ඉබ්‍රාහිම් රිමාන්ඩ්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,771
    26,048
    113
    ඉබ්‍රාහිම් රිමාන්ඩ්

    ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ්

    පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 14 වන දා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද(31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත්ළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකරුවන් ලබන 14 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

    පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු මෙම සැකකරුවන් හය දෙනෙකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
     

    Similar threads