ඉන්දියාවත් හොඳ හිත පෙන්නයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඉන්දියාවත් හොඳ හිත පෙන්නයි

දින 55ක් ඇවෑමෙන් ඉන්දියාවත් හොඳ හිත පෙන්නයි

ඉන්දියාවේ, වේදාරනියම් ප්‍රදේශයේදී ඉකුත් අප්‍රේල් මස 15 වැනිදා අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනා නිදහස් කර තිබේ.

යාපනයේ පදිංචිකරුවන් වන එම ධීවරයින් දෙදෙනා තමිල්නාඩු බලධාරීන් විසින් ඊයේ නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් සම්බන්ධයෙන් තිබූ නීතිමය ක්‍රියාමාර්ග අවසන් කිරීමෙන් පසු එසේ නිදහස් කර ඇති බව එම වාර්තා අනාවරණය කරයි.

මෙම ධීවරයින් දෙදෙනා සිටි යාත්‍රාව ඉකුත් අප්‍රේල් මස 15 වැනිදා අනතුරකට ලක්වීම නිසා ඔවුන් එදින ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබුණි.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 9 වැනිදා තෙක් රඳවා තබා ගැනීමට අවසර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දු - ලංකා සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් මෙන්ම එරට අත්අඩංගුවේ පසුවන ලාංකික ධීවරයින් ද නිදහස් කිරීමට දෙරටේ බලධාරීන් පියවරගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ.

මේ යටතේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 78 දෙනෙකු ජනපති අණින් පෙරේදා නිදහස් කෙරිණ.

(අද‍දෙරන ‍වෙබ් අඩවිය)