ඉබ්බා ගේ ගෙදර

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඉබ්බා ගේ ගෙදර
    ඊසොප්ගේ කතාවක් අසුරෙනි


    කුරුලු කොබෙයි වග වලසුන් තිරිසන්|
    හැම සතුනට මෙත් කුළුණැති සුපසන්
    'ජුපිටර්' නම් දෙවියා සුරඅඟනක්
    කර කාරෙට ගත්තා


    ඒ සුබමඟුලට සියලු සතුන් හට
    ඇරියුම් පත් යැව්වා පැමිණෙන්නට
    හැම සතාම ආවත් ඒ මඟුලට
    ඉබ්බා ආවේ නෑ


    ටික දිනකට පසු මේ නව යුවළට
    ඉබ්බා හමුවිය ගමනක් යනවිට
    තා ! නාවේ ඇයි අපෙ මංගල්ලෙට
    'ජුපිටර්' විමසූවා


    කමනු මැනවි දෙවියනි; ඉබි ගැත්තට
    මගේ නිවස සුරවිමනකි ඇත්තට
    ඉන් පිට මොහොතක් යන්න හිතුණේ නෑ
    පිළිතුරු දුණි ඉබ්බා


    එහෙනම් ඉබ්බෝ මේ ටික අහපන්
    ගෙය පිටටම අලවාගෙන හිටපන්
    අදින් පසුව උඹට ගෙය ඇරගෙන මිස
    ගමනක් යන්නට බෑ


    සාප කළා ඒ අයුරින් දෙයියා
    අමාරුවේ වැටුණා ඉබි ගොයියා
    ගමන් බිමන් යන්නේ ඌ ඉන් පසු
    ගෙයද පිටේ බැඳගෙන මයි


    වීදාගම අමරදාස දූවගේ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Wal Bada said:
    එළම කිරි මචන්. සිංහලෙන්ම විතරක් දාපු post එකක් දැක්කෙ පළවෙනි වතාවට
    තව පොස්ට් මග එනවා