ජී – 20 සමුළුවට නවදිල්ලියේ මුඩුක්කු නිවාස කඩයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    mmllpvO.jpeg


    මෙම මස 08 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ජී -20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුව හේතුවෙන් ගත වූ මාස හතරක කාලසීමාවේදී නවදිල්ලි නගරයේ පවතින පැල්පත් මුඩුක්කු නිවාස 10,000කට අධික සංඛ්‍යාවක් බුල්ඩෝසර් යන්ත්‍ර යොදාගෙන බිමට සමතලා කිරීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව බලවත්ම ආර්ථිකයන් පවතින රටවල් 20ක නායකයන් සහභාගී වන ජී -20 සමුළුව නිමිත්තෙන් නවදිල්ලි නගරය අලංකාර කිරීම සඳහා මෙසේ නගරයේ පවතින පැල්පත් හා මුඩුක්කු නිවාස කඩා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති බවට මාධ්‍ය විසින් පෙන්වා දී ඇතත් ඉන්දීය රජය පවසා ඇත්තේ රජයට අයත් ඉඩම්වල ඉදි කර තිබූ අනවසර ඉදි කිරීම් මෙසේ ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර එම ක්‍රියාදාමය කලක සිටම සිදුවන්නක් බවයි.

    කෙසේ වුවද ජී -20 නායකයන්ගේ සමුළුව පැවැත්වෙන ප්‍රධානතම ශාලාව වන නවදිල්ලියේ ප්‍රගති මේඩන් ප්‍රදේශයේ පිහිටි භාරත් මණ්ඩපම් ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවට යාබදව පිහිටි ජන්තා කෑම්ප් නිවාස සංකීර්ණයට අයත් කුඩා නිවාස කිසිදු දැනුම් දීමකින් තොරව නොබෝදා බිමට සමතලා කර ඇත්තේ එම ප්‍රදේශය අලංකාර කිරීමේ අරමුණින් බවත් එසේ නිවාස කඩා දැමීම හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ විශාල පිරිසකට කඩා දැමූ නිවාස වෙනුවට නව නිවාස ලබා දීමට නිලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බවටද ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබේ. කෙසේ වුවද ඉන්දීය රජය පවසනුයේ මෙම ජනතාව සිටි නිවාස රජයේ ඉඩම්වල සිදු කර ඇති අනවසර ඉදි කිරීම් බවයි. ඉන්දීය රජයට අයත් බුල්ඩෝසර් යන්ත්‍ර යොදාගෙන ඉකුත් අප්‍රේල් 01 වැනිදා සිට ජුලි මස 27 වැනිදා දක්වා කාලය තුළදී රජයට අයත් අක්කර 230ක පිහිටි නිවාස කඩා දමා ඒවායේ සුන්බුන් ඉවත් කර ඇති බවත් මේ සඳහා බුල්ඩෝසර් යන්ත්‍ර 49 වතාවක් භාවිත කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    පාරෙ කක්කි දාන එකට මොනා කරයිද දන්නෑ පොල්මුඩු ගහගන ගහගන යයිද මහයිද දන්නෑ පුක්ටික..

    ඉස්සර ලංකාවෙත් ඔය වේගේ සීන් ගියා නේද
    ඔව් නොබැදි ජාතීන්ගේ සමුලුව තිබ්බනෙ සිරිමාවොගෙ කාලෙ එතකොට පාරවල් ඔක්කොම කෙලින් කරා වත්තල ජාඇල හරියෙ එහෙම.....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,200
    198,834
    113
    Colombo, Sri Lanka
    පාරෙ කක්කි දාන එකට මොනා කරයිද දන්නෑ පොල්මුඩු ගහගන ගහගන යයිද මහයිද දන්නෑ පුක්ටික..


    ඔව් නොබැදි ජාතීන්ගේ සමුලුව තිබ්බනෙ සිරිමාවොගෙ කාලෙ එතකොට පාරවල් ඔක්කොම කෙලින් කරා වත්තල ජාඇල හරියෙ එහෙම.....

    Habayi ewata nam gewal dunna neda ? Godak un ewa aragena rent karala aye parana tanatama apucase neda giye.
    ඔව් මමත් අහලා තියෙන්නේ එහෙම තමයි.
    මම හිතන්නේ ඒ කට්ටිය ඔය මහල් නිවාස වල පදිංචි කෙරුවද කොහෙද.......:yes: