ඉන්ධන නොමැති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113
    ඉන්ධන නොමැති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට


    රට තුළ ඉන්ධන නොමැති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන්ධන නොමැති බව පවසමින් විදේශිකයින් පැමිණීම අධෛර්යමත් කරමින් සංචාරක ව්‍යාපාරයට අගතිදායක වන මහජන පෙළඹවීම් ඇති වන පරිදි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

    සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ පරිගණකය අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    • Like
    Reactions: dilan_randika

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    when is AKD, Telin, Nalinda, etc will be arrested for spreading false in TV (eg. most recent Ev consume 300 MW)
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    අද උදේ වත්තේගම ෂෙඩ් එක වහලා තිබ්බෙ. 9.30 - 10ට වගේ. Ceypetco එකක් විතරද කොහෙද තියෙන්නෙ ටවුන් එකටම. මඩවල කුණ්ඩසාලෙ පාරේ ආයෙ ෂෙඩ් එකක් තියෙනවද කොහෙද ඒක අයිති මඩවලටනෙ. මම එහෙං නොදා කෙලින්ම පොල්ගොල්ල Dam එකෙන් දාලා නුවරට ඇවිත් හගුරන්කෙත ගියෙ. මේක අසත්‍ය වෙන්නෙ කොහොමද? ඇස් දෙකට දැකපු දෙයක් නෙ?