ඉන්ධන මිල අද සිට තවත් අඩු වෙයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව මෙම නව සංශෝධනය අද මධ්‍යම රාත්‍රී 12න් පසුව සිදුවන බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සඳහන් කළේ.මෙලෙස මිල ගණන් පහත බසිනුයේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 10කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 135කින් වශයෙන්.ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333ක් ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 365ක් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310ක් ද, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 330ක්ද ලෙස මිල ගණන් නව සංශෝධනයට යටත් වනු ඇති.ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හි මිල ගණන් වෙනසක් නොවන අතර, එම මිල ගණන් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 295ක් වශයෙන් හා ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330ක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා.

    Hirunews.lk