ඉඳිකටු කොල්ලා

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
කටු චිකිත්සාව සඳහා යොදා ගන්නා ඉඳිකටු 2100 ක් තම හිසෙහි රඳවා ගනිමින් තමා විසින්ම පිහිට වූ ලෝක වාර්තා බිඳ හෙලීමට කැනඩාවේ වෙසෙන මොහොන්දාස් සිවනායගම් නමැති ශ්‍රී ලාංකිකයා සමත්ව ඇත.

සිවනායගම් 2011 වසරේ දෙසැම්බර් 3 වැනිදා ඉඳිකටු 2025 ක් හිසෙහි රඳවාගෙන, ඊට පෙර වෙයි ෂෙන්ග්චූ නමැති චීන ජාතිකයා විසින් ඉඳිකටු 2009 ක් හිසෙහි රඳවා ගනිමින් පිහිටුවා තිබු ලෝක වාර්තාව බිඳ හෙළීය.

28rtz5.jpg


වාර්තා පිහිටුවීමෙහි ඉහල රුචිකත්වයක් දක්වන ඔහු , පසුගිය ඉරිදා උදෑසන 2.00 ට ඉඳිකටු 2100 ක් සමග නව ලෝක වාර්තාවට මුල පිරීය.

එහිදී ඉඳිකටු නොගැලවෙන ලෙස සෙන්ටිමීටර් 1.5 ක් පමණ හිස තුලට ඒවා ගිල්වා තැබුණු අතර , ඒ කාර්යය අතරතුර යෝගී භාවනාවක යෙදීමට ඔහු කටයුතු කර තිබිණි.

37 වැනි වියෙහි පසුවන සිවනායගම් සුදු කබර රෝගයෙන් පෙලෙන අතර, ඔහු කැනඩාවට පැමිණ තිබෙන්නේ වයස අවුරුදු 23 දීය. පිළිකා රෝගයක් වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සිය කාර්යයේ අරමුණ බවද ඔහු පවසා සිටියේය

ලෝකයේ බොහෝ පිරිසක් පිළිකා රෝගයෙන් මේ වනවිට පෙලෙන නිසා ඔවුන්ට දැනෙන වේදනාව අන් අයටද ඒත්තු ගැන්වීම තමාගේ මෙම ව්‍යායාමයේ අරමුණක් බවද හෙතෙම පැහැදිලි කළේය.

එමෙන්ම කටු චිකිත්සාවේදී යොදා ගන්නා ඉඳිකටු වේදනාවෙන් තොර බව ලෝකයාට දැන්වීමත් සිය කර්තව්‍ය යේ අරමුණ බව සිවනායගම් පවසා සිටියේය.

 

Similar threads