගත් උත්සාහයන් අසාර්තකවූ බවද ඒ මහතා පවසයි. මෙවර ඉන්දියන් සාගරයේ ඇට්ලාන්ටිස් බැන්ක් නම් ප්‍රදේශයේ කබොල්ල වඩා තුනී ස්ථානයක් තෝරාගත් බැවින් කාර්යය වඩාත් ඵලදායී වනු ඇති බව ඔහුගේ හැඟීමයි. ජාත්‍යන්තර සාගර ගවේෂණ වැඩසටහනේ අනුග්‍රහය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

    86964095_thinkstockphotos-456057891.jpg

    Source - http://www.lankadeepa.lk/index.php/articles/365845
     
    • Like
    Reactions: maraputha

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය මගුලෙන් වෙනෙන වතුර පිරිලා මුහුද හිදෙනවා අනේ මන්දා ඉන්දියාව වියලි රටක් නිසා ඔක්කොම වතුර ඉන්දියාවට අදින ප්ලැන් එකක් අන්තිමට අපේ මුහුදත් හිදෙනවා ඔකෙන් වෙන්නේ
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔය මගුලෙන් වෙනෙන වතුර පිරිලා මුහුද හිදෙනවා අනේ මන්දා ඉන්දියාව වියලි රටක් නිසා ඔක්කොම වතුර ඉන්දියාවට අදින ප්ලැන් එකක් අන්තිමට අපේ මුහුදත් හිදෙනවා ඔකෙන් වෙන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔය මගුලෙන් වෙනෙන වතුර පිරිලා මුහුද හිදෙනවා අනේ මන්දා ඉන්දියාව වියලි රටක් නිසා ඔක්කොම වතුර ඉන්දියාවට අදින ප්ලැන් එකක් අන්තිමට අපේ මුහුදත් හිදෙනවා ඔකෙන් වෙන්නේ

    :D:D:D:D:D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,079
    113
    Panadura
    ඔය මගුලෙන් වෙනෙන වතුර පිරිලා මුහුද හිදෙනවා අනේ මන්දා ඉන්දියාව වියලි රටක් නිසා ඔක්කොම වතුර ඉන්දියාවට අදින ප්ලැන් එකක් අන්තිමට අපේ මුහුදත් හිදෙනවා ඔකෙන් වෙන්නේ

    :shocked::D:lol::P