ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකටයි.
රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දමා ඇති අතර විවෘතව ඇති පිරවුම්හල් ඉදිරිපිට ද දිගු පෝලිම්ය.
ඉන්ධන අලෙවි වන්නේ මෙරට ඉතිහාසයේ වැඩිම මිලටය.
ගෑස් නැව් සඳහා මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති වීමෙන් ගෑස් රැගෙන පැමිණි නැව් වරාය අවට මුහුදේ දින ගණන් නැංගුරම්ලා ඇති අතර ඒවාට ප්‍රමාද ගාස්තු ගෙවන අතර වාරයේ, හිස් ගෑස් සිලින්ඩර රැගෙන ජනතාව අලෙවි නියෝජිතායතන ඉදිරිපිට දිගු පෝලිම්වලය.
නමුත් ගෑස් ලැබෙන දිනයක් ගැන නිශ්චිත අදහසක් පැවසීමට ගෑස් සමාගම් ද අපොහොසත් වී තිබෙනවා.
එමෙන්ම මේ වනවිට දිනකට අවම වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් සිදු වන්නේ ජනතාව කබලෙන් ලිපට දමමින්.
දශක ගනනාවක් මේ රට කරවූ අදූරදර්ශී පාළකයින් විසින් මේ රට ඇද දැමූ බරපතල ආර්ථික අර්බූධය හමුවේ අද වන විට රටම බරපතල බලශක්ති අර්බුදයක ගිලී අවසන්.
කාබනික කෘෂිකර්මාන්තය නම් සැලැස්මක් නැති මහ පොලවේ පැල කල නොහැකි වැඩපිළිවෙල හමුවේ මෙරට කෘෂිකර්මාන්තය හා එහි යැපුම්කරුවන් ද විනාශ කර දැමුණා.
ආර්ථිකය උග්‍ර විදේශ විනිමය හිඟයකින් පෙළෙන අතරේ, උද්ධමනය පෙර නොවූවිරූ අති ප්‍රබල වේගයකින් ඉහළ යන අතර රුපියල බරපතල ලෙස බාල්දු වෙමින් තිබෙන්නේ ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 300ට ආසන්න කරමින්.
එවැනි පසුබිමක් යටතේ ඉන්දියාව මෙරටට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහන ණය පහසුකමට අදාළ ගිවිසුම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දීය ජාතික බැංකුව ඊයේ (මාර්තු 17) අත්සන් තැබූවා.
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා මෙම ණය පහසුකම යොදා ගැනීමට නියමිත බවයි.
මේ අතර රට තුල මේ වන විටත් බරපතල ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇතැයි අසරණ රෝගීන් මෙන්ම ඖෂධ ආනයනකරුවන්ද පවසනවා.
ඊට හේතු වී ඇත්තේ ද ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට තරම් ප්‍රමාණවත් ඩොලර් මෙරට බැංකු පද්ධතිය සතුව නොමැති වීම බවයි ආනයනකරුවෝ සඳහන් කරන්නේ.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ඉන්ධන මිල දී ගැනීම සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ණය මුදලක් ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළ බවයි.
ඒ ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දියාව දැනටමත් ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 500ට අතිරේක වශයෙන්.
ශ්‍රී ලංකාව මේ දිනවල සිය ඛනිජ තෙල් අවශ්‍යතාවයන් මුළුමනින්ම සපුරා ගනු ලබන්නේ එම ඉන්දීය ණය සහනයේ උපකාරයෙන්.
සිය දෙදින ඉන්දීය සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් යන මහත්ම මහත්මීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.
එම සාකච්ඡාවල දී මෙරට වත්මන් ආර්ථික අභියෝග පිළිබඳව, දෙරට අතර කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගු කාලීන සහයෝගීතාව සඳහා සැලසුම් සකස් කිරීමටත් එකඟතාව පළවූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.
එම අරමුණ ඇතිව අමාත්‍යවරු තිදෙනා නිරන්තරයෙන් සම්බන්ධ වීමට එකඟ වූ අතර නිරන්තර සංවාදයක් පවත්වා ගැනීම සඳහා දෙරටේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ යාන්ත්‍රණයක්ද පිහිටුවනු ලැබුවා.
ඊයේ (මාර්තු 17) අත්සන් කෙරුණු ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමට අමතරව ඉන්දියාව මේ වසර තුල පමණක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත මූල්‍ය පහසුකම්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්.
රට මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට පිලියමක් ලෙස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ඇරඹීම කෙරෙහි ද ඉන්දීය රජයේ අවධානය යොමු ව තිබෙනවා.
සිය දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ඉන්දියාවේ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් සිං හමු වී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට ඇති අවස්ථාවන් සහ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කළා.
ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාව (National Thermal Power Corporation - NTPC) සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා පසුගිය දා ගිවිසුමකට ද එළැඹුණේ මෙවන් පසුබිමක් යටතේ යි.
ඒ හරහා ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත ධාරිතාව මෙගා වොට් 100ක්.
මීට අමතරව ඉන්දීය එක්සිම් බැංකුව හරහා මෙරට සූර්ය විදුලි ව්‍යපෘති සඳහා ඉන්දියාව පසුගිය වසරේ ජූනි මාසයේදී ද ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය සහනයක් ලබා දුන්නා.
එමෙන්ම ඉන්දියාවේ අදානි සමූහය ද දැවැන්ත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 2ක් ආරම්භ කිරීම සඳහා මෙරට සමග ගිවිසුමකට එළැඹ ඇතැයි හින්දු පුවත්පත වාර්තා කළා.
මන්නාරමේ සහ පුනරීන්හි ඉදි කෙරෙන එම බලාගාර සඳහා අවබෝධතා ගිවිසුමට පසුගිය සිකුරාදා (මාර්තු 11) අත්සන් තැබුණු බවයි එම වාර්තාවේ සඳහන් වූනේ.
යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති දෙකෙහි සම්පූර්ණ ධාරිතාව මෙගා වොට් 500ක් වන අතර ඒ සඳහා අපේක්ෂිත මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක්.
මෙම ඉන්දියානු විදුලි උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ 2030 වන විට 70% ක් පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙලට සමගාමීවයි.
ඉන්දියාව මීට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹි අතර ඒ අනුව මෙරට විදුලිබල හා බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් මේ වන විට ඉන්දීය පාර්ශ්වයෙන් සිදු වෙමින් පවතිනවා.
එමෙන්ම චීන ණය ලබා ගෙන ඉදිකළ මේ වන විට සුදු අලියෙකු බවට පත්ව ඇති කිසිදු ප්‍රයෝජනයක් නොමැති නෙලුම් කුලුණ මෙන් නොව ඉන්දීය බලශක්ති ව්‍යාපෘති උපායමාර්ගික හා තිරසර වශයෙන් ශ්‍රී ලංකාවට බොහෝ ආර්ථික ප්‍රතිඵල අත් කර දෙන ව්‍යාපෘති වීම ද විශේෂයෙන් සඳහන් කළයුතුයි.
එනයින් බලන කළ ඉන්දියාව සිය අසල්වැසියාගේ අභිවෘද්ධිය කෙරෙහි පුළුල් අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
එය එක් පසෙකින් චීනය දෙසට නැඹුරු වී තිබූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය උපක්රමිකව ඉන්දියාව දෙසට නැඹුරු කරගැනීමක්ද වන අතරම ඒ හරහා ඉන්දීය සාගරයේ චීන මැදිහත් වීම් අවම කරගැනීම ද ඉන්දියාවේ එක් අරමුණක් නොවේ යැයි පැවසීමට ඉක්මන් නොවිය යුතුයි.
සැබෑ ලෙසම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් දේශිය සැලසුමකින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර සහය පැතීම අනිවාර්ය වන පසුබිමක ඉන්දියාව දිගු කරනා සුහදත්වයේ දෑත් තදින් අල්ලා ගැනීමට ශ්‍රී ලංකාවට වඩා වාසි සහගත වනු නොඅනුමානයි.
මක් නිසා ද යත් කලාපීය බලවතා සමග එක්ව යන ගමන අන් සියලු දෙනාට වඩා විශ්වාසවන්ත වන බැවිනි.
Source: https://www.hirunews.lk/299766/ඉන්ධන-ගෑස්-හා-සෙසු-අර්බුද-හමුවේ-රටේ-අනාගතය-කොයිබට-ද