ඉන්දියාවේ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
[SIZE=+3]ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු ප්‍රාන්ත සහ ශ්‍රී ලංකාව එකම සංචාරක කලායපක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදව දෙරටේ අවධානය යොමුව තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ස්ව්ට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නයිදු යන මහත්වරුන් අතර පැවති හමුවේදී මේ බව අවධානය යොමු වූ බව ය.

ශ්‍රී ලංකාව හා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය අතර ආගමික, සංස්කෘතික හා සංචාරක සබඳතා තහවුරු කිරීම පිළිබඳව සොයා බැලීමට දෙරටේ නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද එහිදී එකඟතාවට පැමිණ තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග ද සාකච්ඡා කරන බව ය. [/SIZE] source - CT
 

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    අපොයි... ඉන්දියාව ගෑවුනොත් ඉවරයි. සංචාරක කර්මාන්තයටත් කෙල වෙයි වගේ....