ඉන්නට වරම් දෙනවද...

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
ඉන්නට වරම් දෙනවද...

මද සුලඟක් වගේ ඇවිදින් හමා
පොද වැස්සක් වාගේ තුන්හිත තෙමා
ආදර සුසුම් මවලා හිත කිතිකවා
පෙම්වත් හැඟුම් හිත ලඟ වැපිරුවෙ ඔයා..

ඔය මුව අගින් නොකියූ පෙම්වත් කතා
ඔය නෙත් අගින් කියවෙයි ඔබටත් හොරා
හොරැහින් බැලුම් හෙලුවට ඔබ ඉඟිමරා
යන්නේ ඉතින් ඇයිදෝ අහකම බලා..

නිරතුරු හිතේ හැමතැන ඔබ ගැවසිලා
ඔබගෙන් හැමූ සුවඳින් මං මත් වෙලා
දුර නොව ලඟින් නැවතී සසරේ සදා
ඉන්නට වරම් දෙනවද සෙනෙහස පුදා...
 

janish05656

Well-known member
  • Billy-D_Approves.gif
     
    • Like
    Reactions: Mind Writer