ඉන්දි‍යාවේ චන්දිරිකා.

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ඉන්දි‍යාවේ චන්දිරිකා.

:baffled::baffled::baffled::baffled:අපේ හිටි‍ය ලොක්කි වගේම තමා බැලින්නම් අල්ලපු ගෙදර ලොක්කිත්..
indian_president.jpg

ප්‍රතිභා දේවසින් පටෙල් ඉන්දියානු ජනරජයේ 12 වැනි ජනපති සේම එම ධුරය දැරූ ප්‍රථම කාන්තාවද වන්නීය. ඇය ලබන 25 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය.

ඉන්දීය කාන්තා අයිතිවාසිකම් පිළිබඳව බෙහෙවින් උනන්දු වන ඇය පවසන්නේ ඉන්දීය ජනගහනයෙන් 50% ක්‌ වන කාන්තාවන් අමතක කර රට දියුණු කළ නොහැකි බවයි.

ජනපතිනි ප්‍රතිභාගේ ධුර කාලය තුළ ඇගේ ක්‍රියාකාරකම් පිළිබඳව නම් විවේචන එල්ල වී ඇත. විශේෂයෙන්ම මිනීමැරුම් දූෂණ ළමුන් ඝාතනය කර මරණ දඬුවම නියමිත වූ 35 දෙනකුට ජනපති සමාව දීම ගැන සමාජයේ දැඩි කථා බහට ලක්‌ව ඇත. නමුත් ජනපති කාර්යාලය පවසන්නේ මේ සමාව ලබාදුන්නේ ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරුණු විමසීමෙන් පසුව බවයි.:baffled:

ප්‍රතිභා ජනපතිනියට එල්ල වන තවත් බලවත් චෝදනාවක්‌ වන්නේ විදේශ සංචාරයන් සඳහා විශාල මුදලක්‌ වැය කිරීම පිළිබඳවයි. 2007 ජූලි සිය ධුරයේ වැඩභාර ගැනීමෙන් පසුව ඇය විදේශ සංචාර 12 ක යෙදී ඇති අතර එහිදී රටවල් 22 ක සංචාරය කර ඇත. එමෙන්ම ඇය පසුගියදා දකුණු අප්‍රිකාවේ මෙන්ම සීෂෙල් දූපතේද සංචාරයක නිරත වූවාය. මේ සංචාර සඳහා වැයවී ඇති මුදල් ඉන්දීය රුපියල් කෝටි 205 කි. මෙවන් මුදලක්‌ කිසිම ජනපතිවරයෙක්‌ සිය විදේශ සංචාර සඳහා වැයකර නැත.

විදෙස්‌ සංචාර පිළිබඳව තමන්ට නැඟෙන චෝදනා මේ කාන්තා ජනපතිනිය ප්‍රතික්‍ෂේප කරන අතර ඇය පවසන්නේ ඉන්දීය විදේශ සබඳතා ශක්‌තිමත් කිරීමට ඇය විදෙස්‌ සංචාරවල නිරත වූ බවයි. විශේෂයෙන්ම ඇය විදෙස්‌ සංචාර සඳහා සිය දරුවන් මුණුපුරන් මෙන්ම මිත්‍රයන්ද සහභාගි කර ගැනීම නිසා විශාල මහජන මුදලක්‌ වැය වී ඇති බවට චෝදනා එල්ල විය.

විශේෂයෙන් ඉන්දීය ජනාධිපතිවරිය සංචාර 18 ක්‌ සඳහා ඥතීන් 11 දෙනකු සහභාගි කරගෙන ඇත.

http://www.divaina.com/2012/07/22/diyaga01.html
 

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    බැලින්නම් ඔක්කොම එකයිනෙ බන්...