ඉන්දියන්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වර්තමානය වන විට ශ්‍රී ලංකාව යනු ඉන්දියන් නිශ්පාදන වල ප්‍රධාන වෙලඳපලකි. පාරේ යන වාහනයේ සිට හෝඩියේ පන්තියේ පොඩි එකා ලියන පැන්සල දක්වා සෑම දෙයක්ම ඉන්දියාවෙන් ආනයනය කරන තත්වයකට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ශ්‍රී ලංකාවට තමන්ගේ දහජරා බඩු විකුණා ඉන්දියාව උපයන මුදල් කන්දරාවද සුළුපටු නොවේ.

    3097p6q.png


    මේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් උපුටාගත් වගුවකි. අවශ්‍ය කෙනෙකුට මෙම ලින්කුවෙන් වැඩි තොරතුරු සොයාගත හැක.

    2015 වසරේ පමනක්මෝටර් රථ ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලියාපදිංචිව ඇත. ත්‍රීරෝද රථ 1,30,000කි. කාර් ලක්ෂයෙන් වැඩි කොටස AMW වෘක්ෂ සුනඛයන් විසින් ආනනයන කරන ලදුව මෝඩ සිංහළුන් රවටා ඇඟේ ගසන ලද බුල්ටෝය. ඊට අමතරව පැන්ඩා වැනි චයිනීස් දහිරවාට්ටු ද, නැනෝ වැනි නමට කාර් ද ඇත.

    AMW හි රක්ෂාව කරන හිතවතකු පැවසූ අයුරින් 2015 පළමු හා දෙවන කාර්තු තුල; විශේෂයෙන් පෙබරවාරි මාර්තු මාස තුල දිනකට බුල්ටෝ 200-400ත් අතර ප්‍රමාණයක් විකිණී ඇත. මෙම වගුවට අනුව ඔහු කී දෙය සත්‍ය යැයි හැඟේ.

    එක කාරයකට ලක්ෂ 8ක් බැගින් ඉන්දියාව ඉපයුවහොත් 2015 වසරේ ශ්‍රී ලංකාවට රෝද හතරේ බෙලෙක් කෑලි විකිණීමෙන් ඉන්දියාව ඉපයූ මුදල සිතාගත හැක. කාර් ලක්ෂයෙන් 65,000ක් ඉන්දියන් කාර් නම්, ඉන්දියාව ශ්‍රී ලංකන් රුපියල් බිලියන 50කට අධික මුදලක් උපයා ඇත.

    පසුගිය දිනෙක ඉන්දියන් බෙලෙක්ක සම්බන්ද ත්‍රෙඩ් එකකදී මා මේ බැව් පැවසූ විට "පරන කාර් මාකට් කරන්න හදන සේල් කාරයා" යැයි මට බැණවැදින ලදුව මාගේ මෑණියන්දෑ සිහිකොට රෙප්ද කපන ලදී :lol:

    2015 ලියාපදිංචි කරන ලද යතුරුපැදි සංඛ්‍යාව තුන්ලක්ෂ හැත්තෑදහසකි. මේ සියල්ලම ඉන්දියන් යතුරුපැදි බව සැක නැත. ඉන්දියාව එක් යතුරුපැදියකින් ලක්ෂය බැගින් ඉපයුවහොත් ශ්‍රී ලංකා රුපියල් බිලියන තිස් හතක් පමණ උපයා ඇත.

    දෙදහස් පහළොවේ ත්‍රීරෝද රථ එක් ලක්ෂ විසි නවදහස් පන්සිය ගණනක් ලියාපදිංචි කොට ඇත. එක් ත්‍රීරෝද රථයකින් ඉන්දියාව ලක්ෂ 2ක් බැගින් ඉපයුවහොත් ත්‍රීරෝද රථ වලින් රුපියල් බිලියන විසි හයක් උපයා ඇත.

    ලොරි සහ ඩුවල් පර්පස් කාණ්ඩය ගැන කතා කලහොත් ඩීමෝ බට්ටා, මහින්ද්‍රා මැක්සිමෝ, මහින්ද්‍රා බොලෙරෝ මෙකී නොකී ලොරි කටු වල අනුහසින් මෙවැනිම මුදල් සම්භාරයක් ඉන්දියාව උපයා ඇත.

    වාහන වලට අමතරව සාමාන්‍ය වෙළඳපොලේ තත්වයද මෙසේම ය. හඳුන්කූරු වැනි සුළු ව්‍යාපාර කරගෙන ජීවත් වන මිනිසුන්ගේ බඩට පහර වැදී ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන හඳුන්කූරු කපුරු වැනි නිෂ්පාදන නිසා ය.

    වසර දෙකකට ප්‍රථම පරණ යකඩ කිලෝවකට 30-40ක් දුන්නද අද දෙන්නේ 12කි. උපරිම 15කි. හේතුව, ඉන්දියාවෙන් ගෙන්වන යකඩ නිසා ශ්‍රී ලංකාවේ පරණ යකඩ උණු කිරීම සඳහා විකුණාගත නොහැකි වීමයි.:dull:

    ඉන්දියානු නිශ්පාදන නිසා ලිපිද්‍රව්‍ය වෙළඳපොලේද ශ්‍රී ලාංකික සමාගම් වල පැවැත්මට තර්ජනයක් එල්ලව ඇත. නටරාජ් වැනි ඉන්දියානු නිශ්පාදන පෙර සිට පැවතුනත්, වසර කීපයක සිට තත්වයා උග්‍ර අතට හැරී ඇත.

    සනීපාරක්ෂක ද්‍රව්‍ය වෙළඳපලේද ඉන්දියානු ඒකාධිකාරයක් දක්නට ලැබේ. රැවුල කපන රේසරයක් ගත්තත් එය ඉන්දියාවෙනි. යුනිලිවර් සමාගම දැන් සම්පූර්ණයෙන්ම ඉන්දියාවට අයත් වෙයි. ටෝච් එක ගසා බලා විසබීජ පෙන්වන කොන්දොස්තරලා සිටින වෙළඳ දැන්වීම්ද, කක්කුස්සිය හේදීමෙන් පසු කක්කුස්සි පෝච්චිය අතගා අත ලෙවකන උන් සිටින බුරු වෙළඳ දැන්වීම්ද සිරි ලංකාවේ ප්‍රදර්ශනය වන්නේ එනිසයි.

    එසේම කිසිදු යුනිලිවර් නිශ්පාදනයකට SLS සහතිකය නැත.

    අහවල් ක්‍රීම් රාත්‍රී නින්දට පෙර ගෑමෙන් සුදුවන බව පැවසේ. ක්‍රීම්ද ඉන්දියානු නිශ්පාදනයකි. එහි අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ කිසිදු අවබෝදයකින් තොරව එය උලාගන්නා එකා/එකී අනාගතයේ චර්ම පිළිකාවකට ලක්වීමේ අවදානමක් නැතැයි පැවසිය හැක්කේ කාටද? අධිකාරියේ approval මත මේවා ගෙනවන බව පැවසුවත් ඒ පිළිබඳ විශ්වාස තබිය නොහැක. මන්ද TRCSL approved චයිනීස් දුරකථන රුපියල් 1500ට ශ්‍රී ලංකාවේ විකිණෙන බැවිනි. :(

    ඉන්දියාවෙන් එන අනෙත් වසංගතය නම් ඉන්දියන් බෙහෙත් ය. ඉන්දියානු බෙහෙත් වර්ග වල ප්‍රමිතිය පිළිබඳ කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. පසුගිය දිනක ඉන්දියන් බෙහෙත් පෙත්තක් තුලින් කැඩී ගිය ස්ටේප්ලර් කටුවක් හමුවී තිබිණ. අපේ මුදලාලිලා මිරිස් කුඩු එකට ගඩොල් කුඩු දමන්නාක් මෙන් ඉන්දියන් බෙහෙත් පෙති වලට පාන්පිටි ආදී ද්‍රව්‍ය මිශ්‍ර කර ප්‍රමාණය වැඩි කරනා බවද ප්‍රසිද්ධ කරුනකි. අප අද ෆාමසි වලින් ගන්න බෙහෙත් වලින් අති බහුතරය ඉන්දියානු නිශ්පාදන වේ. බෙහෙත් වලින් ඇතිවන අතුරු ආබාධ ද මෑත කාලයේ සිට වැඩිවීමක් පෙන්නුම් කරයි. ඉන්දියානු බෙහෙත් සහ වල මෙහි සම්බන්ධයක් ඇති බවට සැක නැත.

    දැන් එන සැර ජාතිද ඉන්දියාවේ පුරවන ඒවා බව පැවසේ. කන බොන සහෝදරයකු මෙහි සත්‍යාසත්‍යතාව පහදනවානම් යෙහෙකි :rolleyes:

    මේ අනුව රුපියල් විස්සේ පෑනේ සිට ලක්ෂ විසි පහක් පමණ වන වාහන දක්වා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව සූරාකන මුදල් ප්‍රමානය අප සිතනවාට වඩා බොහෝ වැඩි බව පෙනේ.

    රූපවාහිනිය ක්‍රියාත්මක කල සැනින් අප ඉන්දියාවේ සිටින සෙයක් දැනේ. ඉස්සර පොඩි උන් හවසට දොස්තර හොඳහිත බැලූහ. අද උන් බලන්නේ ගුලියක් කෑමෙන් පසු හයේ හතරේ මිනිසුන්ට වැටෙන්නට ගසනා ඇට කොල්ලෙකුගේ බූරු කතාවකි. අද ශ්‍රී ලංකාවේ හොඳ ටෙලිනාට්‍යක් නිර්මානය නොවන්නේ ඉන්දියන් කතා වලට පින් සිදුවන්නට ය. පවුල් ප්‍රශ්න පෙන්වන කතා දෙකකි. නැයිනක් හා ගැහැණියක් අතර දෝලනය වන ගන්ධබ්බ චරිතයක කතාවකි. සති අන්තයේ හින්දි චිත්‍රපට ය. චාට් ෂෝ වල හින්දි ගීත ය.

    ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව මානව හිමිකම් පරීක්ෂනයක් ඉල්ලා ඉන්දීය දෙමල නළුවන් උපවාස කරන විට ගෙදරට වී උන්ගේම ෆිල්ම් බැලූ සිංහළුන්ට මේවා කීම බීරි අලින්ට වෙණ වැයීමකි. :sorry:

    මේ නාටකයේ අලුත්ම ජවනිකාව මීට දින කිහිපයකට පෙර ගාළු මුවදොරදී තිරගත විය. ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වලට ලක්වන මිනිසුන් ක්ෂණිකර රෝහල් කරා ගෙනයන ගිලන් රථ සේවයකි. ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයකි.

    avlll2.jpg


    රෙන්ට කක්කුස්සි නැතිව සිටිනා ඉන්දියන් ජනතාව ලංකාවේ උන්ට ඇම්බියුලන්ස් අරන් දීමට කල්පනා කලේ මොන හේතුවකටදැයි සිතාගැනීමට අසීරු ය. තම රටේ මිනිසුන්ගේ ජීවිත තඹයකට මායිම් නොකරනා ඉන්දියන් රජය සිරි ලංකාවේ උන්ගේ ජීවිත බේරීමට ඉදිරිපත් වන්නේ අපට ඇති ආදරය නිසායි. :rolleyes:

    අදාල ගිලන් රථ සේවය නොමිළේ යැයි පැවසුවද එය එසේ නොවේ. වසරකින් පසුව ඒවායේ සියළු වියදම් ශ්‍රී ලංකාව විසින් දැරිය යුතුය.:sorry:

    එම ඇම්බ්යුලන්ස් බාර දුන් දාට පහුවදාම මාතරදී එකක් මග නැවති තිබුනේ සාම්ප්‍රදායික ඉන්දියානු කොලිටිය අපට නැවත නැවතත් මතක් කර දෙමිනි.

    13770243_1779327745687274_2507161890343711895_n.jpg


    මෙතෙක් කල් පාරිභෝගික භාණ්ඩ වෙලඳපොල පමණක් ආක්‍රමණය කල ඉන්දියන් කාරයා ශ්‍රී ලංකාවේ රැකියා වෙලඳපොලටද බැස්ටිය දීමට සැරසේ. ඒ එක්ටා ගිවිසුම හරහා ය. ඉන්දියාවේ දැවෙන ප්‍රශ්නයක් වන විරැකියාවට සුළු ප්‍රමාණයේ හෝ විසඳුමක් ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොල ඉන්දියානුවන්ට විවෘත කිරීමෙන් ලබාදිය හැකිය. අනෙත් අතට අවම පහසුකම් යටතේ සොච්චම් පඩියකට වැඩකිරීමට සූදානම් ඉන්දියානුවන් නිසා ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවස්ථා අහිමි වනු ඇත.

    යුද්ධයකින් ආක්‍රමණය නොකළ හැකි රටක් වෙනත් ක්‍රම වලින් ආක්‍රමණය කරන අයුරු ඇස් පනාපිටම දැකිය හැකිය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1727515
    ඉන්දියන් මරණ


     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    india ekka welada giwisuma gahuwe chandrikage kale
    danuth eken wadima prathilaba ganne indiawa
    ehema welath eka asse etca sign karanna dagalanawa
    mona andu awath oya gahana giwisum nathi karanna baha


    You must spread some Reputation around before giving it to Sithira Weerasinghe again.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ලංකාවේ ජිවත් වීම එපා වීමට එක් හේතුවක් තමයි මේ.


    ලංකාවේ කියල හින්නේ දැන් පොලවේ පස් විතරයි බං
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    aththa kathawa unata ape lankawe aga pura mole thiyena unta owa therenne ne bn..
    apita ratak nathi wena eka wadi athaka newe
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,840
    2
    54,496
    113


    දැන් ඉතිං ඉන්දියාවේ කුක්කා නේ ලංකාව -


    China Bay තෙල් ටැංකි ටික IOC එකට දුන්නා
    http://www.lankabusinessonline.com/lanka-ioc-and-cpc-agrees-to-develop-trinco-upper-oil-tank-farm/

    මේ යෝජනාවත් මහින්ද ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කරල තිබ්බේ. රනිල් 2002 දී දුන්න කොටසත් ආපහු රජයට පවර ගන්න මහින්ද ආණ්ඩුව කටයුතු කළේ


    http://www.lankanewspapers.com/news/2012/12/80471_space.html
    http://www.colombopage.com/archive_12B/Dec14_1355467350CH.php
    http://www.colombopage.com/archive_13B/Nov11_1384110840CH.php

    ඉන්දියාවේ පාලනය යටතේ තියෙන ගිලන්රථ සේවාවක් ගේනවා
    ශ්‍රී ලාංකිකයන්ගෙ විරෝධය මැද CEPA/ETCA ගේනවා
    ඉන්දියාවේ උවමනාවට පෝට් සිටි, නෙළුම් කුළුණ ව්‍යාපෘති නවත්තනවා


    මේ ඔක්කොම බලයට පත්වෙලා අවුරුදු 2 ක් යන්නත් කලින් කරන්නෙ.
    :dull::dull:

    old post bump
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,840
    2
    54,496
    113
    අවුරුද්දකට සිපට්කෝ එකට එන්න තියෙන ඩොලර් මිලියන 1250 ක් ඉන්දියාවට යවන IOC (Indian Oil Company) ලංකාවට ගෙනාවෙත් රනිල් තමයි :yes:
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    indian ballo lagadima lankawa allanawa :yes: un ewata wiyadam karanne ape ratenma upayapu salli :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    old post bump

    පෝට්සිටි කන්ටිනියු + පරක්කුවට වන්දි සඳහා හිලව්වට කොළඹින් ඉඩමක්.

    අම්බුලන්ස් ගැන ඉතිං ඔහොම කියන්න එපා. ඉන්දියන් වාහන අපිට එවන උන් නේ දන්නේ අම්බුලන්ස් එකක වටිනාකම. ඇල්ටෝ 100 ට අම්බුලන්ස් 2ක් නොමිළේ දෙනවලු.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ane manda ban... e athin Lankawa gena nam duka hithenawa.. nidahasa aran awurudu 60 katath wedi.. thawama Lankawa ethanamai... Ape kiyala Import karana kisi deyak na.. yaantham Garments thiyenawa... kwada me rataawal diyunu weida manda...
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ලන්කාවෙ ජනාදිපති වරනෙ තිබ්බයින් පස්සෙ ඔබාමා ඉන්දියාවට ආවා ටුවර් එකකට. ලන්කාවෙ ප්‍රජාතන්‍රතවාදය යලි ස්තාපිත කිරීම ගැන ඌ ඉන්දියාවට ස්තූති කලා බන් :(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    india ekka welada giwisuma gahuwe chandrikage kale
    danuth eken wadima prathilaba ganne indiawa
    ehema welath eka asse etca sign karanna dagalanawa
    mona andu awath oya gahana giwisum nathi karanna baha


    You must spread some Reputation around before giving it to Sithira Weerasinghe again.

    වැඩිම ප්‍රතිලාබ නෙමෙයි බන් ඔක්කොම ප්‍රතිලාබ ගන්නෙ උන්. දැන් ඒක නවත්තන්න බෑ ඉතින්. උන්ගෙ නිශ්පාදන ඔක්කොම මෙහෙ වෙළඳපොලට ආවා, අපේ ඒවා ගියෙ නෑ. අපේ ඉතින් යවන්න කියල ඇති බිබික්කමකුත් නෑනේ..

    එක්ටා ගැහුවොත් ඉස්සරහට එන ආණ්ඩුවකට නවත්තන්න බෑ. එක්ටා ගැහුව්ත් මේකට පස්සෙ ආයි ආණ්ඩුවක් එයිද කියන්නත් බෑ :sorry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාවේ ජිවත් වීම එපා වීමට එක් හේතුවක් තමයි මේ.


    ලංකාවේ කියල හින්නේ දැන් පොලවේ පස් විතරයි බං

    aththa kathawa unata ape lankawe aga pura mole thiyena unta owa therenne ne bn..
    apita ratak nathi wena eka wadi athaka newe

    ඔව් බන් අපේ උන් කවදාවත් දුර බලන්නෙ නෑනේ. උන්ට ඕන ඔහෙ ඉන්න ටික ඉඳල මැරිලා යන්න. අපේ ජනතාවත් එහෙමයි දේසපාලුවොත් එහෙමයි. :sorry:

    ඉන්දියාවෙ මිනිස්සු මෝඩ ඩුණාට උන්ගෙ පාලකයො එහෙම නෑ. ඒකයි මෙච්චර දියුණු ඉන්දියාව