ඉන්දියාවට යටවූ දේශීය බතික් කර්මාන්තය වළපල්ලට...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියාවට යටවූ දේශීය බතික් කර්මාන්තය වළපල්ලට...

    දේශීය බතික් සඳහා හිමිව තිබු වෙළෙඳපොළ ඉන්දීය මුද්‍රිත බතික් හේතුවෙන් මේ වන විට අහිමිව ගොස් ඇති බව දේශීය බතික් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.​

    දේශීය බතික් නිෂ්පාදකයින්ගේ සංගමයේ, සභාපති චම්මි සමරවීර මහතා පවසා සිටියේ, ඉන්දීය මුද්‍රිත බතික් රට තුළට රැගෙන එම තහනම් කර තිබෙන පසුබිමක වෙනත් ඇඳුම් බව අඟවමින් රජයට ලැබිය යුතු කෝටි ගණනක බදු මුදල් පවා අහිමි කරමින් මෙම දැවැන්ත ජාවාරම සිදුකරන බවය.​

    දේශීය බතික් කර්මාන්තය කඩා වැටීමට ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බව දේශීය බතික් නිෂ්පාදකයින් පවසයි.​

    වෙනත් සිංහල අලුත් අවුරුදු සමයන්වලදී දේශීය බතික් සඳහා තිබු ඉල්ලුම මෙවර අහිමි කර ඇති බවද පවසන දේශීය බතික් කර්මාන්තකරුවන් මෙම තත්ත්වය හමුවේ තම කර්මාන්තය කඩා වැටීමට වගකිව සුළු පිරිසකගේ අතමිට සරුවිම පමණක් සිදුව ඇති බවට චෝදනා එල්ල කරති.​

    මේ හේතුව නිසාම දේශීය බතික් සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල, නාත්තන්ඩිය, මහවැව, දංකොටුව, කොස්වාඩිය, හාල්පන්විල, මරදවැල්ල, හත්තිනිය, තල්විල ඇතුළු ප්‍රදේශවල වෙනත් අවුරුදු සමයන්වලදී තිබු කාර්ය බහුලත්වය දකින්නට නොමැති බව ද වාර්තා වේ.​

    බතික් වෙළෙඳපොළ අහිමි වීමත් සමග එයින් දිවි සරිකරගත් කර්මාන්තකරුවන් හා එහි සේවය කළ විශාල පිරිසකට මේ වන විට තම රැකියා අහිමි වී ඇතැයි ද අනාවරණය වී තිබේ.​

    දේශීය අත්කම් කර්මාන්ත අතර ඉහළ තැනක ඇති දේශීය බතික් කර්මාන්තය දේශීයව හා විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය වුයේ අලංකාර නිමාවකින් යුක්තවීමත් සිත් ඇද ගන්නා සුළු වර්ණයන් හා නුවර පෙරහැර, අලි ඇතුන්, සිගිරි අප්සරාවන් ඇතුළු ආකර්ෂණීය ස්ථාන හා සතුන් දෑතින් නිර්මාණය වීම නිසාවෙනි.​

    https://sinhala.adaderana.lk/news.php?nid=7183&mode=head
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,203
    113
    ආශ්චර්යමත් රටක

    ඉන්දීය මුද්‍රිත බතික් රට තුළට රැගෙන එම තහනම් කර තිබෙන පසුබිමක වෙනත් ඇඳුම් බව අඟවමින් රජයට ලැබිය යුතු කෝටි ගණනක බදු මුදල් පවා අහිමි කරමින් මෙම දැවැන්ත ජාවාරම සිදුකරන බවය.​

    මේක කියන එකා නං කුහක ජෙප්පෙක් වගේ. කොළඹ වෙනස කරලා, ගෝට් චීස් කාලා සැපේ ඉන්න වැදගත් බිස්නස් මහත්තුරුන්ට නේද මේ ජාවාරංකාරයො කියලා අපහාස කරන්නෙ? 😱

    “ගේමක් ගහලා” ගොඩ ගියපු සුපිරි ඩයල් වලට අපහාස කරන කුහකයා :angry:

    #කොළඹවෙනස
    #ගෝට්චීස්ඉවරයි
    #ගේමක්ගහන්නකියාපුරට
     
    • Wow
    Reactions: NRTG and lilman

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    බතික් කොහෙද බං දේශීය වෙන්නේ
    පිටරටවලින් කෙමිකල් ගෙනල්ලා කරන විදිය හොයාගෙන ලංකාවේ කරාම දේශීය වෙනවද?
    ලංකාවේ බතික් ඇදුමක් ඇදල බලහං නැති ලෙඩ හැදෙනවා
    ජරාම ජරා ලාබ chemical දාල හදන නිසා හමට හොද නැහැ.
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,605
    6,367
    113
    ඉන්දියාවට යටවූ දේශීය බතික් කර්මාන්තය වළපල්ලට...

    දේශීය බතික් සඳහා හිමිව තිබු වෙළෙඳපොළ ඉන්දීය මුද්‍රිත බතික් හේතුවෙන් මේ වන විට අහිමිව ගොස් ඇති බව දේශීය බතික් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.​

    දේශීය බතික් නිෂ්පාදකයින්ගේ සංගමයේ, සභාපති චම්මි සමරවීර මහතා පවසා සිටියේ, ඉන්දීය මුද්‍රිත බතික් රට තුළට රැගෙන එම තහනම් කර තිබෙන පසුබිමක වෙනත් ඇඳුම් බව අඟවමින් රජයට ලැබිය යුතු කෝටි ගණනක බදු මුදල් පවා අහිමි කරමින් මෙම දැවැන්ත ජාවාරම සිදුකරන බවය.​

    දේශීය බතික් කර්මාන්තය කඩා වැටීමට ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බව දේශීය බතික් නිෂ්පාදකයින් පවසයි.​

    වෙනත් සිංහල අලුත් අවුරුදු සමයන්වලදී දේශීය බතික් සඳහා තිබු ඉල්ලුම මෙවර අහිමි කර ඇති බවද පවසන දේශීය බතික් කර්මාන්තකරුවන් මෙම තත්ත්වය හමුවේ තම කර්මාන්තය කඩා වැටීමට වගකිව සුළු පිරිසකගේ අතමිට සරුවිම පමණක් සිදුව ඇති බවට චෝදනා එල්ල කරති.​

    මේ හේතුව නිසාම දේශීය බතික් සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල, නාත්තන්ඩිය, මහවැව, දංකොටුව, කොස්වාඩිය, හාල්පන්විල, මරදවැල්ල, හත්තිනිය, තල්විල ඇතුළු ප්‍රදේශවල වෙනත් අවුරුදු සමයන්වලදී තිබු කාර්ය බහුලත්වය දකින්නට නොමැති බව ද වාර්තා වේ.​

    බතික් වෙළෙඳපොළ අහිමි වීමත් සමග එයින් දිවි සරිකරගත් කර්මාන්තකරුවන් හා එහි සේවය කළ විශාල පිරිසකට මේ වන විට තම රැකියා අහිමි වී ඇතැයි ද අනාවරණය වී තිබේ.​

    දේශීය අත්කම් කර්මාන්ත අතර ඉහළ තැනක ඇති දේශීය බතික් කර්මාන්තය දේශීයව හා විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය වුයේ අලංකාර නිමාවකින් යුක්තවීමත් සිත් ඇද ගන්නා සුළු වර්ණයන් හා නුවර පෙරහැර, අලි ඇතුන්, සිගිරි අප්සරාවන් ඇතුළු ආකර්ෂණීය ස්ථාන හා සතුන් දෑතින් නිර්මාණය වීම නිසාවෙනි.​

    https://sinhala.adaderana.lk/news.php?nid=7183&mode=head
    Aney hodayi
    Ova ge Ganan ahapuvama
    India eka hodayi
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    AI නිසා දේශීය පීලාන්ස් කර්මාන්තයටත් කෙලවිලා තියෙන්නේ.

    ආණ්ඩුව මේකට මොනවහරි කරන්න ඕන 😋
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    කරන්න දෙයක් නෑ ඉතින් අඩු වියදමකින් කලින් අමාරුවෙන් කරපු වැඩ කරන්න පුළුවන් නන් ඒක තමා ගන්නේ. Import කරන එක තහනම් කරල වැඩක් නෑ. Tax එකක් ගහලා එකේ මිල වැඩි වෙන්න ඇරල මෙහෙ හදන්න වෙන්නේ ඊට අඩුවට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    බතික් හදන්නේන් 100% කපු , දැපැත්තම එකම වගේ.... බතික් ඩිසයින් ප්‍රින්ට් කරලා ගෙන්වන එව්වා බතික් වෙන්නේ නැහැ. ( no cess , no surcharge duty ) කස්ටම් එකේ අය ඒ හිලෙන් රින්ගන්න දීලා ගාණ කපාගන්නවා...

    HS code වල බතික් රෙදි & බතික් නිර්මාණ මුද්‍රිත රෙදි කියලා වෙනස් කළා නම් ඔය මගඩිය නවතිනවා.