ඉන්දීය ධීවරයින් අරක් ගත් කච්චතීව් දූපතේ ක
ඉන්දීය ධීවරයින් අරක් ගත් කච්චතීව් දූපතේ කළ බිහිසුණු සංචාරය
පසු දින පාන්දර 4.00ට කච්චතිව් දූපත බලා යාමට බෝට්ටුවට නගින්න අපි හිතුවෙ කල්වේලා ඇතිව කච්චතිව් දූපතට ගොස් රෑ බෝවීමට කලින් ආයෙත් යාපනයට ඒමේ අපේක්ෂාවෙන්.
ඒත්, ඉන්දීය ධීවරයින් එදින ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරන බවට ලැබුණු ආරංචිය සමග ඒ සියලු දේ වෙනස් වුණා.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ තමිල්නාඩු ධීවරයින්ගේ මසුන් දඩයම හා ඒ ආශ්‍රිතව උද්ගතව ඇති ගැටලු පිළිබඳව කොළඹ නිවුස්ෆස්ට් මධ්‍යස්ථානයේ සිට නිරන්තරයෙන් වාර්තා කරන නමුත් අප කණ්ඩායමට අවශ්‍ය වූයේ, මෙය සියැසින් දැක ගවේෂණාත්මක වාර්තාවක් එළි දැක්වීම යි.
ඒ ඉලක්කය ජයගැනීමට නිවුස්ෆස්ට් කන්ඩායමේ කිසිම කෙනෙක් පසුබට වුණේ නැහැ.
ඒනිසා ම ගමන සැලසුම් කලාට වඩා තවත් පැය පහකින් ප්‍රමාද කිරීමට අපි තීරණය කළා.
පසුදින එනම් මාර්තු පළමු වන දා අප කණ්ඩායම නැවත ගුරුනගර් ජැටියට ළඟාවුණේ, උදෑසන 8.30ට.
ඉන්දීය ධීවරයින්ගේ මුහුදු ආක්‍රමණය හේතුවෙන් පීඩිතව සිටින ගුරුනගර් ධීවරයින් අප එහි එන ආරංචිය ත් සමග ප්රබෝධයට පත්ව සිටියා.
ඔවුන් ඉල්ලා සිටියේ, සිය ජීවිතය රඳා පවතින උතුරු මුහුදේ ධීවර අයිතිය තහවුරු කර දෙන ලෙස යි.
අපි එහි එන විට ත් අපගේ ගමන වෙනුවෙන් සූදානම් කර තිබූ යාත්‍රාව ගුරුනගර් ජැටියේ නවතා තිබුණා. එය ජී.පී.එස් වැනි නවීන තාක්ෂණික උපකරනවලින් සමන්විත වූ බෝට්ටුවක් නම් නොවේ.
අප මේ මුහුදු තරණයට යොදාගත්තේ, දැනට වසර 16 කට පෙර ලියාපදංචි කළ අශ්ව බල 28 කින් යුක්ත ධීවර බෝට්ටුවක්.
තාක්ෂණයට වඩා පළපුරුද්ද පිළිබඳ විශ්වාසය තබා සිටි බෝට්ටුවේ නියමුවා වන ජයසීලන් සහ සහයකයින් දෙදෙනා ඉතා සාදරයෙන් අප බෝට්ටුව වෙත පිළිගනු ලැබුවා.
නවීන තාක්ෂණය තඹයකට මායිම් නොකරන ජයසීලන් මාලිමාවක පිහිටෙන් අපව කච්චතිව් වෙත රැගෙන යාමට සූදානම්.
කැමරා උපකරණ පමණක් නොව පානීය ජලය හා දිවා ආහාරය ද බෝට්ටුවට පටවා ගත්තේ, කච්චතිව් දූපත තුළ ජලය, ආහාර පාන තබා මිනිස් වාසයක් නොමැති වීම හේතුවෙන්.
උදෑසන නවයට අපි යාපනය ගුරුනගර් ජැටියෙන් ගමන් ආරම්භ කළා.
අපේ අරමුණ වුණේ, පැය 5ක පමණ කාලයක් තුළ යාපනයේ සිට නාවික සැතපුම් 16ක දුරින් පිහිටි කච්චතිව් හෙවත් කච්චදූවට ගොඩබැසීම යි.
අව් රශ්මිය අප සිරුර පුරා විනිවිද ගිය ද ඉන් තරමක් හෝ මග හරවා ගැනීමට බෝට්ටුවේ කුඩා රුවල පිටිවහලක් වුණා.
යාපනය ගුරුනගර් ජැටිය පිහිටා ඇත්තේ, වර්ග කිලෝමීටර් 400 ක් පුරා විහිදී ඇති යාපනය කලපුවට යාබදව යි.
යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක යා කෙරෙන යාපනය කලපුව සැලකෙන්නේ, ශ්‍රී ලංකාවේ විශාලතම කලපුව ලෙස යි.
කලපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තය ඉතා ඉහළින් සිදුකෙරෙන අතර මෙය මුහුදු පැළෑටි බහුල කලාපයක්. ඒ හේතුවෙන්ම කලපුව පුරා ඉස්සන් වගාව සරුවට සිදුකෙරෙනවා.
එමෙන් ම කුඩා දැල් යොදාගනිමින් කලපුව පුරා මසුන් අල්ලන ධීවරයින් ද අපට දැකගත හැකි වුණා.
විවිධ වර්ගයේ දේශීය මෙන් ම සංචාරක පක්ෂීන්ගෙන් යාපනය කලපුව ගහනයි. යාපනය කලපුව ඔස්සේ යාත්‍රා කළ අපට මුහුදට පිවිසීමට විනාඩි විස්සක පමණ කාලයක් ගත වුණා.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව කිලෝමීටර් 1730 දිගින් යුක්ත වන අතර එය වර්ග කිලෝමීටර් 21000ක සාගර භූමියක් ආවරණය කරනවා. ඉන් ඉතා ඉහළ විවිධත්වයක් ඇත්තේ උතුරු මුහුදේ යි.
එනම් ඉන්දියාව ආසන්නයේ මන්නාරමට උතුරින් හා යාපනයට දකුණින් ඇති මුහුදු කලාපයේ යි.
මුහුදු සීමා උල්ලංඝනය කරමින් ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට අයත් මෙම උතුරු මුහුදු කලාපය වෙත පිවිසීමට ද සුවිශේෂී හේතුවක් පවතිනවා. ඒ ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින කුඩා මත්ස්‍ය වර්ග මෙහි වැඩි වශයෙන් ව්‍යාප්තව සිටීම හේතුටවනුයි.
යාත්‍රාව සෙමින් මුහුද දෙසට ඇදෙන අතරේ අප බෝට්ටුවේ නියමුවා වූ වසර ගණනාවක සිට මහ මුහුද සමග පොර බදන ජයසීලන් සමග දොඩමළු වුණා. ඔහු කච්චතිව් දූපත ගැන කීවේ මෙවන් අදහසක්…
“කච්චතිව් දූපත අපිට ගොඩක් වැදගත්. දවස් කීපයක්වත් මේ දූපතේ නැවතිල ඉන්න දෙනව නම් අපිට පුළුවන් ධීවර කර්මාන්තය හොඳට කරගෙන යන්න”
ප්රශ්නය - දූපත ළඟට ගිහින් මාළු අල්ලන්න අවසර නැද්ද?
ජයසීලන් - “අපිට ලඟට යන්න පුළුවන්. ගොඩ බිමට බහින්න බෑ. කච්චතිව් මුහුදෙ ධීවර කටයුතු කරන්න දූපතේ සතියක් නැවතිල ඉන්න දෙනව නම් හුඟක් හොඳ යි. ඉන්ධන පිරිමැහෙනවා. ඒක ලොකු වාසියක්”
ප්රශ්නය - ඔයගොල්ලො කැමති නැද්ද කච්චතිව් දූපත ඉන්දියානුවන්ට අයිති වෙනවට?
ජයසීලන් - “අපිට ඒගොල්ලන්ගෙ මුහුදට යන්න බෑනේ. අනික ඉස්සො වගේ තව ත් ගොඩක් මාළු මෙහෙ ඉන්නවා. ඒ ඔක්කොම ඉන්නෙ අපේ මුහුදෙ. ඒගොල්ලන්ගෙ මුහුදෙ ඒ සම්පත් නෑ”
ප්රශ්නය - කච්චතිව් මුහුදෙ ඉන්දීය ධීවරයින් මාළු ඇල්ලීම නිසා කොයි වගේ බලපෑමක් ද ඔයගොල්ලන්ට තියෙන්නෙ?
ජයසීලන් – “අපේ දැල් විනාශ කරනවා. අපේ මුළු මාළු ටික ඔක්කොම අරන් යනවා. අපි අවුරුද්දකදි අල්ලන මාළු ඒ ගොල්ලො මාසෙකින් අල්ලනවා. ඒවට හරියන බෝට්ටු හා දැල් ඒ අය ගාව තියෙනවා. ඒ කට්ටිය පාවිච්චි කරන්නේ ට්‍රෝලර් බෝට්ටු ඒවගෙන් ගොඩක් අල්ලන්න පුළුවන්. අපිට ට්‍රෝලරින් කරන්න බෑ. අපිට තියෙන්නේ එන්ජින් පවර් එක අඩු පොඩි ඒවා.”
ප්රශ්නය - කච්චතිව් ආයෙ ඉන්දියාවට අයිති වෙනවට කැමති ද?
ජයසීලන් - “අපෝ නෑ අපි කැමති නෑ පරම්පරා ගනනාවක් අපි කච්චතිව් ගැන තමයි විශ්වාසය තියන් හිටියේ”
යාත්‍රාව ක්‍රමයෙන් සෙමින් ඉදිරියට ඇදෙන්නට වුණා. අතර මගදී අපට හමුවුණා, ධීවර කටයුතු හමාර කර යළි ගොඩබිම බලා යන ධීවර පිරිසක්. කෙසේ වෙතත්, ඔවුන්ට ප්‍රමාණවත් මත්ස්‍ය අසවැන්නක් නෙලා ගැනීමට නම් හැකිව නැහැ. ඔවුන් සමග කතා බහේදී අපට දැනගන්න ලැබුණෙ ඉන් එක් ධීවරයකු ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීම නිසා ඉන්දීය අත්අඩංගුවට පත්වූ බව. ඔහු පැවසුවේ, සති දෙකක කාලයක් ඉන්දීය අත්අඩංගුවේ සිටි බව යි.
මෙයින් පෙනී යන එක කාරුණක් නම් ඇතැම් ශ්‍රී ලංකික ධීවරයින් ද ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කරන බව යි.
ගුරුනගර් ජැටියෙන් පිටත්වුණ අපට ඇස ගැටුණු පළමු දූපත වූයේ කයිට්ස් දූපත යි.
කච්චතිව් දිවයින ඇස ගැටෙන තෙක් සියලු දෙනා බලා සිටියේ, නොඉවසිල්ලෙන්. පැය 7ක පමන ගමනකින් පසු එනම් පස්වරු 4.00 පමණ වන විට කච්චතිව් ඈතින් දිස්වන්නට වුණා.
අක්කර 285ක් නැතහොත් වර්ග කිලෝමීටර් 1.5 ක් පමණ විශාලත්වයෙන් යුත් මේ කුඩා දිවයින පිළිබඳව ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද මෙතරම් අවධානයකට ලක්ව ඇත්තේ ඇයි? ඊට හේතුව කච්චතිව් දූපත ආර්ථික වශයෙන් සුවිශේෂී වැදගත් කමක් ඉසිලීම යි.
මේ අවට සාගරයේ මත්ස්‍ය සම්පත බහුල වීම ඉන් ප්‍රධාන වී තිබේ.
එමෙන් ම මුහුදු සීමා නීර්ණයේදී කච්චතිව් දූපත තීරණාත්මක සාධකයක්ව පවතී. මීට වසර 40 කට පෙර එනම් 1974 ජූනි මස 28 වැනිදා කච්චතිව් දූපතේ හිමිකාරත්වය ශ්‍රී ලංකාව තහවුරු කරගත්තේ, ඉන්දියාව සමග ඇති කරගත් ඓතිහාසික ගිවිසුමකින්.
කච්චතිව් දූපතේ හිමිකාරීත්වය පිළිබඳව විශේෂයෙන් දකුණු ඉන්දියාව තුළ කතා බහට ලක්වන්නේ, ආර්ථික මෙන් ම දේශපාලන වශයෙන් මෙම කුඩා දූපත සතුව පවතින වැදගත්කම නිසා ම යි.
කොරල් පර හා විශාල පස් තට්ටුවලින් සැදී ඇති මෙය මිරිදිය නොමැති දූපතක්. පඳුරු සහිත ශාකවලින් හෙබි වන රොදක් දූපත තුළ දැකගත හැකි යි. අප දූපතට ළඟාවන විට සවස පහත් පසු වී තිබුණා. දූපතට ගොඩබට අපට එහි සොබාසිරිය විඳිනු වෙනුවට අපට දැකගත හැකිවූයේ, දූපත දෙපසින් සෙමෙන් සෙමන් ඇදෙන ඉන්දීය ට්‍රොලර් යාත්‍රා යි.
ඔවුන් කච්චතිව් දූපතට ඔබ්බෙන් පිහිටි ඉන්දු- ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාව දෙසට ඇදෙන්නට පටන් ගත්තා. තවත් මිනිත්තු 20ක් පමණ ගතවන විට ඇස් අදහාගත නොහැකි තරම් ඉන්දීය බෝට්ටු ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන්නට වුණා. පැයක් ගතවන්නටත් මත්තෙන් දහසකට ආසන්න බෝට්ටු සංඛ්‍යාවක් කච්චතිව් දූපත වටා වළල්ලක් ආකාරයෙන් රැඳෙන්නට වුණා.
මෙම ක්‍රියාවලිය පිළිබඳව අප ප්රවෘත්ති මැදිරියේ සිට වාර්තා කර ඇත ත් එය සියැසින් දැක තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණේ, පළමු වරට යි. ශ්‍රී ලංකා මුහුද ආක්‍රමණය කරමින් ඉන්දීය ධීවරයින් අප මත්ස්‍ය සම්පත සූරාගෙන යන ආකාරය සාක්ෂි සහිතව අපට තහවුරු වුණා.
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරන මේ ඉන්දීය ධීවරයින් මසුන් මැරීම සඳහා භාවිත කරන්නේ, තහනම් පන්න ක්‍රමයක් වන බොටම් ට්‍රෝලිං ක්‍රමය යි. බොටම් ට්‍රෝලිං ක්‍රමය යනු ජලය මතුපිට සිට මුහුදු පත්ල දක්වා ම ඇති දෑ දැලකට හසුකර ගැනීම යි.
මුහුදේ එලන ලද විශාල ප්‍රමානයේ දැලක දෙකොණ ට්‍රෝලර් බෝට්ටු දෙකකින් ඇදගෙන යාම මෙම බොටම් ට්‍රොලිං ක්‍රමය මගින් සිදුකෙරෙනවා. එලෙස ඇදෙන මඩියට ලොකු කුඩා මසුන් පමණක් නොව මුහුදු පැළෑටි, මාළු බිත්තර, කොරල් ඇතුළු සියලු දේ හසුවනවා.
මෙම පන්න ක්‍රමය තහනම් කර ඇත්තේ, මින් සිදුවන මහා සාගර විනාශය සැලකිල්ලට ගනිමින්. අද වන විට ඉන්දියාවට අයත් මුහුදේ ජෛව විවිධත්වයට අත්ව ඇත්තේ, එම ඉරණම යි.
කෙමෙන් කෙමෙන් කච්චතිව් දූපතට අඳුර වැටෙන්නට වුණා. නීතිවිරෝධීව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මරණ ඉන්දීය ධීවර බෝට්ටුවල ආලෝකය වළල්ලක ආකාරයෙන් දූපත වටා විහිදී තිබුණා.
පවතින වාතාරණය යළි ගමන් ආරම්භ කිරීමට සුදුසු නොවන බව අපට අවබෝධ වුණා. යළි ගමන් ඇරඹීම පසෙක තබා රාත්‍රිය පුරා දූපත තුළ රැඳෙමින් ඉන්දීය ධීවරයින්ගේ මෙම නීති විරෝධී සම්පත් කොල්ලය පිළිබඳව තවදුරටත් සාක්ෂි රැස් කිරීමට අපි තීරණය කළා.
කෙසේ වෙතත් ජලය, විදුලිය හෝ වෙනත් පහසුකමක් නොමැති කච්චතිව් දූපත තුළ රැයක් ගත කිරීම පහසු කාර්යයක් නම් නොවේ. නමුත් කිසිදු පීඩාවකට අපගේ උත්සහය අඩපණ කිරීමට ඉඩ දීමට අප සූදානම් නැත. අපට රාත්‍රිය ගත කිරීමට සිදුවූයේ, දූපතේ ඇති එක ම ස්ථිර ගොඩනැගිල්ල වන ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ යි. දූපත තුළ රාත්‍රී ආහාරය ගැනීමට සැලසුම් නොකළ හෙයින් අප දස දෙනාට ම ඉතිරිවී තිබුණේ, දහවල් ආහාරයට රැගෙන ආ පාන් රාත්තල් දෙක හමාරක් සහ කුඩා ජෑම් බෝතලයක් පමණයි. රැගෙන ආ සීමිත ජල ප්‍රමාණය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ද අපට සිදුවුණා.
සත්‍යය සොයා යාමේ අරමුණින් දූපතක් තුළ මාධ්‍යවේදීන් පිරිසක් සිරවී සිටි පළමු අවස්ථාව මෙය වන්නට ද පුළුවන්. අන්තෝනි දෙව් දැදුරේ පොළොවේ එලූ ඉටිරෙද්දක් මත අඩ නින්දේ ගෙවූ පැය කිහිපයකට පසු අලුයම 3.00ට පමණ අප අවදිවූයේ, යාපනය බලා යාත්‍රා කිරීමේ අරමුණෙන්.
දහවල් කාලයට වඩා මුහුද ඉතා චණ්ඩ ස්වරූපයක් ගෙන තිබුණා. පෙරදින සවස මෙරට මුහුදට පැමිණි තමිල්නාඩු ධීවරයින් තවදුරටත් මසුන් මරමින් සිටියා.
ඝන අඳුර හාත්පස වෙළාගෙන සිට අවස්ථාවක කච්චතිව් දූපතට සමුදුන් අපි යළි ගමන් ආරම්භ කළා. දූපතෙන් නික්මී මිනිත්තු 30ක් පමණ ගිය තැන අපට දැකගන්න ලැබුණා, ඉන්දීය ධීවර බෝට්ටු සිය ගණනක් බොටම් ට්‍රෝලරින් ක්‍රමයට මසුන් මරණ ආකාරය. එවැනි ඉන්දීය බෝට්ටු දෙකක් ආසන්නයටම අප යාත්‍රා කලේ ජීවිත අවදානමද නොතකමින්.
ජීවිතාරක්ෂක කබා පැළඳ හිටි හැටියේ තම බෝට්ටු අසලට පැමිණීම ත් සමග කලබලයට පත්වූ ඉන්දීය ධීවරයින් පිරිස සිය බෝට්ටුව හදිසියේ පණ ගන්වා ඉදිරියට යාත්‍රා කළේ, සිය මඩිය පිළිබඳ කෑදරකමින් මිස අපගේ ජීවිත පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව යි.
අපගේ බෝට්ටුව මෙහෙය වූ ජයසීලන්ගේ පළපුරුද්ද නිසා ම අපට දිවි ගලවාගැනීමට හැකිවූ අතර නැතිනම් ඉන්ධීය බෝට්ටුව පිටුපස ඇදෙන මඩියට පැටලී අප බෝට්ටුව අනතුරට පත්වන්නට ඉඩ තිබුණා.
මාරක අනතුරකින් බේරුණු අප යළි ඉදිරියට ඇදුණා. නාවික සැතපුම් කිහිපයක් ගිය තැන අපට දක්නට ලැබුණේ, මුහුද මැද නවතා ඇති තවත් ධීවර බෝට්ටු කිහිපයක්. ඒ අපගේ ධීවරයින් බව යාත්‍රාවල ලෙලදෙමින් තිබූ ශ්‍රී ලංකා කොඩියෙන් තහවුරු වුණා.
ඔවුන්ගේ බෝට්ටු වෙත සමීප වූ අපි ඔවුන්ගෙන් තොරතුරු විමසා සිටියා. ඔවුන් කියා සිටියේ කච්තිව් මුහුදේ නීතිවිරෝධීව මසුන් මරමින් සිටින ධීවරයින් හේතුවෙන් තමන්ට එම මුහුදු සීමාවට යා නොහැකිව රැඳී සිටින බව යි.
“අපිට ඉස්සරහට යන්න විදියක් නෑ. දැන් අයෙත් ගොඩබිමට යන්න ත් බෑ. එහෙම වුණොත් අපිට පාඩු යි. ඒ නිසා අද රෑ මෙතන නවත්තගෙන ඉඳල ඉන්දීය ධීවරයො ගියා ම අපි මාළු අල්ලන්න යනව. දැන් අපේ වතුරත් ඉවර වේගෙනයි එන්නේ”
අප සතුව තිබූ අමතර ජල බෝතලයක් ඔවුන්ට ලබාදීම හැර කළ හැකි වෙනත් උපකාරයක් අප සතුව නොතිබිණි.
ඉන්දීය ධීවරයින්ගේ මුහුදු ආක්‍රමණය හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගැනීමට මෙය තවත් සාක්ෂියක් වුණා.
පැය 17ක පමණ මුහුදු ගමනකින් පසු යාපනය ගුරුනගර් ජැටියෙන් අප සංචාරය අවසන් කළේ, වසර ගනනාවක් පුරා ඉදිරියට ඇදෙන මෙම ඉන්දු – ලංකා ධීවර ගැටලුව පිළිබඳව මෙතෙක් නොලැබුණු සාක්ෂි ගොන්නක් අප සතු කර ගැනීමෙන් පසුව යි.
සංචාරය සහ සටහන – අනුරුද්ධ රත්නායක (Newsfirst)
ඉස්සුවෙ මෙතනින්
හොඳ නම් බම්ප් එකක් දාල යන්න.තව ඉතින් සපොට් එකකුත් දෙන්න අමතක කරන්න එපා.
ඉන්දීය ධීවරයින් අරක් ගත් කච්චතීව් දූපතේ කළ බිහිසුණු සංචාරය
ඔවුන් කච්චතිව් දූපතට ඔබ්බෙන් පිහිටි ඉන්දු- ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාව දෙසට ඇදෙන්නට පටන් ගත්තා. තවත් මිනිත්තු 20ක් පමණ ගතවන විට ඇස් අදහාගත නොහැකි තරම් ඉන්දීය බෝට්ටු ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන්නට වුණා. පැයක් ගතවන්නටත් මත්තෙන් දහසකට ආසන්න බෝට්ටු සංඛ්‍යාවක් කච්චතිව් දූපත වටා වළල්ලක් ආකාරයෙන් රැඳෙන්නට වුණා.
“ඉන්දීය ධීවර බෝට්ටු හෙට තමිල් නාඩුවෙන් පිටත් වෙනව. හවස දෙකට රාමේෂ්වරම්වලින් මුහුදට දැම්මම හවස හතර හමාරට පහ හමාරට ඒ අය කච්චතිව් මුහුදේ….” නිවුස්ෆස්ට් යාපනය ප්‍රාදේශීය වාර්තාකරු ගජීපන් ගෙන ආ ප්‍රවෘත්තිය හින්දා අපගේ සැලසුම සම්පූර්ණයෙන් වෙනස් වුණා.පසු දින පාන්දර 4.00ට කච්චතිව් දූපත බලා යාමට බෝට්ටුවට නගින්න අපි හිතුවෙ කල්වේලා ඇතිව කච්චතිව් දූපතට ගොස් රෑ බෝවීමට කලින් ආයෙත් යාපනයට ඒමේ අපේක්ෂාවෙන්.
ඒත්, ඉන්දීය ධීවරයින් එදින ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරන බවට ලැබුණු ආරංචිය සමග ඒ සියලු දේ වෙනස් වුණා.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ තමිල්නාඩු ධීවරයින්ගේ මසුන් දඩයම හා ඒ ආශ්‍රිතව උද්ගතව ඇති ගැටලු පිළිබඳව කොළඹ නිවුස්ෆස්ට් මධ්‍යස්ථානයේ සිට නිරන්තරයෙන් වාර්තා කරන නමුත් අප කණ්ඩායමට අවශ්‍ය වූයේ, මෙය සියැසින් දැක ගවේෂණාත්මක වාර්තාවක් එළි දැක්වීම යි.
ඒ ඉලක්කය ජයගැනීමට නිවුස්ෆස්ට් කන්ඩායමේ කිසිම කෙනෙක් පසුබට වුණේ නැහැ.
ඒනිසා ම ගමන සැලසුම් කලාට වඩා තවත් පැය පහකින් ප්‍රමාද කිරීමට අපි තීරණය කළා.
පසුදින එනම් මාර්තු පළමු වන දා අප කණ්ඩායම නැවත ගුරුනගර් ජැටියට ළඟාවුණේ, උදෑසන 8.30ට.
ඉන්දීය ධීවරයින්ගේ මුහුදු ආක්‍රමණය හේතුවෙන් පීඩිතව සිටින ගුරුනගර් ධීවරයින් අප එහි එන ආරංචිය ත් සමග ප්රබෝධයට පත්ව සිටියා.
ඔවුන් ඉල්ලා සිටියේ, සිය ජීවිතය රඳා පවතින උතුරු මුහුදේ ධීවර අයිතිය තහවුරු කර දෙන ලෙස යි.
අපි එහි එන විට ත් අපගේ ගමන වෙනුවෙන් සූදානම් කර තිබූ යාත්‍රාව ගුරුනගර් ජැටියේ නවතා තිබුණා. එය ජී.පී.එස් වැනි නවීන තාක්ෂණික උපකරනවලින් සමන්විත වූ බෝට්ටුවක් නම් නොවේ.
අප මේ මුහුදු තරණයට යොදාගත්තේ, දැනට වසර 16 කට පෙර ලියාපදංචි කළ අශ්ව බල 28 කින් යුක්ත ධීවර බෝට්ටුවක්.
තාක්ෂණයට වඩා පළපුරුද්ද පිළිබඳ විශ්වාසය තබා සිටි බෝට්ටුවේ නියමුවා වන ජයසීලන් සහ සහයකයින් දෙදෙනා ඉතා සාදරයෙන් අප බෝට්ටුව වෙත පිළිගනු ලැබුවා.
නවීන තාක්ෂණය තඹයකට මායිම් නොකරන ජයසීලන් මාලිමාවක පිහිටෙන් අපව කච්චතිව් වෙත රැගෙන යාමට සූදානම්.
කැමරා උපකරණ පමණක් නොව පානීය ජලය හා දිවා ආහාරය ද බෝට්ටුවට පටවා ගත්තේ, කච්චතිව් දූපත තුළ ජලය, ආහාර පාන තබා මිනිස් වාසයක් නොමැති වීම හේතුවෙන්.
උදෑසන නවයට අපි යාපනය ගුරුනගර් ජැටියෙන් ගමන් ආරම්භ කළා.
අපේ අරමුණ වුණේ, පැය 5ක පමණ කාලයක් තුළ යාපනයේ සිට නාවික සැතපුම් 16ක දුරින් පිහිටි කච්චතිව් හෙවත් කච්චදූවට ගොඩබැසීම යි.
අව් රශ්මිය අප සිරුර පුරා විනිවිද ගිය ද ඉන් තරමක් හෝ මග හරවා ගැනීමට බෝට්ටුවේ කුඩා රුවල පිටිවහලක් වුණා.
යාපනය ගුරුනගර් ජැටිය පිහිටා ඇත්තේ, වර්ග කිලෝමීටර් 400 ක් පුරා විහිදී ඇති යාපනය කලපුවට යාබදව යි.
යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක යා කෙරෙන යාපනය කලපුව සැලකෙන්නේ, ශ්‍රී ලංකාවේ විශාලතම කලපුව ලෙස යි.
කලපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තය ඉතා ඉහළින් සිදුකෙරෙන අතර මෙය මුහුදු පැළෑටි බහුල කලාපයක්. ඒ හේතුවෙන්ම කලපුව පුරා ඉස්සන් වගාව සරුවට සිදුකෙරෙනවා.
එමෙන් ම කුඩා දැල් යොදාගනිමින් කලපුව පුරා මසුන් අල්ලන ධීවරයින් ද අපට දැකගත හැකි වුණා.
විවිධ වර්ගයේ දේශීය මෙන් ම සංචාරක පක්ෂීන්ගෙන් යාපනය කලපුව ගහනයි. යාපනය කලපුව ඔස්සේ යාත්‍රා කළ අපට මුහුදට පිවිසීමට විනාඩි විස්සක පමණ කාලයක් ගත වුණා.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව කිලෝමීටර් 1730 දිගින් යුක්ත වන අතර එය වර්ග කිලෝමීටර් 21000ක සාගර භූමියක් ආවරණය කරනවා. ඉන් ඉතා ඉහළ විවිධත්වයක් ඇත්තේ උතුරු මුහුදේ යි.
එනම් ඉන්දියාව ආසන්නයේ මන්නාරමට උතුරින් හා යාපනයට දකුණින් ඇති මුහුදු කලාපයේ යි.
මුහුදු සීමා උල්ලංඝනය කරමින් ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට අයත් මෙම උතුරු මුහුදු කලාපය වෙත පිවිසීමට ද සුවිශේෂී හේතුවක් පවතිනවා. ඒ ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින කුඩා මත්ස්‍ය වර්ග මෙහි වැඩි වශයෙන් ව්‍යාප්තව සිටීම හේතුටවනුයි.
යාත්‍රාව සෙමින් මුහුද දෙසට ඇදෙන අතරේ අප බෝට්ටුවේ නියමුවා වූ වසර ගණනාවක සිට මහ මුහුද සමග පොර බදන ජයසීලන් සමග දොඩමළු වුණා. ඔහු කච්චතිව් දූපත ගැන කීවේ මෙවන් අදහසක්…
“කච්චතිව් දූපත අපිට ගොඩක් වැදගත්. දවස් කීපයක්වත් මේ දූපතේ නැවතිල ඉන්න දෙනව නම් අපිට පුළුවන් ධීවර කර්මාන්තය හොඳට කරගෙන යන්න”
ප්රශ්නය - දූපත ළඟට ගිහින් මාළු අල්ලන්න අවසර නැද්ද?
ජයසීලන් - “අපිට ලඟට යන්න පුළුවන්. ගොඩ බිමට බහින්න බෑ. කච්චතිව් මුහුදෙ ධීවර කටයුතු කරන්න දූපතේ සතියක් නැවතිල ඉන්න දෙනව නම් හුඟක් හොඳ යි. ඉන්ධන පිරිමැහෙනවා. ඒක ලොකු වාසියක්”
ප්රශ්නය - ඔයගොල්ලො කැමති නැද්ද කච්චතිව් දූපත ඉන්දියානුවන්ට අයිති වෙනවට?
ජයසීලන් - “අපිට ඒගොල්ලන්ගෙ මුහුදට යන්න බෑනේ. අනික ඉස්සො වගේ තව ත් ගොඩක් මාළු මෙහෙ ඉන්නවා. ඒ ඔක්කොම ඉන්නෙ අපේ මුහුදෙ. ඒගොල්ලන්ගෙ මුහුදෙ ඒ සම්පත් නෑ”
ප්රශ්නය - කච්චතිව් මුහුදෙ ඉන්දීය ධීවරයින් මාළු ඇල්ලීම නිසා කොයි වගේ බලපෑමක් ද ඔයගොල්ලන්ට තියෙන්නෙ?
ජයසීලන් – “අපේ දැල් විනාශ කරනවා. අපේ මුළු මාළු ටික ඔක්කොම අරන් යනවා. අපි අවුරුද්දකදි අල්ලන මාළු ඒ ගොල්ලො මාසෙකින් අල්ලනවා. ඒවට හරියන බෝට්ටු හා දැල් ඒ අය ගාව තියෙනවා. ඒ කට්ටිය පාවිච්චි කරන්නේ ට්‍රෝලර් බෝට්ටු ඒවගෙන් ගොඩක් අල්ලන්න පුළුවන්. අපිට ට්‍රෝලරින් කරන්න බෑ. අපිට තියෙන්නේ එන්ජින් පවර් එක අඩු පොඩි ඒවා.”
ප්රශ්නය - කච්චතිව් ආයෙ ඉන්දියාවට අයිති වෙනවට කැමති ද?
ජයසීලන් - “අපෝ නෑ අපි කැමති නෑ පරම්පරා ගනනාවක් අපි කච්චතිව් ගැන තමයි විශ්වාසය තියන් හිටියේ”
යාත්‍රාව ක්‍රමයෙන් සෙමින් ඉදිරියට ඇදෙන්නට වුණා. අතර මගදී අපට හමුවුණා, ධීවර කටයුතු හමාර කර යළි ගොඩබිම බලා යන ධීවර පිරිසක්. කෙසේ වෙතත්, ඔවුන්ට ප්‍රමාණවත් මත්ස්‍ය අසවැන්නක් නෙලා ගැනීමට නම් හැකිව නැහැ. ඔවුන් සමග කතා බහේදී අපට දැනගන්න ලැබුණෙ ඉන් එක් ධීවරයකු ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීම නිසා ඉන්දීය අත්අඩංගුවට පත්වූ බව. ඔහු පැවසුවේ, සති දෙකක කාලයක් ඉන්දීය අත්අඩංගුවේ සිටි බව යි.
මෙයින් පෙනී යන එක කාරුණක් නම් ඇතැම් ශ්‍රී ලංකික ධීවරයින් ද ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කරන බව යි.
ගුරුනගර් ජැටියෙන් පිටත්වුණ අපට ඇස ගැටුණු පළමු දූපත වූයේ කයිට්ස් දූපත යි.
අපගේ බෝට්ටුව මෙහෙය වූ ජයසීලන්ගේ පළපුරුද්ද නිසා ම අපට දිවි ගලවාගැනීමට හැකිවූ අතර නැතිනම් ඉන්ධීය බෝට්ටුව පිටුපස ඇදෙන මඩියට පැටලී අප බෝට්ටුව අනතුරට පත්වන්නට ඉඩ තිබුණා.
අනතුරුව මන්ඩතිව් දූපතත් ඉන් පසු පුන්කුඩුතිව් දූපතත් අපි පසු කළා. ඩෙල්ෆ්ට් දූපත පසුකරද්දී අප පැය හතරකට අධික කාලයක් ගතකර තිබුණා. අප දිවා ආහාරය ගත්තේ ද බෝට්ටුව තුළදීම යි.කච්චතිව් දිවයින ඇස ගැටෙන තෙක් සියලු දෙනා බලා සිටියේ, නොඉවසිල්ලෙන්. පැය 7ක පමන ගමනකින් පසු එනම් පස්වරු 4.00 පමණ වන විට කච්චතිව් ඈතින් දිස්වන්නට වුණා.