ඉරණවිල අහසේ අභිරහස් යානයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉරණවිල අහසේ අභිරහස් යානයක්


ඉරණවිල අහසේ අභිරහස් යානයක්

Friday, 30 November 2012 12:20 0 Comments


pp(1).jpg
ඇමරිකන් හඬ ගුවන් සම්ප්‍රේෂණාගාරය පිහිටා ඇති ඉරණවිල අහසේ අබිරහස් ආලෝකයක් දුටුවේ යැයි ඉස්සන් ගොවි පොළක පිරිසක් පවසති.
පසුගිය 27 වැනිදා අලුයම දෙකට පමණ මෙම අද්භූත ආලෝකයක් දුටු බවත් එය තමන් දෙසට පැමිණි බවත් ඩබ්. ප්‍රියන්ත මහතා පවසයි. තමන් මුහුණ දුන් අත්දැකීම ඔහු මෙසේ පැවසීය.
“මම ඉරණවිල ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක් පවත්වාගෙන යනවා.සාමාන්‍යයෙන් මම හැමදාම මේ ගොවිපලේ නතර වෙන්නේ නෑ.නමුත් පසුගිය සඳුඳා (26) රාත්‍රියේ මට හිතුණා ගොවිපලේ ඉන්න. මම ගොවිපලේ තියන මුර මඩුවේ ඉන්න කොට පාන්දර 2.00ට විතර ලොකු එළියක් දැක්කා.මම හිතුවේ මේක තරුවක් වෙන්න ඇති කියලා.ටිකක් වෙලා යන කොට මෙන්න මේ එළිය මම ඉන්න පැත්තට එනවා.මගේ අතේ තිබුණු විදුලි පන්දම මම ඒ දිහාවට එල්ල කලා.මට හිතා ගන්නවත් බෑ.ඒ ආලෝයක මම ඉන්න දිහාවටම ආවා.පස්සේ මම ගොවිපලේ ඉන්න තව කෙනෙකුට කථා කරලා මේක පෙන්වලා ගම පැත්තට දුවලා ගිහිං අපි දෙන්නම හැංගුණා.”
ඔහු තවත් කිහිප දෙනකුටද එය පෙන්වා තිබේ. අලුයම හයට පමණ මෙම අද්භූත ආලෝකය ඈතට ගිය බවට ඔහු කියයි.