ඉන්දියාවේ සුපිරි චරිත

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ ඉන්න අංකල් ඉන්දියාවේ තියෙන ලොකුම IT කොම්පැණිය වෙන Infosys එක හදපු මිනිසා. ඔහු නමින් නාරායන මූර්ති.

    එහා පැත්තේ ඉන්නෙ එයාගේ දෝණියන්දා. නමින් අක්ෂාතා මූර්ති. එයා වත්මන් එංගලන්තයේ අගමැති රිෂී සුනාක් ගේ බිරිඳ.

    මේ බැංගලෝරයේ අයිස්ක්‍රීම් අවන්හලක දෙන්නා එක්ක අයිස්ක්‍රීම් එකක රස බලන ගමන් කයිවාරුවක් ගහන වෙලාවක්.

    සමහර පොටෝ ගැන ගොඩක් කතා ලියන්න ඕනේ නෑ. පොටෝ එකම කතාවක්. ඔබට ඒ ගැන හිතෙන දේ ඔබේ අභ්‍යන්තරයේ තියෙන කතාවක්ම තමයි. ඔබට හිතෙන දේ ඔබේ අත්දැකිම්, ඔබේ ඇසූපිරූ තැන්, ඔබේ මතකයන් ආදියෙන් ඔබේ චින්තනයට නැගෙන දේකින් නිර්මාණය වෙන සිතිවිලි සමුදායක්.

    ඔබ කැමති දේ හිතන්න.

    පැතුම් කර්නර් #හරිත