ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා පස් දින සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණීමට නියමිතය.
    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක නිරත වන බව යුද හමුදාව සඳහන් කළේය.
    මෙම සංචාරය තුළදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් සහ ආරක්ෂ අංශ ප්‍රධානීන් හමුවීමට නියමිතව ඇත.
    ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් නාරාවන මහතා ලබන බ්‍රහස්පතින්දා සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවයටද සහභාගීවීමට නියමිතය.


    Source: http://sinhala.adaderana.lk/news/158829/ඉන්දීය-යුද-හමුදා-ප්‍රධානියා-මෙරට-සංචාරයක

    -------------------------------------------------

    මේක කුමන්ත්‍රණයක් කියලා හිතෙන්නේ මට විතරද යෝහානි ඉන්දියාවේ මේ ලගකදී ඉන්දීය විදේශ ඇමති ලංකාවට ඇවිල්ලා උගේ රටක් වගේ සංචාරය කරා ඊට පස්සේ දැන් මූ එනවා මේක අපේ චීන ලංකා මිත්‍රත්වයට තර්ජනයක් ඉන්දියාව කියන්නේ එදා ඉදලම ලංකාව තම ප්‍රාන්තයක් කරගන්න හීන දකින රටක් ඒ වගේම දැන් බටහිර හිවලෙක්. මේ නිසා තමයි සිංහලයිනෙ අපි චීනයට සහයෝගය දෙන්න ඕනි .
     

    Similar threads