ඉබෝලා බේත් වඳුරන්ට දෙන එකේ හරිද
තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින ZMapp ඖෂධය ලබා දීමෙන් ඉබෝලා වෛරසය ආසාදිත වඳුරන් පූර්ණ වශයෙන් සුවය ලැබූ බව පර්යේෂකයින් හෙළි කර තිබේ.
කැනේඩියානු සෞඛ්‍ය ඒජන්සියේ වෛද්‍ය ගැරී කොබින්ගර් ප්‍රකාශ කළේ, එලෙස එන්නත ලබාගත් සතුන්ගෙන් වැඩි පිරිසක් දැඩි ලෙස වෛරසය ආසාදනයට ලක්ව සිටි බව ය.
කෙසේ වුවත් පර්යේෂකයින් පැවසුවේ, ප්‍රමාණවත් ලෙස ZMapp ඖෂධ සැපයුමක් ලබා දීමට නොහැකිවීමෙන් තව දුරට ත් බටහිර අප්‍රිකාවේ 20,000 කට අධික පිරිසක් ඉබෝලා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින බව ය.නමුත් ZMapp ඖෂධය ලබාගත් පුද්ගලයින් දෙදෙනකු ද මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ හේතුවෙන් එම පර්යේෂකයින්ගේ මතය වී ඇත්තේ, මිනිසුන් යොදා ගනිමින් ZMapp ඖෂධය අත්හදා බැලීමේ අවශ්‍යතාවය තව දුරට ත් පවතින බව ය.ඉබෝලා වෛරසය වැළඳීමෙන් බටහිර අප්‍රිකානු කලාපයේ මේ වන විට 1500 කට වැඩි පුද්ගලයින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
source http://tinyurl.com/lhpzq6p