Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන

ඉන්දීය බොක්ස් ඔෆිස් වාර්තා අනුව 'දිල් සේ' බොලිවුඩ් චිත්‍රපටයට යහපත් ප්‍රතිචාර නොලැබුණ ද, වසර 25කට පසුවත් තවමත් එහි ගීතයක් ජනප්‍රියව පවතියි. 'චයියා චයියා' ගීතය මතකයේ රැඳී ඇත්තේ එහි ආකර්ෂණීය තාලය නිසා පමණක් නොව, එය සම්පූර්ණයෙන් ම ධාවනය වන දුම්රියක් මත රූගතකර ඇති බැවිනි. සශ්‍රීක කඳුකර ප්‍රදේශ, තේ වතු පසු කරමින් උස් ආරුක්කු පාලම් හරහා පැරණි මාදිලියේ එන්ජිමෙන් දුම් පිට කරන දුම්රිය සෙමින් සෙමින් ඉදිරියට ඇදෙද්දී, බොහෝ හදවත් පැහැරගත් ඉන්දීය නළුවෙකු වන ෂාරුක් ඛාන් සහාය නර්තන ශිල්පීන් පිරිසක් සමග එය මත එහෙ මෙහෙ දුවයි.

මම ද මේ දුම්රියේ ගමන් කර ඇත්තෙමි. නමුත් ඛාන්ගේ ගමනට වඩා මගේ ගමන සුවපහසුබවින් වැඩි සහ අවිනිශ්චිතබවින් අඩුවූවක් විය. නිල්ගිරි කඳුකර දුම්රිය (නීලගිරිය යනු "නිල් පැහැති කන්ද" ය) NMR ලෙසින් හෝ ඊටත් වඩා ආදරයෙන් "සෙල්ලම් කෝච්චිය" ලෙසින් ප්‍රදේශවාසීන් හැඳින්වීම, මේ ගමන පිළිබඳ ජනප්‍රිය කතාවට කදිම උදාහරණයකි.

අතිශය බෑවුම් ප්‍රපාතයක පිහිටි දුම්රිය මාර්ගය හේතුවෙන්, තමිල් නාඩු ප්‍රාන්තය හරහා ධාවනය වන මෙම දුම්රිය ඉන්දියාවේ මන්දගාමී ම දුම්රිය ලෙස සැලකේ. නීලගිරි කඳු පාමුල පිහිටි මෙට්ටුපාලයම් නගරයේ සිට උඩගමණ්ඩලම් (මෙය බ්‍රිතාන්‍යයන්ගේ පහසුව තකා 'ඌටකාමුන්ඩ්' ලෙස ව්‍යවහාර කෙරුණු අතර, පසුව ඉන්දියානුවන් විසින් 'ඌටි' ලෙස කෙටි කරන ලදී) කඳුකර නගරය දක්වා කිලෝමීටර් 46ක දුරක් ආවරණය කිරීමට දුම්රියට පැය පහකට ආසන්න කාලයක් ගත වේ. ආපසු පල්ලම් බැසීමේ දී ඉන් පැයක් අඩුවුව ද, මහා මාර්ගය හරහා එම ගමනට ගත වන්නේ ඉන් අඩකට ත් අඩු කාලයකි.

පැහැදිලිව ම, A ස්ථානයේ සිට B ස්ථානය දක්වා යාමට කිසිවෙකු නිල්ගිරි කඳුකර දුම්රිය මාර්ගය භාවිත නොකරන අතර, ඔවුන් එයට ගොඩවන්නේ උමං 16ක්, පාලම් 250ක් සහ ද්විත්ව වංගු 208ක් සහිත, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ජෛව විවිධත්වයෙන් පොහොසත් බටහිර ඝාට්ස් කඳු පන්තිය හරහා ධාවනය වන දුම්රියක ගමන් කිරීමේ ප්‍රීතිය උදෙසා ය.

මා ඉන්දියානු රුපියල් 600ක (ලංකා මුදලින් රු. 2200ක් පමණ) වටිනාකමින් යුත් පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් අතැතිව, සීතල උදෑසනක ඌටිහි දී නීල වර්ණ දුම්රියට ගොඩවූයේ මෙම අතිවිශිෂ්ට නීලගිරි අත්දැකීම විඳ ගැනීමේ ආශාවෙනි. (දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයේ මිල මින් අඩකට වඩා අඩු ය. එහෙත්, එහි ආසන මත මෘදු කුෂන් නොමැත.)

මෙම දුම්රිය මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන දක්ෂිණ දුම්රිය සමාගමේ මහජන සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරී ඩී. ඕම් ප්‍රකාශ් නාරායන් මට පැවසුවේ, "ඔබ දුම්රියට ඇතුළු වුණාට පස්සේ වෙන ම මානයකට ඇතුළු වුණා වගෙ හැඟීමක් දැනේවි," යනුවෙනි.

මම කුඩා දුම්රියට ගොඩ වූ විට ඔහු අදහස් කළේ කුමක්දැයි මට දැකගත හැකි විය. නිල්ගිරි කඳුකර ප්‍රදේශයේ දැකිය හැකි බවට පොරොන්දු වූ දසුන් ළඟා වන තුරු, දරුවන් සිටින පවුල් හතරැස් ජනේල වටා රොක් වී සිටියහ. දුම්රිය අඳුරු උමං හරහා ගමන් කරන විට ඔල්වරසන් දෙමින් සහ අත්පුඩි ගසමින් විවේකී මනෝභාවයකින් සිටි සියලු මඟීන් අතර ප්‍රබෝධවත් හැඟීමක් ඇති විය.

ඌටි යනු ඉන්දියාවේ පැරණිතම කඳුකර නිවාඩු නිකේතන අතරින් එකකි (බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බ්‍රිතාන්‍යයින් දැඩි තාපයෙන් මිදීම සඳහා ගියේ ඉහළ උන්නතාංශවල පිහිටි මෙම නගර වෙත ය). දැන්, සීතල විවේකයක් හෝ මධුසමයක් සඳහා මෙය ඉන්දීය සංචාරකයින් අතර ජනප්‍රියව පවතියි. අද එය ජනාකීර්ණ කුඩා නගරයක් වන අතර, නාගරික ඉන්දියාව තුළ යටත්විජිතවාදයේ ශේෂයන් සැඟවී ඇති ප්රදේශයකි. නමුත් අප ඌටි පසු කර පිටව යන විට, ලව්ඩේල්, වෙලිංටන්, ඇඩර්ලි සහ රනිමීඩ් වැනි දුම්රිය ස්ථාන නාමයන් හරහා බ්‍රිතාන්‍ය රාජධානිය පිළිබඳ මතක සැමරුම් දිස්වන්නට විය.

බ්‍රිතාන්‍ය කාලෙ ඉඳලා කිසි දෙයක් වෙනස් වෙලා නෑ වගෙයි පේන්නේ, හරියට කාලය මෙතැනින් නතරවුණා වගේ," පවුලේ සාමාජිකයින් සමග මෙම දුම්රියේ මෑතකදී ගමන් කළ ශරණ්යා සීතාරාමන් පැවසුවාය. "මෝස්තරකාර තොප්පි දාගත්ත යුරෝපීය කාන්තාවෝ මේ පුංචි ස්ටේෂන්වලින් කෝච්චියෙන් බැහැලා ගිය විදිය අපට මවා ගන්න පුළුවන්."

බ්‍රිතාන්‍ය රාජධානියේ යටත්විජිත සමයේ නිර්මිත කාර්යාල, බංගලා (ඇතැම් ගොඩනැගිලි මේ වන විට අවන්හල් ලෙස භාවිත කෙරේ) සහ දේවස්ථාන ආදී පැරණි ගොඩනැගිලිවල ශේෂයන් නිල්ගිරි කඳුකර ප්‍රදේශයේ දී තවමත් දැකිය හැකි ය. එහි යටත්විජිත සමය පිළිබඳ හැඟීම කෙතරම් ප්‍රබල ද යත්, ඌටි සිට පැයක පමණ දුරක පහළින් පිහිටි කූනූර් දුම්රිය ස්ථානය, ඩේවිඩ් ලීන්ගේ 1984 චිත්‍රපටයකට අනුවර්තනය වූ ඊ.එම්. ෆොස්ටර්ගේ නවකතාවක් වූ A Passage to Indiaහි චන්ද්‍රපූර් නමැති ප්‍රබන්ධිත නගරයේ කොටසක් ලෙස යොදා ගැනිණි.

"මේ දුම්රියේ ගමන් කරන මිනිස්සු තවමත් දකින්නේ අවුරුදු 100කට කලින් හිටි මිනිසුන් දැක්ක දේ ම යි," නිල්ගිරි ප්‍රදේශයේ සිට වාර්තාකරණයේ නිරත වූ විශ්‍රාමික මාධ්‍යවේදියෙකු වන ඩී. රාධාක්‍රිෂ්ණන් පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 30කට අධික කාලයක් සේවය කර ඇති නාරායන් මීට එකඟවෙයි: "සංවර්ධනය මුවාවෙන් ඌටි සහ කූනූර් ප්‍රදේශවල ස්වභාවික සම්පත් සූරාකෑමට ලක්ව තිබෙනවා. පාරෙන් යද්දී මේ බව දකින්න පුළුවන්. ඒත්, මේ දුම්රියෙන් ගමන් කරද්දී, එහෙම දෙයක් සිදුවුණුබවට සලකුණක්වත් නැහැ."

තේ දලු වෙත නැමුණු දලු නෙළන්නියන් සහ මෝසම් කාලයෙන් පසු පෝෂණය වූ දිය ඇලි සහිත තේ වතු පසු කරමින් අපි ඉදිරියට ඇදුණෙමු. මම දිගින් දිගට ම දුම්රියේ සර්ප දඟර සහ වංගු දැකීමට ජනේලයට හේත්තු වී, ළඳු කැලෑවල සිටින අයාලේ යන ගවරෙකු (ඉන්දියානු බයිසන්) හෝ අලියෙකු දැක ගැනීමේ අදහසින් දෑස් යොමාගෙන සිටියෙමි. විවිධ දුම්රිය ස්ථානවල දුම්රිය නතර කළ පසු මඟීන් හිරි ඇර ගැනීම සහ ඡායාරූප ගැනීම සඳහා පිටතට බැසීම නිමක් නොමැතිව සිදුවිය (ඇතැම් දුම්රිය ස්ථානවල දී මඟීන්ට ගොඩවීමට සහ බැසීමට නතර කළ අතර, ඇතැම් ස්ථානවල නතර කරන ලද්දේ වාෂ්ප එන්ජිමට ජලය පිරවීමට ය). කූනූර්හි දුම්රිය නැවතුම බොහෝ දිගු වූ අතර, මෙතෙක් තැනිතලා ප්‍රදේශයක ගමන් කිරීමට භාවිත කළ ඩීසල් දුම්රිය එන්ජිම වෙනුවට කඳුකර ප්‍රදේශවල ගමන් කිරීම සඳහා වැඩි බලයක් ලබා ගැනීමට වාෂ්ප එන්ජිමක් සවි කිරීමට එම කාලය ගත විය.

නිස්කලංක දර්ශන සහ දුම්රියේ මෘදු පැද්දීම මා නිද්‍රාශීලී තත්ත්වයකට ඇද දැමීය. ජලය පිරවීම සඳහා දුම්රිය නතර කළ එක් අවස්ථාවකදී මම ඉන්දියාවේ ඕනෑ ම දුම්රිය ගමනක අනිවාර්ය අංගයක් වන මසාලා වඩේ සහ උණු තේවලින් සප්පායම් වීමි.

මෙට්ටුපාලයම් ආසන්නයේ පිහිටි තැනිතලා ප්‍රදේශයේ හැදී වැඩුණු, දැන් මැංගලෝර්හි වෙසෙන මාධ්‍යවේදිනී සුභා ජේ. රාඕට ඇගේ ළමා කාලයේ සිට ම මේ දුම්රිය ගමන පිළිබඳ ඒ හා සමාන මතකයන් තිබේ. "ඇත්තට ම අපිට බිමට බැහැලා කෝච්චිය එක්ක ඇවිදින්න වුණ ත් පුළුවන්," ඇය පැවසුවාය. "වැඩිහිටියන් විදිහට අපි දැන් මේ දුම්රිය ගමනේ සුන්දරත්වය ගැන කතා කළ ත්, පුංචි කාලේ අපි මේ අත්දැකීම අත්වින්දා, වාෂ්ප එන්ජිමේ ශබ්දය යි, දුමාරය යි එක්ක වුණත්."

නිල්ගිරි කඳුකර දුම්රිය, බටහිර බෙංගාලයේ ඩාර්ජිලිං හිමාලයානු දුම්රිය සහ උතුරින් පිහිටි හිමාචල් ප්‍රදේශ්හි කල්කා ෂිම්ලා දුම්රිය සමග 'ඉන්දියාවේ කඳුකර දුම්රිය මාර්ග' නම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වේ. ඒ සියල්ල ම බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබුණු දායාද වන අතර ගිම්හාන කාලයේ දී ශීතල කාලගුණයක් සහිත ප්‍රදේශයකට පහසුවෙන් ළඟා වීම සඳහා ඒවා ඉදි කෙරිණි. එහෙත්, රාධාක්‍රිෂ්ණන් පෙන්වා දුන්නේ, "ඒගොල්ලෝ දුම්රිය මාර්ග හැදුවේ සම්පූර්ණයෙන් ම ඔවුන්ගේ සැප පහසුව සඳහා මිසක් ඉන්දියානු ජනතාවගේ යහපත වෙනුවෙන් නෙවේ. ඒගොල්ලො යනකොට ඒවා ආපහු ගෙනියන්න පුළුවන් වුණා නම් ඒවා අරගෙන යන්න තිබුණා."

ඔවුන්ගේ අභිප්‍රාය කුමක් වුව ත්, මෙම දුෂ්කර කඳුකරයේ දුම්රිය මාර්ගය ඉදි කිරීම අතිශයින් අභියෝගාත්මක විය. යුනෙස්කෝ සංවිධානයට අනුව, "මෙම දුම්රිය මාර්ගය, මීටර් 326 සිට මීටර් 2,203 දක්වා පරාසයකින් යුක්තව, එකල භාවිත වූ නවීනතම තාක්ෂණය යොදා ඉදි කර තිබේ." මාර්ගයේ ඇතැම් කොටස් (කල්ලාර් සහ කූනූර් අතර කොටස වැනි) ඉතා බෑවුම් සහිත බැවින් විශේෂිත දැති තලව් හා දව රෝද පද්ධතියක් භාවිත කිරීමට සිදුවූ බව නාරායන් පැහැදිලි කළේ ය. මෙයින් අදහස් කරන්නේ ලිස්සා යාම වැළැක්වීම සඳහා පීලි මැද තියුණු දැති සහිත අමතර පීල්ලක් (දැති තලව්ව) මඟින් කෝච්චි පෙට්ටියේ ඇති දැති සහිත රෝදයක් (දව රෝදය) මගින් ග්‍රහණය කිරීමට සැලැස්වූ බව ය. ඉදිකිරීම් සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් කුලී පදනම මත බඳවා ගත් මුල් ස්විට්සර්ලන්ත ඉංජිනේරු කණ්ඩායම විසින් එය සැලසුම් කරන ලදී. මෙම සැලසුම නිල්ගිරි කඳුකර දුම්රිය මාර්ගයේ හැර අද වන විට වෙනත් ස්විස් දුම්රිය මාර්ග කිහිපයක පමණක් දක්නට ලැබෙන අතර ඒවා අද දක්වා ම ක්‍රියාත්මක වේ.

දුම්රිය මාර්ගය ඉදිකිරීම 1891 වසරේදී ආරම්භ වූ අතර, නිම කිරීමට වසර 17ක් ගත විය. දුම්රිය ආරම්භ වී ගත වූ 115 වන වසර මෙය වෙයි. බ්‍රිතාන්‍ය නිලධාරි ජෝන් සලිවන් කඳුකරයේ පිහිටි මෙම සුන්දර ගම්මානය සොයා ගනිමින් එය බ්‍රිතාන්‍ය රාජධානියේ ගිම්හාන ඍතුවේ විවේකස්ථාන ලැයිස්තුවට එක් කර හරියට ම වසර 200ක් වන බැවින්, 2023 වසරේදී සන්ධිස්ථාන සංවත්සරයක් සැමරීමට ඌටි සූදානම් වේ. එනම්, නිල්ගිරි කඳුකර දුම්රිය, ඌටි ගම්මානය ආරම්භයේ සිට ගත වූ කාලයෙන් අඩක් නියෝජනය කරන ඌටි උරුමයේ කොටසකි.

රාධක්‍රිෂ්ණන් පවසන පරිදි මෙම දුම්රිය සේවය ආර්ථික වශයෙන් ලාභදායී නොවන බැවින් එය වසා දැමීමට අවස්ථා කිහිපයකදී ම සැලසුම් කර තිබිණි. නමුත්, මෙම දුම්රිය ඌටි සංචාරක ක්ෂේත්රයේ අත්‍යවශ්‍ය අංගයක් වන හෙයින්, එම සැලසුම් ඉදිරිපත් කළ සැණින් ප්‍රතික්ෂේප විය. "ගොඩක් අය මෙහෙට එන්නේ මේ කෝච්චියේ යන්න ඕන නිස යි. නිල්ගිරි කඳුකර දුම්රිය නැති ඌටියක් ගැන හිතන්නවත් බෑ," ඔහු පැවසීය.

අවසානයේ අපි ඌටියෙන් පිටත් වී සන්සුන් හා විවේකී පැය හතරකට පසු මෙට්ටුපලයම් වෙත ළඟා වූ විට රාඕ පැවසූ දෙයක් මගේ මතකයට නැගිණි: "මේ කෝච්චියේ ගමන් කරන එක, සන්සුන් කාලයක් දෙස ආපසු හැරී බැලීමක්."

එය එදිනෙදා ජීවිතයේ ආතතියට සහ ව්‍යාකූලතාවන්ට ප්‍රතිරෝධකයක් බව මට දැනුණු අතර, දුම්රියේ වේගයට ගැලපෙන පරිදි මගේ ම මනස මන්දගාමී වූ විට, එය හරියට ම මට අවශ්‍ය ආකාරයේ ආපසු හැරීමක් විය.

Source.

BBC.com

චායාරූප අන්තර්ජාලයෙනි

[QUOTE="NRTG, post: 29018029, member: 573158"] [SIZE=5]ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන [IMG]https://i.imgur.com/vEbyEH7.jpg[/IMG][/SIZE] [SIZE=4]ඉන්දීය බොක්ස් ඔෆිස් වාර්තා අනුව 'දිල් සේ' බොලිවුඩ් චිත්‍රපටයට යහපත් ප්‍රතිචාර නොලැබුණ ද, වසර 25කට පසුවත් තවමත් එහි ගීතයක් ජනප්‍රියව පවතියි. 'චයියා චයියා' ගීතය මතකයේ රැඳී ඇත්තේ එහි ආකර්ෂණීය තාලය නිසා පමණක් නොව, එය සම්පූර්ණයෙන් ම ධාවනය වන දුම්රියක් මත රූගතකර ඇති බැවිනි. සශ්‍රීක කඳුකර ප්‍රදේශ, තේ වතු පසු කරමින් උස් ආරුක්කු පාලම් හරහා පැරණි මාදිලියේ එන්ජිමෙන් දුම් පිට කරන දුම්රිය සෙමින් සෙමින් ඉදිරියට ඇදෙද්දී, බොහෝ හදවත් පැහැරගත් ඉන්දීය නළුවෙකු වන ෂාරුක් ඛාන් සහාය නර්තන ශිල්පීන් පිරිසක් සමග එය මත එහෙ මෙහෙ දුවයි. මම ද මේ දුම්රියේ ගමන් කර ඇත්තෙමි. නමුත් ඛාන්ගේ ගමනට වඩා මගේ ගමන සුවපහසුබවින් වැඩි සහ අවිනිශ්චිතබවින් අඩුවූවක් විය. නිල්ගිරි කඳුකර දුම්රිය (නීලගිරිය යනු "නිල් පැහැති කන්ද" ය) NMR ලෙසින් හෝ ඊටත් වඩා ආදරයෙන් "සෙල්ලම් කෝච්චිය" ලෙසින් ප්‍රදේශවාසීන් හැඳින්වීම, මේ ගමන පිළිබඳ ජනප්‍රිය කතාවට කදිම උදාහරණයකි. [IMG]https://i.imgur.com/t9mFOqE.jpg[/IMG] අතිශය බෑවුම් ප්‍රපාතයක පිහිටි දුම්රිය මාර්ගය හේතුවෙන්, තමිල් නාඩු ප්‍රාන්තය හරහා ධාවනය වන මෙම දුම්රිය ඉන්දියාවේ මන්දගාමී ම දුම්රිය ලෙස සැලකේ. නීලගිරි කඳු පාමුල පිහිටි මෙට්ටුපාලයම් නගරයේ සිට උඩගමණ්ඩලම් (මෙය බ්‍රිතාන්‍යයන්ගේ පහසුව තකා 'ඌටකාමුන්ඩ්' ලෙස ව්‍යවහාර කෙරුණු අතර, පසුව ඉන්දියානුවන් විසින් 'ඌටි' ලෙස කෙටි කරන ලදී) කඳුකර නගරය දක්වා කිලෝමීටර් 46ක දුරක් ආවරණය කිරීමට දුම්රියට පැය පහකට ආසන්න කාලයක් ගත වේ. ආපසු පල්ලම් බැසීමේ දී ඉන් පැයක් අඩුවුව ද, මහා මාර්ගය හරහා එම ගමනට ගත වන්නේ ඉන් අඩකට ත් අඩු කාලයකි. [IMG width="716px"]https://i.imgur.com/ClrvZMi.jpg[/IMG] පැහැදිලිව ම, A ස්ථානයේ සිට B ස්ථානය දක්වා යාමට කිසිවෙකු නිල්ගිරි කඳුකර දුම්රිය මාර්ගය භාවිත නොකරන අතර, ඔවුන් එයට ගොඩවන්නේ උමං 16ක්, පාලම් 250ක් සහ ද්විත්ව වංගු 208ක් සහිත, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ජෛව විවිධත්වයෙන් පොහොසත් බටහිර ඝාට්ස් කඳු පන්තිය හරහා ධාවනය වන දුම්රියක ගමන් කිරීමේ ප්‍රීතිය උදෙසා ය. [IMG]https://i.imgur.com/epybard.jpg[/IMG] මා ඉන්දියානු රුපියල් 600ක (ලංකා මුදලින් රු. 2200ක් පමණ) වටිනාකමින් යුත් පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් අතැතිව, සීතල උදෑසනක ඌටිහි දී නීල වර්ණ දුම්රියට ගොඩවූයේ මෙම අතිවිශිෂ්ට නීලගිරි අත්දැකීම විඳ ගැනීමේ ආශාවෙනි. (දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයේ මිල මින් අඩකට වඩා අඩු ය. එහෙත්, එහි ආසන මත මෘදු කුෂන් නොමැත.) [IMG]https://i.imgur.com/sX86Xnk.jpg[/IMG] මෙම දුම්රිය මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන දක්ෂිණ දුම්රිය සමාගමේ මහජන සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරී ඩී. ඕම් ප්‍රකාශ් නාරායන් මට පැවසුවේ, "ඔබ දුම්රියට ඇතුළු වුණාට පස්සේ වෙන ම මානයකට ඇතුළු වුණා වගෙ හැඟීමක් දැනේවි," යනුවෙනි.[/SIZE] [IMG width="672px"]https://i.imgur.com/czVMYw3.jpg[/IMG] [SIZE=4]මම කුඩා දුම්රියට ගොඩ වූ විට ඔහු අදහස් කළේ කුමක්දැයි මට දැකගත හැකි විය. නිල්ගිරි කඳුකර ප්‍රදේශයේ දැකිය හැකි බවට පොරොන්දු වූ දසුන් ළඟා වන තුරු, දරුවන් සිටින පවුල් හතරැස් ජනේල වටා රොක් වී සිටියහ. දුම්රිය අඳුරු උමං හරහා ගමන් කරන විට ඔල්වරසන් දෙමින් සහ අත්පුඩි ගසමින් විවේකී මනෝභාවයකින් සිටි සියලු මඟීන් අතර ප්‍රබෝධවත් හැඟීමක් ඇති වි[/SIZE]ය. [IMG]https://i.imgur.com/8Oj3Kz7.jpg[/IMG] [SIZE=4]ඌටි යනු ඉන්දියාවේ පැරණිතම කඳුකර නිවාඩු නිකේතන අතරින් එකකි (බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බ්‍රිතාන්‍යයින් දැඩි තාපයෙන් මිදීම සඳහා ගියේ ඉහළ උන්නතාංශවල පිහිටි මෙම නගර වෙත ය). දැන්, සීතල විවේකයක් හෝ මධුසමයක් සඳහා මෙය ඉන්දීය සංචාරකයින් අතර ජනප්‍රියව පවතියි. අද එය ජනාකීර්ණ කුඩා නගරයක් වන අතර, නාගරික ඉන්දියාව තුළ යටත්විජිතවාදයේ ශේෂයන් සැඟවී ඇති ප්රදේශයකි. නමුත් අප ඌටි පසු කර පිටව යන විට, ලව්ඩේල්, වෙලිංටන්, ඇඩර්ලි සහ රනිමීඩ් වැනි දුම්රිය ස්ථාන නාමයන් හරහා බ්‍රිතාන්‍ය රාජධානිය පිළිබඳ මතක සැමරුම් දිස්වන්නට විය.[/SIZE] [IMG width="632px"]https://i.imgur.com/jsIMStP.jpg[/IMG] [SIZE=4]බ්‍රිතාන්‍ය කාලෙ ඉඳලා කිසි දෙයක් වෙනස් වෙලා නෑ වගෙයි පේන්නේ, හරියට කාලය මෙතැනින් නතරවුණා වගේ," පවුලේ සාමාජිකයින් සමග මෙම දුම්රියේ මෑතකදී ගමන් කළ ශරණ්යා සීතාරාමන් පැවසුවාය. "මෝස්තරකාර තොප්පි දාගත්ත යුරෝපීය කාන්තාවෝ මේ පුංචි ස්ටේෂන්වලින් කෝච්චියෙන් බැහැලා ගිය විදිය අපට මවා ගන්න පුළුවන්." බ්‍රිතාන්‍ය රාජධානියේ යටත්විජිත සමයේ නිර්මිත කාර්යාල, බංගලා (ඇතැම් ගොඩනැගිලි මේ වන විට අවන්හල් ලෙස භාවිත කෙරේ) සහ දේවස්ථාන ආදී පැරණි ගොඩනැගිලිවල ශේෂයන් නිල්ගිරි කඳුකර ප්‍රදේශයේ දී තවමත් දැකිය හැකි ය. එහි යටත්විජිත සමය පිළිබඳ හැඟීම කෙතරම් ප්‍රබල ද යත්, ඌටි සිට පැයක පමණ දුරක පහළින් පිහිටි කූනූර් දුම්රිය ස්ථානය, ඩේවිඩ් ලීන්ගේ 1984 චිත්‍රපටයකට අනුවර්තනය වූ ඊ.එම්. ෆොස්ටර්ගේ නවකතාවක් වූ A Passage to Indiaහි චන්ද්‍රපූර් නමැති ප්‍රබන්ධිත නගරයේ කොටසක් ලෙස යොදා ගැනිණි. [IMG width="287px"]https://i.imgur.com/HR2dkIM.jpg[/IMG] "මේ දුම්රියේ ගමන් කරන මිනිස්සු තවමත් දකින්නේ අවුරුදු 100කට කලින් හිටි මිනිසුන් දැක්ක දේ ම යි," නිල්ගිරි ප්‍රදේශයේ සිට වාර්තාකරණයේ නිරත වූ විශ්‍රාමික මාධ්‍යවේදියෙකු වන ඩී. රාධාක්‍රිෂ්ණන් පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 30කට අධික කාලයක් සේවය කර ඇති නාරායන් මීට එකඟවෙයි: "සංවර්ධනය මුවාවෙන් ඌටි සහ කූනූර් ප්‍රදේශවල ස්වභාවික සම්පත් සූරාකෑමට ලක්ව තිබෙනවා. පාරෙන් යද්දී මේ බව දකින්න පුළුවන්. ඒත්, මේ දුම්රියෙන් ගමන් කරද්දී, එහෙම දෙයක් සිදුවුණුබවට සලකුණක්වත් නැහැ."[/SIZE] [IMG]https://i.imgur.com/nF1PkII.jpg[/IMG] [SIZE=4]තේ දලු වෙත නැමුණු දලු නෙළන්නියන් සහ මෝසම් කාලයෙන් පසු පෝෂණය වූ දිය ඇලි සහිත තේ වතු පසු කරමින් අපි ඉදිරියට ඇදුණෙමු. මම දිගින් දිගට ම දුම්රියේ සර්ප දඟර සහ වංගු දැකීමට ජනේලයට හේත්තු වී, ළඳු කැලෑවල සිටින අයාලේ යන ගවරෙකු (ඉන්දියානු බයිසන්) හෝ අලියෙකු දැක ගැනීමේ අදහසින් දෑස් යොමාගෙන සිටියෙමි. විවිධ දුම්රිය ස්ථානවල දුම්රිය නතර කළ පසු මඟීන් හිරි ඇර ගැනීම සහ ඡායාරූප ගැනීම සඳහා පිටතට බැසීම නිමක් නොමැතිව සිදුවිය (ඇතැම් දුම්රිය ස්ථානවල දී මඟීන්ට ගොඩවීමට සහ බැසීමට නතර කළ අතර, ඇතැම් ස්ථානවල නතර කරන ලද්දේ වාෂ්ප එන්ජිමට ජලය පිරවීමට ය). කූනූර්හි දුම්රිය නැවතුම බොහෝ දිගු වූ අතර, මෙතෙක් තැනිතලා ප්‍රදේශයක ගමන් කිරීමට භාවිත කළ ඩීසල් දුම්රිය එන්ජිම වෙනුවට කඳුකර ප්‍රදේශවල ගමන් කිරීම සඳහා වැඩි බලයක් ලබා ගැනීමට වාෂ්ප එන්ජිමක් සවි කිරීමට එම කාලය ගත විය. [IMG width="637px"]https://i.imgur.com/0GIcV8g.jpg[/IMG] නිස්කලංක දර්ශන සහ දුම්රියේ මෘදු පැද්දීම මා නිද්‍රාශීලී තත්ත්වයකට ඇද දැමීය. ජලය පිරවීම සඳහා දුම්රිය නතර කළ එක් අවස්ථාවකදී මම ඉන්දියාවේ ඕනෑ ම දුම්රිය ගමනක අනිවාර්ය අංගයක් වන මසාලා වඩේ සහ උණු තේවලින් සප්පායම් වීමි. මෙට්ටුපාලයම් ආසන්නයේ පිහිටි තැනිතලා ප්‍රදේශයේ හැදී වැඩුණු, දැන් මැංගලෝර්හි වෙසෙන මාධ්‍යවේදිනී සුභා ජේ. රාඕට ඇගේ ළමා කාලයේ සිට ම මේ දුම්රිය ගමන පිළිබඳ ඒ හා සමාන මතකයන් තිබේ. "ඇත්තට ම අපිට බිමට බැහැලා කෝච්චිය එක්ක ඇවිදින්න වුණ ත් පුළුවන්," ඇය පැවසුවාය. "වැඩිහිටියන් විදිහට අපි දැන් මේ දුම්රිය ගමනේ සුන්දරත්වය ගැන කතා කළ ත්, පුංචි කාලේ අපි මේ අත්දැකීම අත්වින්දා, වාෂ්ප එන්ජිමේ ශබ්දය යි, දුමාරය යි එක්ක වුණත්."[/SIZE] [IMG width="663px"]https://i.imgur.com/9IH8rJ6.jpg[/IMG] [SIZE=4]නිල්ගිරි කඳුකර දුම්රිය, බටහිර බෙංගාලයේ ඩාර්ජිලිං හිමාලයානු දුම්රිය සහ උතුරින් පිහිටි හිමාචල් ප්‍රදේශ්හි කල්කා ෂිම්ලා දුම්රිය සමග 'ඉන්දියාවේ කඳුකර දුම්රිය මාර්ග' නම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වේ. ඒ සියල්ල ම බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබුණු දායාද වන අතර ගිම්හාන කාලයේ දී ශීතල කාලගුණයක් සහිත ප්‍රදේශයකට පහසුවෙන් ළඟා වීම සඳහා ඒවා ඉදි කෙරිණි. එහෙත්, රාධාක්‍රිෂ්ණන් පෙන්වා දුන්නේ, "ඒගොල්ලෝ දුම්රිය මාර්ග හැදුවේ සම්පූර්ණයෙන් ම ඔවුන්ගේ සැප පහසුව සඳහා මිසක් ඉන්දියානු ජනතාවගේ යහපත වෙනුවෙන් නෙවේ. ඒගොල්ලො යනකොට ඒවා ආපහු ගෙනියන්න පුළුවන් වුණා නම් ඒවා අරගෙන යන්න තිබුණා." [SIZE=4][IMG width="655px"]https://i.imgur.com/cNIeSe9.jpg[/IMG] ඔවුන්ගේ අභිප්‍රාය කුමක් වුව ත්, මෙම දුෂ්කර කඳුකරයේ දුම්රිය මාර්ගය ඉදි කිරීම අතිශයින් අභියෝගාත්මක විය. යුනෙස්කෝ සංවිධානයට අනුව, "මෙම දුම්රිය මාර්ගය, මීටර් 326 සිට මීටර් 2,203 දක්වා පරාසයකින් යුක්තව, එකල භාවිත වූ නවීනතම තාක්ෂණය යොදා ඉදි කර තිබේ." මාර්ගයේ ඇතැම් කොටස් (කල්ලාර් සහ කූනූර් අතර කොටස වැනි) ඉතා බෑවුම් සහිත බැවින් විශේෂිත දැති තලව් හා දව රෝද පද්ධතියක් භාවිත කිරීමට සිදුවූ බව නාරායන් පැහැදිලි කළේ ය. මෙයින් අදහස් කරන්නේ ලිස්සා යාම වැළැක්වීම සඳහා පීලි මැද තියුණු දැති සහිත අමතර පීල්ලක් (දැති තලව්ව) මඟින් කෝච්චි පෙට්ටියේ ඇති දැති සහිත රෝදයක් (දව රෝදය) මගින් ග්‍රහණය කිරීමට සැලැස්වූ බව ය. ඉදිකිරීම් සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් කුලී පදනම මත බඳවා ගත් මුල් ස්විට්සර්ලන්ත ඉංජිනේරු කණ්ඩායම විසින් එය සැලසුම් කරන ලදී. මෙම සැලසුම නිල්ගිරි කඳුකර දුම්රිය මාර්ගයේ හැර අද වන විට වෙනත් ස්විස් දුම්රිය මාර්ග කිහිපයක පමණක් දක්නට ලැබෙන අතර ඒවා අද දක්වා ම ක්‍රියාත්මක වේ. [IMG width="692px"]https://i.imgur.com/U6d2JCv.jpg[/IMG] දුම්රිය මාර්ගය ඉදිකිරීම 1891 වසරේදී ආරම්භ වූ අතර, නිම කිරීමට වසර 17ක් ගත විය. දුම්රිය ආරම්භ වී ගත වූ 115 වන වසර මෙය වෙයි. බ්‍රිතාන්‍ය නිලධාරි ජෝන් සලිවන් කඳුකරයේ පිහිටි මෙම සුන්දර ගම්මානය සොයා ගනිමින් එය බ්‍රිතාන්‍ය රාජධානියේ ගිම්හාන ඍතුවේ විවේකස්ථාන ලැයිස්තුවට එක් කර හරියට ම වසර 200ක් වන බැවින්, 2023 වසරේදී සන්ධිස්ථාන සංවත්සරයක් සැමරීමට ඌටි සූදානම් වේ. එනම්, නිල්ගිරි කඳුකර දුම්රිය, ඌටි ගම්මානය ආරම්භයේ සිට ගත වූ කාලයෙන් අඩක් නියෝජනය කරන ඌටි උරුමයේ කොටසකි.[/SIZE] [IMG]https://i.imgur.com/MhnnQn5.jpg[/IMG] රාධක්‍රිෂ්ණන් පවසන පරිදි මෙම දුම්රිය සේවය ආර්ථික වශයෙන් ලාභදායී නොවන බැවින් එය වසා දැමීමට අවස්ථා කිහිපයකදී ම සැලසුම් කර තිබිණි. නමුත්, මෙම දුම්රිය ඌටි සංචාරක ක්ෂේත්රයේ අත්‍යවශ්‍ය අංගයක් වන හෙයින්, එම සැලසුම් ඉදිරිපත් කළ සැණින් ප්‍රතික්ෂේප විය. "ගොඩක් අය මෙහෙට එන්නේ මේ කෝච්චියේ යන්න ඕන නිස යි. නිල්ගිරි කඳුකර දුම්රිය නැති ඌටියක් ගැන හිතන්නවත් බෑ," ඔහු පැවසීය. අවසානයේ අපි ඌටියෙන් පිටත් වී සන්සුන් හා විවේකී පැය හතරකට පසු මෙට්ටුපලයම් වෙත ළඟා වූ විට රාඕ පැවසූ දෙයක් මගේ මතකයට නැගිණි: "මේ කෝච්චියේ ගමන් කරන එක, සන්සුන් කාලයක් දෙස ආපසු හැරී බැලීමක්." [IMG width="684px"]https://i.imgur.com/AyktPBO.jpg[/IMG] එය එදිනෙදා ජීවිතයේ ආතතියට සහ ව්‍යාකූලතාවන්ට ප්‍රතිරෝධකයක් බව මට දැනුණු අතර, දුම්රියේ වේගයට ගැලපෙන පරිදි මගේ ම මනස මන්දගාමී වූ විට, එය හරියට ම මට අවශ්‍ය ආකාරයේ ආපසු හැරීමක් විය.[/SIZE] [SIZE=3]Source. BBC.com චායාරූප අන්තර්ජාලයෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom