ඉන්දියානු මිසයිලයට මුහුණ දීමට දඹර අමිල හ&#3538

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉන්දියානු මිසයිලයට මුහුණ දීමට දඹර අමිල හ&#3538

    ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කර ඇති බවත්, නුදුරේදීම ඒවායින් ශ්‍රී ලංකාවට පහර දීමට සූදානම් වන බවත් අප අනාවරණය කළෙමු. අප කොතෙකුත් මූලාශ්‍ර සහිතව පුවත් වාර්තා කළත්, හෙළයේ අවාසනාවකටදෝ ශ්‍රී රාවණ රජතුමාට විරුද්ධ උදවිය අප කියන දේ තඹේකටවත් මායිම් කරන්නේ නැත.

    නමුත් නුදුරේදී හෙළදිවට එල්ල වන තර්ජනය ගැන කල් තියාම දැනගත් පූජ්‍ය දඹර අමිල හිමියන්, ඉන්දියාවට පහර දීම සඳහා න්‍යෂ්ඨික අවියක් සූදානම් කරගෙන සිටී. එම හිමිගේ සම්පූර්ණ ප්‍රකාශය මෙලෙසයි.

    ඉන්දියානු මිසයිල ප්‍රහාර අපට එල්ල වුවහොත් නුදුරේදීම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් බිඳ වැටීමේ අනතුරක් තියෙනව. අපේ අවියක් තියෙනව ඒක න්‍යෂ්ටික අවියක්. ඒක බලගතු අවියක්. ඒක මල්ටිබැරල් ඉක්මවා යන අවියක්. අපි ඒක තාම අපේ ගබඩාවෙන් අපි ගත්තෙ නෑ ඒක. ඒක අපි මුවහත් කරල තියෙනව. ඒ නිසා අපි ඒ අවිය අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා කවුරුත් දිනන සටනට ජීවය එකතු කරන්න.



    මේ අවස්ථාවේදී දඹර අමිල හිමි ගැන වචනයක් සඳහන් කිරීම මාගේ යුතුකමකි. ආරෝහ පරිනාහ දේහ දාරී සුප්‍රකට දඹර අමිල හිමි යනු වත්මන් හෙළයේ සිටින අසහායතම අංගක්කාරයා බව දන්නේ ඉතාමත් සුළු පිරිසකි. අංගම්පොර ශ්‍රාස්ත්‍රයෙන් කෙළ පැමිණ සිටින දඹර අමිල හිමිට උඩ කරනම්, යටි කරනම් ආදිය ගැසීම ඉතා සුළු වැඩකි. වතාවක් ඌරා ළිඳේ කළ අංගම් හටනකදී ප්‍රතිමල්ලවයාව වික්ෂිප්ත කර හිටි පිනුමක් ගසා ළිං ගැට්ටටම අවුත් එය ජය ගත්තේය. ප්‍රතිමල්ලවයාව පරාද කිරීම සඳහා යොදා ගත්තේ හෙළ අංගම්පොර රහසක් වන "මඩහරඹ" හෙවත් ප්‍රතිමල්ලවයාගේ ඇස් වලට ඊයක වේගයෙන් මඩ අහුරක් ගැසීමයි. ඊට අමතරව නිල අංගම්පොර ශාස්ත්‍රයේද පරිනත දඹර අමිල හිමිට, යමෙක්ව සුරතින් ස්පර්ෂ කිරීමෙන්ම ඔහුගේ ආත්මය ඝාතනය කර දැමීමට හැකියාව තිබේ.

    50552_263111072447_3463425_n.jpg


    .ශ්‍රී රාවණ රජතුමා ගැන කාලයක් තිස්සේ ගවේෂණය කළ දඹර අමිල හිමි අවසානයේදී අප නොදන්නා බොහෝ හෙළ රහස් සොයා ගෙන ඇත. ඉන් ප්‍රමුඛස්ථානයක් ගන්නේ ශ්‍රී රාවණ රජතුමාට අයත් ව තිබූ න්‍යෂ්ඨික අවි නිල්ගල වනාන්තරයේ ලෙනක තිබී සොයාගැනීමයි. එවැනි අවියක් දැනටමත් දඹර අමිල හිමි ගාව තිබෙන අතර, නුදුරේදී එල්ල වන ඉන්දියානු මිසයිල ප්‍රහාර මැඩ පැවැත්වීමට ඒවා යොදා ගැනීමට නියමිතය.

    මේ අතර ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරෙක් වන රුසියාවත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති තර්ජනයට උදව් කිරීම සඳහා අති ප්‍රබල S-400 මිසයිලයක් නිපදවා ඇති බව රුසියානු KGB ඔත්තු සේවය ඇසුරෙන් RT වාර්තා කරයි. එම මිසයිලය තැනින් තැනට ගෙන යාමට හැකි ලෙස විශේෂයෙන්ම නිපදවා ඇත්තේ වහාම හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බෑම සඳහාය. (හම්බන්තොට වරායේ ගොඩ බෑමේ පර්යන්තයේ දොඹකර නැති බව ඔබට අළුතෙන් කීමට අනවශ්‍යනේ.) එමෙන්ම මිනිත්තුවක් වැනි සුළු කාලයක් තුල භූමියේ ඕනෑම ස්ථානයකට ගුවන් ආරක්ෂාව සැපයිය හැකි පරිදි මෙය නිර්මාණය කර ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත. ඊට හේතුවනම් ඉන්දියාවෙන් ගුවන් ගත වන මිසයිලයක් මිනිත්තුවක පමණ කාලය තුල ශ්‍රී ලංකාවට පතිත වීමට හැකි වීමයි. දැනට මෙය වෙලඳපලට නිකුත් කිරිමට ඔවුන්ගේ අදහසක් නොමැති බවත් ඉදිරි වසර 20 ක් පමණ වන තුරු ගුවන් ආරකෂාව කෙරෙහි මෙය යොදා ගත හැකි බවත් රුසියාව ප‍්‍රකාශ කරයි. මන්ද යත් එලෙස වෙළඳපොළට නිකුත් කළහොත් ඉන්දියානුවන් මෙහි තාක්ෂණය සොරකම් කිරීමට ඉඩ ඇති බැවිනි

    tactical-fire-ashuluk-grounds.n%5B1%5D.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    දබර අමිලගේ මිසයිලේ ගැන කිව්වම මෝමඩ් වටරෙක මතක් උනා