ඉම් නොදැනයි ❤️

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ඉම් නොදැනයි මං පිපුණේ
    නිල් ඉඳුවර මල් අරණේ

    ලෙන්ගතු සුවඳින් ඇලුනෙන්
    ඉම් දැන කිම පල සුහදේ

    සැඩ ගං මායිම් මං මැද
    අපි දෑලේ දෙඅත සබඳ

    එක ඉර හඳ යට පිපි විට
    මේ සුවඳට ඉමක් කොයිද

    සුදිල සුදට පෙම් බැඳි ලොව
    අවපැහැ වුණු දළ මල මම

    මලක් වෙන්න පිං පල ලද
    අනුහස ඔය සුවඳෙහි ඇත

    ගායනය : නිරෝශා විරාජිනී සමඟ ජයන්ත රත්නායක
    පද රචනය : නිලාර් එන්. කාසිම්
    සංගීතය : එච්. එම්. ජයවර්ධන

    Last edited:

    The Kingslayer

    Well-known member
  • thanks-for-sharing-52a7787cc94ae.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ඉම් නොදැනයි මං පිපුණේ
    නිල් ඉඳුවර මල් අරනේ

    සමාජයේ පහත් යැයි සම්මත කුලයකට හෝ ජාතියකට අයත් පෙම්වතිය තම නොගැලපීම පිලිබඳ පෙම්වතාට පවසනව

    ලෙන්ගතු සුවඳින් ඇලුනෙන්
    ඉම් දැන කිම පල සුහදේ

    පෙම්වතා විසින් ආදරයට සීමාවක් නොමැති බව පෙම්වතියට පහදා දෙනව

    සැඩ ගං මායිම් මං මැද
    අපි දෑලේ දෙඅත සබඳ

    තම ආදරයට හරස් වන බාධාවන් ගැන පෙම්වතිය පෙම්වතාට පවසනව.

    එක ඉර හඳ යට පිපි විට
    මේ සුවඳට ඉමක් කොයිද

    එකම ඉර හඳ යට පිපුන මල් වල සුවඳ පැතිරෙන්න සීමාවක් නෑ වගේම ආදරයටත් සීමාවක් කොයින්ද?

    සුදිල සුදට පෙම් බැඳි ලොව
    අවපැහැ වුණු දළ මල මම

    දළ මලේ පාට කලු පාටයි, ලෝකයාගේ පිලිගැනීම සුදු පැහැති මල් වලටයි. මමත් කවුරුත් අකමැති කලු පාට දළ මලක්

    මලක් වෙන්න පිං පල ලද
    අනුහස ඔය සුවඳෙහි ඇත

    සුවඳවත් මලකට පැහැය බාධාවක් නෙමෙයි වගේ අදරයට කුල, ජාති බේද බාධා නෙමෙයි.

    ලස්සන අරුතක් තියෙන සිංදුවක්, කලින් අහල තිබුණෙත් නෑ. ප්ලේ ලිස්ට් එකට දාගත්ත.
     
    බොහොම ස්තූතියි... ♥ ♥