එ ඔක්කොම පැත්තකට දාපල්ලා කැ@ කොලියාට ඔවර 1ට 18ක් ගහලා හොද වැඩෙ ඔකට




කෝලිය කියන්නෙ Talented player කෙනෙක් තමයි.ඌ spinnersලට bat කරන හැටි බලං ඉන්ට ලස්සනයි.shot එකක් ගහල bat එක follow through වෙනහැටි හරියට Sobers shot එකක් ගැහුවම bat එක full swing වෙනව වගේ කියල දවසක් Sunil Gavaskar commentaries දෙද්දි කිව්ව.හැබැයි උට talent තියනව වගේ පෙනුනට ඌ තාම ඔය පොර වගේ වැඩ පෙන්නල තියෙන්නෙ ඕවර් මැච් වල පජා බෝලර්ස්ලට.ගිය පාර Hobart වල flat pitch එකේ ලංකාවෙ බෝලර්ස්ලට ගහල තමා ඌ හෙනපොර උනේ.ඒක මරු ඉණිමක්.හැබැයි ඌ ඩයල් එකක්ද නැද්ද කියල කියන්ට පුළුවන් වෙන්නෙ ඌ එංගලන්තෙ හරි දකුණු අප්‍රිකාවෙ හරි ඕස්ට්‍රේලියාවෙ හරි ගිහිල්ල swing,seam වෙන condition තියන pitch එකක Dale stayn,Jimmy Anderson,Philander,Pattinson වගේ හොඳ bowlersල ඉදිරියේ හොඳ ටෙස්ට් ඉනිම් ක්‍රීඩා කරොත් තමයි.එක්කො spin වෙන pitch එකක හොඳ spinnersල ඉදිරියේ..ඒවගේ අවස්ථා උට හම්බුනා ගියපාර එංගලන්තෙ ආපුවහම ඉන්දියාවට..ඉන්දියාවෙ එවුන් සුද්දොන්ට spin වලට ගහන්ට බෑ කියල හිතාගෙන පට්ටට spin වෙන pitch හැදුව.පලවෙනි test එක උන් දින්නත් Swann,Panesar සෙට් වෙලා මරු spin partnership එකක් දාල ඉන්දියාවෙ උන්ට spin වලින්ම කෙලිය.කෝලිය එක ඉනිමකවත් ගහන් නැතිව අන්තිම එකේ flat pitch එකක දගලල 100ක් ගැහුව.ඒක තමයි මං දැක්ක උගේ හොඳම ඉනිම.ආයෙ ඌ Adelaide වල ඕස්ට්‍රේලියාවට 100ක් ගැහුව තවත් flat pitch එකක.
මට කියන්ට තියෙන්නෙ ඌ තාම වැඩ පෙන්නල නැති පඩයෙක් කියල විතරයි.ඌ හැම බෝලෙකටම වගේ ගහල කියන්නෙ හින්දියෙන් පට්ට කුණුහරප.හොඳට බලපල්ල ඊලගට ඌ ගහද්දි..කටේ තියෙන්නෙ..කුකර් චෝඩා,මඳ චෝඩා(අම්මට හු***,අප්පට හු***),තෙරි මාකි චූටේ(තොගෙ අම්මගෙ හු***)..බෝලරයෙක් නං කමක් නෑ මූ batsmanනේ..
මොන ටැලන්ට් තිබ්බත් මට හිතෙන්නෙ උගෙ ටැලන්ට් වලට හරියන තැනට ඌ යන්නැතිවෙයි කියලා..මට නං හිතෙන්නෙ දැනට ඔය ධාවන්,රෝහිත් ෂර්මා,කෝලි,රේනා සෙට් එකෙන් හොඳම talent තියෙන්නෙ රෝහිත් ෂර්මාට..ඊට පස්සෙ ධාවනුයි,කෝලියයි.
දැන් තියන තඩි බැටුයි,පොඩි boundariesයි,තණකොල ගානට කපල තියන outfieldයි,skill නැති පජා ODI bowlerලයි හින්ද ODI,T20 ඉනිම් වලින් batsmanල මනින්ට බෑ..හොඳ ටෙස්ට් ඉන්මක්ම ගහන්ට ඕනේ..
ලංකාවෙනං ටෙස්ට් නැති වේගනයි යන්නේ.දැන් දිල්‍ෂායත් නැති එකේ,මහේලයි,සංගයි,රංගන හේරතුයි ගිහාම අපේ එවුන් බංගලිදේසෙනුයි,සිම්බාබ්වෙනුයි ඇතිවෙන්ට කයි කියල තමයි හිතෙන්නෙ...![]()

ඔව් ඌ දැනට ඉන්න අනිත් batsmanල එක්ක බලද්දි පොරක් තමයි!සචීන් තරමට talent නැතිඋනාට උගෙ consistency ගොඩක් ඉහලයි.කොහොමත් ඉන්දියාවෙ batting talent බොහොම උඩින් තියෙන්නෙ ඒකාලෙ ඉදල.Bounce වෙන pitch වල ගහන්ට අමාරු වුනත්..උන්ගෙ තඩි රටෙන් එන pressure එක හින්ද තියෙන talent එකෙන් හරි ප්‍රයෝජන ගන්ට උන්ට අමාරුයි.අනෙක් අතට පජා ඩයල් 100 ක් ගැහුවම උන් උන්ගේ media වලින් හෙනට උස්සල තිබ්බහම පොරවල් වෙලා දන්නෙම නැතිව හැලිල යනව..කෝලිය එහෙම නෑ තමා.මට හිතෙන්නෙ උගෙ ඔය motivate වෙන විදිහ ගානට වැඩියි කියලයි.ඒ මට හිතෙන හැටි...motivate වෙනවට වඩා ඊට එහා ගිය සීමාව පන්නපු ගොංපාට් එකක් උට තියෙන්නෙ.මේක බලපන්කො..ඌ IPL මැච් එකක් පැරදිල ඇවිල්ල මිනිස්සුන්ට පට්ට කණුහරපෙන් බණින හැටි..වැඩේ කියන්නේ ඒ පජා bowlerslata ඒ flat tracks වලම අනිත් batsmanlata මු වගේ bat කරන්න බැරි එක නේ. එකෙන් ඔප්පු වෙන්නේ මූ සාපේකෂව අනිත් batsmanlata වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියන එකයි.
දැන් ඉන්න bowlerslage skills,quality එක ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන එකට මාත් එකඟයි. එහෙම වෙන්න අනෙක් ගොඩක් දේවලුත් බලපාලා තියෙනවා. උදාහරණ විදිහිට දැන් තියෙන bats,flat wickets & quick outfields,change of rules,development of batting skills වගේ ඒවා කියන්න පුළුවන්.
අනිත් එක ඌ කුණුහරුප කියනවා කියපු එක මචන්, ඒක මචන් අද නොකියන එකෙක් හොයාගන්න තමයි අමාරු. ඒක සාමාන්‍ය දෙයක්. එක ගොඩක් උන්ට උදව් වෙනවා තමන්වම motivate කරගන්න,moral එක වැඩි කරගන්න,තව හොඳට focus වෙලා තමන්ගේ ඉනිම ගොඩනගන්න,තමන්ගේ target එකට යන්න,bowlerslage mentality එක break කරන්න වගේ ඒවා.