බොරතෙල් මිල ඉහළ නැංවීමේ අරමුණින් සෞදිය බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමට තීරණය කර තිබුණත්, දැනට පවතින මිල ගණන් යටතේ මෙරට ඉන්ධන ලබා දිය හැකි බව බලශක්ති විශ්ලේෂකයින් පවසනවා.
තෙල් සැපයුම කප්පාදු කිරීමේ තීරණය අනුව සෞදිය දෛනිකව නිෂ්පාදනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය මිලියනයකින් අඩු කරනු ඇති.
එය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ද සෞදිය නිවේදනය කර තිබෙනවා.
සෞදි අරාබිය සහ රුසියාව ප්‍රමුඛ ඔපෙක් ප්ලස් හවුලේ සාමාජිකයින් අතර පැවැති හමුවකින් අනතුරුව සෞදිය මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේ.
එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ නිවැරදි කළමණාකරණයක් යටතේ පවතින මිල ගණන් අනුව මෙරට තුළ ඉන්ධන ලබා දිය හැකි බවයි.