ඉන්දු - ශ‍්‍රී ලංකා මුහුද සීමාවට විද්‍යුත&#353

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඉන්දු - ශ‍්‍රී ලංකා මුහුද සීමාවට විද්‍යුත&#353

    ධීවරයින් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් යෝජනා කිරීම සඳහා ඉන්දීය රජය විසින් පත් කළ කමිටුව විසින් ඉන්දු ශී‍්‍ර ලංකා ධීවර ගැටලූ අවම කිරීම සඳහා මුහුදු සීමාවේ තාක්ෂණික දැළක් සැකසීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව සඳහන් කර තිබේ. අදාළ තාක්ෂණික දැල ධනුෂ්කොඩි සහ තලෙයිමන්නාරම අතර මුහුදේ ස්ථාපිත කිරීමට අවධානය යොමු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. විද්‍යුත් තරංගයන්ගෙන් සමන්විත මෙම සීමා දැල ඉක්මවන සෑම අවස්ථාවකදීම ඉන්දීය ධීවරයින්ට ඒ පිළිබඳ සංඥාවක් ලැබෙන අයුරින් එය සකස් කිරීම කමිටුවේ අරමුණයි. ඒ අනුව සිය යාත‍්‍රා ශී‍්‍ර ලංකා මුහුදු තීරයට ප‍්‍රවේශ කරන්නේ නම් එහි ධීවරයින්ගේ දුරකථනවලට ස්වයංකී‍්‍රයව දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලැබෙන පරිදි මෙය සකස් වනු ඇත. යෝජනාව ඉන්දීය රජයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව කමිටු සභාපති බී.ආර්. රාවෝ මහතා සඳහන් කර තිබේ. එය දෙරටේ ධීවර ගැටලූවට සාර්ථක පිළිතුරක් ලබාදෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කර ඇත.
     

    Similar threads