ඉන්දීය වීසා ප්‍රධානීගේ පරිගණකය උස්සයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය ( country manager) රාජකාරි කටයුතු සඳහා පරිහරණය කරන ලැප්ටොප් පරිගණකය සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

    මේ හේතුවෙන් වීසා කටයුතු ලබාදීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.

    පැමිණි සොරුන් එම පරිගණකය සමග ඩි. වි. ආර් යන්ත්‍ර සහ අන්තර්ජාල පහසුකම් ලබා ගන්නා (hub ) කොටසද රැගෙන ගොස් ඇතැයි පොලිස් නිලධාරියකු කීය.

    ඉකුත් 15 දින අළුයම් කාලයේදී මෙම සොරකම වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    කිරුළපන දෙස සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙන පුද්ගලයන් තිදෙනකු එම වීසා මධ්‍යස්ථානයේ ඉදිරිපස ගේට්ටු කඩා අනතුරුව මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී තෙවන මහල කරා ගොස් මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

    තෙවන මහලේ ප්‍රධාන නියෝජිතවරිය ගේ කාර්යාලය පිහිටා ඇති අතර ඒ සමගම තවත් ලැප්ටොප් පරිගණක හතරක් , රුපියල් ලක්ෂ 30 ක මුදලක් මෙන්ම අයිෆෝනයක් තිබී ඇතත් පැමිණි පුද්ගලයන් ඒවා කිසිවක් රැගෙන ගොස් නැතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    https://www.lankadeepa.lk/news/ඉන්දීය-වීසා-ප්‍රධානීගේ-පරිගණකය-උස්සලා/101-628999
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    "අනේ මල්ලි, ඕකේ ඩී ඩ්‍රයිව් එකේ තියෙනව ෆෝල්ඩර් එකක් මයි ප්ලෙෂර් කියල. ඒකෙ20gb ෆොටෝ වීඩියෝ වගයක් තියෙනව. උසාවියට ගේන්න කලින් ඒව ඔක්කොම මකපන් මයෙ සුදා!" -මීට ඉන්දීය වීසා ප්‍රධානී-
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මුන් මොකක් හරි ගේමකට තමයි ලැප්ටොප් එක විතරක්ම අරන් යන්න ඇත්තේ :unsure:
    හොඳටම දන්න එකෙක් කරල තියෙන්නෙ...නැත්තං අපි දන්නවායැ කොයිකද ලැප් එක කියල...🤔
     
    • Like
    Reactions: NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,917
    10,266
    113
    මුන් මොකක් හරි ගේමකට තමයි ලැප්ටොප් එක විතරක්ම අරන් යන්න ඇත්තේ :unsure:
    මටත් ඕකම හිතුනා. MSS එකෙන් දුන්න වැඩක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG